Skip to main content

රස ගුණ සපිරි රඹුටන්

මේ දිනවල වෙළෙඳපොළේ සුලබව දැකිය හැකි පලතුරක් ලෙස රඹුටන් හඳුන්වා දිය හැකිය.
වසරේ සෑම දිනකම අපේ ඇස නොගැසෙන පලතුරක් වන මෙය දැක ගත හැකි වනුයේ ජූනි, ජූලි මාසවලදීය. පලතුරක් ලෙස ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ රඹුටන් පිළිබඳ ඇතැමුන් කෙබඳු මතයක් පිළිපැද්ද ද ලෙඩ රෝග ගණනාවකටම දිව ඔසුවක් සේම ඉන් ලැබෙන පෝෂණීය ගුණය ද අතිමහත් වේ.
ඇතැම් පුද්ගලයන් දරන වැරැදි මත නිසා රඹුටන් ආහාරයට නොගැනීමෙන් එහි රස නොවිඳින්නේ ඔබ බියට පත්ව ඇති බැවිනි. රඹුටන් කෑමෙන් උෂ්ණය අධික වේය යන්න පැරැණි මතයකි. අපි මෙහි ඇත්ත නැත්ත දැන ගනිමු.
රඹුටන්වල අහිතකර බලපෑම් -
රඹුටන් ඇට කෑම නුසුදුසුය. යම් හෙයකින් ඔබට එය විස විය හැකිය.
ශාකයේ පල හට ගන්නා කාලයට මී මැස්සන් වැඩිපුර එන බැවින් ඔබ මී මැසි උවදුරින් පරෙස්සම් වන්න.
බිම වැටී ඇති පල අනුභවය නුසුදුසුය.
රඹුටන් කටින් කඩන්නේ නැතිව අතින් කඩා ආවරණය ඉවත් කර ගන්න.
බඩ රිදුම් ඇති රෝගීන් මෙම පලතුර අනුභවයෙන් වලකින්න.
බඩ වියළී ඇති පුද්ගලයන්ටද සුදුසු නොවේ.
දිනකට සුදුසු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් උණ වැනි ආසාදන තත්ත්ව ඇති විය හැකිය. එසේ වන්නේ රඹුටන් ගුණයෙන් වැඩි වීම නිසා වැඩි ප්‍රමාණය උෂ්ණය ලෙස සිරුරෙන් ඉවත් වීමයි.
රඹුටන්වල ගුණ -
මෙය සීනි සහිත පලතුරකි. ස්වාභාවිකව සොයා ගත හැකි සීනි වර්ග 02ක් වන  'Fructose ' සහ 'sucrose 'යන දෙවර්ගයම අඩංගු වේ. එම නිසා කුඩා දරුවන්ට වුවද දිය හැකි පලතුරකි.
අඩු කැලරි ප්‍රතිශතයක් අඩංගු වීම තුළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තද සිරුරේ බර ප්‍රමාණය වැඩි නොවේ.
විටමින් සී, ඩී, ඒ, පොටෑසියම්, බේටා කැරොටින් විශාල ප්‍රමාණවලින් අන්තර්ගත වේ. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, සෝඩියම් සහ ආහාර ජීර්ණයට අවශ්‍ය කෙරෙන  කෙඳි හොඳ ප්‍රෝටීන වර්ගද අඩංගු වේ. අනාදිමත් කාලයක සිට මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා ඖෂධයක් ලෙසද භාවිත කොට ඇත. ඊට අමතරව බඩේ අමාරු තත්ත්ව ආදියටද ඔසුවකි.
තායිලන්තයේ 'chiang mai ' විශ්වවිද්‍යාලය කළ පර්යේෂණවලට අනුව රඹුටන්වල flavonoibs වැඩිපුර ප්‍රතිශතයක් අඩංගු වේ. flavonoibs විසහරණ ක්‍රියාවලියේදී විශාල මෙහෙයක් ඉටු කරයි. එය කොලෙස්ට්‍රෝල්, පිළිකා සහ අනෙක් රෝග පීඩාදියෙන් ආරක්ෂිත පටලයක් ලෙස ක්‍රියාත්මක වේ.
කාබනික ආහාරවල ඇති  gallic acid ද්‍රව්‍යය මගින් අපේ සිරුරට ඇතුල් වන විසෙන් ආරක්ෂා කරයි. විටමින් සී දිනකට අවශ්‍ය ප්‍රමාණය වන්නේ 75mg - 90  mg වේ. මෙම ප්‍රමාණය දිනකට රඹුටන් ගෙඩි 10ක් පමණ කෑමෙන් ලබා ගත හැකිය. යකඩ සිරුරට අවශෝෂණය කිරීම සඳහා අනිවාර්යෙන්ම විටමින් සී තිබිය යුතුය. විටමින් සී ඌනතාව ඇති පුද්ගලයන්ට යකඩ ඌනතාව ඇත.
රඹුටන්වල කොපර් කුඩා ප්‍රමාණයකින් අඩංගු වන නිසා රුධිරානු සෑදීමේ කාලයේදී එය විශාල කර්තව්‍යයක් ඉටු කරයි. රතු රුධිරානු ඌනතාව නිසා අපේ සිරුරේ ඇති සුදු රුධිරානු ප්‍රතිශතයේ ඉහළ යාමක් සිදුවේ. එම තත්ත්වය රුධිරය ආශ්‍රිතව හට ගන්නා රුධිර පිළිකා ආදියට අත වැනීමකි.
ඒ අනුව රඹුටන් කෙතරම් ගුණදායී පලතුරක්ද යන වග පෙනෙනවා නේද?

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...