Skip to main content

වකුගඩු බද්ධ කළ පසු ඖෂධ භාවිත කරන අයුරු

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි.

රුධිර පරීක්ෂාවට ප්‍රථම ඖෂධ ආරම්භ කිරීමට හැකිද? 
ඔබ Tacrolimus (prograf) ලබා ගන්නවා නම් රුධිර පරීක්ෂාවට පැය 12කට පෙර ගත යුතුයි. රුධිර පරීක්ෂාව පෙ.ව. 10.00ට නම් කලින්දා රාත්‍රී 10.00ට අදාල ඖෂධය ලබා ගත යුතු අතර පරීක්ෂණයෙන් අනතුරු බෙහෙත ලබා ගත හැකිය. මෙම උපදෙස්ම cyclosporine ඖෂධය භාවිතයේදීත් ඔබ පිළිපැදිය යුතු වේ. ඔබට යම් ඖෂධ මාත්‍රාවක් ලබා ගත නොහැකි නම් ඊළඟ නියමිත වේලාවට එම මාත්‍රාවම ලබා ගත හැකිය. එය දෙගුණ කිරීමක් සිදු නොකළ යුතුය. එසේම ඔබ පාචනය වැනි අසනීප තත්ත්වයකින් පෙළේ නම් පැය 02ක් ඇතුළත දී ඖෂධය ලබා ගත හොත් එහි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවේ. එවිට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. 
ශල්‍යකර්මයෙන් පසු නිසි ඖෂධ භාවිතයේ වැදගත්කම
පිටස්තර පුද්ගලයකුගේ වකුගඩුවක් ඔබට බද්ධ කොට ඇති නිසා එය ප්‍රතික්ෂේප වීමකින් තොරව සහ ජීවිත අවදානමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා නියමිත පරිදි ඖෂධ භාවිත කළ යුතුය. 
බද්ධ කරන ලද වකුගඩුව ඔබගේ සිරුරින් නිපදවෙන ප්‍රතිදේහ මගින් විනාශ වීමක් සිදු විය හැකි අතර ඖෂධ මගින් එය පාලනය වේ. එබැවින් නියමිත මාත්‍රාව, වේලාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. යම් අවස්ථාවක වෛද්‍ය හේතු මත ඔබ භාවිත කරන ඖෂධයක් සඳහා වෙනත් ඖෂධයක් නියම කිරීමට සිදු වේ. එය සායනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ. 
වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඖෂධ නතර කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුය. ඔබේ රුධිරයේ ඖෂධ ප්‍රමාණය මත ඖෂධ වෙනස් කිරීමක් වෛද්‍යවරයාට කළ හැකිය. එවන් අවස්ථාවක අදාල රුධිර පරීක්ෂණද  සිදු කරයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...