අද අපි කතා බහ කරන්න යෙදුනේ ලෙඩ රෝග රැසකටම දිව ඔසුවක් බඳු ධාන්‍ය වර්ගයක් පිළිබඳවයි. කිඩ්නි බීන්ස් යනුවෙන් හැඳින්වෙන මෙම ධාන්‍ය විශේෂයට එම නම ලැබී ඇත්තේ වකුගඩුවට සමාන හැඩයකින් යුත් නිසයි. රතු, සුදු හා කළු වශයෙන් මේවා දැකිය හැකිය. මස්, මාළුවලින් තොර එළවළු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයන්ට පෝෂ්‍යදායී ආහාරයකි.
පෝෂණීය ගුණය
කුඩා, තරුණ, වැඩිහිටි සියල්ලන්ටම ආහාරයට ගත හැකිය. විටමින් ඊ-12, ඊ-6, ඊ-9 ආදියෙන් පොහෙසත්ය. එසේම ඛනිජ ලවණ, පොටෑසියම්, අයන්, සින්ක්, මැග්නීසියම් විශාල වශයෙන් අඩංගු වේ. මේදයෙන් තොරවේ. ධාන්‍ය ගුණ නිසාම විශේෂිත රෝගාදියට ප්‍රබල ඔසුවකි.
'කිඩ්නි බීන්ස් ' වඩාත්ම සුදුසු කුමන පුද්ගලයන්ටද?
රුධිරගත කොලෙස්ටරෝල් සහ සීනි ප්‍රමාණය අඩු කර ගැනීමටත් මෙය උපකාරවේ. හෘද රෝගවලින් සුව ලැබීමටත් ඒවායින් වැළකී සිටීමටත් පුළුවන. මළ බද්ධය ඇති පුද්ගලයන්ටද ගුණදායී වේ.
රුධිරගත කොලෙස්ටරෝල් සහ සීනි ප්‍රමාණය අඩු කර ගැනීමටත් මෙය උපකාරවේ. හෘද රෝගවලින් සුව ලැබීමටත් ඒවායින් වැළකී සිටීමටත් පුළුවන. මළ බද්ධය ඇති පුද්ගලයන්ටද ගුණදායී වේ.
තවද බඩවැල් ආශ්‍රිතව ඇති ඇතැම් පිළිකා තත්ත්වාදියටද ගුණදායි වේ. ස්නායුගත අපහසුතා, සෙම් අමාරු, හුස්ම ගැනීමේ දුර්වලතා මෙන්ම අසාත්මිකතා ඇති අයට, උණ රෝගීන්ටත් ගුණදායි වේ.
ඒවගේම දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගේ ශාරීරික ශක්තිය වර්ධනයටත්, වැඩි කිරි ප්‍රමාණයක් බිළිදාට ලබා දීමටත් ඉවහල් වේ.
ආමාශය තුළ 'කිඩ්නි බීන්ස් ' ක්‍රියාකාරීත්වය
එය ක්‍රියාකරනුයේ ඉතා සෙමිනි. එබැවින් දියවැඩියා රෝගීන්ට සීනි මට්ටම ඉහළ යාමක් සිදුනොවේ. එම ක්‍රියාදාමය රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට සමත් වේ.
එය ක්‍රියාකරනුයේ ඉතා සෙමිනි. එබැවින් දියවැඩියා රෝගීන්ට සීනි මට්ටම ඉහළ යාමක් සිදුනොවේ. එම ක්‍රියාදාමය රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට සමත් වේ.
ක්‍රීඩා අංශයේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා වර්ධනයටද මෙම ධාන්‍ය මගින් සුවිශාල මෙහෙයක් ඉටු වේ. අධික තරබාරු පුද්ගලයන්ට ඔවුන්ගේ සිරුර කෙට්ටු කර ගැනීමටද ඉතා වැදගත්ය.
යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට අවශ්‍ය ටිෂූ වර්ධනයටද ඉවහල් වේ. ඉන්ද්‍රියවල මනා පැවැත්මටද රුකුලකි.
'කිඩ්නි බීන්ස් ' ආහාරය සඳහා පිළියෙළ කර ගැනීම
වියළි කිඩ්නි බීන්ස් ජලයෙන් සෝදා සම්පූර්ණ දිනක් පමණ දියේ පෙඟෙන්නට ඉඩ හැරිය යුතුයි. අනතුරුව පෙරා සෝදා ගත් ධාන්‍ය ඇට සාමාන්‍ය ජලයේ විනාඩි 30ක් පමණ තම්බා ගත යුතුයි. මේ සඳහා තක්කාලි, කරපිංචා, සුදු ලූනු, දෙහි ඇඹුල්, ලුණු මිශ්‍ර කර ගත යුතුයි. පසුව රත් කර ගත් සෝයා තෙල් හැන්දකට ඉහත මිශ්‍රණයත් තම්බා ගත් කිඩ්නි බීන්ස්වලින් හරි අඩකුත් එකතු කර ගන්න. ඉතුරු භාගය හොඳින් පොඩි කර මිරිස්, තුනපහ පමණට දමා තමන්ට අවශ්‍ය පරිදි වෑංජනයක් ලෙස සකසා ගත හැකිය.

ධාන්‍ය වර්ග වැඩි වේලාවක් තම්බන්න එපා.......
මෙසේ කිරීමෙන් එහි පෝෂණ ගුණය විනාශ වී යා හැකිය. ඒ ගැන අපි ප්‍රථමයෙන්ම සැලකිලිමත් විය යුතුය.
ඉහත වෑංජනයට අමතරව සැලඩ් සමග හෝ සුප් හෝ පැස්ටා වශයෙන්ද ආහාරයට අමතරව එකතු කර ගත හැකිය.
මේ පිළිබඳවත් හිතන්න.....
වෙළෙඳපොලේ තැම්බූ කිඩ්නිබීන්ස්ද ඇත. මේවා මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ඉතා අවාසිදායකය. එනම් තැම්බූ ධාන්‍ය වර්ග කල්තබා ගැනීම සඳහා සීනි හෝ ලුණු මිශ්‍ර කරයි. එය දියවැඩියා පුද්ගලයන්ටත්, ලුණු වැඩි පුද්ගලයන්ටත් ඉතා අනතුරුදායකයි. ඒනිසා නිවැරැදිම ක්‍රමය මෙය නිවසේදී පිළියෙළ කර ගැනීමයි.
Comments
Post a Comment