Skip to main content

මැරුණු සෛල ඇඳේ අතුරාගෙන නින්දට යන ඔබටයි




අපේ පිරිසුදුකම මනින්නට උපකරණ කිහිපයකින් හැකියැයි අපි සිතා සිටිමු. එහෙත් අප නොදන්නා ලෙසත් නොසිතනා ලෙසත් අපේ පිරිසුදුකම මනින්නට බොහෝ දෙනෙක් සූදානම් වී සිටී. ඔබේ නිවසේ මුළුතැන්ගෙය මෙන්ම නිදන කාමර සහ අනෙකුත් කාමර පිළිවෙළකට තිබෙනවා ඇති. එහෙත් බොහෝ විට නිවස සුන්දර කරන ඇඳ ඇතිරිලි , තිර රෙදි මේවා ගැන ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වනවා ඇති. අවුරුද්ද උදාවන විට හෝ නැතිනම් නිවසේ උත්සවයක් පවතින විට ඇඳ ඇතිරිලි තිර රෙදි ආදිය පිරිසුදු කරන්නට ඔබට මතක් වුවත් සාමාන්‍යයෙන් ඔබ සිතා බලා මේවා පිරිසුදු කරන්නට නොසිතයි. මන්ද ඒවා පිරිසුදු කරන්නට බොහෝ කාලයක් වැය වීමත් ඒවා ඉක්මනින් අපිරිසුදු වී ඇති බව ඔබට නොපෙනීමත් ය. එහෙත් තිර රෙදි ඇඳ ඇතිරිලිවලින් ලෙඩ රෝග ඇති කළ හැකි බව ඔබ විශ්වාස නොකරනවා විය හැකියි. එහෙත් ඔබ ලෙඩ කරන්නට ඔබේ නිවසේ ඇති තිර රෙදි ඇඳ ඇතිරිලිවලට හැකියාව තිබේ. මෙවර විමසිල්ලෙන් සැනසිල්ල ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

ඇඳ ඇතිරිලි පිරිසුදු කරන්නේ කොහොමද?
ඔබ ලෙඩ කළ හැකි ප‍්‍රධානම ස්ථානයක් ලෙස ඇඳ හැඳින්විය හැකිය. බොහෝ විට අප දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ නින්දේය. නින්දේ දී අපේ ශරීරයේ මැරුණු ෙසෙල ඉවත්වීම, වා, පිත්, සෙම්, මේ සියල්ල මුදා හැරීම ආදිය සිදුවේ. මේ සියල්ල එක්වන්නේ ඇඳ කොට්ට මෙට්ටවල ඇති ඇතිරිලිවලටයි. මේවා දිනපතා එක්වීම සිදුවේ. ඔබේ නිදන ඇඳේ ඔබ පමණක් නොව සැමියා , දරුවන් මේ සියලූ දෙනාම නිදා ගන්නා අවස්්ථා තිබේ. එහිදී සියලූ දෙනාටම එකිනෙකාගේ ශරීරයෙන් පිටවන අපද්‍රව්‍ය එක්වේ. මේ නිසා එක වර සියලූ දෙනාම ලෙඩවීමට හැකියාව ද තිබේ. මේ ගැන ඔබට නොසිතෙන්න ඇති. එහෙත් බොහෝ විට ලෙඩ රෝග පවුලේ සාමාජිකයන්ට බෝ වන්නේ නිදන ඇඳෙනි. ඇඳ ඇතිරිලි කොට්ට උර මේවා දින තුනකට වරක් හෝ පිරිසුදු ජලයෙන් සෝදා තද අවු රශ්මියෙන් වියළා නොගත් විට මෙහි මකුණන් වැනි සතුන් ඇති වේ. එවැනි සතුන් ජීවත් වන්නේ නින්දේ දී අපේ ශරීරයෙන් ඉවත්වන මැරුණු ෙසෙල ආහාරයට ගැනීමෙනි.


මේ දිනවල සැලකිලිමත් වන්න
මේ දින ගෙවෙන්නේ වැසි සහිත කාලගුණයක් සමගයි. හිරු එළිය ලැබෙන්නේ සීමිත ලෙසයි. ඒ නිසා ඔබ ඇඳ ඇතිරිලි හෝ රෙදි සේදීමටත් අකැමැති ය. මෙවැනි කාලගුණයක් ඇති දිනවල දී ඇඳ ඇතිරිලි ආදිය තෙතමනයට ලක්වේ. මෙලෙස තෙතමනයට ලක් වූ රෙදි මත පුස් ආදී දිලීර ඇති වීමේ හැකියාව වැඩිය. එහෙත් ඔබට මේ දිනවල ඇඳ ඇතිරිලි සේදිය නොහැකිය. එයට හේතුව ඒවා නිසි ලෙස වියළා ගත නොහැකි වීමයි. එසේනම් ඔබට කළ හැකි එක් පිළියමක් තිබේ. ඒ හොඳින් රත් වූ ඉස්ති‍්‍රක්කයකින් ඒවා මැද ගැනීමයි. එවිට එහි ඇති විෂ බීජ තරමක් දුරට ඉවත් වේ. එසේම ජනෙල් රෙදි මේ කාලයේ දී තෙතමනයට ලක්වන ප‍්‍රමාණය වැඩිය. ඒ ජනෙල් පියන් විවෘත කර තබන නිසා ජල වාෂ්ප ඒවාට වැටීමයි. එහෙත් ඔබට මෙය නොපෙනේ. නමුත් මේවා උණුසුම් නොවන නිසාත් වේළීමක් සිදු නොවන නිසාත් මේවාගේ ද දිලීර ආදිය ඇති වේ. ඒවා ක‍්‍රම ක‍්‍රමයෙන් වාතයට එකතු වී ඔබ ආශ්වාස කිරීමෙන් ශරීරයට එකතු වේ. එසේ එකතු වන්නේ කාලයක් දුවිලි ආදිය තැන්පත්ව තිබූ තිර රෙදිවලට ජල බිංදු වැටීමෙන් ඒවා ද උරා ගනිමිනි. මේ නිසා ඇදුම, පීනස වැනි රෝග නිවසේ සාමාජිකයන්ට ඉක්මනින් ඇතිවිය හැකිය. මේ කාලයේ දී කළ හැකි හොඳම දෙය වන්නේ ජනෙල් තිර රෙදි ඉවත් කර තැබීමයි. නැතිනම් ජනෙල් පියන් විවෘත නොකිරීමය.


දොර රෙදි නිසා ඔබේ මුහුණ අපවිත‍්‍ර වේ
හොඳින් කල්පනා කර බලන්න. ඔබේ නිවසේ දොර රෙදි සෝදා පිරිසුදු කළේ අලූත් අවුරුද්දට නොවේ ද?. ඉන් පසු ඔබ ඒ ගැන නොසිතන්න ඇති. දැන් කොපමණ කාලයක් ද?. පසුගිය උත්සව සමයේ ඔබේ නිවසට කුඩා දරුවන් මෙන්ම බොහෝ නෑදෑ හිතවතුන් පිරිසක් පැමිණෙන්නට ඇති. ඔවුන් ඔබේ නිවසේ දොර රෙදි අල්ලා බලන්න ඇති. නැතිනම් එහා මෙහා ගමන් කරන විට අනේක වාරයක් ඒවා අතපත ගාන්නට ඇති. ඉන්පසු ඔබ මුළුතැන්ගෙයින් කාමරයට එන විට දොර රෙදි අතින් එහා මෙහා කරයි. ඔබ පමණක් නොවේ. පවුලේ සියලූ සාමාජිකයන් සියලූ දෙනා මේවා එහාට මෙහාට කරමින් ගමන් කරයි. ඇතැම් විට අත පිස දා ගන්නත් දොර රෙදි භාවිතා කරන අවස්ථා නැතිවා නොවේ. දැන් ඔබ මේවා කාලයක් එල්ලා තබන්නට ඇති. එහි බැක්ටීරියා, දිලීර ආදී විෂ බීජ බොහෝ ප‍්‍රමාණයක් වර්ධනය වී තිබේ. ඔබේ කුඩා දරුවා නිවසේ එහා මෙහා ඇවිදින විට දොර රෙදිවල මුහුණේ ඇතිල්ලේ. කුඩා දරුවා පමණක් නොව ඔබත් අතින් දොර රෙදි එහා මෙහා නොකර ගමන් කරන විට ඉන් මුහුණ පිසදැමේ. කාලයක් දොර රෙදිවල කුණු දුවිලි ආදිය එකතු වී මුහුණේ සංවේදී සම හරහා ගමන් කර කුරුලෑ ආදිය ඇති කරයි. ඔබ මුහුණේ ඇති කුරුලෑ ආදිය ඇති සුව නොවේයැයි මැසිවිලි නැඟුවත් එයට ඔබේ දොර රෙදි හේතුවක් විය හැකියි.

තිර රෙදි ගැන සිතන්න
ඔබේ නිවස අලංකාර කරන තිර රෙදිවල කුණු නැතැයි සිතා කාලයක් ඒවා පිරිසුදු නොකර භාවිතා නොකරන්න. ඒවා සති දෙකකට වරක් හෝ සෝදා පිරිසුදු කළ හැකි නම් පවුලේ සාමාජිකයන් අතර ඇති ලෙඩ රෝග ගණනාවක් සුව කළ හැකිය. එනම් සෙම්ප‍්‍රතික්ෂාව, ඇදුම, පීනස වැනි රෝග ඒ අතර ප‍්‍රධාන වේ. නිවසේ එක් සාමාජිකයකුට අලූහම් වැනි සමේ රෝග ඇති වූ විට එය පවුලේ සියලූ දෙනා අතර පැතිරෙන්නේ ඇඳ ඇතිරිලි, දොර ජනෙල් රෙදි නිසාය. ඒවා නිසි ලෙස පිරිසුදු වන්නේ නම් මෙවැනි රෝග සුවකර ගත හැකිය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...