Skip to main content

ඌන පෝෂණයට බිත්තර

ඌන පෝෂණය සහිත බාල දරුවන්ට දිනකට බිත්තරය මගින් කැවීමෙන් වයසට සරිලන උසක් ලබාදිය හැකි බව හයමාසයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යනයකින් හෙළිවී ඇත.
මෘදු හෝ බාගයට තම්බන ලද එසේත් නැත්නම් බදින ලද 'ඔම්ලට්' මගින් දරුවන්ට බිත්තර කැවීමෙන් වර්ධනය අතින් ප්‍රගතියක් ලැබෙන බව එක්වදෝරයේ සිදු කරන ලද එම පරීක්ෂණය පෙන්වා දෙයි.
අදාළ පර්යේෂණ වාර්තාව "Pediatrics" ළමා සෞඛ්‍ය පිළිබඳ සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර බිත්තර මගින් වැඩි වියදමකින් තොරව ඌන පෝෂණය පිටු දැකිය හැකි බව එමගින් පෙන්වා දෙයි.
ළමා ජීවිතයක පළමු අවුරුදු දෙක ඔවුන්ගේ වර්ධනයේ දී ඉතා වැදගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, ඕනෑම ඌන පෝෂණ තත්වයක් ආපසු යථා තත්වයකට ගෙන ඒම අසීරු බවත් කියා සිටිති.
ඌන පෝෂණයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් පෝෂණ පදාර්ථ නොලැබීම යයි පවසන පර්යේෂකයෝ බාල වියේදී ආසාදනයන්ට ලක්වීම මෙන්ම අසනීප තත්වයන් ද ඊට මුල්වෙන බව පවසති.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවරුදු පහට අඩු පහළොස් කෝටි පනස් ලක්ෂයක් පමණ දරුවන් ඌන පෝෂණයට ගොදුරුව සිටිති.පහළ සහ මධ්‍යම ආදායම් ලබන ජනතාව සහ සෞඛ්‍ය විශේෂඥයන් මේ ප්‍රශ්නය පාලනය කර ගැනීමේ මාවත් සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙති.
ලෝරා ඉයනොටි (Lora Iannotti) සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ සගයන් එක්වදෝරයේ ග්‍රාමීය කඳුකර පලාත්වල ක්ෂේත්‍ර පර්යේෂණයක් ආරම්භ කර ඇති අතර මාස හයත් නවයත් අතර බිළිඳුන්ට නොමිළේ බිත්තර සැපයීම මගින් ඔවුන්ගේ ඌන පෝෂණය මගහැර ගත හැකිදැයි නිරීක්ෂණය කරමින් සිටිති.
අහඹු ලෙස තෝරා ගත් බිළිඳුන් 160 කින් අඩකට දිනකට බිත්තරය බැගින් මාස හයක කාලයක් කවන ලද අතර එම දරුවන් බිත්තර නොදුන් සෙසු දරුවන් සමඟ සසඳා බැලීම පර්යේෂණ විධික්‍රමය විය.
පර්යේෂකයෝ සතියකට දවසක් එම දරුවන්ගේ නිවෙස්වලට ගොස් තත්වය නිරීක්ෂණය කර ඇති අතර ළමුන්ට බිත්තර දීම දෛනිකව සිදු වන්නේද ? බිත්තර දීමෙන් දරුවන්ට ආසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇති වන්නේද? යන්නත් පිරික්සා ඇත.
බිත්තර නොදුන් දරුවන්ට සාපේක්ෂව බිත්තර දෙන ලද ළමුන් අතර ඌන පෝෂණය අඩු මට්ටමක පවතින බව හෙළි වූ බව පර්යේෂකයෝ නිගමනය කරති.
එම නිරීක්ෂණයේ දී හෙළි වූ කරුණු වලින් තමන් පුදුමයට පත් වූ බව ප්‍රධාන පර්යේෂිකා ලෝරා ඉයනොටි (Lora Iannotti) පවසන්නීය."බිත්තර පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආහාරයක්. විශේෂයෙන්ම සැඟවුන කුසගින්නෙන් සහ පෝෂණ ඌනතා සහිත ජනතාවට ආහාරයක් හැටියට බිත්තර ලබා ගැනීම එතරම් අමාරු නැහැ" ලෝරා ඉයනොටි සඳහන් කළාය. පුංචි බඩවල් සහිත දරුවන්ට බිත්තර හොඳ ආහාරයක් " ලෝරා ඉයනොටි පවසයි.
( තිළිණි ද සිල්වා )

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...