Skip to main content

කොඳු ඇට පෙළේ වේදනාවට අලුත් ප්‍රතිකාරයක්



දිගු කාලීනව පවතින කොඳු ඇට පෙළේ වේදනා සඳහා නිසි ප්‍රතිකර්මයක් නොලදහොත් ඒවා පසුකාලයේදී තම දෙපාවලට, දෙඅත් සහ උකුළේ අමාරු සඳහා හේතුකාරක වෙයි. මෙහි අන්තර්ගතය වනුයේ එවන් රෝ‍ග රැසක්ම කිසිඳු අතුරු ආබාධයකින් තොරව සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳවයි. එනම්  වෛකල්පිත වෛද්‍ය විද්‍යාවේ ඇතුළත් ' කයිරෝ ප්‍රැක්ටිස් ' ක්‍රමය ගැනයි. මෙය ග්‍රීක වචන දෙකක සම්මිශ්‍රණයකි. මෙහි තේරුම වනුයේ හස්ත උපකාරයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමය යන්නයි.  
මෙමගින් සුවය සලසා ගත හැකි රෝගීන් -
කොඳු ඇට පෙළෙහි විවිධ වෙනස්වීම් ඇති අය, හිසේ කැක්කුම, මසු පිඩු වේදනා, හන්දි වේදනා, කොඳු ඇට පෙළේ වේදනාවලින් පීඩා විඳින රෝගීන් සඳහා මෙමගින් සහනය සලසා ගත හැකියි. කොඳු ඇට පෙළේ වේදනා ගණන් නොගෙන සිටීමෙන් 'සයටිකා ' වැනි රෝගී තත්ත්ව මතු විය හැකියි. එහෙත් මේ තත්ත්වයද ඉහත ක්‍රමය මගින් සුව කර ගත හැකිය.
එසේම බෙල්ලේ අමාරු, වේදනා සහිත පුද්ගලයන් සඳහාද විශේෂ සුවයක් ලැබිය හැකිය. වර්තමානය වන විට ලංකාවේ රිය අනතුරු වර්ධනය වීමක් දැකිය හැකිය. එබඳු රිය අනතුරුවලට ලක්වී ඇවිද ගත නොහැකිව සිටින පුද්ගලයන්, අත පය ඔසවා ගත නොහැකි අයටද විශේෂිත වේ.
කයිරෝ ප්‍රැක්ටිස් ක්‍රමයේ විශේෂිත වාසිය වනුයේ රෝගියාට බාහිර ප්‍රතිකාර කරන ගමන් වුවද මේ සඳහා යොමු වීමට ඇති හැකියාවයි. මෙකී ප්‍රතිකාර ක්‍රමයත් සමගම තමන්ගේ දේශීය හෝ බටහිර ප්‍රතිකාර ක්‍රමයත් නොනවත්වා කිරීමට ඇති හැකියාවයි.
සරල ප්‍රතිකාර ක්‍රමයක් වන මෙමගින් කිසිදු අතුරු ආබාධයක් සිදු නොවේ. අඩු වියදමක් යටතේ අවම මුදල් ප්‍රමාණයක් වැය කොට සුවය ලබා ගත හැකිය.
කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වාද යෝග්‍ය වේ. මවක් විසින් තම දරුවා මෙලොවට බිහි කරනුයේ අධික වෑයමක් දරමිනි. සමහර අවස්ථාවලදී ඉන් දරුවාගේ කොඳු ඇට පේළිය යම් ඇදීමකට ලක් වේ. ඉපදුණු අවස්ථාවේදී මේ තත්ත්වය දක්නට නොලැබුණද පසුකාලීනව දරුවාට අහිතකර තත්ත්වයකි. දරුවා ඉපදී මුල් දිනවලම වෛද්‍යවරයකුට යොමු කළ හොත් ඉතා පහසුවෙන් මේ තත්ත්වය යථා බවට පත් කළ හැකිය.
කුඩා දරුවන් ඇවිදීමට හුරුවෙන මුල් කාලයේදීම වැටෙන වාර එමටය. වැටීම් නිසා කොඳු ඇට පෙළෙහි හෝ දෙපාවල හෝ අත්වල ඇතිවන ආබාධවලට  කයිරෝ ප්‍රැක්ටිස් කදිම නිදසුනකි.
එසේම දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව වේදනා නාශක ඖෂධ භාවිත කරන වැඩිහිටි පුද්ගලයන්ට, හන්දි අමාරු සේම, ආතරයිටිස් රෝගීන්ටද කයිරෝ ප්‍රැක්ටිස් ක්‍රමයෙන් සහනය සලසා ගත හැකිය. මෙම ක්‍රමය භාවිතය අමාරු නොවේ. ඒ සඳහා වැය කිරීමට විශේෂිත කාලයක්ද ඇවැසි නොවේ. දෙවතාවක් හෝ තෙවතාවක් කිරීම සෑහේ.
කයිරෝ ප්‍රැක්ටිස් ක්‍රමය භාවිත නොකළ යුතු අවස්ථා
කොඳු ඇට පෙළෙහි කුමන හෝ සැත්කමකට ලක්ව සිටින රෝගීන්, කොඳු ඇට පෙළෙහි කුමන හෝ බද්ධ කිරීමක් කර ඇති රෝගීන් සඳහා මෙය නොකළ යුතු වේ. මේ හැරුණු විට දරු ප්‍රසූතිය ආසන්නව සිටින ගැබිණි මවුවරුන් සඳහාද ඉහත ක්‍රමය යෝග්‍ය නොවේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...