Skip to main content

ගිලෙන්න යන ජකාර්තාව... උතුරු ජකාර්තාව වසරකට සෙ.මී. 25 ක වේගයෙන් ගිලෙනවා....

N3 roadරටක අගනුවර වෙනස් කිරීම පිළිබඳව වූ සිදුවීම් අතීතයේ පටන්ම වාර්තා වේ. 1916 වසරේදී ඉන්දියාවේ අගනුවර ලෙසින් පැවැති කල්කටා නගරය දිල්ලි දක්වා වෙනස් විය. ඔස්ටේ‍්‍රලියාවේ අගනුවර ලෙසින් පැවැති සිඞ්නි නගරය කැන්බරා ලෙසින් මාරු වීමත් මෙම අගනුවර මාරු වීමේ තවත් එක් අවස්ථාවක්. 2006 වසරේදී මියන්මාරය එතෙක් අගනුවර ලෙසින් පවත්වා ගෙන ගිය ‘‘රැුන්ගුන්’’ සිට ‘‘නයිපිඩෝ ’’ දක්වා මාරු විය. ඒ අතරම අපේ රටේ අගනුවර ලෙසින් පැවැති කොළඹ වරක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලෙසින් මාරු වූ බවත් අමතක නැත.
 
 මේ අන්දමින් අගනුවර පිළිබඳ වෙනසක් කර ගත් රාජ්‍යන්හි ලැයිස්තුවට ඉදිරියේදී ඉන්දුනීසියාවද එක් වෙනු ඇත.
 
 ඉන්දුනීසියා ජකාර්තාව ලෙසින් හැඳින්වෙන මෙම මුහුදු නගරය ඉන්දුනීසියාවේ අගනුවර ලෙසින් තෝරා ගනු ලැබුවේ ලන්දේසි ජාතිකයන් විසින්ය. අතීතයේදී ‘‘බතාවියා’’ යනුවෙන් හැඳින්වුණ මෙම නගරය වැසි වනාන්තර රාශියකට උරුමකම් කියන නගරයකි. මෙහි වපසරිය වර්ග කි. මී 661 කි. ලෝකයේ කාර්ය බහුල මහා මාර්ග පද්ධතියක් වන ජකාර්තා නගරයේ මාර්ග තදබදය වළක්වා ගැනීම සඳහා දුම්රිය සේවාවන් සහ නාගරික මෙට්‍රෝ සේවාවන් කි‍්‍රයාත්මක වේ.
 
 2004 වසරේ ඇති වුණ සුමාත‍්‍රා භූමිකම්පාවේ අමිහිරි මතක තවමත් ලෝකයාගේ මතකයෙන් දුරස්ව නැත. ශ‍්‍රී ලංකාවේ සිට කි.මී. 3000 ක් පමණ ඈතින් මෙම නගරය පිහිටා අති අතර ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ  ‘‘ගිනිවළල්ල’’ ලෙසින් හැඳින්වෙන කලාපයකයි.
 
 ඉන්දුනීසියාව ඔවුන්ගේ ජකාර්තා අගනුවර වෙනුවට අලූත් අගනුවරක් සොයන උත්සාහයක මේ දිනයන්හි නිරතව සිටින්නේ මෙම නගරය ගිලා බැසීමේ අවදානමකට පත්ව තිබෙන නිසයි. උතුරු ජකාර්තාව වසරකට සෙ.මී. 25 ක වේගයෙන් ගිලෙන අතර ඒ නිසා වසර දහයක් යන විට උතුරු ජකාර්තාවේ උස මීටර් දෙකකින් අඩු වෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. මේ නිසා අසල පිහිටි මුහුදු ජලය නගරයට ඒම වළක්වා ගැනීමට තාප්ප ඉදි කළත් එය සාර්ථක නැත. මිලියන දහයක ජනගහනයක් ඇති ජකර්තා නගරයේ ඇතැම් කොටස් මේ වෙන විටත් ජලයෙන් යට වී ඇති අතර 2050 වන විට නගරයෙන් 95% ක් පමණ ගිලී යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
 
  N3 blast runඒ අතර නගරය මාරු කිරීම සාධාරණීයකරණය කරමින් ඔවුන් සඳහන් කරන්නේ මෙහි ජල පාරිභෝගිකයන් වැඩි දෙනෙක් නළ ජලයෙන් සිය කටයුතු ඉටු කර ගනිති. නළ ළිං වලින් වතුර අදින විට පොළව අභ්‍යන්තරයේ භූගත ජල ස්ථරය තුනී වෙන අතර ඒ නිසාම ඉහළ තිබෙන කොටස් මහ පොළව යටට කිඳා බසින බවයි. ගිලෙන නගරයක මේ තත්ත්වය පාලනය කර ගැනීමත් අපහසු කාර්යක් බැවින් අගනුවර මාරු කිරීමේ අවශ්‍යතාව එවුන්ට තදින් දැනී ඇති බැව් සඳහන් වේ.
 
  ඔවුන්ගේ නව අගනුවර ලෙසින් තෝරා ගෙන ඇත්තේ ‘‘බෝර්නියෝ ’’¥පත්හි පිහිටි බෝර්නියෝ නගරයයි. මෙම නගරය ගිනි කඳු වලල්ලට බාහිරව පිහිටා තිබීමත් ඔවුන් දකින්නේ වාසි පැත්තටයි. මේ වෙනුවෙන් වැය ශීර්ෂය ඩොලර් බිලියන, ටි‍්‍රලියන ගණනක් වේ. ඉන්දුනීසියානු නිදහස් සටනෙන් පසුව බලයට පත් සුකර්නෝ රජය බෝර්නියෝ හි ‘‘කලිමන්තාන් ’’ කලාපයේ නව අගනුවරක් පිහිටු වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මේ වෙන විටත් ඉන්දුනීසියාවේ ජනාධිපති ‘‘ජොකෝ විඩඩෝ ’’ විසින් බෝර්නියෝහි අලූත් අගනුවර වෙනුවෙන් බෝර්නියෝහි ස්ථාන තුනක ශක්‍යතා අධ්‍යනයන් පවත්වා තිබේ. අලූත් අගනුවර ‘‘කුතායි කර්ටනගරා සහ ‘‘පනජාම් පසෙර් උතාරා වැනි අඩු සංවර්ධනයක් සහිත ප‍්‍රදේශයන්හි පිහිටවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
 කෙසේ හෝ වේවා නව අගනුවර වෙනුවෙන් තෝරාගත් බෝර්නියෝව ජෛව විවිධත්වයෙන් යුක්ත සරුසාර මෙන්ම ඉතාම දර්ශණීය ප‍්‍රදේශයකි. උසට වැඩෙන ගහ කොළ මෙන්ම ඔරංඔටන්, මුවෝ කුරුල්ලෝ වැනි වන සත්ව
 
 ගහනයෙන් අලංකෘත වූ නගරයකි. අලූත් අගනුවර සම්ප‍්‍රාප්තිය සමග බෝර්නියෝවට උරුම සම්පත් අහිමි විය හැකිය යන අවදානම ගැනත් කතා බහ ගොඩ නැගී තිබේ. මේ වෙනුවෙන් විකල්ප විසඳුම් සොයන ඉන්දුනීසියානුවන් අදහස් කරන්නේ ‘‘හරිත නගර සංකල්පය’’ යටතේ අලූත් අගනුවර ඉදි කිරීමේ කටයුතු සිදු විය යුතු බවයි. ඉන්දුනීසියාවේ අගනුවරට ලබා දෙන නාමය කුමක්දැයි තවමත් තීරණය වී නැත.
 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...