Skip to main content

AIDS නසන්න ලාවුළු



පලතුරැ ආහාරයට ගැනීම මඟින් නිරෝගී ශරීරයක් හිමිකරගැනීමේ වාසනාව උදාවෙනවා. ඒත්, අපේ අය බොහෝදෙනෙක් අමතක කරන ගමේගොඩේ පහසුවෙන් සොයාගත හැකි පලතුරැ වර්ගයක් තමයි ලාවුළු. ලාවුළු ගසේ සියලුම කොටස් ඖෂධ ගුණයෙන් යුක්තයි. තරැණ බව රුකගෙන, සමට අලංකාරය ලබාදෙන ලාවුළුවල ඒඩ්ස් වෛරසයට විරැද්ධව ක්‍රියාකිරීමේ හැකියාවක් තිබෙනවා.

ලාවුළු ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය ද්‍රව්‍ය
ශක්තිය        කැලරි        138
ප්‍රෝටීන්        ග්‍රෑම්        1.68
මේදය        ග්‍රෑම්        0.13
කාබෝහයිඩ්‍රේට්    ග්‍රෑම්        36
කැල්සියම්        මිලිග්‍රෑම්        26
යකඩ        මිලිග්‍රෑම්        0.92
විටමින් B3    මිලිග්‍රෑම්        3.7
විටමින් C        මිලිග්‍රෑම්        58

ලාවුළු තුළ ඇමයිනෝ අම්ල වර්ග 3ක්ද අඩංගුයි. ඒවා අන්තර්ගත ප්‍රමාණ මෙසේයි. ට්‍රිප්ටෝපෑන් මිලිග්‍රෑම් 28යි. ඩෙටඔනින් මිලිග්‍රෑම් 13යි. ලයිසින් මිලිග්‍රෑම් 84යි. එයට අමතරව පොස්පරස් මිලිග්‍රෑම් 37ක් මෙන්ම ආහාරමය තන්තු ග්‍රෑම් 5.6ක්ද අන්තර්ගතයි.

ලාවුළු ගෙඩියේ අන්තර්ගත ගුණ
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.
විෂබීජ නාශක ගුණය අන්තර්ගතයි.
HIV ඒඩ්ස් නම් වෛරසයට ප්‍රතිවිරැද්ධව ක්‍රියාකිරීමේ හැකියාව පවතිනවා.
පිළිකා නාශක ගුණය සහ ප්‍රදාහ නාශක ගුණය අන්තර්ගතයි.
අක්මාව ආරක්ෂා කිරීමක් කරනවා.
ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.

ලාවුළු පොතුවල ගුණ
පොතු කසාය උණට පානය කරනවා.
ලාවුළු පොතු සාරයේ විශේෂයෙන් විෂබීජ නාශක ගුණයක් පවතිනවා.
සමේ රෝග පවතින අවස්ථාවලදීත් පොතු කසාය බීමට දෙනවා.
ඉස්ම ගලන තුවාල පවතින අවස්ථාවලදී පොතු කසාය බීමට ලබාදෙනවා  පමණක් නොව තුවාල සේදීමටද භාවිතා කරනවා. 
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ අතීසාරය අවස්ථාවලදී පොතු කසාය පානය කිරීම ගුණයි.
ලාවුළු අමු ගෙඩි අතීසාරය රෝගීන්ට ආහාරයට ලබාදෙනවා.


ලාවුළු ඇටයේ ගුණ 
ලාවුළු ඇටවලින් සකස් කරන තෙල් හිසකෙස් වර්ධනයට හොඳයි.
සමේ රෝග අවස්ථාවලදී ඇටයේ මදය තම්බා ලබාගන්නා කසාය බීමට දෙනවා.
ලාවුළු ඇටයේ මදය දත් කැක්කුමට ගුණයි.
ඇටයේ මදය තම්බා බීමෙන් නිදිමත ඇතිකරනවා.

ලාවුළු කොළවල ගුණ 
ලාවුළු කොළවල ප්‍රදාහ නාශක ගුණයක් පවතියි. ඒ නිසාම සමේ රෝගවලදී තුවාල සේදීමට භාවිතා කරනවා.
ලාවුළු කොළ කසාය බීමෙන් අධික රැධිර පීඩනය අඩුවෙයි.
ප්‍රධාන වශයෙන් කුඩා දරැවන්ට ලාවුළු ආහාරයට දීමෙන් වටපණු රෝගය සුව වෙයි.
ගැබිනි මව්වරැන්ටත් ගුණයි. නමුත් බහුලව භාවිත කිරීම නුසුදුසුයි.
සම පැහැපත් කිරීමේ ගුණයක් පවතින නිසා සමේ සෞඛ්‍ය පවත්වාගෙන යෑමට ලාවුළු ආහාරයට ගැනීම සුදුසුයි.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...