Skip to main content

විදු ඇසින් දුටු ජේසු තුමන්

ජේසු තුමන්ගේ පෙනුම කෙබඳුදැයි අප සිත් තුළට කා වැදී අවසන්ය. ඒ, පුරාණ සිතුවම්වලින්, චිත්‍රපටවලින්, පොත පතින්, රූපවාහිනී කතා මාලාවලිනි. ඒවායින් නිරූපණය කරන ආකාරයට, ජේසු තුමන්, කොකේසියානු ජාතික තරුණයකි. කඩවසම්, ප්‍රසන්න, ශාන්ත පෙනුමක් ඇති අතර, එතුමන්ගේ දිග කොණ්ඩය දුඹුරු පැහැයෙන් යුක්තය. කෙසේ නමුත්, ජේසු තුමන්ගේ සැබෑ පෙනුම ඊට වඩා වෙනස් වන්න ඇතැයි බටහිර විද්‍යාඥයෝ අනාවරණය කළහ.
ඒ, ජේසුතුමන්ගේ කාලයේ ජීවත් වුණැයි සොයා ගත් යුදෙව්වන්ගේ හිස් කබල් කිහිපයක් නවීන තාක්ෂණය යොදා ගෙන යළි ප්‍රති නිර්මාණය කිරීමෙනි. මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත්තේ, මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ :ත්‍දරුබිසජ* විද්‍යාඥයන් සහ පර්යේෂකයන් විසිනි.
විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට, දේව පුත්‍රයා ජේසුතුමන්ගේ සැබෑ පෙනුම මෙසේය. එතුමන්ට තිබෙන්න ඇත්තේ කෙටි බොකටු හිස කෙස් ය. මුහුණ පළලින් වැඩිය. ඇස් අඳුරු පැහැතිය. සම වඩා අඳුරු පැහැතිය. මේ බව තහවුරු වී ඇත්තේ, අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කරමිනි. ඉපැරැණි මානවයන්ගේ පොසිල අස්ථි සහ හිස් කබල් කොටස් අනුව, පරිගණක ඇසුරින් එම මානවයාගේ ත්‍රිමාන රූප නිර්මාණය කෙරෙන්නේ ද මෙම ක්‍රමවේදයටය. ජේසුතුමන්ගේ සැබෑ පෙනුම මෙසේ යැයි පෙන්වා දෙමින්, එය සිතුවමට නැගුවේ වෝහාරක වෛද්‍ය පර්යේෂකයකු වන රිචඞ් නේව් ය. විශ්‍රාමිකයකු වන නේව් ජේසු තුමන්ගේ පෙනුම සිතුවමට නැගුවේ පරිගණක ආධාරයෙනි.
ජේසු තුමන්ගේ පෙනුම තීරණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වූ බව පැවැසෙන්නේ, ජේසු තුමන් විසූ අවදියේ, මැද පෙරදිග උතුරු ඊශ්‍රායලයේ යුදෙව්වන්ට තිබුණු පෙනුම සැසැඳීමේදීය. උතුරු ඊශ්‍රායලයේ ගලීලී පළාතේ විසූ පැරැණි යුදෙව් ජාතිකයන්ගේ අස්ථි සහ හිස් කබල් විද්‍යාඥයන් අතට පත් වී තිබේ. ඔවුන් ඒවා, ‘ස්කෑන්’ කොට පරිගණක ගත කර තිබේ. එම හිස් කබල් කිහිපයක් සන්සන්දනය කර, ජේසු තුමන්ගේ පෙනුම සකස් කළේ යැයි රිචඞ් නේව් බි්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.
‘මේක අනුමානයක් පමණයි. ජේසු තුමන්ගේ අස්ථි හෝ හිස් කබල හෝ යොදා ගෙන කළ පර්යේෂණයක් නොවේ. ඒ නිසා මෙය සියයට සියයක් තහවුරු කරන්න බැහැ. ජේසු තුමන් ජීවත් වුණු අවදියේ වාසය කළ යුදෙව්වන්ගේ පෙනුම අනුව කළ අනුමානයක් පමණයි.’ යැයි රිචඞ් නේව් පැහැදිලි කරයි. රිචඞ් නේව් ‘ජේසු තුමන්ගේ සැබෑ පෙනුම’ යනුවෙන් එතුමන්ගේ රුව සිතුවම් කළේ ‘අධිකරණ වෛද්‍ය විද්‍යා මානවවේදය’යන ක්‍රමයෙනි.
මේ අතර ජේසු තුමන් ජීවත් වූ අවධියේ දී පුරාණ ඊශ්‍රායල ජාතිකයන් පානය කළ වයින් යළිත් වරක් ඒ අයුරින්ම සහ එම රසින්ම පානය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඊශ්‍රායල පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති. ඒ, අවුරුදු 2,000 ක් පැරැණි වයින් යළි ප්‍රතිනිර්මාණය කරමිනි. එය සිදු කෙරෙන්නේ, ඊශ්‍රායලයට පමණක් ආවේණික වුණු මිදි විශේෂ හඳුනාගෙන ඒවායේ ඩී.එන්.ඒ. වෙන් කර කෘත්‍රිම ක්‍රමවේදයකටය. එසේ නිර්මාණය කරන වයින්, ජේසුතුමන්, ඬේවිඞ් රජු ආදීන් පානය කළ වයින් ඇතුළත් වෙයි. මෙසේ නිර්මාණය කෙරෙන වයින් වර්ගවලින් 50 ක් වෙළෙඳ පොළට නිකුත් කෙරන බව ද පැවැසෙයි.
ජේසුතුමන් ගැන ...
ජේසුතුමෝ ක්‍රි.පූ. 4 දී මරියා මවුතුමියගේ කුසින්, බෙත්ලෙහෙම් ගව මඩුවකදී මෙලොව උපත ලැබූහ. දෙවියන්ගේ පුත්‍රයා ලෙස, එතුමෝ ක්‍රි.ව. 30 දී ධර්ම ප්‍රචාරක කටයුතු ඇරැඹූහ. රෝගීවූවන් සුවපත් කළහ.
ක්‍රි.ව. 33 දී රෝම බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, නඩු විභාගයකින් පසු කුරුසයේ ඇණ ගසා මරණ දඬුවම ලබා දුන්නේය.
ක්‍රි.ව. 65 ත් 75 ත් අතරේදී, ජේසුතුමන්ගේ ජීවිත කතාව ශාන්ත මාර්ක් විසින් ලියා තැබුවේය. ජේසුතුමන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් ඉතිරිව ඇති එකම ලියවිල්ල මෙයයි.
ක්‍රි.ව. 313 දී ක්‍රිස්තියානි ධර්මය නිල වශයෙන් රෝම අධිරාජ්‍යයේ උදහසට ලක් විය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...