Skip to main content

මේ සිනමාපට 10 නැරඹුවොත් ඔබ කොරියානු සිනමාවට ඇබ්බැහි වෙනවා නිසැකයි!


Korean Movies
කොරියන් චිත්‍රපට කියල කිවුවම අර ටීවී එකේ පෙන්නන නාට්‍ය වල වගේ ළඳ බොළඳ විදිහේ චිත්‍රයක් කෙනෙක්ට මැවෙන්න පුළුවන්. හැබැයි කොරියානු සිනමාව කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කර්මාන්තයක්. බොහොම සුවිශේෂී විදිහේ කතා තේමාවන් රැගත් සීරියස් විදිහේ චිත්‍රපට රැසක් වසරකට කොරියානු සිනමාව තුළ බිහිවෙනවා. අපි මේ කියන්න යන්නේ පසුගිය දශකය දෙක ඇතුළත කොරියානු සිනමාවෙන් බිහිවුණු හොඳම චිත්‍රපට 10ක් ගැනයි. මේ චිත්‍රපට කීපයක් හරි නැරඹුවොත් ඔබත් කොරියානු චිත්‍රපට හොය හොයා බලන රසිකයෙක් වෙනවා නිසැකයි.

1. Oldboy (2003)

Korean Movies
Image Source – youtube.com
ලෝක සිනමාව ඇතුළේ කොරියානු සිනමා සලකුණ සැරටම සනිටුහන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටය හැටියට ඕල්ඩ්බෝයි හඳුන්වන්න පුළුවන්. මේකෙ ජනප්‍රියත්වය නිසාම පස්සෙ කාලෙකදි ‘ඕල්ඩ් බෝයි’ නමින්ම හොලිවුඩයේත්, ‘සින්දා’ නමින් බොලිවුඩයේත් ප්‍රතිනිර්මාණය වුණා. හැබැයි ඒ චිත්‍රපට එකකටවත් ඔරිජිනල් ඕල්ඩ්බෝයි අහලකටවත් එන්න අමාරුයි. ඕල්ඩ්බෝයි චිත්‍රපටයේ කතාවස්තුව මෙන්න මෙහෙමයි. එක් පුද්ගලයෙක්ව හිටිහැටියේ පැහැර ගැනීමකට ලක් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට සිද්ධ වෙනවා හුදෙකලා කුටියක් තුළ අවුරුදු 15ක්ම සිරගතව සිටින්නට. ඉන්පස්සේ හිටිහැටියේම ඔහුව නිදහස් කරනු ලබනවා. ඔහුගේ අරමුණ වෙන්නෙ තමන්ගේ ජීවිතෙන් අවුරුදු 15ක් කිසිම හේතුවක් නැතුව හොරකම් කරගත්තු පුද්ගලයාව හඹායෑමයි. ඒ හඹායාම කෙළවර වෙන්නේ ඔබ නොසිතන විදිහේ සිදුවීම් දාමයකට කතා නායකයට මුහුණ දෙන්න සිද්ධ වෙලයි.

2. Memories of Murder (2003)

Korean Movies
Image Source – letterboxd.com
මෙමරීස් ඔෆ් මර්ඩර් චිත්‍රපටයේ කතාව අයිති වෙන්නේ 1980 දශකයට. ඒ සමයේදී තරුණියන්ව පැහැරගෙන ගොස් මරාදමන දාම මිනීමරුවෙක්ගේ පසුපස පන්නන රහස් පරීක්ෂකයන් තිදෙනෙක් වටා තමයි මේ කතාව දිගහැරෙන්නෙ. මේ රහස් පරීක්ෂකයන් අති දක්ෂ අයවලුන් නෙමෙයි. ඔවුන්ගේ හැකියාවේ තරමට මේ මිනීමරුවා පසුපස්සෙන් කරන හඹායාම වෙලාවකට සිනහ උපද්දනසුළුයි. ඒ වගේම සිත සසළ කරවනසුළුයි. මොකකින් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි විදිහටයි මේ මිනීමරුවා පසුපස හඹායාම සිද්ධ වෙන්නේ. චිත්‍රපටයේ අවසානය ඔබ බලාපොරොත්තු වන හොලිවුඩ් බොලිවුඩ් අවසානයක් නොවුනත්, නරඹන්නා තුළ යම්කිසි කම්පනයක් ඉතිරි කරන්නට මේ චිත්‍රපටය සමත් වෙනවා.

3. Train to Busan (2016)

Korean Movies
Image Source – pinterest.com
කොරියානු සිනමාවේ විතරක් නෙමෙයි, ලෝක සිනමාව ගත්තත් පසුගිය දශකය දෙක ඇතුළත බිහිවුණ හොඳම සොම්බි චිත්‍රපටයක් හැටියට ට්‍රේන් ටු බූසාන් හඳුන්වන්න පුළුවන්. කාලයක් තිස්සේ එකතැන පල්වෙන සොම්බි කතන්දර වලට වෙනසක් ගේන්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා. ඔහු ඒ වෙනස කරන්නේ මිනීමරු සොම්බි පිරිසක්ව මගී දුම්රියක් ඇතුළට කොටු කිරීමෙන්. මුල සිටන් ක්‍රියාදාම පිරුණු අති ධාවනකාරී වේගයකින් තමයි මේ චිත්‍රපටය ඇදී යන්නේ. මිනීමරු සොම්බින්ගේ ප්‍රචණ්ඩත්වය වගේම හිත්පිත් නැති මිනිසුන්ගේ දුෂ්ටත්වයත් එකසේ පිළිබිඹු කරවන ට්‍රේන් ටු බූසාන් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්.

4. The Handmaiden (2016)

Korean Movies
Image Source – letterboxd.com
අපේ ලැයිස්තුවේ අංක එකට සඳහන් කරපු ඕල්ඩ්බෝයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන චෑන් වූක් පාර්ක්ගේම තමයි මේ චිත්‍රපටයත්. 1930 ගණන් වල කොරියාවේ සිද්ධ වෙන සිදුවීමක් තමයි මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ. වංශවතෙක් සේ පෙනීසිටින වංචාකාරයෙක්, ධනවත් තරුණියක්ව ආදරයෙන් රවටාගෙන ඇගේ වස්තුව කොල්ලකන්න උත්සාහ කරනවා. මේ තරුණියගෙ ආදරය දිනාගැනීමේ සැලසුමේ කොටසක් හැටියට ඔහු ඇයගේ ජීවිතේට සේවිකාවක්ව ළං කරනවා ඔහු ගැන ඇගේ හිතේ ආදර අංකුර පැළ කරන්නට. ඕක තමයි චිත්‍රපටයේ ආරම්භය. එතනින් එහාට චිත්‍රපටය විස්තර කරන්නට යෑම ඔබේ රසවින්දනයට බාධාවක් වෙන්නට පුළුවන් නිසා අපි මෙතනින් නවතිනවා. හිතාගන්න බැරි දිශාවන් වලට කැරකෙන කතාවක් සහිත සුපිරි චිත්‍රපටයක් මේක.

5. Lady Vengeance (2005)

Korean Movies
Image Source – youtube.com
ඒ කාලේ අපේ රූපවාහිනියෙන් නිතර හමුවුණ අහිංසක චරිතය චංගුමී මතකද? ඒ චංගුමී චරිතය රඟදක්වපු ‘ලී යන්ග් ඒ’ නිළිය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් නිරූපණය කරන චිත්‍රපටයක් තමයි ‘ලේඩි වෙන්ජන්ස්’. මේක ඇවිල්ලා පළිගැනීමේ කථාවක්. ‘සිම්පති ෆො මිස්ටර් වෙන්ජන්ස් ‘නැමැති චිත්‍රපටයෙන් ඇරඹෙන පළිගැනීමේ චිත්‍රපට ත්‍රිත්වයක් තියනවා. ඒ තමයි සිම්පති ෆො මිස්ටර් වෙන්ජන්ස්, ඕල්ඩ්බෝයි සහ අපි මේ කියන ලේඩි වෙන්ජන්ස්. මේ කතා තුන එකකට එකක් සම්බන්ධ නැති, එකකට එකක් වෙනස් පළිගැනීමේ කතා තුනක්. මේ අතරින් අපිට ඕල්ඩ් බෝයි චිත්‍රපටයට පසු ඉහළින්ම තියන්න පුළුවන් චිත්‍රපටය තමයි ලේඩි වෙන්ජන්ස්. තමන් නොකළ වරදකට සිර දඬුවම් විඳින්න සිද්ධ වෙන තරුණියක් තමන්ට සිර දඬුවම් නියම කරවන්නට හේතු වූ සැබෑ අපරාධකරු සොයායන කථාවක් රැගත් චිත්‍රපටයක් මේක.

6. The Wailing (2016)

Korean Movies
Image Source – youtube.com
2016 අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටයක් තමයි මේ. හොරර් ශානරයට දාන්න පුළුවන් චිත්‍රපටයක්. එක්තරා කඳුකර ගම්මානයකට ඇතුළුවන ආගන්තුකයෙක් නිසා ඒ ගමට නොසිතූ කරදර කාලයක් උදාවෙනව. කුෂ්ටයක් එක්ක ඇරඹෙන අද්භූත රෝගයක් ගම්වැසියන් අතරේ පැතිරෙන්න පටන් ගන්නේ මරණයේ සෙවනැළි මවමින්. මේ ලෙඩේට ගොදුරු වන පුද්ගලයන් හැසිරෙන්නේ බිහිසුණු විදිහටයි. නොසිතූ ලෙස ගමට ආ මේ විපත පසුපස අර කලින් කියපු ආගන්තුකයා සිටිනවාදැයි ගමේ පොලිස් නිලධාරියෙක් පරීක්ෂණ අරඹනවා. ගම ආක්‍රමණය කර ඇති නපුර ජය ගන්නට ගුප්ත විද්‍යාවන්ගේ පිහිට පතන්නටද ඔවුන්ට සිදුවෙනවා. මේ සියලු ගැටුම් සමගින් ප්‍රේක්ෂක නෙත් සිනමාපටයට අලවා තබන්න සමත් රසවත් කතාවක් රැගත් චිත්‍රපටයක් ‘ද වේලින්ග්’ කියන්නේ.

7. Mother (2009)

Korean Movies
Image Source – imdb.com
තරුණියක්ව මරා දැමීමේ වරදට නිරපරාදේ සිරදඬුවම් නියම වූ තමන්ගේ පුතාව ගලවාගන්න උත්සාහ කරන මවක් ගැන කියවෙන කතාවක්. අම්මා කෙනෙක්ගේ ආදරය ගැන කියවෙන කතාවක් කියලා එක පැත්තකින් කියන්න පුළුවන් වුණත්, තවත් පැත්තකින් ගත්තහම මේක මිනිස් සිත් සතන් වල හැංගිලා තියෙන අන්ධකාරය සහ කුරිරු බව පෙන්වන්නක් කියලත් කියන්න පුළුවන්. තමන්ගේ පුතාව නිදහස් කිරීමේ මෙහෙයුම අරඹන මවට ක්‍රම ක්‍රමයෙන් ඇතුළු වන්නට වන්නේ අන්ධකාර වූත් ප්‍රචණ්ඩකාරී වූත් ලෝකයකටයි. ඒ අන්ධකාර ලෝකය මැවෙන්නේ ඇගේ අභ්‍යන්තර සිතුවිලි තුළින්ද? නැතිනම් ඒ මවකගේ ආදරයේ හැටිද? තීරණය නරඹන ඔබ සතුයි.

8. A Bittersweet Life (2005)

Korean Movies
Image Source – mubi.com
අපරාධ කල්ලියක සාමාජිකයෙක් වන තරුණයෙක්ට පැවරෙනවා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන තමන්ගේ කල්ලියේ ප්‍රධානියාගේ පෙම්වතියව මරා දමන්න. නමුත් ඒ තරුණිය ගැන හිතේ යම් කැමැත්තක් තියෙන නිසා ඔහු ඇයට ජීවිත දානය දෙනවා. කොහොම නමුත් මේ සිදුවීම අපරාධ කල්ලියේ ප්‍රධානියාට ආරංචි වීම හින්දා තරුණයාගේ ජීවිතය අනතුරේ වැටෙනවා. තමන් කලක් සේවය කරපු පාතාල කල්ලියත්, තමන්ගේ හතුරු කල්ලියත් යන සියල්ලේම ඉලක්කය බවට ඔහු පත්වෙන්නේ ක්‍රියාදාම පිරුණු සටන් ජවනිකා රැසක් සමගින් සිද්ධ වන මහා ගැටුමකට මග පාදමින්. මේ ක්‍රියාදාම සටන් වලට යටින් දිවෙන යටි අර්ථයක් වගේම සංවේදී බවකුත් මවාපාන ඉහළ මට්ටමේ කොරියානු චිත්‍රපටයක් මේක.

9. I Saw the Devil (2010)

Korean Movies
Image Source – tasteofcinema.com
අතිශයින්ම ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. දාම මිනීමරුවෙකුත්, කොරියානු බුද්ධි අංශයේ ඒජන්තවරයෙක් වන තරුණයෙකුත් අතර ඇතිවෙන බිහිසුණු ගැටුමක් තමයි චිත්‍රපටයේ කතාව. තමන්ගේ පෙම්වතියව මරා දමනු ලැබූ දාම මිනීමරුවා පසුපස්සේ පන්නන ඇගේ පෙම්වතා වන බුද්ධි අංශ නිලධාරියා වරින් වර මී බළල් සෙල්ලමේ ආකාරයට දාම මිනීමරුවාව වධයට පමුණුවන්න පටන් ගන්නවා. මිනීමරුවාත් තමන් පසුපස පන්නන තරුණයාට රිද්දවන්නට සැලසුම් සකස් කරනවා. චිත්‍රපටය පුරාවට ඇදී යන මේ ලේ වැගිරෙන සටන් සමගින් ප්‍රේක්ෂකයාට අමතක නොවෙන අවසානයක් තිළිණ කරන්නට මේ චිත්‍රපටය සමත් වෙනවා.

10. The Man from Nowhere (2010)

Korean Movies
Image Source – theactionelite.com
මේකත් පළිගැනීමේ කතාවක්. ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක්. තමන්ගේ ජීවිතයට සමීප කුඩා දැරියක්ව බේරා ගැනීමට අපරාධ කල්ලි එක්ක හැප්පෙන පුද්ගලයෙක් වටා ගෙතුණු කතාවක් මේක. මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීමක් හින්දා මේ දැරියවත් ඇගේ මත්ලෝලී මවවත් අපරාධ කල්ලියක් විසින් පැහැරගනු ලබනවා. මේ දැරියව තමන්ගේ ජීවිතයේ එකම සමීපතමයා හැටියට සලකන අසල්වැසි තරුණයෙක් ඉන්නවා. ඔහු කරන්නේ දැරියව බේරාගන්නට ඒ අපරාධකරුවන්ට එරෙහිව සටනක් දියත් කරන එකයි. දැඩි ප්‍රචණ්ඩත්වය සපිරි චිත්‍රපටයක් වුණාට ඒ සියල්ල අතරේ හිතට සංවේදී හැඟීම් ගෙන එන්නටත් මේ චිත්‍රපටය සමත්

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...