Skip to main content

ලිංගික උත්තේජක ඖෂධ ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ 09ක්




විනෝදය ආශ්වාදය පුද්ගලයා සතු මානුෂික අවශ්‍යතාවයකි. නමුත් එවැනි කෙටි කාලීන වින්දනයක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුවහොත් එය කොතරම් ඛේදනීයද ?
 
අප කතාබහ දිග හැරෙනුයේ ලිංගික උත්තේජක ඖෂධ හිතුමතේ භාවිත නොකළ යුතු පණිවුඩය සමාජගත කිරීමටය.
 
ලිංගික උත්තේජක ඖෂධයන්ට ලොව පුරා විශාල ඉල්ලුමක් ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ එවැනි ඖෂධ ගැනීමෙන් ලිංගිකව එක් වන කාලසීමාව වැඩිකර ගත හැකි මිත්‍යාව මුල්බැස ගැනීමය. විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ, නිරෝගී පුද්ගලයකුට ලිංගිකව සක්‍රිය විය හැකි කාල සීමාව ඉතාම සීමා සහිතය. කුමන ඖධෂයක් භාවිතා කළ ද ලිංගික කාර්යයෙහි නිරත වන කාලය වැඩිකර ගත හැකිය යන කරුණු සත්‍ය නොවෙයි.
ලිංගික උත්තේජක ඖෂධ නිර්දේශ කිරීමට, වෛද්‍යවරුන්ට ඇතැම් අවස්ථා වලදී සිදුවන අතර එය හුදෙක් රෝගී පුද්ගලයාගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සිදු කෙරේ. විශේෂයෙන් දියවැඩියාව හෝ වෙනත් බෝ නොවන රෝගයකින් දීර්ඝ කාලීනව පීඩා විඳින රෝගීන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වන බැවින්,  එම රෝගීන්ට ලිංගික සක්‍රීයතාවක් ඇති කිරීමට උත්තේජක ඖෂධ ​වෛද්‍යවරු නිර්දේශ කරති.
භාවිතා කළ යුතු ලිංගික උත්තේජක ඖෂධ සහ මාත්‍රාව ​වෛද්‍යවරයා තීරණය කරන්නේ රෝගියාගේ​ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමිනි. එසේ ලිංගික උත්තේජක දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් පවා ශරීරයට හානි සිදුවෙයි.

ලිංගික ඖෂධ ගැනීමෙන් අතුරු ආබාධ
ලිංගික ඖෂධ භාවිතයෙන් ශරීරයේ රුධිර සැපැයුම කාර්යක්ෂම, වේගවත්ව සහ ක්‍රමවත්ම සිදු වෙයි. එහිදී රුධිර පීඩනය ඉහළ යෑමක් සිදුවෙයි. රුධිර පීඩනය ඉහළ යෑම සිරුරට අහිතකරය.

1. අංශභංග තත්ත්වයක් හට ගැනීම,
2. හෘදයාබාධ හටගැනීම,
3. චර්ම ආසාදන,
4. නින්ද නොයෑම,
5. හිසරදය,
6. වමනය,
7. බඩදැවිල්ල,
8. ඇස් රතුවීම,
9. පෙනීම අපැහැදිලි වීම වැනි ලක්ෂණ දැකිය හැකි වෙයි.

ලිංගික ඖෂධ නොගත යුතු පිරිස් වන්නේ,

1.  දිනපතා යම් රෝගී තත්ත්වයක් වෙනුවෙන් ඖෂධ භාවිත කරන්නන්.
2. වයස අවුරුදු 18 අඩු නව යොවුන් දරුවන් සහ වයස අවුරුදු 70 වැඩි වැඩිහිටියන්.
3. මානසික ආතතිය හෝ වෙනත් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන්නන්.
4. ගර්භනී සමයේ පසුවන්නන්
5. මෑතදී ​ශල්‍ය කර්මවලට ලක්වූවන් ය.

වර්තමානයේ හිතුමතේ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයෙන් වසරක​ට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් වාර්තා වේ. මෙම සියලු මරණවලට හේතුව හෘදයාබාධ කියා ප්‍රසිද්ධ වන බැවින්, මෙවැනි  ඖෂධයන්හි භයානක කම ගැන සමාජගත වීමට සෘජු බාධාවක් වී තිබේ.
උත්තේජක ඖෂධ ලිංගික උත්තේජනය සඳහා පමණක් භාවිත කරන බව සිතුව ද, ශරීර වර්ධනය උත්තේජනය කර ගැනීමට ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට (ස්නායු ආබාධයන්ගෙන් පෙළෙන්නන්ට) වයස්ගතව ශරීර හෝමෝන ශක්තිය හීන වී යන්නන්ට ද ශරීර පද්ධතිය යළි සක්‍රීය කිරීමට ද ප්‍රයෝජනවත් වෙයි. එසේ ලිංගික උත්තේජන ලබා දෙන්නේ වෛද්‍ය නිර්දේශ ඇතුවය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...