Skip to main content

නිරෝගිමත් හදවතක් සඳහා හොඳ ආහාර පාන

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
කිසිම පුද්ගලයෙක් රෝගී වීමට කැමති නැත. සියල්ලන්ගේම පැතුම නිරෝගිමත් සෞඛ්‍යයකි. නිරෝගිමත් සෞඛ්‍යයක් යනු වැඩි ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳීමට ලැබෙන ජීවිත භාග්‍යයකි. හොඳ සෞඛ්‍යයක් සඳහා නිවැරැදි ආහාර රටාවකටඅප පුරුදු විය යුතුයි. අද අපි මූලිකවම අවධානය යොමු කරන්නේ හදවතට සුදුසු ආහාර මොනවාද යන්නයි.
හදවතට හොඳ ආහාර අතර මේදය අඩු ආහාර මෙන්ම මේදය රහිත ආහාරද ඇතුළත් වේ. හදවතේ යහ පැවැත්මට ලුණු අඩු කර කෙඳි සහිත ආහාර ගැනීම (පලතුරු,එළවළු),ඇට වර්ග ආහාරයට ගැනීම සුදුසුයි. හදවතේ මාංශ පේශී සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන අතර ඒවා නිර්මාණයට කෙඳි සහිත ආහාර අවශ්‍ය වේ. එබැවින් කුඩා කාලයේ සිටම දරුවන්ට කොළ, පළා වර්ග ,කෙඳි සහිත ආහාර ,පලතුරු ආහාරයට ගැනීමට පුරුදු කළ යුතුයි. 

නිරෝගී හදවතකට වඩාත් සුදුසු කුමන ආහරද?
අලුත් එළවළු, කොළ වර්ග(සලාද වැනි), අලුත් පලතුරු,වියැළුණු පලතුරු(වේලපු අන්නාසි සහ පීච් ආදිය), මේදය අඩංගු නැති ආහාර(fat free), මේදය අඩු ආහාර(low fat), දරුවන්ට මේදය අඩංගු කිරි ආහාර, (චීස් වැනි), ඇට වර්ග, මුළුමනින්ම ඇට වර්ගවලින් සෑදූ ආහාර,විශේෂිත පලතුරු වර්ග,වියළි ඇට වර්ග, කහ සහ කොළ පැහැති බෝංචි, කළු චොකලට් වැනි ආහාර ඉතා සුදුසුයි. 
ඒවගේම පරිප්පු, කඩල, මුං ඇටවලට අමතරව ලෝස්ට්, ආමන්ඩ්, වොල්නට් ඉතාම සුදුසුය. මේවාවල ඇති ශරීරයේ නොබැඳෙන මේදය බැඳී ඇති මේදය ඉවත් කරයි. හදවතේ ඇති මාංශපේශීවල රුධිරය ගෙන යන ධමනි මේදයෙන් පිරී ගියොත් හදවත් රෝගයක පෙර නිමිත්තකි. එබැවින් මේදය නොබැඳෙන ආහාර අපි ගත යුතුයි. ඇට වර්ගවල ඉතා ඉහළ ප්‍රෝටීන්  ප්‍රතිශතයක් ඇත. ඒවා ආහාරයට ගැනීමෙන් දිනකට සිරුරට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය සපුරා ගත හැකිය. ශරීරයේ තැම්පත් නොවන මේදය (unsaturated fat)එච්.ඩී.එල්. වැඩි කිරීම මගින් ශරීරයේ බැඳෙන නුසුදුසු එල්.ඩී.එල්. කොලෙස්ට්‍රෝල් අඩු කිරීමට හැකියාව ලැබේ. මේවායෙහි ඇති ඇමයිනෝ ඇසිඩ් (amino acid) එසේත් නැත්නම් ගෑස් හදවතේ ධමනිවලට විවේකයෙන් තම කාර්යය කිරීමට උපකාර වන නිසා ධමනිවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුවේ.
තව දුරටත් හදවතට හොඳ ආහාර ලැයිස්තුවක් පහත දැක්වේ. 
ඇට වර්ග අඩංගු පාන්, සම ඉවත් කර ගත් කුකුල් මස්වල පපුව ප්‍රදේශය, සාලමන් නැමැති මාළු වර්ගය, හතු වර්ග, රතු හාල්, බාර්ලි, වීට් පිටි, කුඩා මාළු වර්ග,(high in omega 3), ඇපල්, දෙළුම්, ස්ට්‍රෝබෙරි, බ්ලූ බෙරි, කළු චොකලට්, වොල්නට්, බෙරි වර්ග(කැන් බෙරි,රොස්ට් බෙරි, දං වර්ග,),හණ ඇට(flax seeds omega 3) බෝංචි, ටෝෆු, කැරට්,බතල, රතු මිරිස්, නිවිති,දොඩම්, ගස් ලබු,ඇස්පැරගස්, තක්කාලි, බ්‍රොකෝලි,සාඩින්, ලිවර්, තරමක් කෝපි බීමද සුදුසුය. 
ඊට අමතරව ග්‍රීන් ටී, සෝයා කිරි, වියළි මිදි, මල් ගෝවා, වට්ටක්කා, අලිගැට පේර, ඒවායින් සැදූ තෙල්,ඔලිව් තෙල් සුදුසු වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...