Skip to main content

මූදු පතුළේ අභ්‍යවකාශ කසල පිරි සොහොනක්

ලෝක සිතියමක් බලද්දී එහි වම් පැත්තේ පිහිටා තිබෙන්නේ ඇමෙරිකා මහද්වීපයයි. දකුණු පැත්තේ රුසියාව, ජපානය,  ඕස්ටේ‍්‍රලිියාව සහ නවසීලන්තයයි.
ඇමෙරිකාවත් ජපානයත් අතර සාගරය පැසිෆික් සාගරයයි. පැසිෆික් සාගරයේ දකුණු පැසිෆික් සාගර පතුළේ සොහොනක් එසේත් නැතිනම් සුසාන භූමියක් ඇත. මේ සොහොන එසේ මෙසේ එකක් නොවෙයි. මේ සොහොනේ ඇත්තේ උඩු ගුවනේ සිට පතිත වූ දහස් ගණනක් අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා සහ රොකට් කැබලි සහ සුන්බුන්ය. මෙම ස්ථානය හැඳින්වෙන්නේ ‘පොයිට් නීමෝ’ යන නමිනි.
ලතින් භාෂාවෙන් ‘පොයින්ට් නීමෝ’ යනු ‘කවුරුත් නොවේ’ යන අදහසය. මෙතැන මුහුද මීටර් 4,000 ක් ගැඹුරුය. සාගරයේ ඈතින් පිහිටි මෙම ස්ථානය කිසිම ගොඩබිමකට කිට්ටු නැත. ඒ අනුව, අභ්‍යවකාශ යානා කැබලි, රොකට් කැබලි ආදිය කඩා වැටීමට සැලැස්වීමට මෙතැන කියාපු තැනකි. අද වනවිට අභ්‍යවකාශ යානා කැබලි (මේවායින් බොහොමයක් රුසියානුවන්ගේ) 260 ක් පමණ පොයිට් නීමෝ ගැඹුරේ ඇතැයි පැවැසෙයි.
අතහැර දැමුණු සහ දෝෂවලට ලක්වුණු මෙම යානා සහ රොකට් කැබලි මෙම ස්ථානයට කඩා වැටීමට සැලැස්වීම කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සහ ලොව සෙසු අභ්‍යවකාශ ආයතනය. නියමිත ඉලක්කයට මේ සුන්බුන් වැටීමට සලස්වන්නේ, සියුම් ලෙස සිදු කරන ගණනය කිරීම් මගිනි. පොයිට් නීමෝ පළමුවෙන් භාවිතයට ගැනීම සිදුවූයේ 1971 වසරේ සිටය.
මෙතැනට පතිත කිරීමට සැලැස්වූ විශාලතම වස්තුව ලෙස සැලකෙන්නේ ’මීර්’ අභ්‍යවකාශ පර්යේෂණාගාරයයි. භාවිතයෙන් අත්හැර දැමීමෙන් පසු, ටොන් 120 ක් බර යකඩ ගොඩක් ලෙස ‘මීර්’ පර්යේෂණාගාරය 2001 වසරේ දී පොයිට් නීමෝ වෙත කඩා වැටීමට සැලැස්වීය. අද උඩු ගුවනේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ ද 2024 දී අතහැර දැමුවහොත්, එය ද පොයින්ට් නීමෝ වෙත කඩා වැටීමට සලස්වනු ඇතැයි පැවැසෙයි. 2024 වෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනය උත්සාහ ගන්නේ යළි චන්ද්‍ර මෙහෙයුමක් ඇරැඹීමටය.
නාසා විද්‍යාඥයන් සඳේ නැවැතුම්පොළක් ස්ථාපිත කිරීමට ද නියමිතය. ඒ, අඟහරු බලා ගගනගාමීන් යැවීමේ අරමුණ ඇතිවය. 2024 සිදුවන චන්ද්‍ර මෙහෙයුම ඓතිහාසික එකක් වනු ඇත. ඒ, ගගනගාමීන් පමණක් නොව, ගගනගාමිනියන් ද එම මෙහෙයුමට සම්බන්ධ වන බැවිනි. මෙහෙයුම ‘ආටිමීස්’ යනුවෙන් නම් කර ඇත.
පොයිට් නීමෝ ඇත්තේ එක් පැත්තකින් ඕස්ටේ‍්‍රලිියාවට සහ නවසීලන්තයටත්, අනෙක් පැත්තෙන් දකුණු ඇමෙරිකාවටත් මැදිවය. පොයින්ට් නීමෝ ඇත්තේ, ගොඩබිමක සිට සැතපුම් 1,600 ක් දුරිනි.
‘පොයින්ට් නීමෝ අභ්‍යවකාශ යානාවල සුසාන භූමියයි. අවට කවුරුවත් නැහැ. ගැඹුරු සාගරය පමණයි. මෙතැනට අභ්‍යවකාශ යානා සහ රොකට්ටු පතිත කිරීමට සැලැස්වීම පහසු දෙයක් නොවෙයි. සියුම් ගණනය කිරීම් අනුව කළ යුතු අසීරු කටයුත්තක්.’ යැයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ස්ටින්ජින් ලෙමෙන්ස් අදඑස් දක්වමින් පවසා තිබේ.
පොයිට් නීමෝ සුසාන භූමියේ ඇති දේවල් ගැන කීවොත්, පෙර සඳහන් කළ ආකාරයට සෝවියට්වරුන්ගේ මීර් අභ්‍යවකාශ පර්යේෂණාගාරය පතුළේ ඇත. ඊට අමතරව, රුසියානුවන්ගේ සැලුත් අභ්‍යවකාශ පර්යේෂණ ඒකක 6 ක් ද මෙහි ඇත.
රුසියානුවන් භාවිතා කළ රොකට්ටු 140 කට වැඩි ප්‍රමාණයක් මෙතැනට පතිත කර තිබේ. ජපාන රොකට්ටු ගණන 6 කි. යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අයත් රොකට්ටු සහ අභ්‍යවකාශ යානා ගණන පහකි. ඒ අතර යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ යූල්ස් වර්න් අභ්‍යවකාශ යානය ද ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාවේ ස්පේස් එක්ස් රොක්ටටුවක් ද මෙතැනට පතිත කරනු ලැබ තිබේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...