Skip to main content

අර්ශස් රෝගය සුව කරගන්න බැරිද




අර්ශස් රෝගය වැලඳීමට හේතු, මෙවැනි රෝගයකට ගොදුරු වුවහොත් ඒ සඳහා කළ යුතු ප‍්‍රතිකාර වැනි දෑ ගැන බොහෝදෙනා නිවැරදිව දන්නේ නැත. එමෙන්ම මෙවැනි රෝග කුඩා දරුවන්ටත් වැලඳිය හැකිය. අර්ශස් රෝගයෙන් පුද්ගලයකුු බේරාගන්නේ කෙසේද, මෙය මාරාන්තික තත්ත්වයට පත් විය හැකිද යන කරුණු කාරණා පහදාදීම මෙම සටහනේ අරමුණ වෙයි.

අර්ශස් යනු මොනවාද?
අර්ශස් යනු ගුදයේ සහ අධෝ මාර්ගයේ පහළ කොටසේ තිබෙන ලේ නහරවල හටගන්නා ඉදිමීමේ තත්ත්වයයි. මෙම ඉදිමීම ගුදය හා අධෝ මාර්ගයට ඉතා අපහසු ලෙස බලපායි. සාමාන්‍යයෙන් ගුදය සහ අධෝ මාර්ගය පහළ කොටසේ ඇතුළත අන්තර කොටසේ කුඩා ශිරා ජාලයක් එනම් රුධිරවාහිනී සමූහයක් තිබේ. මෙම ශිරා සමහර අවස්ථාවල ඒවාට ගලා එන සාමාන්‍ය රුධිර ප‍්‍රමාණයට වඩා වැඩිවීමක් සිදු වේ. එවිට ඒවා රුධිරය පිරී පළල් වේ. මෙසේ රුධිරයෙන් පිරුණු ශිරා සහ මතුපිටින් පිහිටි පටක ඉදිමීමේ තත්ත්වය අර්ශස් නමින් හඳුන්වයි.

හැදෙන්නෙ කොහොමද?
මෙම වෙනස්වීම ඇතිවීමට හා ඒවා අර්ශස්බවට පත්වීමට තුඩු දෙන නියම හේතුව මෙතෙක් හරි හැටි පැහැදිලි වී නැත. ඒ එසේ පැහැදිලිි හේතුවක් නොමැතිවත් සමහර අර්ශස් තත්ත්ව වර්ධනය වන නිසාය. බොහෝ අවස්ථාවල මෙයට ප‍්‍රධාන හේතුව ගුදය හා ඒ අවට ප‍්‍රදේශයේ පීඩනය විය හැකි යැයි විශ්වාස කෙරේ.

අවදානම වැඩි කරන හේතු මොනවාද?
ප‍්‍රධානම හේතුව මලබද්ධය හේතුවෙන් එකවර විශාල අසූචි කොටස් පිට කිරීමට සිදුවීම නිසා වැසිකිළියේදී තැටමීමයි. ඒ තැටමීමේදී ගුදයේ හා ඒ අවට ශිරා පීඩනය වැඩි කිරීමෙන් අර්ශස් වර්ධනයවීමට මග පාදයි. ගර්භිණී සමයේ අර්ශස් තත්ත්වය ඇතිවීම බෙහෙවින් සුලබය. මෙසේ වන්නේ ගුදය හා අධෝ මාර්ගයට ඉහළින් සිටින බිලිඳාගේ වැඞීමත් සමග ඇතිවන පීඩනය හා ගැබිනි සමයේ ඇතිවන හෝමෝනවල වෙනස්වීම ශිරාවලට බලපෑමයි. පුද්ගලයකු වයසට යන විට ගුදය ආස්තරයේ තිබෙන පටක අඩු ආධාරක තත්ත්වයකින් යුක්ත වේ. එයත් මේ සඳහා බලපායි. ගුදය ප‍්‍රදේශයේ ශිරාවල බිත්තිවල දුර්වලතා සමහරුන්ට උපතින්ම ඇති වේ. එසේ වන්නේ ප‍්‍රවේණී ගත සාධක නිසාය.

රෝග ලක්ෂණ මොනවාද?
අර්ශස් ප‍්‍රධාන කෙටස් දෙකකින් සඳහන් කළ හැකිය. එනම්.
  1. අභ්‍යන්තර අර්ශස්
     
  2. බාහිර අර්ශස්

අභ්‍යන්තර අර්ශස් සෑදෙන්නේ ගුදයේ වටේ ගැටියට සෙන්ටි මීටර 2 - 4 ක් පමණ උඩින් පිටුපස කොටසේය. මේවා ප‍්‍රමාණය හා උග‍්‍රතාව අනුව කොටස් හතරකට වර්ග කළ හැකිය. එනම්,

1 වර්ගය -
පසුපස පැසේජයේ ඇතුළත අන්තරයේ ඇතිවන සුළු ඉදිමීමේ තත්ත්වයයි. මේවා ගුදය පිටතින් දක්නට නොලැබෙයි. එහෙත් මෙම අර්ශස් බෙහෙවින් සුලබව දක්නට ලැබේ. මෙම අර්ශස් සමහරුන්ගේ විශාල විය හැකිය.

2 වර්ගය -
මෙම අර්ශස් මදක් විශාලය. මෙම අර්ශස් තිබෙන පුද්ගලයා වැසිකිළියට ගිය විට මේවායින් කොටසක් පිටතට පැමිණ ඇතුළට යයි.

3 වර්ගය -
ගුදයෙන් පිටතට පැමිණ තිබේ. මෙම අර්ශස් මෘදු ගැටිති මෙන් එම පුද්ගලයාගේ අතට අසු වෙයි. එසේම මේවා ඇඟිල්ලෙන් ඇතුළට තල්ලූ කිරීමටද පුළුවන. බොහෝවිට එසේ ඇතුළට තල්ලූ කිරීමට සිදු වේ. ඒ අපහසුතාවයෙන් මිදීම සඳහාය.

4 වර්ගය -
මෙම වර්ගයේ අර්ශස් ගුදයෙන් පිටතට නෙරා තිබේ. එහෙත් තුන්වැනි වර්ගය මෙන් මේවා ඇතුළට තල්ලූ කළ නොහැකිය. සමහරුන්ගේ මේවා බෙහෙවින් විශාල වේ. මේවා ඇති අයට ඉතාම අපහසුතා දැනේ.

 
රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ද?
මෙම අර්ශස්වල රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ය. කුඩා අර්ශස් ගෙඩි වේදනා රහිත වේ. එහෙත් මේවායේ වඩාත් සුලබ රෝග ලක්ෂණය වන්නේ වැසිකිළියට ගිය විට රුධිරය ගැලීමයි.
විශාල අර්ශස් ගෙඩිවලින් ශ්ලේෂමල වහනයවීමට පටන් ගනී. මේවායෙන් වේදනාව මෙන්ම නිතර කැසීම හා දැවිල්ල හට ගනී. මෙම ගෙඩි තිබෙන අයට හොඳින් මලපහ වුණත් තවත් වැසිකිළි යාමට වුවමනා වැනි හැඟීමක් ඇති වේ.
පිටතට පැමිණ ඇති අර්ශස් ගෙඩිවල ඇතිවිය හැකි සංකූලතා නම් ඒ තුළ රුධිර කැටියක් හට ගැනීමය. මෙම අර්ශස්වලින් තදබල වේදනාවක් ඇතිවිය හැකිය.

බාහිර අර්ශස් රෝගී තත්ත්වය හඳුනාගන්න
අර්ශස් රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන අභ්‍යන්තරව හටගන්නා අර්ශස් තරම් මෙම තත්ත්වය සුලබ නැත. බාහිර අර්ශස් තත්ත්වයේදී ගුදයේ පිටත ගැටියේ කුඩා ගැටිත්තක් මෙන් වර්ධනය වේ. මෙම තත්ත්වයේදී බෙහෝවිට රෝග ලක්ෂණ ඇති නොවේ. මේ නිසා රුධිර කැටියක් හටගන්නා අවස්ථා තිබේ. එසේ වුවහොත් වේදනාකාරී විය හැකිය. ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ.
රුධිර කැටි සහිත බාහිර අර්ශස් තත්ත්වය පැය 48 - 72 කට පසු උච්ච අවස්ථාවකට පත් වේ. එසේ වුවහොත් දින 7-10 කට පසු ක‍්‍රමයෙන් පහව යයි. පිටත හටගන්නා රුධිර කැටි සහිත අර්ශස්වලින් දින කිහිපයක් යන තෙක් රුධිරය පිට වී ක‍්‍රම ක‍්‍රමයෙන් එහි සම හැකිළී යයි. සමහරුන්ට මෙම අභ්‍යන්තර මෙන්ම බාහිර යන අර්ශස් දෙවර්ගයම වර්ධනය වී තිබෙන අවස්ථා දක්නට ලැබේ.

ප‍්‍රතිකාර මොනවාද?
මෙවැනි තත්ත්වකින් වැළකීම ප‍්‍රතිකාරයට වඩා වැදගත්ය. මලබද්ධයෙන් වැළකීම සහ වැසිකිළි යාමේදී තැටමීමෙන් වැළකීම මෙම රෝගයෙන් මිදීමට ප‍්‍රධාන හේතුවක් වේ.
සෑමවිටම මල මොළොක්ව තබාගන්න. මේ සඳහා පහත ක‍්‍රමවේද අනුගමනය කරන්න.
නිතර ආහාරවේලට පලා, එළවළු, ධාන්‍ය වර්ග එකතු කරගන්න. එමෙන්ම තන්තු වැඩි එළවළු පලතුරු වැඩියෙන් ගන්න.
දියර වැඩියෙන් පානය කරන්න. දිනකට ජලය හෝ ජලය වැනි පාන වර්ග ලීටර් දෙකක්වත් ගත යුතුය. එනම් කෝප්ප 10 - 12 ක් පමණය. මෙසේ දියර වැඩියෙන් ගැනීමෙන් එයින් කොටසක් මුත‍්‍ර මගින් පිටවන අතර කොටසක් අන්ත‍්‍රයට ගොස් මල මොළොක් කරයි.
මලබද්ධය ඇති අය වේදනා නාශක ගැනීමේදී ‘කෝඬේන්’ අඩංගු වේදනා නාශක නොගත යුතුය.
වැසිකිළි යාම පිළිබඳ සැලකිලිමත් වන්න. අර්ශස් ඇති හෝ එවැනි ගැටළු ඇති විය හැකි අයගේ නිතර මළ බද්ධය ඇතිවන අය වැඩිපුර ජලය පානය කර මල පිටකිරීමේ අවශ්‍යතාව ඇති වූ වහාම වැසිකිළි යා යුතුය. කිසිම විටෙක එම අවශ්‍යතාව පාලනය කරගෙන නොසිටිය යුතුය. එසේ සිටීමෙන් මල තද වී ඒවා ගුදයේ විශාල වී පිට කිරීම ඉතාම දුෂ්කර වේ.
වැසිකිළියට ගොස් තැටමීම නොකළ යුතුය. සාමාන්‍යයෙන් නිසි ලෙසට දිනපතා මලපහ නොවන්නේ නම් දින කිහිපයකින් ඒවා පිට කිරීමේ අවශ්‍යතාව පැමිණියත් තැටමීමට සිදු වේ. එවැනි විටෙක තැටමීම නොකළ යුතුය. එසේ තැටමීමට අවශ්‍ය වන්නේ මල පිට කිරීමට අවශ්‍ය නිසා එම පුද්ගලයා වැසිකිළියේ වැඩි වේලාවක් සිටීම නිසාය. කිසිම විටෙක එසේ වැඩි වේලාවක් නොසිටිය යුතුය.
ඉහත සඳහන් ක‍්‍රම අනුගමනය කිරීමෙන් රුධිර වහනය හා අපහසුතාවට සහන සැලසෙයි. කුඩා නොවන හා පිටතට පෙනෙන අර්ශස් ගෙඩි ඇති අය ඉහත ප‍්‍රතිකර්ම අනුගමනය කළොත් බොහෝවිට කලක් යන විට ඒවා සුවපත් වේ.
එහෙත් අර්ශස් නිසා ඇතිවන අපහසුතාවට කැසීම ආදියට, ආලේපන, ක‍්‍රීම් හා ඇතුළට දමන ඖෂධ (සපොස්ටරිස්* තිබේ. ඒවා වෛද්‍ය උපදෙස් මත ගත හැකිය.
පිටතින් තිබෙන විට ගත හැකි මෘදු ආලේපන සපොස්ටරිස් මගින් අපහසුතාව බොහෝදුරට පාලනය කරගත හැකිය.
මේ හැර නිර්වින්දක අඩංගු සැකසුම්ද තිබේ. ඒවා වෛද්‍ය උපදෙස් මත කර ගත යුතුය. මේවා භාවිත කළ යුත්තේ දින 5 - 7 වැනි කෙටි කාලයකටය. දිගු කලක් එවැනි දෑ පාවිච්චි කළොත් ගුදය අවට සමේ දැවිල්ලක් හට ගනු ඇත.
අර්ශස් අවට ප‍්‍රදේශය විශාල ලෙස ප‍්‍රදාහයට පත්ව ඇත්නම් ස්ටෙරොයිඞ් අඩංගු ද්‍රව්‍ය වෛද්‍යවරයා විසින් නියම කරයි. එයින් ගුදය අවට තිබෙන ප‍්‍රදාහය හා ඉදිමීම අඩුකරගත හැකිය. එහෙත් මෙම ස්ටෙරොයිඞ් අඩංගු ක‍්‍රීම් වර්ග සතියකට වැඩි කාලයක් පාවිච්චි නොකළ යුතුය.
බෙහෙවින් වේදනාකාරී පිටතට නෙරූ අර්ශස් තිබේ නම් අයිස් බහාලූ පැක් එකක් විනාඩි 15 - 30 ක් පමණ එම ප‍්‍රදේශයේ තබාගෙන සිටීමෙන් වේදනාව සමනය වී සහනයක් ලැබෙනු ඇත.
ගැබිනි කාලයේ හටගන්නා අර්ශස් බොහෝවිට දරු ප‍්‍රසූතියෙන් පසු පහවී යයි.
මේ හැර බරපතළ ලෙස මෙම රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා බෑන්ඩින් නම් ප‍්‍රතිකාරය කරනු ලැබේ. ඒ ගැන මීළඟ ලිපියෙන් දැන ගනිමු.


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...