Skip to main content

යෝනි ශ්‍රාවය හැදෙන්නේ කොහොමද

අපේරටේබොහෝ කාන්තාවන් ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සුද යනවා කියන එක. සමහරු ඇඟ උනුකරවා යනවා කියලත් මේකට කියනවා.
මේගැන තියෙන මිත්‍යා මත බොහොමයි. ඒවගේම ලැජ්ජාව නිසා මේවා හිතේ තියාගෙන දුක් විඳින පිරිසකුත් ඉන්නවා. මේ සියලු දෙනා දැනුවත් කිරීම තමයි මේ ලිපියේ අරමුණ.
අද අපි කතා කළා ලිංගික සෞඛ්‍ය පිලිබඳවිශේෂඥයෙක් වන වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතාට.

සුද යැම කියන්නේ මොකක් ද?
යෝනි මාර්ගයෙන් යම් දියරයක් පිටවීම තමයි මෙයින් අදහස් වෙන්නේ. අපි කියන්නේ මේකට යෝනි ශ්‍රාවය කියල.

යෝනිශ්‍රාවය හැදෙන්නේ කොහොමද?
යෝනි මාර්ගය හැදිලා තියෙන්නේ ලිංගික සංසර්ගය සහ දරු උපතකට අවකාශය සලසන්නයි. මේ කාර්යට යෝනි මාර්ගයේ තෙත ගතියක් පවත්වා ගැනීම අතිශයින් වැදගත්. ඒහින්දයෝනි මාර්ගයේ තියෙන්නේ ශ්ලේෂ්මල පටක වලින් ආවරණය වෙලා. මේ ශ්ලේෂ්මල පටක සහ ගැබ් ගෙලේ තියෙන ග්‍රන්ථි වලින් නිරන්තරයෙන් ශ්‍රාවයන් හදනවා. මේ ශ්‍රාවයන් තමයි සුද කියල පිට වෙන්නේ.

සාමාන්‍ය යෝනි ශ්‍රාවය කොයි වගේද?
එය දිනකට මිලි ලිටර එකක් වගේ කුඩා ප්‍රමාණයක්. ගඳක් හෝ පාටක් නැ. මේක ලිංගික උද්දිපන්යකදී වැඩි වෙන්න පුළුවන්. ඒවගේම ඔසප් චක්‍රයේ දිනය අනුව මෙහි ප්‍රමාණය සහ වර්ණය ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්.

යෝනි ශ්‍රාවයේ වැදගත්කම මොකක්ද?
ලිංගික සංසර්ගයට ලිහිසි ද්‍රවයක් වීම ඉතා වැදගත් කර්තව්‍යයක් ඊට අමතරව පිටින් එන විෂබීජ විනාශ කිරීමට අවශ්‍ය විෂබීජ නාශක ත් අඩංගු වෙනවා.

සාමාන්‍ය සුද යැමකදී කෙට්ටුවෙනවද?
නැහැමෙය මිත්‍යාවක්.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවය කොයි වගේද?
ප්‍රමාණය වැඩියි. මෙය යට ඇඳුම් තෙත් වෙන ප්‍රමාණයට එන්න පුළුවන්. අසාමාන්‍ය ගඳක්,සමහරවිට කුණු මාළු ගඳක් තියෙන්න පුළුවන්.වර්ණය කොළ හෝ අළු පාට විය හැකිය. සුදු පාට කිරි කැටිති වැනි ද්‍රවයයක්මේ ශ්‍රාවයේතියෙන්නත් පුළුවන්. ඒවගේම කසන්නත් පුළුවන්.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු මොනවද?
තරුණ කාන්තාවන් අතර සුලබතම හේතුව බැක්ටීරියල් වැජිනොසිස් නමැති යෝනි මාර්ගයේ ඇතිවන ආසාදිත තත්වයයි. එත් සමගම කැන්ඩිඩා වැනි දිලිර අසාදන වගේම ලිංගාශ්‍රිත රෝග ත් සුලභව දක්නට ලැබෙනවා. ඉතාමත්කලාතුරකින් ගැබ් ගෙලේ ඇතිවන එක්ට්‍රොපියන් සහ පිළිකා ත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු වේ.


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...