Skip to main content

අරාබි ලෝකය: "ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයාට දෙවියන් දුන් ත්‍යාගයක්, එමගින් විනෝදය ලබමු"

අරාබි ලෝකය: "ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයාට දෙවියන් දුන් ත්‍යාගයක්, එමගින් විනෝදය ලබමු"

අරාබි,පලස්තීන,ලිංගික ,කාන්තා
Image captionලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා වැනි කරුණු සම්බන්ධයෙන් අරාබි ලෝකයේ එක්තරා සාකච්ඡාවක් ආරම්භ වී ඇත
සිය නිදන කාමර තුළ සහ ඉන් පිටත දී අනුගමනය කළ යුතු නීති රෙගුලාසි යළි සටහන් කිරීමේ නිරත මැදපෙරදිග කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් තේමා කර ගනිමින් නිර්මාණය කෙරෙන කෙටි චිත්‍රපට මාලාවක් නිපදවීම සඳහා පුරා වසරක කාලයක් අරාබි ලෝකයේ එහාමෙහා ගිය මාධ්‍යවේදිනී ෂෙරීන් එල් ෆෙකි (Shereen El Feki) ඉදිරිපත් කරන තොරතුරු මත මෙම ලේඛනය පදනම් වෙයි.
උතුරු අප්‍රිකාවේ සහ මැද පෙරදිග ලිංගික ජීවිතයේ සැකැස්ම සහ හැඩගැසීම් තේරුම් ගැනීම පහසුය.
ඒ අතරවාරයේ දුෂ්කර තත්ත්වයක් මතු කරන්නේ, කන්‍යාභාවයත් ඇතුළත්ව පවුලේ බලපෑම, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ආදී LGBTQ ජන කොටස් මැඩලීම සහ අන්තර්ජාලයේ කාම වෙබ් අඩවිවලට ප්‍රතිචාර වශයෙන් පවතින දෘශ්‍යමාන මාධ්‍ය වාරණය තෙක් කරුණු විමසීම පිළිබඳව පමණි.
බීබීසියේ අරාබි අංශය (BBC News Arabic) විසින් මැද පෙරදිග රටවල් දහයක සහ පලස්තීන භූමියෙහි මෑතදී සිදු කරන ලද සමීක්ෂණයක දී මතු වූ මහජන අදහස් තුළින් එවැනි දැඩි මතධාරී ආකල්ප ප්‍රදර්ශනය විය.
'ඇරෑබ් බැරෝමීටර්' (Arab Barometer) නම් පර්යේෂණ ජාලය විසින් සිදු කරන ලද සමීක්ෂණයේ දී ඇතැම් පුදුම සහගත අදහස් පෙරට පැමිණ තිබුණි.
උදාහරණයක් වශයෙන් එම සමීක්‍ෂණයට සහභාගී වූ බොහෝදෙනා 'කාන්තාවන්ට ඔවුන්ගේ රටවල් සඳහා නායකත්වය දීමට පවතින අයිතිය' පිළිගෙන තිබුණි.
එහෙත් සමස්ත චිත්‍රය ගතානුගතිකවාදී මුහුණුවරක් ගනියි.
ලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා වැනි කරුණු සම්බන්ධයෙන් අරාබි ලෝකයේ දක්නට ලැබෙන්නේ විවෘත මතවාදයක් නොවේ.
වැඩි දෙනෙක් තවමත් සිතන හැටියට, පවුලට අදාළ කාරණා තීන්දු කිරීම පුරුෂයා සතු අයිතියකි. එපමණක් නොව, ප්‍රශ්න යොමු කරන ලද ස්ථාන හතකින් හයකදීම ලද ප්‍රතිචාරය වුයේ සමලිංගික සබඳතාවන්ට වඩා "පවුලේ ගෞරවය තකා සිදු කරන ඝාතන" අනුමත කළ හැකි බවය.
එහෙත් මෙය සමස්ත චිත්‍රය නොවේ.

අනන්‍යතාව රැක ගැනීම

අරාබි,පලස්තීනය,ලිංගික ,කාන්තා
Image captionබටහිර ඉවුරේ පලස්තීන අනාථ කඳවුරක ලිංගික අධ්‍යාපන වැඩ මුළුවකට සහභාගී වෙන කාන්තාවන්
සෙසු මති මතාන්තර ඉවසීම සහ සමාජමය විවෘතභාවය අතින් තත්ත්වය යහපත් අතට හැරීමේ ලකුණු පිළිබඳ විපරම් කරන විට, පවතින සමාජමය විවර අතරින් එම නව හැඩ ගැසීම්වල පෙරට යාමක් ආරම්භ වී ඇති ආකාරයක් දක්නට ලැබෙයි.
ටකේ සාෆා ටමිෂ් (Take Safa Tamish) 'මුන්ටාඩා අල් -ජෙන්සනේයා' (Muntada Al-Jensaneya) නම් රාජ්‍ය නොවන සංවිධානයේ සම නිර්මාතෘවරයෙකි. එම සංවිධානය පලස්තීන සමාජයේ ලිංගික අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන අතර, ලිංගික අධ්‍යාපනය ගැන යළි සිතා බැලීම සඳහා ජනතාව දිරි ගන්වයි.
සාම්ප්‍රදායිකව සිදු වෙන වර්ගයා බෝ කිරීම ගැන පමණක් නොව 'ආලයේ ගැටළු සහ සංවාසය' පිළිබඳ කරුණුත් එම දැනුමට ඇතුළත්ය.
'මුන්ටාඩා' සංවිධානය සිය කටයුතු දියත් කරන ලද්දේ, ඊශ්‍රායලයේ වාසය කරන අරාබි ප්‍රජාව අතරිනි. ඉන් අනතුරුව ඔවුන් බටහිර ඉවුරේ ඊශ්‍රායල් පාලනය සහිත භූමියේත් සිය ශාඛා සංවිධාන පිහිටුවා ඇත.
විධිමත් ලිංගික අධ්‍යාපනයකින් තොර වූ අදාළ කලාපයේ බහුතරයක් ජනතාව 'ලිංගිකත්වය' සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන අරාබි වචන නොදියුණු මට්ටමේ අවිධිමත් ඒවා වෙති.
එසේම අදාළ මාතෘකාව සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන යෙදුම් 'දුෂ්කරභාවයක් සහ ලජ්ජාව' ඇති කෙරෙන සුළුය.
එම තත්ත්වයන් යටතේ කලාපයේ බොහෝ සමාජයන්හි ලිංගිකත්වය පිළිබඳ මාතෘකා ගැන කතා කිරීමේ දී ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂාව යොදා ගැනීම වඩාත් පහසුවක් ලෙස සැලකෙයි.
ජෝර්දානය 'LGBTQ+' අන්තර්ජාල සඟරාව අවහිර කරනු ලැබ ඇත. ඒ අතරම ජෝර්දානය 'කාන්තා ව්‍යාග්‍රා' පාවිච්චිය දෙසට නැඹුරු වෙමින් ඇති අරාබි රාජ්‍යය වෙයි.
අරාබි ලෝකයේ අන්තර් ආගමික ආදර සම්බන්ධතාවන් යනු සමාජමය තහංචියකි.
අරාබි භාෂාවෙන් ඔවුන්ගේ සිරුරු සහ ලිංගික ජීවිතය පිළිබඳව සාකච්ඡා කිරීමේ මානසිකත්වය ගොඩ නැගීම සඳහා අවශ්‍ය වාතාවරණයක් නිර්මාණය කිරීමෙහි ලා පලස්තීන ජාතිකයන්ට සහාය වීම 'මුන්ටාඩා' සංවිධානය විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයකි.
ලිංගික කරුණු සාකච්ඡාවේ දී අරාබි වචන භාවිතය වෙනුවට විකල්පයක් ලෙස යොදා ගනු ලබන අවිධිමත් යෙදුම් 'හීබෘ' බසට අයත් වියහැකි අතර, එම භාෂාමය පෙළඹුම මගින් ඊශ්‍රායල් පාලනය ය‍ටතේ ජීවත්වෙන පලස්තීන ජාතිකයන්ගේ දේශපාලන අනන්‍යතාව ප්‍රකාශ කිරීමක් ද සිදු වෙයි.

ස්වයං ප්‍රකාශනය

ජෝර්දාන් දේශසීමාවෙන් ඔබ්බෙහි භාෂාව සහ අනන්‍යතාව පිළිබඳ මෙම ප්‍රශ්න කාලිඩ් අබ්දෙල් හාඩි (Khalid Abdel-Hadi) පිළිබඳ මතකය අවධි කරයි.
කාලිඩ්, මැද පෙරදිග සමාජයේ සම ලිංගිකයන් වෙනුවෙන් මාධ්‍ය කලාව විවෘත මට්ටමින් භාවිතා කළ අතලොස්සක් දෙනාගෙන් එක් තැනැත්තෙකි.
එසේම ඔහු ලිංගිකත්වය තීන්දු කෙරෙන ශල්‍යකර්මයන්හි පටන් "ගරුත්වය වෙනුවෙන් සිදු කෙරෙන ඝාතන" තෙක් සියල්ල සාකච්ඡා කෙරෙන "මයි කාලි" (My Kali) අන්තර්ජාල සංග්‍රහයේ නිර්මාතෘවරයා ද වෙයි.
සාෆා සංවිධානය 'අනන්‍යතාව' පිළිබඳව කතා කරද්දී කාලිඩ් ද එම පිටුවේ දක්නට විය.
"සාමූහික සංස්කෘතියක්" තුළ සිය පෞද්ගලිකත්වයේ වටිනාකම සමාජගත කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් කාලිඩ් මෙයින් දස වසරකට පමණ පෙර "මයි කාලි" (My Kali) අන්තර්ජාල සංග්‍රහය නිර්මාණය කරන ලද්දේ ඔහු යොවුන් තරුණයකුව සිටියදීය.
"අරාබි ලෝකයේ අපි ඔක්කොම හඳුන්වා ගන්නේ ප්‍රජාවන් අභ්‍යන්තරයේ කොටස් හැටියට. සමාජමය වූ එම 'මහා හඬ' තුළ මගේ පෞද්ගලික වූ මතවාදය ප්‍රකාශයට පත් කරනු ලැබීම අසීරු දෙයක්" කාලිඩ් පවසයි.
තරුණ ජනයා ගත්විට එය අරාබි ලෝකය පුරා සත්‍යය වූ ප්‍රකාශයකි: "ලිංගිකත්වයට අදාළ මාතෘකා පසෙකින් තබන්න!"
රැකියාවක් සොයා ගැනීමට නොහැකි එසේම දෙමව්පිය සෙවණින් වෙන්වීමට නොහැකි එසේත් නැත්නම් පෞද්ගලික නිදහස සහතික කර ගැනීමට රාජ්‍යය මත එල්බ සිටින සමාජයක වැසියන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ඔවුන්ට අනුව තීන්දු කර ගැනීම දුෂ්කර කාරණයක් වී ඇත.
අරාබි,ලිංගික,කාන්තාImage copyrightAFP
Image caption"ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි. අප එමගින් විනෝදය ලබමු"
ලෙබනනයේ සංද්රින් අටල්ලාහ් (Sandrine Atallah) ලිංගික චිකිත්සාවෙහි නිරතවීමෙන් නමක් දිනූ උපදේශිකාවකි.
සිය දෛනික සායනයේ දී ඇය ලිංගිත්වය පිළිබඳව සෘජුව අදහස් දක්වන්නීය.
'බේරුත්' අගනුවර සායනයක් පවත්වා ගෙන යන ඇය ඊට අතිරේකව 'කයිරෝ' අගනුවර මූලස්ථානය කරගත් 'Al Hubb Thaqafa' (ආදර සංස්කෘතිය) නම් සමාජ මාධ්‍ය ජාලයේ පෙනී සිටින එක් තාරකාවක් ද වන්නීය.
සංද්රින් සහ ඇය සමඟ කටයුතු කරන 'ලිංගික මාතෘකා ගැන කතාකරන කණ්ඩායම' අනුගමනය කරන්නේ පෞරාණික සම්ප්‍රදායකි.
අරාබි ලෝකයේ ඉතිහාසය විමසන විට, එම ඉතිහාසයෙන් වැඩි කොටසක දක්නට ලැබෙන්නේ අද මෙන් ලිංගික කාරනා ගැන කතා කිරීමෙන් වැළකීම හෝ ඒවා නොරිස්සීම නොව සහමුලින්ම එම හැසිරීමේ ප්‍රතිවිරුද්ධ චර්යාවය.
එමගින් කියැවෙන්නේ අරාබි ජනයා ඉතිහාසයේ ලිංගිකත්වය පිළිබඳව විවෘත මනසින් සාකච්ඡා කළ බව නොවේද?
උදාහරණයක් ගනිමු. 10-11 සියවස් වලදී බැග්ඩෑඩ් නගරයේ දී 'සතුටු විශ්වකෝෂය' (Encyclopaedia of Pleasure) සංග්‍රහ කරනු ලැබුණි. එම විශ්වකෝෂයේ 43 වෙනි පරිච්ඡේදය සහමුලින්ම මෙන් සකලවිධ ලිංගික හැසිරීම් සහ ලිංගික අභිලාෂයන් ආවරණය කරයි.
'සතුටු විශ්වකෝෂය' දෙන පණිවුඩය ඉතා පැහැදිලිය.
"ලිංගික සබඳතා මනුෂ්‍ය වර්ගයා දෙවියන්ගෙන් ලද ත්‍යාගයකි. අප එමගින් විනෝදය ලබමු"

අන්තර්ජාල නිමැවුම්

රාග මිශ්‍රිත අරාබි සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ නිර්මාණ එම කලාපයෙන් වැඩි හරියකට අද අහිමි වී ඇත. එහෙත් ඒ අතරවාරයේ විවෘතව නිදහසේ ලිංගික කරුණු සාකච්ඡාවට ගනු ලැබීම තව දුරටත් ප්‍රශ්නයක් නොවෙනවා පමණක් නොව, එය පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ට ද සතුටක් දනවයි.
සාෆා, කාලිඩ් සහ සන්ද්රින් යනු ප්‍රතිසංස්කරණවාදීන් මිස සටන්කාමීන් නොවේ.
ලිංගික සබඳතා පිළිබඳව සාකච්ඡා කරන අතරවාරයේ අනිත් අතින් සම්ප්‍රදාය සහ සංස්කෘතික බීජ සමඟ ක්‍රියා කිරීමටත් ඔවුහු උත්සාහ කරති.
ඔවුන්ගේ අභියෝගය සමාජය තුළ නිර්මාණය කරන ලද සුරක්‍ෂිත කුඩා අවකාශයෙන් ඔබ්බට නිදහසේ ගමන් ගැනීමය.
ඇත්තෙන්ම, ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් සැකසුන චිත්‍රපටවල අන්තර්ජාල නිමැවුම් BBC අරාබි සේවයේ 'YouTube' චැනලය ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එමගින් කාන්තාවන් සහ පුරුෂයන් මුහුණ දෙන පෞද්ගලික තර්ජන සහ තහංචි පාලනය කර ගැනීම කොතරම් දුෂ්කර ද යන්න බරපතල මට්ටමින් මතක් කර දෙයි.
දූෂණ සහ අර්බුද බොහෝ ඈතක නොවන, දස දහස් ගණනින් ජනතාව අවතැන් හෝ රැකියා නොමැති තත්ත්වයක පසුවෙන සමාජයක, බොහෝ දුරට ලිංගික ජීවිතයේ සංතෘප්තභාවය මගින් එම සමාජයේ ප්‍රශ්නවල අඩුවක් පෙන්නුම් කරනවාත් විය හැකිය.
එහෙත් ඉදිරි අනාගතයෙහි අප වඩාත් සතුටින් සහ යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතු සමාජ දැකීමට නම්, ලිංගිකත්වය පිළිබඳ අවකාශය විවෘත මට්ටමක පැවැත්ම ඉතා වැදගත් වෙයි

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...