වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි.
රුධිර පරීක්ෂාවට ප්‍රථම ඖෂධ ආරම්භ කිරීමට හැකිද?
ශල්‍යකර්මයෙන් පසු නිසි ඖෂධ භාවිතයේ වැදගත්කම
පිටස්තර පුද්ගලයකුගේ වකුගඩුවක් ඔබට බද්ධ කොට ඇති නිසා එය ප්‍රතික්ෂේප වීමකින් තොරව සහ ජීවිත අවදානමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා නියමිත පරිදි ඖෂධ භාවිත කළ යුතුය.
බද්ධ කරන ලද වකුගඩුව ඔබගේ සිරුරින් නිපදවෙන ප්‍රතිදේහ මගින් විනාශ වීමක් සිදු විය හැකි අතර ඖෂධ මගින් එය පාලනය වේ. එබැවින් නියමිත මාත්‍රාව, වේලාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. යම් අවස්ථාවක වෛද්‍ය හේතු මත ඔබ භාවිත කරන ඖෂධයක් සඳහා වෙනත් ඖෂධයක් නියම කිරීමට සිදු වේ. එය සායනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.
වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඖෂධ නතර කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුය. ඔබේ රුධිරයේ ඖෂධ ප්‍රමාණය මත ඖෂධ වෙනස් කිරීමක් වෛද්‍යවරයාට කළ හැකිය. එවන් අවස්ථාවක අදාල රුධිර පරීක්ෂණද සිදු කරයි.
වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඖෂධ නතර කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුය. ඔබේ රුධිරයේ ඖෂධ ප්‍රමාණය මත ඖෂධ වෙනස් කිරීමක් වෛද්‍යවරයාට කළ හැකිය. එවන් අවස්ථාවක අදාල රුධිර පරීක්ෂණද සිදු කරයි.
Comments
Post a Comment