Skip to main content

මැරුණු සෛල ඇඳේ අතුරාගෙන නින්දට යන ඔබටයි




අපේ පිරිසුදුකම මනින්නට උපකරණ කිහිපයකින් හැකියැයි අපි සිතා සිටිමු. එහෙත් අප නොදන්නා ලෙසත් නොසිතනා ලෙසත් අපේ පිරිසුදුකම මනින්නට බොහෝ දෙනෙක් සූදානම් වී සිටී. ඔබේ නිවසේ මුළුතැන්ගෙය මෙන්ම නිදන කාමර සහ අනෙකුත් කාමර පිළිවෙළකට තිබෙනවා ඇති. එහෙත් බොහෝ විට නිවස සුන්දර කරන ඇඳ ඇතිරිලි , තිර රෙදි මේවා ගැන ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වනවා ඇති. අවුරුද්ද උදාවන විට හෝ නැතිනම් නිවසේ උත්සවයක් පවතින විට ඇඳ ඇතිරිලි තිර රෙදි ආදිය පිරිසුදු කරන්නට ඔබට මතක් වුවත් සාමාන්‍යයෙන් ඔබ සිතා බලා මේවා පිරිසුදු කරන්නට නොසිතයි. මන්ද ඒවා පිරිසුදු කරන්නට බොහෝ කාලයක් වැය වීමත් ඒවා ඉක්මනින් අපිරිසුදු වී ඇති බව ඔබට නොපෙනීමත් ය. එහෙත් තිර රෙදි ඇඳ ඇතිරිලිවලින් ලෙඩ රෝග ඇති කළ හැකි බව ඔබ විශ්වාස නොකරනවා විය හැකියි. එහෙත් ඔබ ලෙඩ කරන්නට ඔබේ නිවසේ ඇති තිර රෙදි ඇඳ ඇතිරිලිවලට හැකියාව තිබේ. මෙවර විමසිල්ලෙන් සැනසිල්ල ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

ඇඳ ඇතිරිලි පිරිසුදු කරන්නේ කොහොමද?
ඔබ ලෙඩ කළ හැකි ප‍්‍රධානම ස්ථානයක් ලෙස ඇඳ හැඳින්විය හැකිය. බොහෝ විට අප දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ නින්දේය. නින්දේ දී අපේ ශරීරයේ මැරුණු ෙසෙල ඉවත්වීම, වා, පිත්, සෙම්, මේ සියල්ල මුදා හැරීම ආදිය සිදුවේ. මේ සියල්ල එක්වන්නේ ඇඳ කොට්ට මෙට්ටවල ඇති ඇතිරිලිවලටයි. මේවා දිනපතා එක්වීම සිදුවේ. ඔබේ නිදන ඇඳේ ඔබ පමණක් නොව සැමියා , දරුවන් මේ සියලූ දෙනාම නිදා ගන්නා අවස්්ථා තිබේ. එහිදී සියලූ දෙනාටම එකිනෙකාගේ ශරීරයෙන් පිටවන අපද්‍රව්‍ය එක්වේ. මේ නිසා එක වර සියලූ දෙනාම ලෙඩවීමට හැකියාව ද තිබේ. මේ ගැන ඔබට නොසිතෙන්න ඇති. එහෙත් බොහෝ විට ලෙඩ රෝග පවුලේ සාමාජිකයන්ට බෝ වන්නේ නිදන ඇඳෙනි. ඇඳ ඇතිරිලි කොට්ට උර මේවා දින තුනකට වරක් හෝ පිරිසුදු ජලයෙන් සෝදා තද අවු රශ්මියෙන් වියළා නොගත් විට මෙහි මකුණන් වැනි සතුන් ඇති වේ. එවැනි සතුන් ජීවත් වන්නේ නින්දේ දී අපේ ශරීරයෙන් ඉවත්වන මැරුණු ෙසෙල ආහාරයට ගැනීමෙනි.


මේ දිනවල සැලකිලිමත් වන්න
මේ දින ගෙවෙන්නේ වැසි සහිත කාලගුණයක් සමගයි. හිරු එළිය ලැබෙන්නේ සීමිත ලෙසයි. ඒ නිසා ඔබ ඇඳ ඇතිරිලි හෝ රෙදි සේදීමටත් අකැමැති ය. මෙවැනි කාලගුණයක් ඇති දිනවල දී ඇඳ ඇතිරිලි ආදිය තෙතමනයට ලක්වේ. මෙලෙස තෙතමනයට ලක් වූ රෙදි මත පුස් ආදී දිලීර ඇති වීමේ හැකියාව වැඩිය. එහෙත් ඔබට මේ දිනවල ඇඳ ඇතිරිලි සේදිය නොහැකිය. එයට හේතුව ඒවා නිසි ලෙස වියළා ගත නොහැකි වීමයි. එසේනම් ඔබට කළ හැකි එක් පිළියමක් තිබේ. ඒ හොඳින් රත් වූ ඉස්ති‍්‍රක්කයකින් ඒවා මැද ගැනීමයි. එවිට එහි ඇති විෂ බීජ තරමක් දුරට ඉවත් වේ. එසේම ජනෙල් රෙදි මේ කාලයේ දී තෙතමනයට ලක්වන ප‍්‍රමාණය වැඩිය. ඒ ජනෙල් පියන් විවෘත කර තබන නිසා ජල වාෂ්ප ඒවාට වැටීමයි. එහෙත් ඔබට මෙය නොපෙනේ. නමුත් මේවා උණුසුම් නොවන නිසාත් වේළීමක් සිදු නොවන නිසාත් මේවාගේ ද දිලීර ආදිය ඇති වේ. ඒවා ක‍්‍රම ක‍්‍රමයෙන් වාතයට එකතු වී ඔබ ආශ්වාස කිරීමෙන් ශරීරයට එකතු වේ. එසේ එකතු වන්නේ කාලයක් දුවිලි ආදිය තැන්පත්ව තිබූ තිර රෙදිවලට ජල බිංදු වැටීමෙන් ඒවා ද උරා ගනිමිනි. මේ නිසා ඇදුම, පීනස වැනි රෝග නිවසේ සාමාජිකයන්ට ඉක්මනින් ඇතිවිය හැකිය. මේ කාලයේ දී කළ හැකි හොඳම දෙය වන්නේ ජනෙල් තිර රෙදි ඉවත් කර තැබීමයි. නැතිනම් ජනෙල් පියන් විවෘත නොකිරීමය.


දොර රෙදි නිසා ඔබේ මුහුණ අපවිත‍්‍ර වේ
හොඳින් කල්පනා කර බලන්න. ඔබේ නිවසේ දොර රෙදි සෝදා පිරිසුදු කළේ අලූත් අවුරුද්දට නොවේ ද?. ඉන් පසු ඔබ ඒ ගැන නොසිතන්න ඇති. දැන් කොපමණ කාලයක් ද?. පසුගිය උත්සව සමයේ ඔබේ නිවසට කුඩා දරුවන් මෙන්ම බොහෝ නෑදෑ හිතවතුන් පිරිසක් පැමිණෙන්නට ඇති. ඔවුන් ඔබේ නිවසේ දොර රෙදි අල්ලා බලන්න ඇති. නැතිනම් එහා මෙහා ගමන් කරන විට අනේක වාරයක් ඒවා අතපත ගාන්නට ඇති. ඉන්පසු ඔබ මුළුතැන්ගෙයින් කාමරයට එන විට දොර රෙදි අතින් එහා මෙහා කරයි. ඔබ පමණක් නොවේ. පවුලේ සියලූ සාමාජිකයන් සියලූ දෙනා මේවා එහාට මෙහාට කරමින් ගමන් කරයි. ඇතැම් විට අත පිස දා ගන්නත් දොර රෙදි භාවිතා කරන අවස්ථා නැතිවා නොවේ. දැන් ඔබ මේවා කාලයක් එල්ලා තබන්නට ඇති. එහි බැක්ටීරියා, දිලීර ආදී විෂ බීජ බොහෝ ප‍්‍රමාණයක් වර්ධනය වී තිබේ. ඔබේ කුඩා දරුවා නිවසේ එහා මෙහා ඇවිදින විට දොර රෙදිවල මුහුණේ ඇතිල්ලේ. කුඩා දරුවා පමණක් නොව ඔබත් අතින් දොර රෙදි එහා මෙහා නොකර ගමන් කරන විට ඉන් මුහුණ පිසදැමේ. කාලයක් දොර රෙදිවල කුණු දුවිලි ආදිය එකතු වී මුහුණේ සංවේදී සම හරහා ගමන් කර කුරුලෑ ආදිය ඇති කරයි. ඔබ මුහුණේ ඇති කුරුලෑ ආදිය ඇති සුව නොවේයැයි මැසිවිලි නැඟුවත් එයට ඔබේ දොර රෙදි හේතුවක් විය හැකියි.

තිර රෙදි ගැන සිතන්න
ඔබේ නිවස අලංකාර කරන තිර රෙදිවල කුණු නැතැයි සිතා කාලයක් ඒවා පිරිසුදු නොකර භාවිතා නොකරන්න. ඒවා සති දෙකකට වරක් හෝ සෝදා පිරිසුදු කළ හැකි නම් පවුලේ සාමාජිකයන් අතර ඇති ලෙඩ රෝග ගණනාවක් සුව කළ හැකිය. එනම් සෙම්ප‍්‍රතික්ෂාව, ඇදුම, පීනස වැනි රෝග ඒ අතර ප‍්‍රධාන වේ. නිවසේ එක් සාමාජිකයකුට අලූහම් වැනි සමේ රෝග ඇති වූ විට එය පවුලේ සියලූ දෙනා අතර පැතිරෙන්නේ ඇඳ ඇතිරිලි, දොර ජනෙල් රෙදි නිසාය. ඒවා නිසි ලෙස පිරිසුදු වන්නේ නම් මෙවැනි රෝග සුවකර ගත හැකිය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...