Skip to main content

ඔසප්වීම නවතින දිනය පසුවීම ගැබ් ගැනීමක ඉඟියකි


මවක්වීමට බලාපොරොත්තු වන කාන්තාවකට ඒ ගැන දැන ගැනීම තරම් තවත් සතුටක් නැති තරම්ය. මේ නිසා මාසයෙන් මාසය තමන්ගේ ඔසප්වීම නවතින දිනය ගැන බලා සිටින කාන්තාවකට ඒ දිනය පසුවීම ගැබ් ගැනීමක ඉඟියකි. එහෙත් මෙය වෙනත් හේතු නිසාත් තාවකාලිකව සිදු වේ. ඒ නිසා සෑම කාන්තාවක්ම නොපමාව එය නිවැරැදිව හඳුනා ගත යුතුය. එසේ දැනගත් පසු සෑම ගර්භිණී කාන්තාවක්ම පළමු තෙමස ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුය. මේ කාලයේ පිළිපදින නිවැරැුදි උපදෙස් නිරෝගී දරුවකු බිහි කිරීමට මහත් සේ බලපායි. මෙවර පහදා දෙන්නේ ඒ ගැනයි.


ගර්භිණී පරීක්‍ෂාව නිවෙසේදී කරන්න පුළුවන්
මාසික ඔසප්වීම නැවතුණු පසු දින කිහිපයකට පසු ළඟම ඇති ඖෂධ ඇලෙවි සැලකට ගොස් ගර්භිණීතාව හඳුනා ගැනීමට පරීක්‍ෂණය සඳහා අවශ්‍ය ‘පටියක්’ ලබාගන්න. මෙය නිසි ලෙසට මාසිකව ඔසප් වන කාන්තාවකට දින 3 – 4 කින් වුවද බැලිය හැකිය. ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් අයට දින කිහිපයකට පසු එය කරගත හැකිය.
එහිදී මුත‍්‍ර සාම්පලයක් ගෙන එම පටිය එහි තැබීමෙන් රතු පැහැ ඉරි 2 ක් මතුවේ නම් එය ගැබ් ගැනීමකි. එක් ඉරක් මතු වේ නම් ගැබ් ගැනීමක් නැත. මෙසේ බලා රතු පැහැ ඉරි 2 ක් මතු වුවහොත් ඊළඟට කළ යුත්තේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවීමය.

මාස 3කට පෙර සිට ෆෝලික් අම්ලය ගන්න
අප මීට පළමු ලිපියේ සඳහන් කළ ආකාරයට ගැබ් ගැනීමට මාස තුනකට පෙර පටන් ෆෝලික් අම්ලය ලබාගත යුතුය. එය නොගත් කෙනෙකු වේ නම් ගැබ් ගැනීම දැනගත් දා සිට හෝ දිනපතා මෙම ඖෂධය ගත යුතුය. එය ඉතා වදගත් ය.

පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය හමුවෙන්න
ඊළඟ වැදගත් කාර්යය වන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමු වීමය. ඔබ ගැබ් ගෙන ඇතිබව පැවසිය යුතුය. එහිදී ඔබට වැදගත් උපදෙස් කිහිපයක් ලැබෙනු ඇත.
ඔබගෙන් සියලූ විස්තර අසා සායන සටහන් පොතක් ලබාදෙයි. මෙහිදී ඔබට අවසන්වරට ඔසප් සෑදුණු දිනය අනුව අනුමාන ලෙස සකසා ප‍්‍රසූත දිනය සාදා සටහන් කරයි. එහෙත් ඒ දිනයට වඩා ඉතාම සාර්ථක දිනය වන්නේ සායනයේදී ස්කෑන් පරීක්‍ෂණයෙන් පසු දෙන දිනයයි.
ඒ සමග ඔබටත් දරුවාටත් ඉතාම හොඳ ආහාරපාන, සෞඛ්‍ය පුරුදු ගැන උපදෙස් ලබාදෙයි.
ඉන්පසු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මගින් ගමේ සායනය වෙත ඔබ යොමු කරයි. එම සායනයේදී ඔබ පරීක්‍ෂා කරන්නේ වෛද්‍යවරයා විසිනි. වෛද්‍යවරයා පූර්ව පරීක්‍ෂණ කිහිපයක් කර එය සටහන් කරයි. ඉන්පසු ඔහු මගින් විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන ළඟම තිබෙන රෝහල වෙත යොමු කරයි.
මෙම ක‍්‍රියාවලිය ඉතාම වැදගත්ය. අපේ රටේ 90% ආසන්න ප‍්‍රමාණයක් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය යටතේ ලියපාදිංචි වී ගමේ සායනයට ගොස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා විශේෂඥ වෛද්‍ය සායනයට පැමිණි මවුවරුන් ය. මෙය දියුණු රටවල දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය අපේ රටේ සෞඛ්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පවතින බව කියාපෑමකි.

වැඩිදුර පරීක්‍ෂණ රෝහලෙන්
රෝහල් සායනයට පැමිණි ගැබිනි මව ස්කෑන් පරීක්‍ෂණ සඳහා රෝහලට යොමු කරයි. ඒ ඇය පළමුවරට ස්කෑන් පරීක්‍ෂණට ලක් කිරීමටය. මෙය කරන්නේ ගැබ් ගෙන සති 11 - 14 කාලයේදී ය. මෙම දිනය සායනයට ලැබෙන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මවගේ ඔසප් දිනය අනුව ලබාගත් දිනය අනුවය. මෙම සති 11 - 14 කාලයේ රෝහල් සායනයේදී ස්කෑන් පරීක්‍ෂාවට ලක්වීම ඉතාම වැදගත් ය.

පළමු ස්කෑන් පරීක්‍ෂණය ඉතාම වැදගත්
මවට දින වකවානුවල යම් ගැටලූවක් අනුව නියම දිනය වෙනස් වී තිබේ නම් දරු ප‍්‍රසුත දිනය නිවැරදිව මෙම පරීක්‍ෂණයෙන් දැනගත හැකිය. මෙසේ පැවසන්නේ උපත් පාලන පෙති ගත් කාන්තාවක් දරුවකු බලාපොරොත්තුව එය නතර කළ විට ඔසප් චක‍්‍රය වෙනස් වීම නිසයි. ඒ නිසා ඒ අයගේ අවසන් ඔසප් දිනය ඇතැම් විට වෙනස් විය හැකිය. ඒ නිසා ස්කෑන් පරීක්‍ෂාව ඉතාම වැදගත් ය.

මන්ද මානසික දරුවෙක්දැයි සොයාගන්න පුළුවන්
වසය අවුරුදු 35 ට වැඩි ගැබ්ගත් කාන්තාව අවදානම් මවක් සේ සලකයි. එම මවුවරුන්ට මන්ද මානසික (ඩවුන් සින්ඩ්‍රොම්) දරුවකු බිහිවීමේ අවදානම වැඩිය. එහෙත් අද මෙම තත්ත්වය ඊට අඩු තරුණ මවුවරු අතරත් දක්නට ලැබේ. එනිසා අද ලෝකයේ ගැබ් ගෙන මෙම කාලයේ කරන ස්කෑන් පරීක්ෂාව අනිවාර්ය කර තිබේ. ඒ මෙම දරුවන්ගේ බිහි වීම පෙරට වඩා වැඩියෙන් දක්නට ලැබෙන නිසාය. ලබන සතියේ මේ ගැන තවත් කතා කරමු.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...