Skip to main content

කාන්තාවන් බහුලව මුහුණදෙන ’Black Heads’

නව යොවුන් වියේ පසුවන්නන් සේම, වැඩිහිටි වයසේ පසුවන කාන්තාවන් බහුලව මුහුණදෙන තත්ත්වයකි. ‘බ්ලැක් හෙඞ්ස්’ හෙවත් කළු කප මුහුණේ ඇතිවන මෙම තත්ත්වය බරපතල රෝගයක් නොවුවද මුහුණේ සුන්දර බවට හානියක් නොවූවද මුහුණේ සුන්දර බවට හානියක් වන නිසාම මෙම සමේ ඇතිවන කළු ලප ඉවත් කර ගැනීමට බව වෙහෙසෙනුයේ නිතැතිනි.    
නවීන තාක්‍ෂණික ක‍්‍රම ඔස්සේ සමේ ඇති වන මෙම තත්ත්වයන් මග හරවා ගැනීමට විවිධ ක‍්‍රම භාවිත කළද අපගේ මෙම උත්සවය අවුරුදු දහස් ගණනක් ඉපැරණි ආයුර්වේදය ක‍්‍රම භාවිතයෙන් බ්ලැක් පහසුවෙන් ඉවත් කළ හැකි අකාරය විස්තර කිරීමටය.    

කළු ලප ඇති වීමට හේතු    
ආයුර්වේදයේදී ‘බ්ලැක් හෙඞ්ස්’ හඳුන්වනුයේ ‘නිලිකා’ නමිනි. නිලිකා ඇති වීමට මූලිකව හේතූන් ලෙස දක්වා ඇත්තේ තුන්දෝෂයන්ගෙන් වාතය සහ සෙම් යන දෝෂයන් කෝප විමය. රක්තය දුෂණයද ඉහත තත්ත්වයට එක් හේතුවකි.   
රක්තය දුෂණය වීමට බලනා මූලික කරුණක් වන්නේ සම්ප‍්‍රදායික ආහාර රටාවෙන් ඇති වීමයි. අධික තෙල් යෙදු, ලූණු සහිත ආහාර මෙන්ම සැර සහිත ආහාර සහිත ආහාරයන්ද නිතර ගැනීම ලේ දුෂණය වීමට ඍජු ලෙසට බලපානු ලැබේ.
මිට අමතරව   
  • මානසික ආතතිය,   
  • දහවල් කාලයේ නිදා ගැනීම   
  • රාත‍්‍රියේදී නිදි වැරීඹ   
  • ශෝකය
  • ක්‍රෝධය
  • බය
වැනි මානසික හේතුන් දිගුකාලීනව පැවතීම ද ‘නිලිකා’ හෙවත් බ්ලැක් හෙඞ්ස් ඇති වීමට බලපානා හේතු ලෙස හඳුනාගෙන ඇත.   

ප‍්‍රතිකාර   
ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ බ්ලැක් හෙඞ්ස් සුව කිරීමට බාහිර ප‍්‍රතිකාර අභන්තර ප‍්‍රතිකාර සහ මානසික ප‍්‍රතිකාරයන් තුනට එකවර ලබාදිය යුතු විශේෂයෙන්ම තුන්දෝෂ සමනය කර ශරීරයේ සමතුලිතතාවය ආරක්‍ෂා කර ගැනීමට ඉතා වැදගත්ය. දුෂණය වු ලේ ද හමගින් පිරිසිදු කෙරේ. ඒ සඳහා දිනකට වරක් ත‍්‍රිපලා එකිය ඖෂධයක් ලෙස හෝ කසායක් ලෙස සකසා ගත යුතුය.   
  • රත්හඳුන්, සුවඳ කොට්ටන්, වෙනිවැල්ගැට, කහ, පත්පාඩගම් ආදියන්ගේ එකතුවෙන් සකස් කළ කසායක් බොන්න. මුහුණේ ඇති අවපැහැ වීම් මගහරවයි.   
හාතවාරිය කොළ යොදා සකස් කළ කැඳ සහ හාවාරිය අල චූර්ණය අභ්‍යන්තරව ගත හැකි ඉතා සුදුසු ඖෂධයන්ය. ශරීරයේ උෂ්ණත්වය වී සිරුර සිසිල් කරවයි.   

බාහිර ආලේපන  
  • අමු කහ   
  • වෙනිවැල් ගැට කුඩු  අවශ්‍ය ප‍්‍රමාණයට ගෙන පිනි දියරෙන් අනා මුහුණ හොඳින් ස්ක‍්‍රබ් කරන්න.  
  • කොත්තමල්ලි ඇට කුඩුකර ආලේප කිරීමද ඉතාම යෝග්‍යයය.  
  • සුදු හඳුන් සුවඳ කොට්ටන්, වැල්මී, කොකුම්පොතු කුඩු ආදිය සියල්ල එකට එකතු කර, පිරිසිදු වතුරෙන් මිශ‍්‍ර කර ආලේප කිරීමද ආයුර්වේදයේ පෙන්වා දෙන ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයකි.
  • කොහොඹ කොළ අමු කහ සමග මිශ‍්‍රකර ආලේප කිරීමද යෝග්‍යය.  
     
දෛනිකව මුහුණ සහ ඇඟ පිරිසිදු කිරීම සඳහා  
 
  • කඩල පිටි
  • මුං ඇට පිටි   
  • එළකිරි ආදිය  
සබන් වෙනුවට යොදා ගත හැකිය.  

මානසික ප‍්‍රතිකාර   
අවිවේකි ජීවන රටාවෙන් මැඩ දිනකට අවම වශයෙන් විනාඩි දහයක් හෝ සරළ භාවනාවක නිරත වන්න.   
සියලූ සත්වයන්ට මෙත් වඩන්න.   
හිත දුෂණය වන සිතුවිලිවලින් ඈත් වන්න.  
සංගීතයට සවන්දීම, සංගීත භාණ්ඩ වාදය කිරීම වැනි සෞන්දර්යාත්මක රසාස්වාදයකට ළං වන්න.
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සතියේ අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා දිනයන්හිදී රූපලාවන්‍ය හා බැඳි ගැටලූ සඳහා ප‍්‍රතකාර නොමිලේ කෙරේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...