Skip to main content

වණා සමයේ ලංකාව ලෝක බලවතෙක්.... ගුවන් තොටුපළවල් 5 ක්.... 219 වතාවක් මෙරටට පැමිණි ඉන්දීය ආචාර්යවරයා කියයි...


rawana1
ඉකුත් ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආලින්දය ඉන්දියානු සංචාරකයන්ගෙන් පිරී පැවැතියේ ඒ කණ්ඩායම එම හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි නිසාද නැත්නම් ලංකාවේ සිරි නැරඹීමට පැමිණි නිසාදැයි පැහැදිලි නැත. අලංකාර ඇඳුමෙන් සැරසුණු යුවතියෝ ඔබමොබ හැසිරෙමින් සිටියහ. සහරාන්ගේ ප‍්‍රහාරය නිසා කොළඹ සෑම තරු හෝටලයකටම ඇතුළුවීමේදී ශරීර පරීක්‍ෂාවක් සිදුවන නිසා මුදල් පසුම්බිය හා ජංගම දුරකථන දොරටු ආරක්‍ෂක නිලධාරිනියට භාරදෙමින් මා පැවසුවේ ‘‘දැන් හෝටලයට එන එකත් එයාර් පෝර්ට් එකට ඇතුළු වෙනවා වගේ නේ’’ කියාය. එවිට එතැන සිටි තවත් ආරක්‍ෂක නිලධාරියෙක් ඉදිරි දොරටුව පෙන්වමින් ප‍්‍රකාශ කළේ මේ දොරෙන් නේ සහරාන්ගේ ගෝලයා ඇතුළට ගියේ යනුවෙනි. ඇත්තෙන්ම ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළුවූ සහරාන්ගේ ගෝලයා වූයේ අබ්දුල් ජමීඞ් මොහොමඞ් නැමැත්තාය.අබ්දුල්ගේ බෝම්බය ටාජ් සමුද්‍රා හෝටලයේ පුපුරා නොගිය අතර එය පුපුරා ගියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේය. ඒ නිසාම අසල කාමරයක සිටි යුවළකටද පෙම්සුව විඳින අතරේම මරුවා සමඟ යන්නට සිදුවිය.

අපේ හිතමිත‍්‍ර තිවංක හොටල් ආලින්දයට පැමිණ සිටියේ ඔහුගේ ඉන්දියානු මිතුරා හඳුන්වාදීමටය. අපි අද කතාකරන්නේද මේ සුවිශේෂී පුද්ගලයා ගැනය. මන්ද ලංකාවට ආදරය කරන ලංකා භූමියේ සුවඳට ආසා කරන රාවණා ගැනත් මහ ඉහළින් කතා කරන ඔහු පන්ජාබ් සරසවියේ ආචාර්ය උපාධියද ලබාඇති අශෝක් කුමාර් කාන්ත් ය. උත්තර් ප‍්‍රදේශ් වැසියෙක් වන ඔහු 2004 සිට ලංකාවට නිරන්තරව පැමිණෙයි. මෙවර ලංකාවට පැමිණ ඇත්තේ 219 වැනි වතාවටය. එය සැබවින්ම විශේෂ වාර්තාවකි. මේ අශෝක් කුමාර් ගැන ලිපියක් ලියන්න සිතුනේද ඒ ගමන් වාර 200 පසු කිරීම වාර්තාවක් වන හෙයිනි. ඔහු සමඟ ගතකළ පැය භාගයක කාලයේදී අපට සිතුනේ මේ ඉන්දියානුවා අපට වඩා ලංකාව ගැන ඉතා හොඳ දැනීමක් ඇති පුද්ගලයකු බවයි. ඔහු සුවිශේෂී චරිතයකි.

අශෝක් අප සමග පැවසූ විස්තර මෙලෙස සටහන් කරමි.

ඇත්තෙන්ම මම ලංකාවේ හැම තැනම දන්නවා. නොගිය තැනක් නැහැ. මොකද මම ලංකාවට 219 වතාවක් ඇවිල්ලා තියෙනවා. මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, මිලින්ද මොරගොඩ, ජයලත් ජයවර්ධන ඒ සියලූ දෙනාමත් දන්නවා. මේ ළඟදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මගෙන් ආරුගම්බේ ප‍්‍රදේශයේ තියෙන තැනත් ගැන ආහුවා. මොකද ඔවුන් දන්නවා මම මේ තැන් ගැන හොඳට දන්නවා කියලා.

(මේ අතර තමයි බැසිල් රාජපක්‍ෂ මහතා හා අභාවප‍්‍රාප්ත ජයලත් ජයවර්ධන මහතා සමග සිටි අවස්ථාවක ඡායාරූපද ජංගම දුරකථනයෙන් ගෙන පෙන්වීය.)

ඇත්තටම මම මේ රටට මේ රටේ මිනිස්සුන්ටත් වඩා ආදරය කරනවා. මේ රටේ සුවඳට මම ආසයි. 2009 යුද්දෙ ඉවරවුණු ගමන් මම යාපනයට ගියා. ඒ 2009 මැයි 27 වැනිදා. ගිහිල්ලා සාරි 500 ක් බෙදුවා. තවත් ගොඩක් දේවල් බෙදලා දුන්නා. අපි හමුදාවත් එක්කයි ඒ වැඬේ කළේ. (ඔහු හමුදා නිලධාරීන් සමඟ සිටි ඡායාරූපයක්ද පෙන්වයි.)

ඇත්තටම වාල්මිකීගේ රාමායනයේ සඳහන් තැන් 55 ක් ලංකාවේ තියෙනවා. ඒවාට මම ගිහිල්ලා තියෙනවා. මේවා බලන්න ඉන්දියානු සංචාරකයෝ ගොඩක් කැමැතියි.

රාවණාගේ ගුවන් තොටුපළවල් 5 ක් තිබුණා. ඒවා වාරියපොල, මාතලේ, උස්සන්ගොඩ, දොළුකන්ද, කුරුණෑගල යන ප‍්‍රදේශවල පිහිටුවලා තිබුණා. ඇත්තෙන්ම ලංකා ඉතිහාසය විශිෂ්ටයි. රාවණ යුගයේදී ලංකාව ලෝක බලවතෙක්. ලෝකයේ හොඳම තාක්‍ෂණය තිබ්බේ රාවණාටයි. ඒ නිසා තමයි ගුවනින් යන්න පුළුවන් වුණේ. ඒ නිසා රාවණ සමයේ මේ දූපත ලෝක බලවතෙක්.

මම බුද්ධාගමට බෙහෙවින් ගෞරව කරනවා. ලෝකයේ හොඳම බෞද්ධයෝ ඉන්නේ ලංකාවේ. මේ බෞද්ධකම නිසා ලංකාවත් ඉන්දියාවත් අතර බැඳීම වැඩිවෙලා. ඇත්තටම අපේ බෞද්ධ ඉතිහාසය අවුරුදු 2600 ක්. එවන් ඉතිහාසයක් වෙන රටවලට තියෙනවද? ලෝකයේ බලවතා වන ඇමරිකාවට තියෙන්නේ කොපමණ කෙටි ඉතිහාසයක්ද? මම බුදුහාමුරුදුවන්ව විශ්වාස කරනවා. මම ගිය පෝයට මිහින්තලේට ගියා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගොඩ බැස්ස තැන එතනයි. යුද්ධයෙන් පස්සේ අශෝක රජතුමාට ප‍්‍රඥාව පහළ වුණා. එතුමා තමයි බුද්ධාගම ලෝකය තුළ ප‍්‍රචාරය කළේ. මිහින්තලය අනුරාධපුරය ඉතාම සුවිශේෂයි.

බලන්න අනුරාධපුරයේ වැව් සංස්කෘතිය. ඒ දැනුම තිබුණේ මීට අවුරුදු දෙදහකට පෙර. එය ලෝකයම පුදුම කරන්නක්. නමුත් මේවා ගැන මේ රටේ ජනතාව ආණ්ඩුව උනන්දු වෙනවාද කියන ප‍්‍රශ්නය නම් මට තියෙනවා. මේවා සුරැකිය යුතු දායාදයි.

අපේ රාවණ රජු ගැන මේ ඉන්දියානුවා මහත් ඉහළින් අගය කරන නිසාම මම සමහර ඉන්දියානු මාධ්‍ය අපේ පළමු චන්ද්‍රිකාවට රාවණ යන නම තැබීම ගැන පළකරන මත ගැන විමසුවෙමි.

එක එක අය විවිධ මත දරනවා. ඉන්දියාවේ ඉන්න කොමියුනිස්ට්වාදියෝ ආගමට කැමැතිද? ඒ අයගේ මතය වෙනස්. මගේ මතය වෙනස්. රාවණ බලවත් තෙදවත් රජෙක්.

ලංකාවේ සුවඳටත් පේ‍්‍රම කරන මේ ඉන්දියානුවා කියන්නේ මේ බැඳීම තමාගේ සාංසාරික බැඳීමක් යැයි විශ්වාස කරන බවයි. ඔහු මෙවර ලංකාවට පැමිණ තිබුණේ ඉන්දියානුවන් 44 දෙනකු සමගයි. මේ ඉන්දියානුවන්ටත් වඩා වැදගත් වන්නේ රාම - රාවණ කතාවට අදාළ ස්ථාන දැක බලා ගැනීමටය. මේ සියලූ ස්ථානයන්ට රිංගා යා හැකි පුද්ගලයා වන්නේද අශෝක්ම පමණකි.

ඉන්දියාවේ දසාරා උත්සවය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසයේදීය. එහිදී සිදුකරන්නේ රාවණට ගිනි තැබීමයි. කෝටි සියයක් ඉන්දියානුවෝ රාවණට ගිනි තබන විට තවත් එක් ඉන්දියානුවෙක් රාවණ අගයන්නේ මහා ඉහළිනි. ඒ ගැන සිතමින් අශෝක්ට සමුදී ටාජ් සමුද්‍රා හෝටලයෙන් නික්ම ගියෙමි

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...