Skip to main content

Bed Tea’ පසෙකලා කොළ කැඳ වීදුරුවකට හුරුවෙමු

නාලිකා රාජපක්ෂ
අපේ අතීත මුතුන්මිත්තන් නිරෝගී ජීවිත ගතකළ උදවියයි. උදේ පාන්දරම කොළ කැඳ වීදුරුවක් පානය කරමින් ඔවුහු දවස ඇරඹූහ. නමුත්, අධිරාජ්‍යවාදීන්ට අප ශ්‍රී ලංකාව යටත් වීමත් සමග, උදේ පාන්දරම පානය කළ කොළ කැඳ කෝප්පයට ගැරහීම සඳහා "කැඳ බිව්වා" යැයි යන මතය සමාජ ගත කර, විදේශීය කිරිපිටිවලට අප ක්‍රමානුකූලව හුරු කරවනු ලැබිණි.
උදෑසන කැඳ කෝප්පය වෙනුවට ගාම්භීර "Bed Tea" පැමිණෙන්නේ අප වැළඳගත් වහල් මානසිකත්වය නිසාය. අපට මෙන්ම, අපේ දූ දරුවන්ටද නිසි ප්‍රතිකාරයක් සොයාගත නොහැකි විවිධ වූ රෝගාබාධයන් වැළඳුණේත්, දැනට වැළඳෙමින් තිබෙන්නේත් මේ සාපය නිසාවෙනි. අවසානයේදී එකී රෝගයන්ට අවශ්‍ය ඖෂධයන්ද එම රටවලින්ම ආනයනය කරන්නට වූහ.
ගොවිතැන තම ජීවනෝපාය කරගෙන ජීවත්වන අපේ පිටිසර බොහෝ ගැමියන් තවමත් උදෑසන ආහාරයට කොළ කැඳ කෝප්පයක් ගන්නේ ඉන් ලැබෙන ගුණය ඔවුන් හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින නිසාය. උදෑසනට කිරි තේ හෝ කහට තේ බොන්නට වර්තමානයේ නාගරික හා අර්ධ නාගරියක බොහෝදෙනා පුරුදුව සිටියත්, අදද ඒ ගැමියන් කොළ කැඳ කොප්පයක රස බලමින් තම දෛනික කටයුතු අරඹන්නේ ප්‍රබෝධයෙන් හා උනන්දුවෙන් යුතුවය.
එසේම, අපේ කාන්තා පාර්ශ්වය පැහැපත් රූසපුවකට බොහෝ සේ ඇලුම් කරයි. මේ වෙනුවෙන් විවිධ අලේපන පසුපසම හඹා යනවාට වඩා, ස්වභාවික පරිසරයෙන් ලැබෙන මෙවැනි කැඳ කෝප්පයක රස බැලීමෙන් ඔබේ හමේ වර්ණය, පැහැය මෙන්ම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඒ දෙපාර්ශ්වයම අපේක්ෂා කරන තරුණ බවද ආරක්ෂා කරගැනීමට හැකිය.
බාල, තරුණ, වැඩිහිටි, මහළු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය හා ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කර ගනිති.
වර්තමානයේ වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවන්නට අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන ඔබේ තේ පානය වෙනුවට මේ දේශීය සහලින් සෑදූ කොළ කැඳ පානයක් ලෙස ගන්නේ නම්, එය වඩාත් සෞඛ්‍යට වඩාත් හිතකර වන්නේය. එමෙන්ම, කොළ කැඳක් සාදා ගැනීමට අවැසි ශාඛ කිහිපයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගැනීමට හැකි නම්, ඔබේ කාර්ය වඩාත් පහසු මෙන්ම, වඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. කෙසේ නමුත්, ඔබට එවැනි දේශීය සහල් මිලදී ගැනීමට හැකියාවක් නොමැති නම්, ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගත් සාමාන්‍ය සහල් හෝ භාවිත කරමින් කොළ කැඳක් සාදා ගැනීම "Bed Tea" එකට වඩා බොහෝ ගුණදායක වනු ඇත.
ආදරණීය දෙමවුපියණි, දැන් අපේ කොළ කැඳ වීදුරුවෙහි අගය ඔබ හොඳින්ම දැනගත යුතු කාලයකි. දැයේ දූ දරුවන් නීරෝගීමත් කිරීමට උදෑසනින්ම ඔබ හුරුවී සිටින "Bed Tea" පසෙකළා කොළ කැඳ වීදුරුවට හුරුවෙමු.

කැඳ වර්ග
කැඳ වර්ග ගැන කතා කිරීමේදී අපට ධාන්‍ය කැඳ, කොළ කැඳ, පොතු කැඳ හා වෙනත් ආදී වශයෙන් ශරීරයට වඩාත් ගුණදායී කැඳ වර්ග වෙන්කළ හැකිය .මෙම ලිපියේදී, විශේෂයෙන්ම කොළ කැඳ ගැන තරමක් විස්තරාත්මකව කතා කරමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළත්, ඉහත සඳහන් කළ කැඳ වර්ග කිහිපයක්ද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.


ධාන්‍ය කැඳ

1. මෙනේරි කැඳ
2. කුරක්කන් කැඳ
3. තණහාල් කැඳ


කොළ කැඳ

1. හාතවාරිය
2. ඉරමුසු
3. හීංබෝවිටියා
4. මොණරකුඩුම්බිය
5. දිවුල් කොළ
6. කරපිංචා කොළ
7. ගොටුකොළ
8. රණවරා කොළ
9. වැල්පෙනෙල කොළ
10. මුස්සැන්ද කොළ
11. මුගුණුවැන්න කොළ
12. ගොනිකා කොළ
13. උදුපියලිය
14. එළබටු දළු
15. කරල් සැබෝ
16. එල පිටවක්කා
17. වැල් තිබ්බටු කොළ
18. කුප්පමේනියා
19. යකිනාරං කොළ
20. පොල්පලා


පොතු කැඳ

1. බක් මී පොතු කැඳ
2. දිවුල් පොතු කැඳ


වෙනත්

1. කිතුල් පිටි කැඳ
2. කොහිල කැඳ
3. සුදුළූණු කැඳ
4. රතු ළූණු කැඳ

කොළ කැඳවල ඖෂධීය හා පෝෂණීය ගුණය
විශේෂයෙන්ම ශරීර ප්‍රතිශක්තිය ඇති කරන (ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන ගුණයක්) කොළ කැඳ සතුව පවතී.
ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කිරීමට උපකාරී වන, වයසට යාම ප්‍රමාද කරන, ශරීරයේ විෂ දුරු කරන, සියලුම පෝෂ්‍යපදාර්ථ එකම ආහාරවේලකින් ලබාගත හැකි අගනා ඖෂධීය පානයක් ලෙස කොළ කැඳ හඳුන්වා දිය හැකිය. මෙම කොළ කැඳ වර්ග දිනපතා පානය කිරීමෙන් ඔබට විවිධ ප්‍රතිලාභ අත්විඳිය හැකි අතර, එකම කොළ කැඳ වර්ගයක් දිගින් දිගටම පානය කරනවා වෙනුවට එකිනෙකට වෙනස් කොළ කැඳ වීදුරුවක් උදෑසනින් පානය කිරීමෙන් ඔබට අවශ්‍ය ඖෂධීය හා පෝෂණීය ගුණය තවදුරටත් වර්ධනය කරනු ඇත.


කරපිංචා කොළ කැඳ

  • සෙම හා වාතය නසන ගුණය කරපිංචා කොළ කැඳවල පවතී.
  • කෑම අරුචිය, අජීර්ණය හා නොයෙකුත් උදරාබාධවලට ඉතා ගුණදායක පානයකි.
  • ශරීරයෙහි ඇතිවන විවිධ විෂ මෙන්ම, බාහිරින් ඇතුළු වන විෂ පදාර්ථවල විෂ නසන ගුණයක්ද කරපිංචා කොළ කැඳ සතුව ඇත.
  • රුධිරගත දෝෂ වළක්වයි.
  • අද බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්ව ඇති අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.


හීංබෝවිටියා

  • අක්මාව ශක්තිමත් කරන ගුණය හීංබෝවිටියා කොළ කැඳ සතුව පවතී.
  • අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි.
  • බොහෝ දෙනෙකු වෙළාගත් බෝනොවන රෝගයක් වන දියවැඩියාව අඩු කරයි.


කුප්පමේනියා

  • පීනස දුරු කරන ගුණයක් කුප්පමේනියා ශාඛය සතුය.
  • විස නැති කරයි.
  • සෙම් රෝග දුරු කරයි.
  • කැස්ස අඩු කරයි.


දිවුල් කොළ

 
  • ශරීරයේ විෂ නසන හැකියාවක් දිවුල් කොළවලට ඇත.
  • අක්මාව ශක්තිමත් කරයි.


ගොනිකා කොළ

ශරීරයේ අභ්‍යන්තර තැලීම්වලදී භාවිත කරන ඖෂධීය කැඳකි.


යකිනාරං කොළ

 
  • සෙම් රෝග දුරු කිරීමේ ගුණයක් යකිනාරං කොළ සතුව පවතී.
  • අක්මාව ශක්තිමත් කරයි.


රණවරා කොළ

 
  • මුත්‍රා දැවිල්ල අඩු කරයි.
  • ලේ පිරිසිදු කිරීමටද රණවරා කොළ ගුණදායකය.
  • දියවැඩියාව අඩු කරයි.


මුගුණුවැන්න කොළ

  • ඇස් පෙනීම වර්ධනය කරන අතර, ඇස්වලට හිතකර කොළ කැඳ පානයකි.
  • ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි.
  • ශරීරයේ විෂ නසයි.
  • වයසට යාම පමා කරයි.


මුස්සැන්ද කොළ

  • ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණයක් මුස්සැන්ද කොළ සතුව පවතී.
  • අක්මාව ශක්තිමත් කරයි.


කරල් සැබෝ

  • ශරීරයේ දාහය අඩු කර කරල් සැබෝ ඖෂධීය පානයකි.
  • ලේ යන අර්ශස්වලදී භාවිත කරයි.


ගොටුකොළ

 
  • පීනස රෝගීන්ට ඉතා ගුණදායක කැඳක් ලෙස ගොටුකොළ සැලකෙයි.
  • මතක ශක්තිය වැඩි කරයි.
  • සමේ රෝග නැති කරයි.


වැල්පෙනෙල කොළ

 
  • ශරීරයේ උණුසුම අඩු කරන ගුණයක් වැල්පෙනෙල සතුව පවතී.
  • ශක්තිය ලබාදීම.
  • ධාතු පෝෂණය කරයි.


මොනරකුඩුම්බිය

 
  • අක්මා රෝග දුරු කරන ඖෂධීය ගුණයක් මොණරකුඩුම්බිය සතුය.
  • මාන්දම දුරු කරයි.
  • දැවිල්ල නැති කරන ගුණයෙන්ද යුතුය.


ඉරමුසු

 
  • චර්ම රෝගවලය ඉතා ගුණදායක පානයකි.
  • මුත්‍රා දැවිල්ල අඩු කරයි.


වැල් තිබ්බටු කොළ

  • ලේ පිරිසිදු කරයි.
  • පණු රෝගය වළක්වයි.
  • කක්කල් කැස්ස වළක්වයි.
  • සෙම් රෝග නැති කරයි.
  • බඩගිනි ඇති කරයි.
  • ශක්ති ජනකයි.
  • විෂ නැති කරයි.


පොල්පලා

  • මුත්‍රා කාරකයක් ලෙස පොල්පලා සැලකෙයි.
  • ශරීරයේ විෂ බැහැර කරයි.
  • මුත්‍රා මාර්ගයේ ගල් දිය කරයි.
  • ශරීරයේ දැවිල්ල, ඉදිමීම නැති කරයි.


උදුපියලිය

 
  • විෂ නැති කරන ගුණයෙන් යුතුය.
  • අක්වාමට හිත කරයි.
  • ඇස් පෙනීම වැඩි කරයි.


එළබටු දළු

  • සෙම, කැස්ස රෝගීන්ට ගුණදායකය.
  • දරුවන්ගේ සෙම අවස්ථාවලදී හතිය අඩුකරන අතර, පපුවට සැහැල්ලුවක් ඇති කරයි.


හාතවාරිය

  • ධාතු ශක්තිය වර්ධනය කරන ගුණයක් හාතවාරිය සතුය.
  • පෝෂණය ගුණයෙන් ඉතා ඉහළය.
  • ශරීරයේ විෂ නැති කරයි.
  • ශරීරයේ දැවිල්ල නැති කරයි.
  • ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
  • වයසට යාම පමා කරයි.


එල පිටවක්කා

  • අක්මාව ශක්තිමත් කරයි.
  • පීනස් රෝගීන්ට හිතකරය.
  • සෙම අඩුකරයි.


වෙනත් යටතේ වූ කැඳ වර්ගවල ඖෂධීය හා පෝෂණීය ගුණය

රතු ළූණු

 
  • දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය.
  • සෙම් රෝග අඩු කරයි.


සුදු ළූණු

  • සෙම් සහ වාත රෝග නසයි.
  • ස්නායු ශක්තිය වර්ධනය කරයි.
  • බුද්ධිය වර්ධනය කරයි.
  • අක්මා රෝගවලට හිතකරය.
  • අධික රුධිර පීඩනය, අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.
  • පිළිකා රෝග මැඩඬපවත්වයි.
  • විෂබීජ මැඬපවත්වයි.


කොහිල

  • දිනපතා භාවිතයට ගත හැකි කැඳ වර්ගයකි.
  • අර්ශස් රෝගීන්ට සුදුසුය.
  • මල බද්ධය අඩු කරයි.
  • බඩවැල් පහත්වීමේ රෝගීන්ට හිතකරය.
  • අක්මාවට හිතකරය.


Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...