Skip to main content

බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා...


" මේ ලෝකේ ඔබටත් වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා ද?" දිනක් පුද්ගලයෙකු බිල් ගේට්ස්ගෙන් ඇසුවේය.
" ඔව්..මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා" බිල් ගේට්ස් පිළිතුරු දුන්නේය.
පසුව බිල් ගේට්ස් ඔහුට මේ කතාව කීවේය.
"මේ සිදුවීම වුණේ මම ධනවත් හෝ ප්රසිද්ධ නොවූ කාලෙක.
මම නිව් යෝර්ක් ගුවන් තොටුපලේ ඉන්නකොට පුවත්පත් වෙළෙන්දෙකු දැක්කා.
මට එක් පුවත්පතක් මිලදී ගැනීමට අවශ්ය වුණත් මට ප්රමාණවත් තරම් මාරු මුදල් නොමැති බව තේරුණා. ඒ නිසා මම මිලදී ගැනීමේ අදහස අතහැරලා එය වෙළෙන්දා වෙත ආපසු ලබා දුන්නා.
මගේ ළඟ මාරු මුදල් නැතිබව ඔහුට කිව්වා...එතකොට වෙළෙන්දා කිව්වා " මම මේක ඔබට දෙන්නේ නොමිලේ කියලා" පස්සේ ඔහුගේ බල කිරීම මත මම පුවත්පත රැගෙන ගියා.
අහම්බෙන්, මාස දෙක තුනකට පසු මම ඒ ගුවන් තොටුපළට ම ගොඩ බැස්සා. එදත් පුවත්පතක් ගන්න තරම් මාරු මුදල් මගේ ළඟ තිබුණේ නෑ. ඒත් වෙළෙන්දා මට නැවතත් පුවත්පතක් දුන්නා...මා ලඟ ප්රමාණවත් තරම් මාරු මුදල් නොතිබූ නිසා එය ප්රතික්ෂේප කළත් ඔහු මෙලෙස පැවසුවා. " ඒක ගන්න..මම පත්තරේ ඔයාට දෙන්නේ මට තියෙන ලාබෙන් නිසා මට පාඩුවක් වෙන්නේ නෑ"
මම පුවත්පත ගත්තා.
අවුරුදු 19 කට පස්සේ මම ප්රසිද්ධ වුණා. හදිසියේම මට ඒ වෙළෙන්දා මතක් වුණා..මම ඔහුව හොයන්න පටන් ගත්තා...මාස 1½ ක විතර හොයලා මම ඔහුව හොයා ගත්තා.
මම ඔහුගෙන් ඇහුවා "ඔබ මාව දන්නවාද? කියලා..ඔහු "ඔව්, ඔබ බිල් ගේට්ස්" කියලා පිළිතුරු දුන්නා.
මම නැවත ඔහුගෙන් ඇහුවා "ඔබ මට එකපාරක් පුවත්පතක් නොමිලේ දුන්නා කියලා මතකද? "
“ ඔව්...මට මතකයි. මම ඔයාට දෙවරක් දුන්නා." වෙළෙන්දා පැවසුවා.
" මට ඒ වෙලාවේ ඔබ කරපු උදව්වට ප්රති උපකාරයක් කරන්න ඕන...ඔයාට ජීවිතේ අවශ්ය ඕනෑම දෙයක් තියෙනවා නම් කියන්න..මම ඒක ලබා දෙන්නම්" මම කිව්වා
“ සර්, එහෙම කරා කියා කියලා එදා මම කරපු උපකාරයට සමකරන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ? "
මම ඇයි? කියලා අහුවා.
" මම ඔබට උදවු කළේ මම දුප්පත් වෙළෙන්දෙක් වෙලා ඉන්න කාලේ..දැන් ඔබ ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙලා ඉන්නකොට මට උදව් කරන්න උත්සාහ කරනවා...ඒක කොහොමද ගැලපෙන්නේ? "
පුවත්පත් වෙළෙන්දා මට වඩා ධනවත් බව මට එදා වැටහුණා...මොකද ඔහු උදව් කරන්න ධනවත් වෙනකම් බලා සිටියේ නැති නිසා.
සැබවින්ම ධනවතුන් කියන්නේ මුදල් වලට වඩා පොහොසත් හදවතක් තියෙන අය බව ජනතාව තේරුම් ගන්න ඕන."
▪️පොහොසත් වීම වැදගත් නමුත් පොහොසත් අධ්යාපනයක් ලබා තිබීම ඉතා වැදගත් ය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...