Skip to main content

කොලෙස්ට්‍රෝල්: සීනි පාලනයට ’කිඩ්නි බීන්ස්’

අද අපි කතා බහ කරන්න යෙදුනේ ලෙඩ රෝග රැසකටම දිව ඔසුවක් බඳු ධාන්‍ය වර්ගයක් පිළිබඳවයි. කිඩ්නි බීන්ස් යනුවෙන් හැඳින්වෙන මෙම ධාන්‍ය විශේෂයට එම නම ලැබී ඇත්තේ වකුගඩුවට සමාන හැඩයකින් යුත් නිසයි. රතු, සුදු හා කළු වශයෙන්  මේවා දැකිය හැකිය. මස්, මාළුවලින් තොර එළවළු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයන්ට පෝෂ්‍යදායී ආහාරයකි.

පෝෂණීය ගුණය
එළවළු ප්‍රෝටීන මෙහි අඩංගු වේ. කෙඳි සහිත ධාන්‍ය විශේෂයකි. දෛනික කටයුතු සඳහා ඇවැසි ශක්තිය අපට ලැබේ.
කුඩා, තරුණ, වැඩිහිටි සියල්ලන්ටම ආහාරයට ගත හැකිය. විටමින් ඊ-12, ඊ-6, ඊ-9 ආදියෙන් පොහෙසත්ය. එසේම ඛනිජ ලවණ, පොටෑසියම්, අයන්, සින්ක්, මැග්නීසියම් විශාල වශයෙන් අඩංගු වේ. මේදයෙන් තොරවේ. ධාන්‍ය ගුණ නිසාම විශේෂිත රෝගාදියට ප්‍රබල ඔසුවකි. 

'කිඩ්නි බීන්ස් ' වඩාත්ම සුදුසු කුමන පුද්ගලයන්ටද?
රුධිරගත කොලෙස්ටරෝල් සහ සීනි ප්‍රමාණය අඩු කර ගැනීමටත් මෙය උපකාරවේ. හෘද රෝගවලින් සුව ලැබීමටත් ඒවායින් වැළකී සිටීමටත් පුළුවන. මළ බද්ධය ඇති පුද්ගලයන්ටද ගුණදායී වේ.
තවද බඩවැල් ආශ්‍රිතව ඇති ඇතැම් පිළිකා තත්ත්වාදියටද ගුණදායි වේ. ස්නායුගත අපහසුතා, සෙම් අමාරු, හුස්ම ගැනීමේ දුර්වලතා මෙන්ම අසාත්මිකතා ඇති අයට, උණ රෝගීන්ටත් ගුණදායි වේ. 
ඒවගේම දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගේ ශාරීරික ශක්තිය වර්ධනයටත්, වැඩි කිරි ප්‍රමා‍ණයක් බිළිදාට ලබා දීමටත් ඉවහල් වේ. 

ආමාශය තුළ 'කිඩ්නි බීන්ස් ' ක්‍රියාකාරීත්වය
එය ක්‍රියාකරනුයේ ඉතා සෙමිනි. එබැවින් දියවැඩියා රෝගීන්ට සීනි මට්ටම ඉහළ යාමක් සිදුනොවේ. එම ක්‍රියාදාමය රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට සමත් වේ. 
ක්‍රීඩා අංශයේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා වර්ධනයටද මෙම ධාන්‍ය මගින් සුවිශාල මෙහෙයක් ඉටු වේ. අධික තරබාරු පුද්ගලයන්ට ඔවුන්ගේ සිරුර කෙට්ටු කර ගැනීමටද ඉතා වැදගත්ය. 
යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට අවශ්‍ය ටිෂූ වර්ධනයටද ඉවහල් වේ. ඉන්ද්‍රියවල මනා පැවැත්මටද රුකුලකි. 

'කිඩ්නි බීන්ස් ' ආහාරය සඳහා පිළියෙළ කර ගැනීම
වියළි කිඩ්නි බීන්ස් ජලයෙන් සෝදා සම්පූර්ණ දිනක් පමණ දියේ පෙ‍ඟෙන්නට ඉඩ හැරිය යුතුයි. අනතුරුව පෙරා සෝදා ගත් ධාන්‍ය ඇට සාමාන්‍ය ජලයේ විනාඩි 30ක් පමණ තම්බා ගත යුතුයි. මේ සඳහා තක්කාලි, කරපිංචා, සුදු ලූනු, දෙහි ඇඹුල්, ලුණු මිශ්‍ර කර ගත යුතුයි. පසුව රත් කර ගත් සෝයා තෙල් හැන්දකට ඉහත මිශ්‍රණයත් තම්බා ගත් කිඩ්නි බීන්ස්වලින් හරි අඩකුත් එකතු කර ගන්න. ඉතුරු භාගය හොඳින් පොඩි කර මිරිස්, තුනපහ පමණට දමා තමන්ට අවශ්‍ය පරිදි වෑංජනයක් ලෙස සකසා ගත හැකිය. 

ධාන්‍ය වර්ග වැඩි වේලාවක් තම්බන්න එපා.......

මෙසේ කිරීමෙන් එහි පෝෂණ ගුණය විනාශ වී යා හැකිය. ඒ ගැන අපි ප්‍රථමයෙන්ම සැලකිලිමත් විය යුතුය. 
ඉහත වෑංජනයට අමතරව සැලඩ් සමග හෝ සුප් හෝ පැස්ටා වශයෙන්ද ආහාරයට අමතරව එකතු කර ගත හැකිය. 

මේ පිළිබඳවත් හිතන්න.....
වෙළෙඳපොලේ තැම්බූ කිඩ්නිබීන්ස්ද ඇත. මේවා මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ඉතා අවාසිදායකය. එනම් තැම්බූ ධාන්‍ය වර්ග කල්තබා ගැනීම සඳහා සීනි හෝ ලුණු මිශ්‍ර කරයි. එය දියවැඩියා පුද්ගලයන්ටත්, ලුණු වැඩි පුද්ගලයන්ටත් ඉතා අනතුරුදායකයි. ඒනිසා නිවැරැදිම ක්‍රමය මෙය නිවසේදී පිළියෙළ කර ගැනීමයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...