Skip to main content

ජංගම දුරකථන නිසා ඔබ මහත් වෙනවාද ?

 
ස්මාර්ට් ජංගම දුරකථන නැතිනම් නූතන පහසුකම්වලින් යුතු ජංගම දුරකථන අපේ වැඩ කටයුතු පහසු කළ ද ඒවා සිරුරේ බර වැඩි කරන බව ඔබ දන්නවාද ? වර්තමානයේ පවතින තාක්ෂණයත් සමඟ පෙර නොවූ විරූ අයුරින් ජාල ගතවීමට, සම්බන්ධ වීමට තොරතුරු බෙදාගැනීමට හැකියාව ලැබී ඇත. නූතන ජංගම දුරකථනත් සමඟ සියල්ල පහසු වුවද, එය අප එක්තැන් කර ඇති අතර එය සිරුරේ බර වැඩිවීමට හේත-ුවක් වී ඇත. නව තාක්ෂණයෙන් සමන්විත ජංගම දුරකථන නිසා ඇතිවන බලපෑම්.
 
 
 
1. කාලය වැයවීමෙන් සිදුවන බලපෑම
වේගයෙන් ඉදිරියට යන නූතන ලෝකයේ ව්‍යායාම කිරීම සඳහා වෙලාවක් තෝරාගැනීම තරමක් දුෂ්කර කාර්යයකි. එම ට්විටර් හෝ වෙනත් සමාජ ජාලයක් වෙත වෙන් කරන වෙලාව ඒ සඳහා වෙන් කිරීම පහසුය. ඔබ උදෑසනින් අවදි වුවද, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, විද්්‍යුත් තැපෑල වෙත කෙටි පණිවිඩ වෙත වෙන් කරන කාලය නිසා, ඔබ ඔබේ රාජකාරී වෙත ප්‍රමාද වෙයි.  
සරසවි සිසුවියන් දිනකට පැය දහයකට ආසන්න කාලයක් ස්මාර්ට් ජංගම දුරකථන වෙත වෙන් කරන බවත්, ශිෂ්‍යයන් දිනකට පැය 8ක කාලයක් වෙන් කරන බවත් මෑතකදී කළ පර්යේෂණයකදී අනාවරණය විය. මෙම අගයන් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දැක්විය යුතුය. එම නිසා සමාජ ජාලවලින් ඈත් වී ව්‍යයාම කිරීම සඳහා කාලය වෙන් කර ගත යුතුය.
 
2. එකතැන සිටීම නිසා ඇතිවන බලපෑම
අප ඉදිරියේම විනෝද වීමට අවස්ථාවක් ඇත්නම්, ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇත්නම් අප එක්වරම එයට යොමු වනු ඇත. විදී ලාම්පු දැල්වීමට පෙර නිවසට එන්නැයි කියූ දවස් දැන් අතීතයට එක්ව ඇත. නව යොවුන් දරුවන් තුළින් දැකිය හැකි පොදු තත්ත්වය නම්, ඔවුන් සමාජජාල වෙල හුරුවීමයි. ඔවුහු එක්තැනකට වී සමාජජාලවල සැරිසරති. දරුවෝ සිය මිතුරන් සමඟ එක්වෙමින් විවිධ පරිගණක ක්‍රීඩා වල නිරත වන අතර, එය එක්තරා ආකාරයට සමාජගත වීමක් වුවද, ඉන් සිරුර ක්‍රියාකාරී වීමක් සිදුවන්නේ නැත. 
පසුගිය දශකයේදී ගෘහස්ත ළමා වියට වැඩි යොමුවීමක් ඇතැයි ‘යු.එස්.ඒ ටුඬේ’ වාර්තා පෙන්වාදෙයි. නිවසෙන් පිටත සැලැසුම් නොකළ ක්‍රියාකාරකම් බරපතළ අඩුවීමක් ඇතැයි එම වාර්තා පෙන්වාදෙයි. බයිසිකල් පැදීම, දැල් පන්දුවල ක්‍රීඩාවේ නිරත වීම ආදී ක්‍රීඩාවලට දරුවන්ගේ යොමුවීම අඩු වී ඇතැයි එම වාර්තා කියයි. ළමා ස්ථුලභාවය පිළිබඳ සංඛ්‍යාලේඛන පසුගිය වසර 30 දී දෙගුණ වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රෝග පාලන මධ්‍යස්ථනය වාර්තා සඳහන් කරයි. එය සැලැකිය යුතු තත්ත්වයක් වන බවත් ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජංගම දුරකථන තාක්ෂණය වර්ධනය වීම යැයිද පර්යේෂකයෝ පෙන්වාදෙති.
 
3. සිත එකඟ කරගත නොහැකි නිසා සිදුවන බලපෑම
එම නිසා ඔබ එකතැන සිටීමෙන් නවතා දමා ව්‍යායාමවලට පුරුදු විය යුතුය. ඔබේ ජංගම දුරකථනය ඔස්සේ ගීතවලට සවන් දෙමින් ව්‍යායාමවල නිරතවීමෙන් ඔබට අලස බව මඟ හරවා ගත හැකිය. ඔබේ ව්‍යායාමවලට තවත් බාධාවක් නම් සමාජජාල තොරතුරු නිරන්තරයෙන් දුරකථනයට  ගලා ඒමයි. 
සමාජ මනෝවෛද්‍යා විද්‍යා සඟරාවක් දුරකථනයක් පෙනෙන මානයේ තබමින් සිසුන් 50 දෙනකුට ව්‍යායාම නිරත වන ලෙසත් තවත් සිසුන් 50 දෙනකුට දුරකථනයක් නොමැතිව ව්‍යායාම කිරීමටත් සලසා තිබුණි. දුරකථනය පෙනෙන්ට සලස්වා ව්‍යායාමවල නිරත වෙන ලෙස පැවැසූ සිසුන්ට එය ව්‍යායාමවල නිරත වීම තරමක් දුෂ්කර වූ බවත්, දුරකථනය නිසා ඔවුන්ගේ ව්‍යායාමවලට බාධා ඇති වූ එම පර්යේෂණවලදී අනාවරණය වී ඇත.
 
4. මන්දගාමී වීම නිසා ඇතිවන බලපෑම
ඔබේ වැඩකටයුතු පහසුකිරීමට හා වේගවත් කිරීමට සොයාගන්නා ලද නූතන පහසුකම්වලින් යුතු ජංගම දුරකථන ඔබේ ජීවිතය අඩාල කිරීමට හේතුවක් වූ ඇත. ජංගම දුරකථනයක් අතේ ඇත්නම් මිනිසුන් සාමාන්‍යයෙන් ඇවිදින වේගයට සියයට 33කින් ඇවිද යන වේගය අඩු වන බව  පර්යේෂකයෝ පෙන්වාදෙති.  ඔබ නිවැරැදිව හා වේගවත්ව ඇවිද යන්නේ නම්, එය හොඳ ව්‍යායාමක් බවත් ජංගම දුරකථනයෙන් ඈත් වී ව්‍යායාමවල යෙදෙන්නේ නම් එය වඩාත් හිතකර හා ආරක්ෂාකාරී බවත් පර්යේෂකයෝ පවසති. තවත් පර්යේෂණයකදී අනාවරණය වූයේ ජංගම දුරකථන නිසා මාර්ග සංඥා, පාර මාරු වීමේදී හැසිරිය යුතු ආකාරය, ආදී මාර්ගයකදී පිළිපැදිය යුතු බොහෝ දේ සියයට 400කින් අමතක වීමේ ප්‍රවණාතවක් ඇති බවය.
 
 
5. ක්ෂණික හමුවීම් නිසා ඇතිවන බලපෑම 
 
පළමුවට හමුවන දෑ වෙනස් කිරීමේ හැකියාවක් නව තාක්ෂණය සතුව පවතී. නව තාක්ෂණයත් මග තොටේදී අවන්හලේදී යමකු මුණ ගැසීමේ අවශ්‍යාතවක් නැත. දැන් සියල්ලම ඔබ ජංගම දුරකථනයේය. නව මිතුරන් හඳුනාගැනීමට සමාජජාලවල සැරිසැරීම ප්‍රමාණවත්ය. පළමු හැඟීම් පළමු හමුවීම් ආදී සියල්ලේ පීඩනය අද නැත. හමුවීමට පෙර සමාජජාලවල සැරිසරමින් එම අත්දැකීම් ලබාගත හැකිය. 
 
6. සියල්ල පහසුවෙන් කළ හැකිවීම නිසා ඇතිවන බලපෑම
ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට ස්තූතිවන්ත වන්නට ඔබේ නිවසේ සිට සැතපුම් 20 ක දුරින් පිහටි සියලු ක්ෂණික ආහාර ආපනශාලා සියල්ල අත ළඟය. විවිධ මෘදුකාංග ඔස්සේ ඔබට ආහාර ඇණවුම් කරන්නටත් ක්ෂණිකව ඒවා ආහාරයට ගන්නටත් හැකියාව පවතියි. ඔබට දුරකථන අංක පොතක ලියා තබාගැනීමේ අවශ්‍යතාවක් නැත. අවශ්‍ය මෘදුකාංගය ජංගම දුරකථනය ඔස්සේ ක්‍රියාත්මක කිරීමෙන් එම පහසුකම් ලබාගත හැක.
පර්යේෂණවලට අනුව පාරිභෝගිකයන්ගෙන් සියයට 69ක් ජංගම දුරකථන භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ආහාර ඇණවුම් කරයි. අවශ්‍ය සියල්ල ඇඟිලි පමණක් වෙහෙසමින් කළ හැකි අවස්ථාවක් එය අපගේ ආහාර පුරුදු වෙනස්කිරීමක් සිදු කරන්නේ නැත. මේ නිසා ආහාර පිසීම් කටයුතු මඟහැර ආහාර ඇණවුම් කිරීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. 
 
07. සාකච්ඡා සමුළු එක් ස්ථානයක සිට පැවැත්වීම නිසා ඇතිවන බලපෑම 
  වැඩකටයුතු බහුල වර්තමානය මෙන් කවරදාවකවත් එකට සම්බන්ධ වී නොතිබිණි. ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නෝ ස්කයිප් වැනි විවිධ නව සන්නිවේදන ක්‍රම යොදාගනිමින්, ලාභ උපයාගනිති. ඔබ අත ඇති දුරකථනයෙන් සම්පූර්ණ රැස්වීමක් සාකච්ඡාවක් මෙහෙය විය හැකි අතර ඒ සඳහා කිසිදු ආකාරයක මහන්සි වීමක් කළ යුතු නැත. 
සුවපහසු පුටුවක වාඩි වී දුරකථනය ඔස්සේ රැස්වීමක් සාකච්ඡාවක් මෙහෙය වුවද, එහි ක්‍රියාකාරීත්වයක් දැකිය නොහැක. එළිමහනට ගොස් ගොල්ෆ් ක්‍රීඩා කිරීම, උද්‍යානයක ඇවිදීම, ව්‍යාපාර කටයුත්තකට හෝ වෙනත් හේතුවකට දිවා ආහාර ගැනීමට ඇවිද යෑම ආදිය අද දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. අන්තර්ජාලය සමඟ ඇති සබඳතාව වැඩිවීම, නිවසේ සිට, එකම ස්ථානයක සිට සියල්ල කිරීම පහසු කර ඇති අතර, එය කායික ක්‍රියාකාරකම් නවතා දැමීමට හේතුවක් වී ඇත. 
 
08. නිල් බල්බය නිසා ඇතිවන බලපෑම
නූතන ජංගම දුරකථන බොහොමයක කුඩා නිල් පාට විදුලි බුබුළුක් ඇති අතර එය මෙලටොනින් රසායනය නිපදවීමට බාධාවක් වන අතර එම නිසා ලැබෙන නින්ද අඩුවන බව පර්යේෂණවලින් අනාවරණය විය.  ඔබ පැයකට ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කළ ද පැය ගණනක් යනතුරු ජංගම දුරකථනයේ ඇති නිල්පාට විදුලි බුබුළ නිසා සිරුරට සිදුවන බලපෑම නවතින්නේ නැත. 
විදුලි බුබුළේ බලපෑම නිසා ඇතිවන නින්ද නොයෑම තත්ත්වය බර වැඩිවීම හා සම්බන්ධ යැයිද “මෙඩිකල් ඬේලි” කළ පර්යේෂණයකදී අනාවරණය විය. සිරුරට අවශ්‍ය මෙලටොනින් රසායනය ප්‍රමාණවත්ව නිපදවීම අඩාල වුවහොත් කුසගින්න ඇති කරන ග්‍රෙලින් හා ලෙප්ටින් හෝමෝන වෙනස්වීම ඉඩකඩ වැඩිය. මේ තත්ත්වය නිසා කුසගින්න පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවන නිතර නිතර ඇතිවන කුසගින්න නිසා ඔබ නිරන්තරයෙන් කැලරි අධික ආහාරවලට හුරුපුරුදු වනු ඇතැයි එම පර්යේෂණයේ සඳහන් වේ.
 
09. බෙල්ල ඉදිරියට නෙරා ඒම
 
  ඔබ නිරන්තරයෙන් දුරකථනය දෙස බලාසිටීමෙන් උරහිස් බෙල්ල ඉදිරියට නෙරා ඒමක් (වක ගැසීමක්) සිදුවන අතර එය නිරන්තරයෙන් දුරකථනය දෙස බලා සිටීම බර වැඩීමට හේතුවක් වනු ඇත. නිරන්තරයෙන් දුරකතනය දෙස බලා සිටීමෙන් බර වැඩිවනවා සේම පිට කොන්දේ බර කිලෝග්‍රෑම් 22කින් වැඩිවන බව විශේෂඥයෝ පෙන්වාදෙති. එය ප්‍රමාණය ඉක්මවා බර වැඩිවීමක් යැයිද ඇවිදීමට සඳහා සුදුසු නොවන බවද ඔවුහු පවසති. 
ව්‍යායාම කිරීමට යෑමේදී මෙම තදින්ම දැනෙන අතර, මෙලෙස උරහිස් හා බෙල්ල ඉදිරියට නෙරා ඒම කොඳු ඇට පෙළට අහිතරකර පීඩනයක් එල්ල කරන අතර නිවැරැදි ඉරියව්වලින් සිටීමට නොහැකි තත්ත්වයක් ද ඇතිකරයි. මාංශපේශීවල ප්‍රමාණය අහිතකර ලෙස වක ගැසීමෙන් බෙල්ලේ හා කොඳු ඇට පෙළ ආශ්‍රීතව වේදනාවක් ඇතිවීමේ ඉඩකඩ වැඩි යැයිද පර්යේෂකයෝ පෙන්වාදෙති. ඔබ දුරකථනයට වැඩි වේලාවක් වෙන් කරන්නේ නම්, කොඳු ඇට පෙළට ව්‍යායාම නොලැබෙන අතර එය ඔබට වේදනාවක් මෙන්ම සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ද ඇති කරනු ඇත. 
 
10. ව්‍යායාම මෘදුකාංග නිසා ඇතිවන බලපෑම
ඔබේ ජංගම දුරකතනයෙන් ව්‍යායාමවලට අවශ්‍ය මෘදුකාංග ඕනෑතරම් භාවිත කළ හැකිය. ඒ හරහා ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගැනීමට අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලැබේ. එම පිළිවෙත් අනුගමනය කර ප්‍රතිඵල ලැබනෙ තෙක් බලා සිටියද එය යම්තාක් දුරකට ප්‍රායෝගික නොවන තත්ත්වයක් බවද කිව යුතුය. එම පිළිවෙත් හා උපදෙස් වැරැදී යෑමෙන් අහිතකර ප්‍රතිඵල ලැබීමේ අවදානම වැඩි නිසා එලෙස ව්‍යායාම කිරීමේ අහිතකරය. මෙම මෘදුකාංගවල වීඩියෝ පටද ඇති නමුත් උපදේශකවරයකු හෝ කණ්ඩායමක් නැතිව මෙවැනි ව්‍යායාමවල නිරතවීම සෞඛ්‍යයට අහිතකරය. එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස මෙම මෘදුකාංග වලින් උපදෙස් දෙන්නේ නැත. පොදුවේ ලබාදෙන මෙම උපදෙස් සෑම පුද්ගලයකුටම අදාළ නොවන නිසා, එම උපදෙස් පිළිපදින්නට යෑමෙන් තවදුරටත් අහිතකර ප්‍රතිඵල ලැබෙනු ඇත.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...