Skip to main content

රෝග නසන මල් පෙති සාන්ද්‍රණය



මල්වල පෙති එකිනෙකට වෙනස් රෝග සඳහා උපකාරී වේ. මෙම මල් සාන්ද්‍රණය ලෙඩ රෝග ගණනාවකටම සුවය සදයි. 
සොයා ගැනීම
වර්ෂ එක්දහස් අටසිය හැට ගණන්වලදී  වෛද්‍ය එඩ්වඩ් බැච් විසින් විවිධ ශාක සහ පත්‍රවල වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් ඇති බව සොයා ගන්නා ලදි. දිගටම පර්යේෂණවල නිරත වූ හෙතෙම ආසියාවේ ආයුර්වේදය පිළිබඳවද හැදෑරුවේය. එහිදී තේරුම් ගත් මූලික කරුණක් වූයේ රෝගීන්ට ඉක්මන් සුවය , සහනය ලබා දෙන ආයුර්වේදයට වඩා වෙනස් වූ ක්‍රමයක් හොමියෝපති වෛද්‍ය ක්‍රමයේ ඇති බවයි.  
එහිදී ඔහු නොයෙක් මල්, පැළෑටි සහ මුල්  වර්ග පිළිබඳව විශේෂ අත්හදා බැලීම් කළේය. ඒ අනුසාරයෙන් අලුත්ම ක්‍රමයක් 'Bach flower remedies ' වශයෙන් බිහි විණි.

සහනදායී මිල ක්‍රමය
මල්වල ඇති සාන්ද්‍රීය සුවය, සුවඳ සේම රසය, ගුණයද ඔසුවක් ආකාරයෙන් නිෂ්පාදනවලට එකතු විය. මේවායේ විශේෂිතම වාසිය වූයේ අධික මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීම වෙනුවට ඉතා සහනදායී මිල ගණන් යටතේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට හැකි වීමයි. වෛද්‍යවරයා සොයා ගත් පරිදි සෑම මලකම පෙතිවල ජීවියකු ජීවත් කරවීමේ මහානර්ඝ ඔසු ගුණයක් පවතී. 

මල් පෙති යොදා පිසින කෑම
මල් පෙති යොදා පිසින බත්, සැලඩ්, ජූස් වැනි දෑ ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල ඉතා ප්‍රසිද්ධයි. එසේම මල්වලට මී පැණි දමා රසවත්ව සකසා ගන්නා ඔසු ආයුර්වේදයේ ඇත. මෙවන් ඔසු ආහාර අරුචිය ඇති පුද්ගලයන්ට  විශේෂිතයි. 

බැච් ෆ්ලවර් රෙමඩීස්
වර්ෂ 1934 දී ලොව ප්‍රථම බැච් මධ්‍යස්ථානය ලන්ඩනයේදී පිහිටුවීය. බැච් ෆ්ලවර් රෙමඩීස් කොටස් 35කට වර්ගීකරණය කළ හැකිය. rose buds මගින් පිනි බිඳු සාදා ගන්නා අතරම පිනි බිඳු සාන්ද්‍රණයක් ඇති බව දන්නවාද? 

සුව සදන ලෙඩ රෝග කිහිපයක්
ආතතිය, එන්සයටික්, ඉන්සියුමියා රෝග සේම මානසික ආතති, ව්‍යාකූලතා මග හරවා ගැනීම සඳහා බැච් ෆ්ලවර් රෙමඩීස්  මගින් ඉටු කෙරෙන දායකත්වය සුළු පටු නොවේ. 

මල් පෙති සාන්ද්‍රණයෙන්ම තවත් අලුත් ක්‍රමයක්
වෛද්‍ය එඩ්වඩ්  විසින්ම හඳුන්වා දුන් අනෙක් ක්‍රමය වන්නේ ' Mothertincture ' ක්‍රමයයි. 
මල්වලින් වෙන් කොට ගත් මල් පෙති ජල සාන්ද්‍රණයකට දමා තද අව් රශ්මිය යටතේ එය නටවා ගැනීම ප්‍රථමයෙන් සිදු වේ. ඉන් පසු සාන්ද්‍රණය කල් තබා ගනු වස්  බ්‍රැන්ඩි සාන්ද්‍රණයෙන් ස්වල්පයක් මිශ්‍ර කර ගත යුතුය.  සාන්ද්‍රණ 02ම හොඳින් මිශ්‍ර කර  බෝතලයකට අසුරා කල් තබා ගත හැකිය.  මෙය කිසිදු ආකාරයකින් සිරුරට හානිදායී නොවේ. 

remedies මෙබදු පුද්ගලයන්ටත් ගුණයි
සිරුර අධික තරබාරුව ඇති අයට, ඇඟ අතපය රිදෙන පුද්ගලයන්, කොන්දේ අමාරු ඇති අය, ආතරයිටීස් රෝගවලට ගොදුරු වූවන් සඳහා ගුණයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...