Skip to main content

අර බලපන් රුක්මණී මොඩල් එකක්

අර බලපන් රුක්මණී මොඩල් එකක්”
“ඔය කියන්නෙ අත්තනායක මොඩල් එක ගැනනෙ”
පරණ වෑන් ජාතියක්, කාර් එකක් ඇහැ ගැටුනම සමහරු ටක් ගාල ඒක හඳුන්වන්නෙ මේ වගේ නම් වලින්. ඒ විතරක් නෙමෙයි සමහර පත්තර ඇඩ් වල එහෙමත් පරණ වාහන විකුණද්දි අමුතු නම් යොදල තියනව. ඔබත් පුදුම වෙලා ඇති නේද ඇයි මේ වගේ නම් වලින් වාහන හඳුන්වන්නෙ කියල.
ඉස්සර කාලෙ ඉඳන් එන මේ වගේ නිර්මාණශීලී නම් හැදිල තියෙන්නෙ වාහන වල පෙනුම, ඒව වැඩිපුර පාචිච්චි කරපු අය වගේ හේතු පදනම් කරගෙනයි. සමහර ඉංග්‍රීසි වචන කියද්දි ටිකක් පැටලෙන නිසා වාහන විකුණන අය දාපු නමුත් මේ අතර තියනව.
සමහර නම් පසුපස තිබෙන්නේ රසබර සිදුවීම්. තවත් සමහරක් පිටුපස දුක්බර සිදුවීමුත් ගැබ්වෙලා නොතිබෙනවා නොවෙයි.
පහත දක්නට ලැබෙන්නෙ එවැනි අපූරු නම් වලින් හඳුන්වන ලංකාවෙ දකින්න ලැබෙන විදෙස් වාහන කිහිපයක් පිළිබඳ තොරතුරුයි.

1. රුක්මනී මොඩල් – Toyota Hiace

Rukmani
අවාසනාවකට යෙදුණු නමක්
Source – japanesenostalgiccar.com

අහල තියනවද රුක්මණී මොඩල්? ලංකාවේ කතානාද සිනමාවේ මුල්ම නිළිය වන රුක්මනී දේවියගේ මරණය සිදුවන්නේ හදිසි අණතුරකින්. ඒ 1978 වර්ෂයේදීයි. මේ අවාසනාවන්ත අණතුර සිදුවන විට ඇය ගමන් ගත් වාහනය වී තිබෙන්නේ ටොයොටා හයිඒස් H10 වර්ගයේ වෑන් රථයකුයි. මේ හේතුවෙන් අද දක්වා එම මොඩලයේ වෑන් රථ රුක්මණී මොඩල් නමිනුයි හඳුන්වනු ලබන්නේ.

2. ඩෙලිකා – Mitsubishi Delica
ඩෙලිකා වෑන් රථ වර්ග දෙකක් ලංකාව ඇතුලෙ වෙනස් නම් වළින් හඳුන්වනු ලබනව. ඒව තමයි මේ.

ජේ. ආර් මූන මොඩල් – Mitsubishi Delica van


හිටපු ජනාධිපතිතුමාට සමානකමක් දරනවා
Source – 221616.com

ජේ. ආර් ජයවර්ධන කියන්නෙ ලංකාවෙ විසූ කෘතහස්තම දේශපාලඥයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයෙක්. එතුමාට පිහිටලා තිබ්බ පළල් නලල් තලයක් සහ දිගු නැහැයකින් යුක්ත මුහුණක්. එතුමාගේ ඒ පෙනුමට සමානකම් දැරූ නිසා 80 දශකයේ පමණ දකින්න තිබූ මෙම ඩෙලිකා වෑන් රථය ජේ. ආර් මූණ මොඩලය නමින් හැඳින්වී තිබෙනවා.

කිචි කිචි ඩෙලිකා

Kichi Delica
යන අයට කිචි කැවෙන නිසා නම් නෙමෙයි
Source – green.ap.teacup.com

Mitsubishi delica T120 කියන වෑන් රථය තමයි මේ නමින් හඳුන්වන්නෙ. ඒකට හේතුවෙලා තියෙන්නෙ මේ රථයෙ යන අයට කිචි කැවෙන නිසා නම් නෙමෙයි. මේ රථයෙන් නැගෙන කිචි කිචි හඬක් නිසාවෙනුයි මේ නම එයට යොදාගෙන තිබෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්න ලොරි බවට හරවපු කිචි කිචි ඩෙලිකා අදටත් ඉඳහිට දක්නට ලැබෙනව.

3. කනේ මයිල් – වොක්ස්වැගන් බීට්ල්

KaneMayil
එහි ඇති විශේෂිත cooling උපක්‍රමයක් නිසායි
Source – flickr.com/allenthepostman

ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ වාහන හඳුන්වන නමක් තමයි මේ කනේ මයිල් කියන්නෙ. එහෙම හඳුන්වන්න හේතු වෙලා තිබෙන්නේ මේ වර්ගයට අයත් වොක්ස්වැගන් කාර් වල පිටුපස වීදුරුව අසල තිබෙන කොටසක් හේතුවෙන්. මේ වාහන වල එන්ජිම සිසිල් කරන්න අමතර සුළං ධාරාවක් යොදාගැනීමට සඳහා පසුපස වීදුරුව අසල කවාකාර කොටසක් පවතිනවා. මිනිස් කනක ස්වරූපය ගන්නා මෙය තුළ තිබෙන ඉරි රටා නිසා මයිල් සහිත කනක් වගේ ඒ කාලෙ උදවියට පේන්න ඇති.

4. අත්තනායක මොඩල් – ලාන්සර් වැගන්

Attanayaka
විප්ලවකාරීය. රස බර කථාවකි.
Source -autolanka.com

ලංකාවේ ප්‍රකට විප්ලවීය නායකයෙක් වූ රෝහණ විජේවීර අවසාන වරට අත්අඩංගුවට පත්වීමට ප්‍රථම උලපනේ ප්‍රදේශයට වී “අත්තනායක” නමින් සැඟවුණ ජීවිතයක් ගතකර තිබෙනවා. ඒ කාලයේදී ඔහු භාවිතා කළායැයි පැවසෙන්නේ මේ ආකාරයේ මිට්සුබිෂි ලාන්සර් වැගන් රථයකුයි. පසුකලක අත්තනායක මොඩල් බවට මේ රථය හැඳින්වෙන් පටනගෙන තිබෙන්නේ ඒ හේතුවෙන්.

5. උපාලි ෆියට්

Upali
කීර්තිමත්ම ව්‍යාපාරිකයෙකුට සම්බන්ධයි
Source – wikipedia.org

ලංකාවෙ හිටපු කීර්තිමත්ම ව්‍යාපාරිකයෙක් වූ උපාලි විජේවර්ධන මහතා 1970 ගණන් වලදී පිටරටින් අමතරකොටස් ගෙනවිත් ලංකාවෙ වාහන එකළස් කිරීම අරඹනව. ඒ විදිහට නිමවෙච්ච ෆියට් කාර් එක තමයි උපාලි ෆියට් නමින් හඳුන්වන්නෙ

6. සදහටම ඔබ මගේ – Nissan serena van

Sadahatama
ආදරය හින්ද ද?
Source – flickr.com

සදහටම ඔබ මගේ කිව්වම ටිකක් රොමෑන්ටික් ගතියක් තියනවා නේද? ඒ නමින් 1973 නිපදවූ චිත්‍රපටියකුත් තියනවා. අර “අමර පෙම් ලතාවේ” සින්දුව තියෙන්නෙ ඒකෙ.
හැබැයි මේ සෙරීනා වෑන් රියට මේ නම පටබැඳිල තියෙන්නෙ ඒ රිය හිමියො ඒ රථයට පවතින ආදරය හින්දනම් නෙමෙයි. විවිධ ලෙඩ දෙන නිසා නැවත විකිණීම එහෙමත් නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැතිවීම තමයි ඊට හේතුව. ඉතින් මුල් අයිතිකාරයට සදහටම අයිතිකරගන්න වෙන වාහනයක් හැටියට මෙය ප්‍රසිද්ධ වෙලා තිබෙන්නෙ.

7. ඩොක්ටර් සනී – Nissan Sunny FB 13

Doctor
සෙකන්ඩ් හෑන්ඩ් ඉල්ලුම ඇයි ඔච්චර හොඳ?
Source – wikipedia.org

1990 ගණන්වල වෛද්‍යවරුන්ට හිමි බලපත්‍ර මගින් ගෙන්වනු ලැබීම නිසයි නිසාන් සනී වර්ගයට අයත් මෙම කාර් රථයට මෙම අපූරු නම පටබැඳී තිබෙන්නේ. මේ වර්ගයේ වාහන වලට සෙකන්ඩ් හෑන්ඩ් හොඳ ඉල්ලුමකුත් තිබුණා මතකයි. මොකද වෛද්‍යවරයෙක්නෙ පාවිච්චි කරල තියෙන්නේ.

8. බටු සනී- Nissan Sunny B210

Batu
සයිස් එකටද වැඩ?
Source – road339.com

ඉරිදා පත්තර වල, අන්තර්ජාලයේ වාහන විකුණන දැන්වීම් අතර අදටත් නිතර හමුවෙන නමක් තමයි නිසාන් බටු සනී කියන්නෙ. Nissan Sunny B210 තමයි මේ කාරයේ නියම නම වෙන්නෙ. සාමාන්‍ය සනී කාරයකට වඩා කුඩා හුරුබුහුටි බවකින් යුක්ත වන නිසා මේ නම පටබැ‍ඳ ඇති කියා තමයි සිතෙන්නේ.

9. මුක්කන් මූණ

Mukkan
විශේෂ කීපයකි
Source – flickr.com/mecklenburg, flickr.com/sv1ambo

සිංහල භාෂාවෙ මුක්කන් මූණක් කියල හැඳින්වෙන්නෙ ටිකක් කොට, තැළිච්ච වගේ නහයකින් යුක්ත මූණකටයි. මේ වගේ මුහුණක් සිහිගන්වන ඉදිරිපසකින් යුක්ත වාහන වලට මුක්කන් මූණ නමින් හැඳින්වෙන්න පටන් අරන් තිබෙන්නේ ඒ නිසයි. මුක්කන් මූණ නමින් හැඳින්වෙන වාහන විශේෂ කීපයක්ම තිබෙනවා. ඒ අතරින් මුක්කන් මූන මොරිස් මයිනර් රථ සහ මුක්කන් මූණ බෙන්ස් ලොරි රථය විශේෂයි.

10. ඩොල්ෆින් – Toyota LH102

Dolphin
අදත් බහුලයි
Source – alibaba.com

ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සහ බහුලව දක්නට ලැබෙන Toyota LH102 නැමැති වෑන් රථය මෙරටදී හැඳින්වෙන්නෙ ඩොල්ෆින් කියන නාමයෙන්. මෙම වෑන් රථයේ ඉදිරිපස කොටස ඩොල්ෆින් මත්ස්‍යයකුගේ මෙන් ඉදිරියට නෙරා පැවතීමයි ඊට හේතුව

11. පළාත් සභා ජීප්/පැජරෝ – Mitsubishi pajero 1980.

Palath Sabha
මේවයෙ කොහොමද සෙකන්ඩ් හෑන්ඩ්
Source – classiccarslist.com

ඉහත සඳහන් මිට්සුබිෂි ජීප් රථය පළාත් සභා මන්ත්‍රීන් සඳහා විශේෂයෙන්ම ගෙන්වීම හේතුවෙන් එය පළාත් සභා ජීප් වශයෙන් හැඳින්වෙන්න පටන්ගෙන තිබෙනවා.

12. තැපැල් නයින්ටිය – MD 90

Thapal
ජපානයේ භාවිතයෙනි මේ නම
Source – ebay.co.uk

තැපැල් 90 කියන්නෙ ලංකාවෙ ඉතාම ප්‍රචලිත මොටර් සයිකල් වර්ගයක්. කඳු අදින්න, ඕනැම බරක් පටවගෙන යන්න පුලුවන් සවිශක්තියෙන් යුක්ත බයික් එකක් හැටියටත් මේක හරිම ප්‍රසිද්ධයි. ජපානයේ තැපැල් බෙදීම සඳහා මේ බයිසිකල් වර්ගය භාවිතා වූ බවක් කියවෙනවා. ඒ නිසා මෙයට මේ නම පටබැදෙන්න ඇතැයි කියලයි හිතෙන්නේ

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...