Skip to main content

පුල්වාමා ප්‍රහාරය එල්ල කළ ‘මොහොමද්ගේ හමුදාව’


මේ කතාව ඇරැඹෙන්නේ, 1999 වසරේ දෙසැම්බර් 24 වැනිදා ය. ඉන්දියන් ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 814, එයාර්බස් ඒ 300 වර්ගයේ යානයක් විය.
යානය, නේපාලයේ කත්මණ්ඩු ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණීමේ අරමුණින්ය.
යානය ඉන්දීය ගුවන් සීමාවට පිවිසීමට ඔන්න මෙන්න තිබියදී එය ඉස්ලාමීය ත්‍රස්තයන් පිරිසක් විසින් පැහැර ගනු ලැබීය. යානය පැහැර ගැනීම කළේ හර්කාත් උල් මුජහදීන් නමැති පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන්ය.
පැහැරගත් යානය, ඉන්දියාවේ අම්රිත්සාර්, පාකිස්තානයේ ලාහෝර් පමණක් නොව ඩුබායි දක්වාත් ඉන්පසු ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාත දක්වාත් රැගෙන යන ලදී. අවසානයේදී එය ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතට ගොඩබැස්සීමට හර්කාත් උල් මුජහදීන් සාමාජිකයෝ කටයුතු කළහ. මේවනවිට ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතේ පැවැතිණි. ඔවුන්ට අල් කයිඩා සංවිධානයේ ද සහාය හිමිවිය.
පැහැර ගැනීමට ලක් වුණු යානයේ සිටි මගීන් ගණන 176 කි. ඔවුන්ගෙන් 27 දෙනකු ඩුබායිවලදී මුදා හැරීම සිදුවිය. එහිදී එක් මගියකුට පිහි ප්‍රහාරයක් එල්ල වුණු අතර තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
කන්දහාර් බලා ගිය පැමිණි පසු, තලේබාන් ත්‍රස්තවාදීන් ගුවන් යානය වට කළේ, ඉන්දීය හමුදා පැමිණ ගුවන් යානයේ මගීන් බේරා ගැනීම වළක්වමිනි.
තලේබාන් සංවිධානයට ද පාකිස්තාන බුද්ධි අංශයේ සහාය හිමිවී තිබුණු අතර, එසේ නොවුණා නම්, යානය පැහැර ගැනීමේ අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් විසඳා ගැනීමට හැකිවන බව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානී අජිත් දොවාල් පසුව කළ ප්‍රකාශයක සඳහන් වෙයි.
හර්කාත් උල් මුජහදීන් ත්‍රස්තයන් ගුවන් යානය පැහැර ගත්තේ, ඉන්දීය අත්අඩංගුවේ පසුවුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් මුදා හරින්නැයි ඉන්දීය රජයට බල කරමිනි.
ගුවන් යානයේ පිරිස දින 7 ක් තිස්සේ ප්‍රාණ ඇපයේ රඳවා තබා ගැණුනු අතර, අවසානයේ දී ඔවුන් නිදහස් කිරීම සිදුවූයේ ඉන්දියාව ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් තිදෙනකු නිදහස් කිරීමට එකඟත්වය පළ කිරීමෙන් පසුවය.
මුෂ්ටාක් අහ්මද් සර්ගාර්, අහ්මද් ඕමාර් සඊඞ් ෂෙයික් සහ මුල්ලානා මසූද් අසාර් යනු ඔවුන් තිදෙනාය. 2002 වසරේ සිට, 2008 මුම්බායි නුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයත්, ඉන්පසු පසුගිය 14 වැනිදා එල්ල වුණු ඉන්දු කාශ්මීරයේ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයටත් මොවුන් සම්බන්ධය. පුල්වාමා ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 46 ක් මියගියහ.
පුල්වාමා ප්‍රහාරය සිදු කළේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලියයි. මෙම කල්ලිය ඉන්දීය පාලනයට නතු ඉන්දු කාශ්මීරයේ ක්‍රියාත්මක වන්නේ 1999 වසරේ සිටය. ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ යන්නෙහි අර්ථය ‘මොහොමද්ගේ හමුදාව’ යන්නය.
මෙම ත්‍රස්ත කල්ලිය පිහිටුවා ඇත්තේ 1999 වසරේ දී ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස ලැබූ මසූද් අසාර් විසිනි. මසූද් අසාර් පාකිස්තාන අගාමික නායකයකු ද වෙයි.
ඉන්දියාව සහ ඇමෙරිකාව පමණක් නොව, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් හඳුන්වා දී ඇත. ඉන්දු කාශ්මීරයේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ පමණක් නොව, තවත් බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙයි. මොවුන් ඉන්දු කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නේ 1989 වසරේ සිටය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...