Skip to main content

AIDS නසන්න ලාවුළු



පලතුරැ ආහාරයට ගැනීම මඟින් නිරෝගී ශරීරයක් හිමිකරගැනීමේ වාසනාව උදාවෙනවා. ඒත්, අපේ අය බොහෝදෙනෙක් අමතක කරන ගමේගොඩේ පහසුවෙන් සොයාගත හැකි පලතුරැ වර්ගයක් තමයි ලාවුළු. ලාවුළු ගසේ සියලුම කොටස් ඖෂධ ගුණයෙන් යුක්තයි. තරැණ බව රුකගෙන, සමට අලංකාරය ලබාදෙන ලාවුළුවල ඒඩ්ස් වෛරසයට විරැද්ධව ක්‍රියාකිරීමේ හැකියාවක් තිබෙනවා.

ලාවුළු ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය
ශක්තිය        කැලරි        138
ප්‍රෝටීන්        ග්‍රෑම්        1.68
මේදය        ග්‍රෑම්        0.13
කාබෝහයිඩ්‍රේට්    ග්‍රෑම්        36
කැල්සියම්        මිලිග්‍රෑම්        26
යකඩ        මිලිග්‍රෑම්        0.92
විටමින් B3    මිලිග්‍රෑම්        3.7
විටමින් C        මිලිග්‍රෑම්        58

ලාවුළු තුළ ඇමයිනෝ අම්ල වර්ග 3ක්ද අඩංගුයි. ඒවා අන්තර්ගත ප්‍රමාණ මෙසේයි. ට්‍රිප්ටෝපෑන් මිලිග්‍රෑම් 28යි. ඩෙටඔනින් මිලිග්‍රෑම් 13යි. ලයිසින් මිලිග්‍රෑම් 84යි. එයට අමතරව පොස්පරස් මිලිග්‍රෑම් 37ක් මෙන්ම ආහාරමය තන්තු ග්‍රෑම් 5.6ක්ද අන්තර්ගතයි.

ලාවුළු ගෙඩියේ අන්තර්ගත ගුණ
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.
විෂබීජ නාශක ගුණය අන්තර්ගතයි.
HIV ඒඩ්ස් නම් වෛරසයට ප්‍රතිවිරැද්ධව ක්‍රියාකිරීමේ හැකියාව පවතිනවා.
පිළිකා නාශක ගුණය සහ ප්‍රදාහ නාශක ගුණය අන්තර්ගතයි.
අක්මාව ආරක්ෂා කිරීමක් කරනවා.
ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.

ලාවුළු පොතුවල ගුණ
පොතු කසාය උණට පානය කරනවා.
ලාවුළු පොතු සාරයේ විශේෂයෙන් විෂබීජ නාශක ගුණයක් පවතිනවා.
සමේ රෝග පවතින අවස්ථාවලදීත් පොතු කසාය බීමට දෙනවා.
ඉස්ම ගලන තුවාල පවතින අවස්ථාවලදී පොතු කසාය බීමට ලබාදෙනවා  පමණක් නොව තුවාල සේදීමටද භාවිතා කරනවා. 
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ අතීසාරය අවස්ථාවලදී පොතු කසාය පානය කිරීම ගුණයි.
ලාවුළු අමු ගෙඩි අතීසාරය රෝගීන්ට ආහාරයට ලබාදෙනවා.


ලාවුළු ඇටයේ ගුණ 
ලාවුළු ඇටවලින් සකස් කරන තෙල් හිසකෙස් වර්ධනයට හොඳයි.
සමේ රෝග අවස්ථාවලදී ඇටයේ මදය තම්බා ලබාගන්නා කසාය බීමට දෙනවා.
ලාවුළු ඇටයේ මදය දත් කැක්කුමට ගුණයි.
ඇටයේ මදය තම්බා බීමෙන් නිදිමත ඇතිකරනවා.

ලාවුළු කොළවල ගුණ 
ලාවුළු කොළවල ප්‍රදාහ නාශක ගුණයක් පවතියි. ඒ නිසාම සමේ රෝගවලදී තුවාල සේදීමට භාවිතා කරනවා.
ලාවුළු කොළ කසාය බීමෙන් අධික රැධිර පීඩනය අඩුවෙයි.
ප්‍රධාන වශයෙන් කුඩා දරැවන්ට ලාවුළු ආහාරයට දීමෙන් වටපණු රෝගය සුව වෙයි.
ගැබිනි මව්වරැන්ටත් ගුණයි. නමුත් බහුලව භාවිත කිරීම නුසුදුසුයි.
සම පැහැපත් කිරීමේ ගුණයක් පවතින නිසා සමේ සෞඛ්‍ය පවත්වාගෙන යෑමට ලාවුළු ආහාරයට ගැනීම සුදුසුයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...