Skip to main content

අර්ශස් රෝගය සුව කරගන්න බැරිද




අර්ශස් රෝගය වැලඳීමට හේතු, මෙවැනි රෝගයකට ගොදුරු වුවහොත් ඒ සඳහා කළ යුතු ප‍්‍රතිකාර වැනි දෑ ගැන බොහෝදෙනා නිවැරදිව දන්නේ නැත. එමෙන්ම මෙවැනි රෝග කුඩා දරුවන්ටත් වැලඳිය හැකිය. අර්ශස් රෝගයෙන් පුද්ගලයකුු බේරාගන්නේ කෙසේද, මෙය මාරාන්තික තත්ත්වයට පත් විය හැකිද යන කරුණු කාරණා පහදාදීම මෙම සටහනේ අරමුණ වෙයි.

අර්ශස් යනු මොනවාද?
අර්ශස් යනු ගුදයේ සහ අධෝ මාර්ගයේ පහළ කොටසේ තිබෙන ලේ නහරවල හටගන්නා ඉදිමීමේ තත්ත්වයයි. මෙම ඉදිමීම ගුදය හා අධෝ මාර්ගයට ඉතා අපහසු ලෙස බලපායි. සාමාන්‍යයෙන් ගුදය සහ අධෝ මාර්ගය පහළ කොටසේ ඇතුළත අන්තර කොටසේ කුඩා ශිරා ජාලයක් එනම් රුධිරවාහිනී සමූහයක් තිබේ. මෙම ශිරා සමහර අවස්ථාවල ඒවාට ගලා එන සාමාන්‍ය රුධිර ප‍්‍රමාණයට වඩා වැඩිවීමක් සිදු වේ. එවිට ඒවා රුධිරය පිරී පළල් වේ. මෙසේ රුධිරයෙන් පිරුණු ශිරා සහ මතුපිටින් පිහිටි පටක ඉදිමීමේ තත්ත්වය අර්ශස් නමින් හඳුන්වයි.

හැදෙන්නෙ කොහොමද?
මෙම වෙනස්වීම ඇතිවීමට හා ඒවා අර්ශස්බවට පත්වීමට තුඩු දෙන නියම හේතුව මෙතෙක් හරි හැටි පැහැදිලි වී නැත. ඒ එසේ පැහැදිලිි හේතුවක් නොමැතිවත් සමහර අර්ශස් තත්ත්ව වර්ධනය වන නිසාය. බොහෝ අවස්ථාවල මෙයට ප‍්‍රධාන හේතුව ගුදය හා ඒ අවට ප‍්‍රදේශයේ පීඩනය විය හැකි යැයි විශ්වාස කෙරේ.

අවදානම වැඩි කරන හේතු මොනවාද?
ප‍්‍රධානම හේතුව මලබද්ධය හේතුවෙන් එකවර විශාල අසූචි කොටස් පිට කිරීමට සිදුවීම නිසා වැසිකිළියේදී තැටමීමයි. ඒ තැටමීමේදී ගුදයේ හා ඒ අවට ශිරා පීඩනය වැඩි කිරීමෙන් අර්ශස් වර්ධනයවීමට මග පාදයි. ගර්භිණී සමයේ අර්ශස් තත්ත්වය ඇතිවීම බෙහෙවින් සුලබය. මෙසේ වන්නේ ගුදය හා අධෝ මාර්ගයට ඉහළින් සිටින බිලිඳාගේ වැඞීමත් සමග ඇතිවන පීඩනය හා ගැබිනි සමයේ ඇතිවන හෝමෝනවල වෙනස්වීම ශිරාවලට බලපෑමයි. පුද්ගලයකු වයසට යන විට ගුදය ආස්තරයේ තිබෙන පටක අඩු ආධාරක තත්ත්වයකින් යුක්ත වේ. එයත් මේ සඳහා බලපායි. ගුදය ප‍්‍රදේශයේ ශිරාවල බිත්තිවල දුර්වලතා සමහරුන්ට උපතින්ම ඇති වේ. එසේ වන්නේ ප‍්‍රවේණී ගත සාධක නිසාය.

රෝග ලක්ෂණ මොනවාද?
අර්ශස් ප‍්‍රධාන කෙටස් දෙකකින් සඳහන් කළ හැකිය. එනම්.
  1. අභ්‍යන්තර අර්ශස්
     
  2. බාහිර අර්ශස්

අභ්‍යන්තර අර්ශස් සෑදෙන්නේ ගුදයේ වටේ ගැටියට සෙන්ටි මීටර 2 - 4 ක් පමණ උඩින් පිටුපස කොටසේය. මේවා ප‍්‍රමාණය හා උග‍්‍රතාව අනුව කොටස් හතරකට වර්ග කළ හැකිය. එනම්,

1 වර්ගය -
පසුපස පැසේජයේ ඇතුළත අන්තරයේ ඇතිවන සුළු ඉදිමීමේ තත්ත්වයයි. මේවා ගුදය පිටතින් දක්නට නොලැබෙයි. එහෙත් මෙම අර්ශස් බෙහෙවින් සුලබව දක්නට ලැබේ. මෙම අර්ශස් සමහරුන්ගේ විශාල විය හැකිය.

2 වර්ගය -
මෙම අර්ශස් මදක් විශාලය. මෙම අර්ශස් තිබෙන පුද්ගලයා වැසිකිළියට ගිය විට මේවායින් කොටසක් පිටතට පැමිණ ඇතුළට යයි.

3 වර්ගය -
ගුදයෙන් පිටතට පැමිණ තිබේ. මෙම අර්ශස් මෘදු ගැටිති මෙන් එම පුද්ගලයාගේ අතට අසු වෙයි. එසේම මේවා ඇඟිල්ලෙන් ඇතුළට තල්ලූ කිරීමටද පුළුවන. බොහෝවිට එසේ ඇතුළට තල්ලූ කිරීමට සිදු වේ. ඒ අපහසුතාවයෙන් මිදීම සඳහාය.

4 වර්ගය -
මෙම වර්ගයේ අර්ශස් ගුදයෙන් පිටතට නෙරා තිබේ. එහෙත් තුන්වැනි වර්ගය මෙන් මේවා ඇතුළට තල්ලූ කළ නොහැකිය. සමහරුන්ගේ මේවා බෙහෙවින් විශාල වේ. මේවා ඇති අයට ඉතාම අපහසුතා දැනේ.

 
රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ද?
මෙම අර්ශස්වල රෝග ලක්ෂණ එකිනෙකට වෙනස්ය. කුඩා අර්ශස් ගෙඩි වේදනා රහිත වේ. එහෙත් මේවායේ වඩාත් සුලබ රෝග ලක්ෂණය වන්නේ වැසිකිළියට ගිය විට රුධිරය ගැලීමයි.
විශාල අර්ශස් ගෙඩිවලින් ශ්ලේෂමල වහනයවීමට පටන් ගනී. මේවායෙන් වේදනාව මෙන්ම නිතර කැසීම හා දැවිල්ල හට ගනී. මෙම ගෙඩි තිබෙන අයට හොඳින් මලපහ වුණත් තවත් වැසිකිළි යාමට වුවමනා වැනි හැඟීමක් ඇති වේ.
පිටතට පැමිණ ඇති අර්ශස් ගෙඩිවල ඇතිවිය හැකි සංකූලතා නම් ඒ තුළ රුධිර කැටියක් හට ගැනීමය. මෙම අර්ශස්වලින් තදබල වේදනාවක් ඇතිවිය හැකිය.

බාහිර අර්ශස් රෝගී තත්ත්වය හඳුනාගන්න
අර්ශස් රෝගීන් අතර සුලබව දක්නට ලැබෙන අභ්‍යන්තරව හටගන්නා අර්ශස් තරම් මෙම තත්ත්වය සුලබ නැත. බාහිර අර්ශස් තත්ත්වයේදී ගුදයේ පිටත ගැටියේ කුඩා ගැටිත්තක් මෙන් වර්ධනය වේ. මෙම තත්ත්වයේදී බෙහෝවිට රෝග ලක්ෂණ ඇති නොවේ. මේ නිසා රුධිර කැටියක් හටගන්නා අවස්ථා තිබේ. එසේ වුවහොත් වේදනාකාරී විය හැකිය. ඒ සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ.
රුධිර කැටි සහිත බාහිර අර්ශස් තත්ත්වය පැය 48 - 72 කට පසු උච්ච අවස්ථාවකට පත් වේ. එසේ වුවහොත් දින 7-10 කට පසු ක‍්‍රමයෙන් පහව යයි. පිටත හටගන්නා රුධිර කැටි සහිත අර්ශස්වලින් දින කිහිපයක් යන තෙක් රුධිරය පිට වී ක‍්‍රම ක‍්‍රමයෙන් එහි සම හැකිළී යයි. සමහරුන්ට මෙම අභ්‍යන්තර මෙන්ම බාහිර යන අර්ශස් දෙවර්ගයම වර්ධනය වී තිබෙන අවස්ථා දක්නට ලැබේ.

ප‍්‍රතිකාර මොනවාද?
මෙවැනි තත්ත්වකින් වැළකීම ප‍්‍රතිකාරයට වඩා වැදගත්ය. මලබද්ධයෙන් වැළකීම සහ වැසිකිළි යාමේදී තැටමීමෙන් වැළකීම මෙම රෝගයෙන් මිදීමට ප‍්‍රධාන හේතුවක් වේ.
සෑමවිටම මල මොළොක්ව තබාගන්න. මේ සඳහා පහත ක‍්‍රමවේද අනුගමනය කරන්න.
නිතර ආහාරවේලට පලා, එළවළු, ධාන්‍ය වර්ග එකතු කරගන්න. එමෙන්ම තන්තු වැඩි එළවළු පලතුරු වැඩියෙන් ගන්න.
දියර වැඩියෙන් පානය කරන්න. දිනකට ජලය හෝ ජලය වැනි පාන වර්ග ලීටර් දෙකක්වත් ගත යුතුය. එනම් කෝප්ප 10 - 12 ක් පමණය. මෙසේ දියර වැඩියෙන් ගැනීමෙන් එයින් කොටසක් මුත‍්‍ර මගින් පිටවන අතර කොටසක් අන්ත‍්‍රයට ගොස් මල මොළොක් කරයි.
මලබද්ධය ඇති අය වේදනා නාශක ගැනීමේදී ‘කෝඬේන්’ අඩංගු වේදනා නාශක නොගත යුතුය.
වැසිකිළි යාම පිළිබඳ සැලකිලිමත් වන්න. අර්ශස් ඇති හෝ එවැනි ගැටළු ඇති විය හැකි අයගේ නිතර මළ බද්ධය ඇතිවන අය වැඩිපුර ජලය පානය කර මල පිටකිරීමේ අවශ්‍යතාව ඇති වූ වහාම වැසිකිළි යා යුතුය. කිසිම විටෙක එම අවශ්‍යතාව පාලනය කරගෙන නොසිටිය යුතුය. එසේ සිටීමෙන් මල තද වී ඒවා ගුදයේ විශාල වී පිට කිරීම ඉතාම දුෂ්කර වේ.
වැසිකිළියට ගොස් තැටමීම නොකළ යුතුය. සාමාන්‍යයෙන් නිසි ලෙසට දිනපතා මලපහ නොවන්නේ නම් දින කිහිපයකින් ඒවා පිට කිරීමේ අවශ්‍යතාව පැමිණියත් තැටමීමට සිදු වේ. එවැනි විටෙක තැටමීම නොකළ යුතුය. එසේ තැටමීමට අවශ්‍ය වන්නේ මල පිට කිරීමට අවශ්‍ය නිසා එම පුද්ගලයා වැසිකිළියේ වැඩි වේලාවක් සිටීම නිසාය. කිසිම විටෙක එසේ වැඩි වේලාවක් නොසිටිය යුතුය.
ඉහත සඳහන් ක‍්‍රම අනුගමනය කිරීමෙන් රුධිර වහනය හා අපහසුතාවට සහන සැලසෙයි. කුඩා නොවන හා පිටතට පෙනෙන අර්ශස් ගෙඩි ඇති අය ඉහත ප‍්‍රතිකර්ම අනුගමනය කළොත් බොහෝවිට කලක් යන විට ඒවා සුවපත් වේ.
එහෙත් අර්ශස් නිසා ඇතිවන අපහසුතාවට කැසීම ආදියට, ආලේපන, ක‍්‍රීම් හා ඇතුළට දමන ඖෂධ (සපොස්ටරිස්* තිබේ. ඒවා වෛද්‍ය උපදෙස් මත ගත හැකිය.
පිටතින් තිබෙන විට ගත හැකි මෘදු ආලේපන සපොස්ටරිස් මගින් අපහසුතාව බොහෝදුරට පාලනය කරගත හැකිය.
මේ හැර නිර්වින්දක අඩංගු සැකසුම්ද තිබේ. ඒවා වෛද්‍ය උපදෙස් මත කර ගත යුතුය. මේවා භාවිත කළ යුත්තේ දින 5 - 7 වැනි කෙටි කාලයකටය. දිගු කලක් එවැනි දෑ පාවිච්චි කළොත් ගුදය අවට සමේ දැවිල්ලක් හට ගනු ඇත.
අර්ශස් අවට ප‍්‍රදේශය විශාල ලෙස ප‍්‍රදාහයට පත්ව ඇත්නම් ස්ටෙරොයිඞ් අඩංගු ද්‍රව්‍ය වෛද්‍යවරයා විසින් නියම කරයි. එයින් ගුදය අවට තිබෙන ප‍්‍රදාහය හා ඉදිමීම අඩුකරගත හැකිය. එහෙත් මෙම ස්ටෙරොයිඞ් අඩංගු ක‍්‍රීම් වර්ග සතියකට වැඩි කාලයක් පාවිච්චි නොකළ යුතුය.
බෙහෙවින් වේදනාකාරී පිටතට නෙරූ අර්ශස් තිබේ නම් අයිස් බහාලූ පැක් එකක් විනාඩි 15 - 30 ක් පමණ එම ප‍්‍රදේශයේ තබාගෙන සිටීමෙන් වේදනාව සමනය වී සහනයක් ලැබෙනු ඇත.
ගැබිනි කාලයේ හටගන්නා අර්ශස් බොහෝවිට දරු ප‍්‍රසූතියෙන් පසු පහවී යයි.
මේ හැර බරපතළ ලෙස මෙම රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා බෑන්ඩින් නම් ප‍්‍රතිකාරය කරනු ලැබේ. ඒ ගැන මීළඟ ලිපියෙන් දැන ගනිමු.


Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...