Skip to main content

දිගු කල් පවතින සුන්දරත්වයට හිතට ගතට සත්කාර

කෘත‍්‍රිම ආලේපන භාවිතයෙන් ලබන සුන්දරත්වයට වඩා ස්වාභාවිකව ගෙන දෙන සුන්දරත්වය කාන්තාවකට ආභරණයකි. ඒ ආභරණය පලඳින්නට නම් ඔබ සතුව තිබිය යුතුම දෙයක් වන්නේ නිරෝගීකමයි. ඔබ කෙතරම් සුන්දර වුවත් නිතර සිටින්නේ ඇඳකට සීමාව නම්, කලකිරීමෙන් නම් එමගින් ඔබේ සම, නිය, කෙස් ඔබටත් නොදැනිම රෝගී විය හැකිය. මේ නිසා බොහෝ කල් පවතින සුන්දරත්වයක් වෙනුවෙන් ඔබ කායික මෙන්ම මානසික නිරෝගීබව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. මෙවර ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ එවන් ස්වාභාවික සුන්දරත්වයක් අත් කර ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.

පෙර සූදානම අවශ්‍යයි
වයස්ගත වීම ස්වාභාවික ය. එහිදී සිදු වන සම රැුලි වැටීම, හිස කෙස් සුදු වීම, දත් දිරා යෑම, සම වියළීම ආදිය ස්වාභාවිකව සිදු වන දේවල්ය. වයස අවුරුදු 35 -40 පමණ වන විට සිරුරේ කි‍්‍රයාකාරීත්වය අනුව සෑම කෙනෙකු තුළම මේ ලක්ෂණ පහළවීම ආරම්භ වේ. එහෙත් ඔබ ඔබේ කායික මානසික සෞඛ්‍යය නිිරෝගීව පවත්වා නොගතහොත් වයස අවුරුදු 40 ආසන්න වන විටම වයස අවුරුදු 10 කින් පමණ වැඩි පෙනුමක් ඔබ තුළින් දිස් විය හැකිය. මේ තත්ත්වයෙන් වළකින්නට නම් කල් තියාම ඔබේ චර්යා යහපත් කර ගත යුතුය. නිරෝගීබව වැදගත් වන්නේ මේ සඳහාය. නිරෝගීබව පිළිබඳ සාකච්ඡුා කරන විට දත්, නිය, සම, හිසකෙස් ආදිය වැදගත් වේ. සිරුරේ බාහිර කොටස් වන මේවා දිගු කලක් නිරෝගීව පවත්වා ගැනීමට නම් වියපත් ලක්ෂණ පහළවීමට පෙර පටන් මේ කොටස් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

පිරිසුදුබව රැකගන්න
දෛනික කටයුතු කිරීමේ දී නිරතුරුවම අපේ සම, නිය, දත්, හිසකෙස් ආදිය කුණු ¥විලිවලට නිරාවරණය වේ. මේවා නිවැරදි ලෙස පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සුදුසු ෂැම්පු භාවිතය, සම සඳහා සුදුසු ආලේපන භාවිතය, සම පිරිසුදු කිරීමේ ස්වභාවික ක‍්‍රම අනුගමනය කිරීම වැදගත් වේ. වයස අවුරුදු 35 පසු වන විට සමේ වියපත් ලක්ෂණ පහළ වේ. එවිට මසකට වරක් ෆේෂල් සත්කාරයක් කර ගැනීමෙන්, ක්ලීනප් එකක් සිදු කර ගැනීමෙන් සම පිරිසුදු කර ගැනීමටත් පෝෂණය කර ගැනීමටත් හැකිය.

රූපයට මනස බලපානවා
අපි ලස්සනට ඉන්න මොන දේවල් කළත් අනෙක් අය ආකර්ෂණය කර ගත හැකි පෙනුමක් ලබන්නට සෑමවිටම උපකාරී වන්නේ මනසයි. ප‍්‍රශ්න ගැටලූ සමග ජීවිතේ ගෙවන බොහෝදෙනකු තුළින් දිස්වෙන මලානික පෙනුම ඔවුන්ගේ රූපය අවලස්සන කර පෙන්වයි. මේ නිසා නිතරම ස්වාභාවික සුන්දරත්වයක් ලැබීමට අපේක්ෂා කරන ඔබ ප‍්‍රශ්න ගැටලූ නිරාකරණය කරගෙන මනස නිදහස් කරගන්න. එය ඔබේ පෙනුම යහපත් අයුරින් පවත්වා ගැනීමට උපකාරී වේවි.

එදිනෙදා කළ හැකි දේවල්
රූප සෞන්දර්ය වෙනුවෙන් වෙනම මුදල් වෙන් කිරීම අවශ්‍යම නොවේ. එදිනෙදා ජීවිතයේ දී නිවෙසේ කටයුතු කරන අතරේ ඒ වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කිරීමට ඔබට බැරි නැත. කෑම පිස අවසානයේ අහක දමන දෙහි ලෙල්ල, පිපිඤ්ඤා මදය, පොල් කිරි වැනි ඉතා පහසුවෙන් සපයා ගත හැකි දේවලින් මුහුණ අත් පා පිරිසුදු කරගන්න. මෙලෙස ඔබට කළ හැකි සත්කාර පිළිබඳ මීට ඉහත ලිපියක දී අපි සාකච්ඡුා කළෙමු.

මවක් වුණත් ලස්සනට ඉන්න
පි‍්‍රය මනාප බිරිඳක්, මවක් නිවෙසට සිරිකතකි. මේ නිසා කාන්තාවකගේ සුන්දරත්වය පවත්වා ගැනීම වැදගත් වේ. ඔබ මවක් වූ පසු තමන්ගේ රූප සෞන්දර්යට වැදගත් වන දත්, නිය, කෙස් කලඹ, සම ගැන නොසලකා හරිනවා නම් ඔබේ ස්වාභාවික සුන්දරත්වය වියපත් ලක්ෂණ පහළ වන්නට කලින් ඔබට අහිමි වේවි.

යහපත් සෞඛ්‍ය පුරුදු
නිරතුරුවම පෝෂ්‍යදායී ආහාර වේලක් ආහාරයට එක් කර ගන්න. කෘතිම ආහාර වර්ගවලින් ඈත් වෙන්න. එසේම වැඩිපුර එළවළු පලතුරු ආහාරයට ගන්න. පැය 8 කවත් සුව නින්දක් පවත්වා ගැනීම වැදගත් වේ. එසේම සිරුරට අවශ්‍ය පමණ ජලය පානය කිරීම ද වැදගත්ය. සම වියළීම පාලනය කර ගැනීමට මෙන්ම බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් මිදීමටත් ජලය පානය අවශ්‍ය වේ. මේ අතරම දිනකට පැය භාගයක්වත් ව්‍යායාමයක් පුහුණු කරන්න. එසේම නිතරම හොඳ සිතිවිලිවලින් මනස පුරවා ගන්න. මේ දේවල් ඔබේ ස්වාභාවික සුන්දරත්වයට බොහෝ සෙයින් උපකාරී වේවි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...