Skip to main content

විදු ඇසින් දුටු ජේසු තුමන්

ජේසු තුමන්ගේ පෙනුම කෙබඳුදැයි අප සිත් තුළට කා වැදී අවසන්ය. ඒ, පුරාණ සිතුවම්වලින්, චිත්‍රපටවලින්, පොත පතින්, රූපවාහිනී කතා මාලාවලිනි. ඒවායින් නිරූපණය කරන ආකාරයට, ජේසු තුමන්, කොකේසියානු ජාතික තරුණයකි. කඩවසම්, ප්‍රසන්න, ශාන්ත පෙනුමක් ඇති අතර, එතුමන්ගේ දිග කොණ්ඩය දුඹුරු පැහැයෙන් යුක්තය. කෙසේ නමුත්, ජේසු තුමන්ගේ සැබෑ පෙනුම ඊට වඩා වෙනස් වන්න ඇතැයි බටහිර විද්‍යාඥයෝ අනාවරණය කළහ.
ඒ, ජේසුතුමන්ගේ කාලයේ ජීවත් වුණැයි සොයා ගත් යුදෙව්වන්ගේ හිස් කබල් කිහිපයක් නවීන තාක්ෂණය යොදා ගෙන යළි ප්‍රති නිර්මාණය කිරීමෙනි. මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත්තේ, මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ :ත්‍දරුබිසජ* විද්‍යාඥයන් සහ පර්යේෂකයන් විසිනි.
විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට, දේව පුත්‍රයා ජේසුතුමන්ගේ සැබෑ පෙනුම මෙසේය. එතුමන්ට තිබෙන්න ඇත්තේ කෙටි බොකටු හිස කෙස් ය. මුහුණ පළලින් වැඩිය. ඇස් අඳුරු පැහැතිය. සම වඩා අඳුරු පැහැතිය. මේ බව තහවුරු වී ඇත්තේ, අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කරමිනි. ඉපැරැණි මානවයන්ගේ පොසිල අස්ථි සහ හිස් කබල් කොටස් අනුව, පරිගණක ඇසුරින් එම මානවයාගේ ත්‍රිමාන රූප නිර්මාණය කෙරෙන්නේ ද මෙම ක්‍රමවේදයටය. ජේසුතුමන්ගේ සැබෑ පෙනුම මෙසේ යැයි පෙන්වා දෙමින්, එය සිතුවමට නැගුවේ වෝහාරක වෛද්‍ය පර්යේෂකයකු වන රිචඞ් නේව් ය. විශ්‍රාමිකයකු වන නේව් ජේසු තුමන්ගේ පෙනුම සිතුවමට නැගුවේ පරිගණක ආධාරයෙනි.
ජේසු තුමන්ගේ පෙනුම තීරණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වූ බව පැවැසෙන්නේ, ජේසු තුමන් විසූ අවදියේ, මැද පෙරදිග උතුරු ඊශ්‍රායලයේ යුදෙව්වන්ට තිබුණු පෙනුම සැසැඳීමේදීය. උතුරු ඊශ්‍රායලයේ ගලීලී පළාතේ විසූ පැරැණි යුදෙව් ජාතිකයන්ගේ අස්ථි සහ හිස් කබල් විද්‍යාඥයන් අතට පත් වී තිබේ. ඔවුන් ඒවා, ‘ස්කෑන්’ කොට පරිගණක ගත කර තිබේ. එම හිස් කබල් කිහිපයක් සන්සන්දනය කර, ජේසු තුමන්ගේ පෙනුම සකස් කළේ යැයි රිචඞ් නේව් බි්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.
‘මේක අනුමානයක් පමණයි. ජේසු තුමන්ගේ අස්ථි හෝ හිස් කබල හෝ යොදා ගෙන කළ පර්යේෂණයක් නොවේ. ඒ නිසා මෙය සියයට සියයක් තහවුරු කරන්න බැහැ. ජේසු තුමන් ජීවත් වුණු අවදියේ වාසය කළ යුදෙව්වන්ගේ පෙනුම අනුව කළ අනුමානයක් පමණයි.’ යැයි රිචඞ් නේව් පැහැදිලි කරයි. රිචඞ් නේව් ‘ජේසු තුමන්ගේ සැබෑ පෙනුම’ යනුවෙන් එතුමන්ගේ රුව සිතුවම් කළේ ‘අධිකරණ වෛද්‍ය විද්‍යා මානවවේදය’යන ක්‍රමයෙනි.
මේ අතර ජේසු තුමන් ජීවත් වූ අවධියේ දී පුරාණ ඊශ්‍රායල ජාතිකයන් පානය කළ වයින් යළිත් වරක් ඒ අයුරින්ම සහ එම රසින්ම පානය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඊශ්‍රායල පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති. ඒ, අවුරුදු 2,000 ක් පැරැණි වයින් යළි ප්‍රතිනිර්මාණය කරමිනි. එය සිදු කෙරෙන්නේ, ඊශ්‍රායලයට පමණක් ආවේණික වුණු මිදි විශේෂ හඳුනාගෙන ඒවායේ ඩී.එන්.ඒ. වෙන් කර කෘත්‍රිම ක්‍රමවේදයකටය. එසේ නිර්මාණය කරන වයින්, ජේසුතුමන්, ඬේවිඞ් රජු ආදීන් පානය කළ වයින් ඇතුළත් වෙයි. මෙසේ නිර්මාණය කෙරෙන වයින් වර්ගවලින් 50 ක් වෙළෙඳ පොළට නිකුත් කෙරන බව ද පැවැසෙයි.
ජේසුතුමන් ගැන ...
ජේසුතුමෝ ක්‍රි.පූ. 4 දී මරියා මවුතුමියගේ කුසින්, බෙත්ලෙහෙම් ගව මඩුවකදී මෙලොව උපත ලැබූහ. දෙවියන්ගේ පුත්‍රයා ලෙස, එතුමෝ ක්‍රි.ව. 30 දී ධර්ම ප්‍රචාරක කටයුතු ඇරැඹූහ. රෝගීවූවන් සුවපත් කළහ.
ක්‍රි.ව. 33 දී රෝම බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, නඩු විභාගයකින් පසු කුරුසයේ ඇණ ගසා මරණ දඬුවම ලබා දුන්නේය.
ක්‍රි.ව. 65 ත් 75 ත් අතරේදී, ජේසුතුමන්ගේ ජීවිත කතාව ශාන්ත මාර්ක් විසින් ලියා තැබුවේය. ජේසුතුමන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් ඉතිරිව ඇති එකම ලියවිල්ල මෙයයි.
ක්‍රි.ව. 313 දී ක්‍රිස්තියානි ධර්මය නිල වශයෙන් රෝම අධිරාජ්‍යයේ උදහසට ලක් විය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...