Skip to main content

ජීව විශේෂ 6 ක් සමුගන්න ඔන්න මෙන්න

සොබා දහම සැරැකීම වෙනුවෙන් පෙනී සිටින International Union for Conservation of Nature හෙවත් ‘අයි.සී.යූ.එන්.’  රතු දත්ත වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි. සහ ශාක විශේෂ 27,000 ක් සඳහටම ලොවෙන් සමුගනු ගැනීමේ අවදානමක් පවතින බව එම වාර්තාවේ සඳහන්ය. එම 27,000 අතරින් සත්ව විශේෂ 6 ක් කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති අතර, අප ක්‍රියාත්මක නොවුණොත් අපේ ඇස්පනාපිටම මෙම සත්ව විශේෂ 6 ​ලොවෙන් සමුගනු ඇති බවත් එම රතු දත්ත වාර්තාව පෙන්වා දෙයි.
1. ජාවා රයිනෝ
අද ලොව ඉතිරිව සිටින්නේ ජාවා රයිනෝ සතුන් 60 ක් වැනි ප්‍රමාණයක් පමණි. ඒ සැවොම ඉන්දුනීසියාවේ ජාවා දූපතේ එක් ජාතික වනරක්ෂිතයකට සීමා වී සිටිති. රයිනෝ සුරැකීමේ ජාත්‍යන්තර අරමුදල සහ ඉන්දුනීසියාවේ රයිනෝ සුරැකීමේ සංවිධානය එක් වී, ජාවා රයිනෝ සතුන් සුරැකීමටත් ඔවුන්ගේ වාසභූමි ආරක්ෂා කිරීමටත් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. රයිනෝ සුරැකීමට ස්ථාපිත කළ විශේෂ වනජීවී කණ්ඩායම් අනවසර දඩයක්කරුවන්ගෙන් රයිනෝ සතුන් ආරක්ෂා කිරීමටත්, වනාන්තර​යේ අටවා ඇති උගුල් ඉවත් කිරීමටත් කටයුතු කරන බව වාර්තා වේ. ජාවා රයිනෝ වඳවීමේ තර්ජනයට ලක් වූයේ අං ලබා ගැනීම වෙනුවෙන් උන් මරා දැමීමත්, ජවා වනාන්තර දිනෙන් දින විනාශවීමත් නිසා යැයි පැවැසෙයි.
2. ගංගා තරණය කරන ගොරිල්ලෝ
ගංගා තරණය කරන ගොරිල්ලන් විශේෂය ද වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බව පැවැසෙයි. වන විනාශය නිසාත්, දඩයම් කිරීම නිසාත් මොවුන් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බව පැවැසෙයි. අද ඉතිරි වී ඇත්තේ ගොරිල්ලන් 300 ක් පමණි. නයිජීරියාවට ආවේණික මෙම ගොරිල්ලන් නයිජීරියාවේ සිවිල් යුද සමයේ එනම් 1960 දශකයේ වඳවී ගියේ යැයි විශ්වාස කෙරුණි. කෙසේ නමුත් සත්ව විද්‍යාඥයන්ගේ සතුටට හේතුවක් වන පරිදි ගොරිල්ලන් ගහණය කෙමෙන් වැඩිවුණු නමුත් දැන් යළිත් එම ගහණය අඩු වීමට පටන් ගෙන ඇත. ලොව දුර්ලබ වානර විශේෂය ලෙස මෙම ගොරිල්ලන් සැලකෙයි. කැමරූන් රාජ්‍යයේ ද මෙම ගොරිල්ලන් දකින්න ලැබේ. නයිජරියා රජයත්, කැමරූන් රජයත් එක් වී, ගොරිල්ලන් ආරක්ෂා කිරීමට නව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
3. සයිබීරියානු ව්‍යාඝ්‍රයා
බිළාල පවුලට අයත් විශාලතම සාමාජිකයා ලෙස සැලකෙන්නේ සයිබීරියානු ව්‍යාඝ්‍රයාය. 1940 දී සයිබීරියානු ව්‍යාඝ්‍රයන් වද වී ගිය අතර අද වනවිට ඉතිරිවී ඇත්තේ 40 ක් පමණි. ව්‍යාඝ්‍රයන් වඳ වී ගියේ සම් ලබා ගැනීම සහ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් දඩයමට ලක් වුණු බැවිනි. රුසියාව සයිබීරියානු ව්‍යාඝ්‍රයා සුරක්ෂිත සත්වයකු ලෙස කම් කිරීමත් සමඟ ව්‍යාඝ්‍ර ගහණය සෙමින් සෙමින් වැඩි වන්න විය. ව්‍යාඝ්‍රයන් එසේ සුරැකීමට පියවර ගත් පළමු රට රුසියාව ය.
4. වැකිටා ප්‍රොපෝයිස් (Vaquita porpoise)
ලොව දුර්ලභ සාගර ක්ෂීරපායී සත්වයකු ලෙස වැකිටා හැඳින්වෙයි. ඩොල්ෆින් කෙනකුට පෙනුමින් සමාන නමුත් මේ ක්ෂීරපායී මාළුවා ඩොල්ෆින් කෙනෙකු නොවෙයි. පසුගිය වසර කීපයේ වැකිටා ප්‍රොපෝයිස් ගහණය බෙහෙවින් අඩුවිය. අද සාගරයේ දකින්න ලැබෙන්නේ වැකිටා ප්‍රොපෝයිස් මසුන් 30 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. 2009 වසරේ වැකිටා ප්‍රොපෝයිස් ආරක්ෂා කිරීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවිණි.
5. උකුසු හොටැති කැස්බෑවා
කටුවේ ඇති විශේෂ දුඹුරු වර්ණය හේතුවෙන් අනවසර දඩයක්කරුවන්ගේ ඇසට ලක් වී උකුසු හොටැති කැස්බෑවා වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. මේ කැස්බෑවන් වසර මිලියන 100  ගණනක් තිස්සේ පෘථිවියේ ජීවත් වූ උරග විශේෂ අතරට අයත් වෙයි. කැස්බෑවුන් ආරක්ෂා කිරීමට චන්ද්‍රිකා සහාය ලබා ගැනෙයි. අනවසර දඩයම් නැවැත්වීමට ද පියවර​ ගෙන තිබේ. ඉංග්‍රීසියෙන් හෝක්බිල් යන නමින් හැඳින්වෙන මෙම කැස්බෑවුන්ගේ බිත්තර වෙළෙඳාම තහනම් කර ඇත. ධීවරයන් අතින් ද අත්වැරදීම්වලින් මෙම කැස්බෑවුන් මරණයට පත් වෙයි.
6. අමූර් දිවියා
මහ බළල් පවුලේ හුදෙකලා සාමාජිකයෙකු ලෙස මෙම දිවියන් හැඳින්විය හැකිය. අද වනවිට වනගතව ජීවත් වන්නේ මෙම දිවියන් 90 ක් පමණි. පැටවුන් ලොකු මහත්වනතුරු අමූර් දිවියා ගැහැනු සතා අතහැර නොයයි. අඩි 19 ක් ඉහළට පැනීමේ හැකියාව ඇත. වන විනාශය මෙම දිවියන්ගේ අභාවයට හේතුවක් වී ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...