Skip to main content

වෙන කොහෙවත් නෑ, මේවා උතුරු කොරියාවේ විතරයි!!!


කොරියානු අර්ධද්විපයේ යුද උණුසුමක් වර්ධනය අවධියක්. ඇමරිකාව- උතුරු කොරියාව - දකුණු කොරියාව හා චීනය තම ආයුධ මුහවත් කරමින් පවතින අවධියක්.
උතුරු කොරියාව සම්බන්දව මෙම කරුනු දැන සිටියාද?
උතුරු කොරියාව සම්බන්ද අමුතුම කතා ටිකක් කතාකරන්නටයි මේ සුදානම.





උතුරු රාජ්‍ය නායකයා ගැන ඉගෙනිම අත්‍යවශයයි.
උතුරු කොරියානු වත්මන් නායකයා හා පෙර සිටි නායකයින්ගේ තොරතුරු, පාසල් තුල සවිස්තරව ඉගැන්විම සිදුකෙරේ.  උතුරු කොරියානු පවුල් පාලනය තුල, දැනට පාලකවරුන් 3කු විසින් උතුරු කොරියාව පාලනය කර ඇත.උතුරු කොරියාවේ වත්මන් පාලකයා වන්නේ කිම් ජෝන්-උන් ය. ඔහුගේ පියා වන කිම් ජෝන් ඉල් හා සීයා වූ  කිම් ඉල් සුන් ද උතුරු කොරියාව පාලනය කොට ඇත. 

කිම් ජෝන්-උන්


රජයේ අනුමත කොන්ඩා මෝස්තර
කොන්ඩ මොස්තරය කියන්නේ යම් පුද්ගලයකුගේ බාහිර පෙනුමේ කැපී පෙනෙන අංගයක්. නමුත් උතුරු කොරියානුවන්ට තමන්ට කැමති කොණ්ඩා මෝස්තරය කපන්නට වාසනාවක් නැ. උතුරු කොරියානු රජය විසින් සම්මත කොණ්ඩා මෝස්තර 28ක් තියනවා.
පිරිමින් සදහා අනුමත මොස්තර

කාන්තාවන්ට අනුමත මොස්තර


පිරිමින්ට මොස්තර 10ක් හා කාන්තාවන්ට මොස්තර 18ක් රජය මගින් පණවා තිබෙනවා. මේ මොස්තර 28න් එකක් පමණයි උතුරු කොරියානුවන්ට කපන්න පුලුවන්. කොණ්ඩයේ උපරිම දිග ප්‍රමාණය සදහාද නිති රෙගුලාසි උතුරු කොරියාව තුල පවතිනවා.මෙහිදි සැලකිය යුතු තවත් කාරණාවක් නම්, උතුරු කොරියානු නායකයාට මෙම කොණ්ඩා මොස්තර නිතිය වලංගු වන්නේ නැ. එමෙන්ම උතුරු කොරියාවු නායකයාගේ කොණ්ඩා මොස්තරය රටේ අන් කිසිවෙකුට කැපිමද තහනම්.

අගනුවර ජිවත් විමට විශේෂ අවසරයක් තිබිය යුතුයි.
අපේ රටේ අගනුවර වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරයට යන්නට විශේෂ අවසරයක් අවශ්‍ය නැනේ. නමුත් උතුරු කොරියාවේ අගනුවර වන පියැන්ග්යොන්ග් නගරයේ ජිවත් වෙන්නට රජයෙන් විශේෂ අවසරයක් ගන්නට ඕනා. උතුරු කොරියානු නායකයින් ගේ අදහසට අනුව, අගනුවර ජිවත් විය යුත්තේ ධනවත් සාර්ථක බුද්ධිමත් මිනිසුන් පමනයි. ඒ නිසා දුප්පතුන්ට අගනුවර තැනක් හිමිවන්නේ නැ.


රටේ අනෙක් නගරයන්ට සාපෙක්ෂව පියැන්යොන්ග් නගරයේ පහසුකම් සහිතයි. සාපෙක්ෂව දවසේ වැඩි වේලාවක් විදුලි බලයද ලැබෙනවා. ආහාර පාන අතින්ද තරමක් පොහොසත් නගරයක්. පියැන්ග්යොන්ග් නගරය වෙත අනවසරයෙන් පුද්ගලයින් ඇතුල්විම වැලැක්විම සදහා විශේෂ මුරකරුවන් යොදවා තිබෙනවා.

බයිබලය තබාගැනිම මරණයට අත වැනිමකි.
උතුරු කොරියාව තුල බයිබලයක් ලගතබාගැනිම සිරදඩුවම් ලැබ මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදකි. උතුරු කොරියානු පාලනය විසින් බයිබලය, බටහිර සංස්කෘතික සංකේතයක් ලෙස විස්වාස කිරිම මෙම වාරණය පැනවිමට හේතුවයි.

අනවශ්‍ය පුද්ගලයින්ට වාහන බෑ.
උතුරු කොරියානුවන්ට තම සිතැගි පරිදි පෞද්ගලික වාහනයක් තබාගැනිමට අවකාශ නැ. පෞද්ගලික වාහනයක් ලබාගැනිමට අවශ්‍ය නම් ඒ සදහා රජයෙන් විශේෂ ඉල්ලිමක් කල යුතුයි. උතුරු කොරියාවේ පෞද්ගලික වාහන ඇත්තේ, ධනවත් ව්‍යාපාරිකයින්ට, ඉහල හමුදා ප්‍රධානින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටයි. වාහනයක් තිබුනත් උතුරු කොරියායවේ නිදහසේ ඇවිදින්න සැමට අවකාශ ලැබෙන්නේ නැ.


මෙම රථවාහන සීමා හේතුවෙන් උතුරු කොරියාවේ මහාමාර්ග පාලු ස්වභාවයක් ගන්නවා.කාලේකට කලින් අපේ රටේ ඇමතිවරයකුත් අනවශ්‍ය පුද්ගලයින් වාහන ගන්නවා කිව්වේ උතුරු කොරියානු නිති ගැන හැදැරිමෙන් පස්සේද දන්නැ.

ඡන්දය දැමීම අනිවාර්යයි.
උතුරු කොරියාව තුල සැම වසර 5කට වරක්ම මැතිවරණයක් පැවැත්වෙනවා. මෙම මැතිරණයේදි සැම ඡන්ද දායකයකුම ඡන්ද පොලට ගොස් ඡන්දය ප්‍රකාශ කිරිම අනිවාර්යයි. ඡන්ද පොලේදි ලැබෙන ඡන්ද පත්‍රිකාවේ තියෙන්නේ එක් අපේක්ෂකයකුගේ නම විතරයි.

එක් අයකුගේ වැරැද්දට පවුලටම දඩුවම්.
උතුරු කොරියානුවකු වරදක් කලහොත් ඔහුගේ පවුලටම දඩුවම් කිරිම එරට නීතියයි. එක් අයකුගේ වැරැද්දකට පවුලක්ම මරණයට පත්වූ අවස්ථා බොහොමයක් වාර්තා වෙනවා. මෙය කොතරම් සාදාචාර සම්පන්නද කියලා හිතලා බලන්න.

මිනිස් මල ඇසුරින් පොහොර
උතුරු කොරියාව කෘෂි ආර්ථිකයක් මත පදනම් වූ රටක්. ඔවුන්ට පොහොර අත්‍යවශ්‍යමයි. නමුත් ආර්ථික සම්බාදක හේතුවෙන් උතුරු කොරියාවට ප්‍රමාණවත් තරම් පොහොර ලැබෙන්නේ නැ. මේ ගැටලුවට ඔවුන් අපූරු පිලියමක් භාවිතා කරනවා.මිනිස් මල අපද්‍රව්‍ය ඇසුරින් සාර්ථක ලෙස උතුරු කොරියාව තුල කාබනික පොහොර නිපදවිම සිදුකෙරෙනවා. 

රජයේ අනුමත රූපවාහිනි නාලිකා
අපිට නම් රූපවාහිනියක් දැම්මාම බලන්න කොච්චර නම් නාලිකා තියනවාද? නමුත් උතුරු කොරියාවේ එහෙම නැ. උතුරු කොරියානුවන්ට නරබන්නට හැකියාව තියෙන්නේ රජයේ දැඩි අධික්ෂණය යටතේ පවතින නාලික 3ක් පමණයි. මේ නාලිකා වලින් උදේ ඉදන් රැ වෙනකං කරන්නේ උතුරු කොරියානු දේශපාලන න්‍යායපත්‍රය බෙදාහැරිම පමණයි.


රේඩියෝ නාලිකා වලට අත්ව ඇති ඉරණමත් මේකයි. ඔයාලා කොරියානු ගුවන් සේවයේ ගුවන්යානාවක ගියත්, ඔයාලාට අහන්න දකින්න ලැබෙන්නේ උතුරු කොරියානු නායකයින්ගේ ගුණ වයන වැඩසටහන් පමණයි.

අන්තර්ජාලය කියන්නේ මොකක්ද?
උතුරු කොරියාව අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස වාරණය කරලා තියෙනවා. අන්තර්ජාලය බාවිතා කරන්නට අවස්ථා ලැබෙන්නේ රජයේ ඉහල නිලධාරින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට පමණයි. අන්තර්ජාලය ගැන නොදන් පිරිස් බොහොමයි.

උතුරු කොරියාවටම ආවේණික මෙහෙයුම් පද්ධතිය

උතුරු කොරියාව දැඩිලෙස බටහිර නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා Windows හා Mac os යන මෙහෙයුම් පද්ධතින් උතුරු කොරියාව තුල බාවිතා වන්නේ නැ. උතුරු කොරියානු පරිගණක වල භාවිතා වන්නේ Red star os  නම් ඔවුන්ටම ආවේණික මෙහෙයුම් පද්ධතියකුයි.

අන්තර්ජාතික ඇමතුම් වාරණය.
උතුරු කොරියානුවකුට හිතුන වෙලාවක අන්තර්ජාතික ඇමතුමක් ගන්නට අවකාශය ලැබෙන්නේ නැ. ඔවුන් ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතුයි. අනවසරයෙන් ඇමතුම් ලබාගත්තොත්, මරණයෙන් වුවද වන්දිගෙවිය හැකියි.

උතුරු කොරියාවටම විශේෂ කැලැන්ඩරය.
ලොවම බාවිතා කරන ග්‍රෙගරියන් කැලැන්ඩරය, උතුරු කොරියානුවන් භාවිතා කරන්නේ නැ. ඔවුන් භාවිතා කරන්නේ තම හිටපු නායක කිම් ඉල් සුන් ගේ උපන්දිනය(1912 අප්‍රේල් 15) ඇසුරින් සැකසු  ජූශෙ කැලැන්ඩරයයි.


මෙම කැලැන්ඩරයේ වසර ආරම්භය ලෙස සැලකෙන්නේ අප්‍රේල් 15 වැනි දිනයි.  අපි දැන් ඉන්නේ ක්‍රි.ව 2017 වසරේ වුවත්, ජූශෙ කැලැන්ඩරයට අනුව මෙම වසර 105 වැනි වසරයි.

උතුරු කොරියාවට වෙනම කාල කලාපයක්
අන්තර්ජාතික කාල කලාප වලින් ඔබ්බට ගොස් උතුරු කොරියාව විසින් තමන්ටම ආවේණික කාල කලාපයක් සාදාගෙන තියෙනවා.මෙම කාල කලාපය Pyongyang Time ලෙස හදුන්වනවා.

කංසා නිත්‍යානුකුලයි
උතුරු කොරියාව තුල කංසා, මත්ද්‍රව්‍යක් ලෙස නොසැලකේ. බොහෝ උතුරු කොරියානු සාම්ප්‍රදායික ඖෂධ සැදිමේදි කාංසා භාවිතා කරයි.කලකට පෙර උතුරු කොරියාවේ සංචාරය කල මාධ්‍යවේදියකු විසින් සාමාන්‍ය වෙලදපොලෙන් කාංසා මිලදි ගත් හැටි ඡායාරුප ගතකර  අන්තර්ජාලයට මුදාහැරියේය.



පාසල් යනවානම් ඩෙස් පුටුත් අරන් එන්න.
උතුරු කොරියානු පාසල් සිසුවෙකු පාසලට ඇතුලත් කරන විට, ඒ සිසුවාට අවශ්‍ය ඩෙස් පුටු ආදිය දෙමාපියන් විසින් ලබාදිය යුතුයි. එමෙන්ම පාසල් ගොඩනැගිලි සැදිමට අවැසි අමුද්‍රව්‍යයද දෙමාපියන් විසින්ම ලබාදිය යුතුයි.පාසල් වේලාව තුලදි සිසුන්ව පාසල පිරිසිදු කිරිමේ  කටයුතු වල සැලකිය යුතු වේලවක් යොදවනු ලැබේ. මේ හේතුවෙන් බොහෝ දෙමාපියන් ගුරුවන් වෙත අල්ලස් දී තම දරුවන් මෙම වැඩ වලින් ඉවත්කර තැබිම සිදුකරයි.

ලොව විශාලතම ක්‍රිඩාංගණය ඇත්තේ උතුරු කොරියාවේය.
114,000 පමණ අසුන් ගත හැකි ලොව විශාලතම ක්‍රිඩාංගණය වන මෙය නමින් Rungrado 1st of May Stadium ලෙස හදුන්වයි.



දේශ සිමා අසල බොරු නගරය.
කොරියානු දේශ සීමා අසල උතුරු කොරියාව විසින් Kijong-dong  නම් දැවැන්ත නගරයක් නිර්මාණය කර ඇත. උතුරු කොරියාව පවසන ආකාරයට මෙම නගරය තුල පාසල්,වෙලද සංකීර්ණ, රෝහල් ඇතුලු සියලුම පහසුකම් සහිත ජනාකීර්ණ නගරයකි.


නමුත් පසුව සිදුකල පරික්ෂණ වලින් හෙලිවූයේ මෙම නගරය ගොඩනැගිලි පමණක් සහිත සම්පූර්ණයෙන්ම ජනශූන්‍ය නගරයක් බවයි. තම රටේ සෞභාග්‍ය පෙන්විම සදහා උතුරු කොරියාව විසින් සිදුකල රගදැක්විමක් ලෙස මෙම නගරය සැලකේ.එමෙන්ම දේශ සිමාව අසල උසම කොඩිගස තැනිමේ තරගයක්ද උතුරු - දකුණු කොරියා අතර පවති. 

උතුරු කොරියාවට යන්න ආසද?
ඔබට උතුරු කොරියාවේ සංචාරයකට යන්න ආස හිතෙන්න පුලුවන්. නමුත් ඔබට ඒ සදහා දිර්ඝ ක්‍රියාවලිකට භාජනය වෙන්න වේවි. ඔබ උතුරු කොරියාවට ගියත් ඔබේ සැම පියවරක් නිරික්ෂණය කිරිම සදහා ඔත්තුකරුවන් සිටිවි.ඔබට  facebook දාන්න සෙල්ෆි නම් ගහන්න ලේසි වෙන්නේ නැ. ඔබ මේ සියල්ලටම පූර්ව අනුමැතියක් ගන්න ඕනා.

උතුරු කොරියාවෙන් පැනයාම නම් ලේසි නැ.
මේ සියලු නිති යටතේ ජිවත් වෙන්න පුලුවන්ද කියලා ඔබට හිතෙනවා ඇති. උතුරු කොරියානුවන්ට තම රට හැර යාම තහනම්. හදිස්සියෙවත් රටින් පනින්න ගිහින් අහුවුනොත් ලැබෙන දඩුවම් සුලුපටු නැ. 

මහජනයා දුක් විදිද්දි සැප විදින ඉහල පැලැන්තිය.


අධික ලෙස පන්ති භේදය උතුරු කොරියාව තුල දක්නට ලැබෙනවා. සැම ආර්ථික සාමාජිය දර්ශකයකම උතුරු කොරියාට ඉන්නනේ පල්ලේහාම තැනක. නිලධාරිවාදය හා දූෂණය නිසා උතුරු කොරියානුවන්ට ප්‍රමාණවත් තරම් පහසුකම් ලැබෙන්නේ නැ කියලා පැහැදිලි නේ.හිතලා බලන්න උතුරු කොරියානුවන්ගේ මානව හිමිකම් කොච්චරටම කඩ වෙලාද කියලා. ඔබ හිතයි මේ අතිශෝක්තියෙන් ලියපු කාරණා කියලා. නැ මේ සියල්ලම ඇත්ත.

ඔයාලත් දන්න කරුණු එක්ක කරන්න





Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...