Skip to main content

වසර 100 කට පසු හොල්මන් කරන තුතන්කාමන් සාපය

ඊජිප්තුව පුරාණයේ හැඳින්වූයේ මිසරය යන නමිනි. මිසර රජවරුන් පුරාවන් යනුවෙන් හැඳින්වෙයි. මේ පාරාවන් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය තැනැත්තා තුතන්කාමන්ය. මීට වසර 3,000 කට පෙර තුතන්කාමන් රජු මිසරය පාලනය කළේය. ඒ, ක්‍රි.පූ. 1332 සිට 1323 තෙක් කාලයේය.
තුතන්කාමන් ‘ළමා රජ්ජුරුවෝ’ යන නමින් ද හැඳින්වෙයි. ඊට හේතුව රජකම ලබද්දී, ඔහුගේ වයස අවුරුදු 10 ක් බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් අනාවරණය කරනු ලැබ තිබීමය.
රජකම ලැබීමෙන් පසු තුතන්කාමන් සිය බිසව කරගත්තේ ඔහුගේ අඩ සොයුරියකි. (පාරවන්ගේ විවාහ සිදුවූයේ සොයුරු සොයුරියන් අතරේය.) තුතන්කාමන්ගේ බිසව වූයේ අන්ක්හිසෙන්පාතෙන් කුමරියයි. ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනකු උපන් නමුත්, උපතේදීම ඔවුන් මියගොස් ඇත.
තුතන්කාමන් වයස අවුරුදු 19 දී මියගියේ අබිරහස් අන්දමින්. ඇතැමුන්ගේ අදහස නම්, තුතන්කාමන් ඝාතනයට ලක් වුණු බවය. එය අත්වැරදීමකින් හෝ හදිසි අනතුරකින් සිදුවුණු මරණයක් යැයි සමහරු කියති.
තුතන්කාමන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය තැම්පත් කළ සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ 1922 වසරේදීය. ඒ, එම ස්ථානය හැඳින්වෙන්නේ ‘තුත් අක්හ් අමුන්’ යන නමිනි. තුතන්කාමන්ගේ දේහය සහිත රනින් කළ ඒ, මිනී පෙට්ටිය, දැන් ගීසා පිරමීඩ ඇති ස්ථානයට නුදුරින් අලුතින් ඉදිකළ ‘මහා ඊජිප්තු කෞතුකාගාරය’ වෙත රැගෙන යෑම සිදුවෙයි.
තුතන්කාමන්ගේ මිනී පෙට්ටිය පමණක් නොව, ඔහුගේ සොහොනේ ඇති කෞතුක වස්තූන් රැසක් ද නව කෞතුකාගාරයට මාරු කෙරේ. ගැටලුව වන්නේ තන්කාමන්ගේ සොහොන් ගැබ සහ එය විවර කිරීම සම්බන්ධයෙන් පවතින සාපයයි.
‘මහා ඊජිප්තු කෞතුකාගාරය’ ගීසා පිරමීඩවලට නුදුරින් ඉදිකිරීම ආරම්භ වූයේ මීට පහළොස් වරසකට පෙරය. ඒ, ජපන් රජයේ ආධාර සහ අනුග්‍රහය යටතේය. එය ලබන වසරේ එනම් 2020 දී විවෘත කෙරෙනු ඇත.
තුතන්කාමන්ගේ මිනීපෙට්ටිය තැම්පත් කළ සොහොන් ගැබ සොයා ගනු ලැබුවේ බි්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ හවඞ් කාටර් විසිනි. ඒ, 1922 දී, ලුක්සෝර් හි ‘රජුන්ගේ නිම්නය’ නමින් හැඳින්වෙන පළාතෙනි.
සොහොන් ගැබ තුළ මිනී පෙට්ටිය පමණක් නොව, කෞතුක භාණ්ඩ 5,000 කට වැඩියෙන් ඇත. කාටර්, වැළලී ගොස් තිබුණු තුතන්කාමන්ගේ සොහොන් ගැබ සොයා ගනිමින් විවෘත කළ අවස්ථාවේදී, බියක් පැතිර ගියේය. තුතන්කාමන්ගේ සාපය නිසාය.
සොහොන් ගැබ කෙළසීම හේතුවෙන් ඊට සම්බන්ධ වූ සැවොම සාපයට ලක් වෙනවා යැයි පැවසිණි. සොයා ගැනීමට සම්බන්ධ වූවන් එකිනෙකා පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල අය පවා අබිරහස් අන්දමට මිය යන්න විය. සමහරු හිතා ගැනීමටවත් අමාරු විදියේ රෝගවලින් මිය යද්දී, සමහරු හදිසි අනතුරුවලට ගොදුරු වූහ.
මේ මරණ අහඹු සිදුවීම් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. තුතන්කාමන්ගේ සොහොනේ ඇති මිනී පෙට්ටිය සහ අනෙක් කෞතුක භාණ්ඩ ඒවා ඇති ‘තුත් අක්හ් අමුන්’ සොහොන් ගැබෙන් ඉවත් කර, ගීසා හි නව කෞතුකාගාරයට මාරු කිරීමේදී යළිත් වරක්, එනම් වසර 100 කට පෙර කවුරුත් බිය ගැන්වූ සාපය ගැන අලුත් බියක් හටගෙන ඇත.
තුතන්කාමන්ගේ සොහොන් ගැබ විවර කළේ 1922 නොවැම්බර් 19 වැනිදාය. මේ එහි සාපයට ගොදුරු වී මියගිය පුද්ගලයන්ගේ ලැයිස්තුව මෙන්න.
කානර්වොන් ආදිපාදවරයා 1923 අප්‍රේල් 23 වැනිදා මියගියේය. කාටර්ගේ ගවේෂණයට මුදල් යෙදවූයේ මොහුය. මියගියේ මදුරු දෂ්ටනයකිනි.
ජෝර්ජ් ජේ ගෝව්ල්ඞ් මියගියේ 1923 මැයි 16 වැනිදාය. මොහු සොහොන් ගැබ විවර කළ අවස්ථාවේදී ඊට ඇතුළු වූ අයෙකි. මියගියේ උණක් හේතුවෙනි.
අලී කමෙල් ෆහ්මී බේ කුමරු, 1923 ජූලි 10 වැනිදා මියගියේ බිරිඳ කළ වෙඩි තැබීමකිනි. මොහු ඊජිප්තු කුමාරයෙකි.
කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරු කර්නල් ඕබ්රි හර්බට් 1923 සැප්තැම්බර් 26 මියගියේ දතක් පිරවීමෙන් පසු සිදුවුණු විස වීමක් හේතුවෙනි.
ශ්‍රීමත් ආචිබෝල්ඞ් ඩග්ලස් රේඞ් 1924 ජනවාරි 15 වැනිදා මියගියේය. තුතන්කාමන් දේහය සහිත මිනීපෙට්ටියේ එක්ස් කිරණ ඡායාරූප ගත්තේ විකිරණවේදීයා මොහුය. මියගියේ අබිරහස් රෝගයකිනි.
ශ්‍රීමත් ලී ස්ටැක් 1924 නොවැම්බර් 19 වැනිදා මියගියේය. මොහු සුඩානයේ ආණ්ඩුකාරවරයා විය. ඊජිප්තුවේ කයිරෝ අගනුවර වෙත මෝටර් රියකින් යද්දී ඝාතනය විය.
එම්.ඒ. මැකේ මියගියේ 1928 අප්‍රේල් 6 වැනිදාය. මොහු කාටර්ගේ ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකි. මියගියේ ආසනික් විසවීමෙනි.
මර්වින් හර්බට් මියගියේ 1929 මැයි 26 වැනිදාය. මොහු ද කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරෙකි. මියගියේ මැලේරියාව රෝගයෙනි.
කැප්ටන් රිචඞ් බෙතෙල් මියගියේ 1929 නොවැම්බර් 15 වැනිදාය. මොහු හවඞ් කාටර්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය. මේෆෙයාර් සමාජ ශාලාවේ මරණය සිදුවුණේ අබිරහස් අන්දමින්ය.
රිචඞ් ලුට්රෙල් පිල්කිංග්ටන් බෙතෙල් යනු රිචඞ් බෙතෙල්ගේ පියාය. මොහු මියගියේ 1930 පෙබරවාරි 20 වැනිදාය. මහල් නිවාසයෙන් පැන දිවි නසා ගත්තේය.
හවඞ් කාටර් මියගියේ 1923 පෙබරවාරි 16 වැනිදාය. තුතන්කාමන් සොහොන් ගැබ විවර කළේ කාටර්ය. හොඞ්ජ්කිං රෝගය වැළඳී තුතන්කාමන් මියයද්දී, ඔහුගේ වයස අවුරුදු 64 ක් විය. කාටර්ගේ වැඩිමල් සොයුරු විලියම් ද එම වසරේ මියගියේය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...