Skip to main content

සුරිය දියණිය අද සිට


 ලොව වඩාත්ම ජනප්‍රිය එම්ප්‍රස් කී කොරියානු ටෙලි නාට්‍යය

තමන් උපන් දේශයේ නොමැතිව අන් දේශයක කිරුළු පලඳින්න වරම් ලැබූ රැජිනියන් ලෝක ඉතිහාසයටම ඇත්තේ අතක ඇඟිලි ගණනටත් අඩුවෙනි. තිස් වසරකට ආසන්න කාලයක් විදේශයක අධිරාජිනියක වීමට වරම් ලැබූ නුවණැති රුවැත්තියකගේ සෙනෙහස, ධීර වීර බව, කැපවීම කැටි කළ පරමාදර්ශී කතා පුවතක් අනිද්දා (16 වැනිදා) සිට පස්වරු 6.30 හෝරාවට ජාතික රූපවාහිනිය ඔස්සේ 'සූරිය දියණි' නමින් විකාශය කෙරේ.
කොරියාවේ ඉහළ පාන්තික පවුලක ඔල්ජෙයි කූතුක් නමින් 1315 දී උපත ලබන දියණියක අවසානයේදී මොංගෝලියාවේ තෝගන් තෙමූර් අධිරාජයාගේ බිසව බවට පත්වන්නීය. පසුව ඇයගේ පුතු ආයුර් ශ්‍රීදර ද මොංගෝලියානු කිරුළට හිමිකම් කියයි. ජී. අධිරාජිනිය ලෙසින් ඇය පුරා වසර තිහකට ආසන්න කාලයක් මොංගෝලියාවේ අධිරාජිනිය ලෙස වැජඹෙන්නීය. ඇය මෙන්ම කොරියාවේ සිටින ඇයගේ වැඩිමල් සොයුරා ගී චියොල් කොරියානු දේශපාලනයේ කැපී පෙනෙන චරිත බවට පත්වෙයි. ජි. අධිරාජිනිය කොරියානු වැසියන්ට වීර චරිතයක් නොවන්නේ ඇය වරක් තම මවුබිමට මොංගෝලියානු හමුදාවක් යැවූ නිසයි. ඒ වාගේම බලයට තණ්හාවෙන් ඇය කළ සැලසුම් හෙළි වී වරක් තෝගන් තෙමූර් රජු ඇයගෙන් දුරස් වී තිබේ.
වසර 55ක් ජීවත්වූ යූවාන් අධිරාජ්‍යයේ (මොංගෝලියාවේ) ජී. අධිරාජිනියගේ කතා පුවත ඇසුරින් 'එම්ප්‍රස් කී' රූපවාහිනී මාලා නාටකය නිර්මාණය වී ඇත. සත්‍ය කතාවේ ගී අධිරාජිනිය සුදෝ සුදු දේශපාලන චරිතයක් නොවුණ ද කී අධිරාජිනිය ලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ පරමාදර්ශී කාන්තා චරිතයකි.
ළමා වියේදී කොරියානු දේශය අතහැර මව සමඟ වහලියක් ලෙසින් ඇයට චීනයේ යුවාන් රාජධානියට (මොංගෝලියාවට) යාමට සිදු වෙයි. ගමන අතරමඟදී සෙබළුන්ගේ පහරදීම්වලින් මව මිය යන අතර තනි වන කුඩා කී පිරිමි වෙස්ගෙන සිය පවුලට සිදු කළ විනාශයට පළිගැනීමට අදිටන් කර ගන්නීය. වාසනාව හා තිර අදිටන නිසා මාළිගාවේ සේවිකාවක් වන ඇය අවසානයේදී එරට අධිරාජිනිය බවට පත්වන්නීය.
කී අධිරාජිනිය ලෙස දිරියෙන් නුවණින් පැමිණි කටුක ජීවන චාරිකාවේදී ඇයට දෙහදක ආදරයට මැදිවීමට සිදු වෙයි. මේ ආදර ත්‍රිකෝණය ගොඩ නැ‍ඟෙන්නේ ගෝරියෝ දේශයේ (කොරියාවේ) රජු වං යූ හා යුවාන්හි අනාගත අධිරාජයා වූ තා හුවාන් සමඟය. මවුබිම වූ කොරියානු දේශයේත් ජීවත්වන යුආන් අධිරාජ්‍යයේත් ගැටලු නිසා කී අධිරාජිනිය අසරණ වන අවස්ථා එමටය.
ත්‍රිකෝණ ආදරය, දෙරටක දේශපාලනය (කොරියාව සහ මොංගෝලියාව අතර) අතර දෝලනය වන ඇයගේ ජීවන කතාව 'එම්ප්‍රස් කී' නමින් එම්බීසී නාළිකාවෙන් කොටස් පනස් එකකින් 2013 ඔක්තෝබර් 28 වැනිදා සිට 2014 අප්‍රේල් 29 දක්වා නාට්‍ය විකාශය කර තිබේ. එම වසරවලදී දකුණු කොරියාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ නාට්‍ය බවට 'එම්ප්‍රස් කී' පත් විය.
දැනට මේ නාට්‍ය පිලිපීනය, ඉන්දුනීසියාව, පෝලන්තය, සිංගප්පූරුව, තායිවානය ඇතුළු රටවල් ගණනාවක විකාශය කර තිබෙන අතර 'තේ චංගුමී ජුවෙල් ඉන්ද පැලස්'ට (සුජාත දියණියට) පසු ලොව ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය නාට්‍ය බවට පත්වී ඇත්තේ 'එම්ප්‍රස් කී' ය. ඒ වාගේම නාට්‍යයට දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතිකව ද සම්මාන රැසක් හිමි වී තිබේ. මෙහි 'කී' අධිරාජිනියට පණ පොවන හා ජී වොන් අන්තර්ජාතික කීර්තියට පත් නිළියකි. ගායිකාවකි. ඇය 'කී' අධිරාජිනියගේ චරිතයට කෙතරම් සාධාරණයක් ඉටු කළාදැයි කිවහොත් 2013 වසරේ එම්බීසී නාට්‍ය සම්මාන උලෙළේදී විශේෂ ව්‍යාපෘති නාට්‍ය අංශයේ අති විශිෂ්ට (නිළි) සම්මානය, ජනප්‍රිය නිළිය සම්මානය, එම්බීසී, කේබීසී, එස්බීසී නාළිකා මඟින් තෝරා ගන්නා වසරේ නිළිය සම්මානය ඇතුළු සම්මාන ගණනක් හිමිකර ගන්නා ලදී. තිස්හත් හැවිරිදි ඇය සිනමා සහ රූපවාහිනී විෂයයන් පිළිබඳ උපාධිධාරිනියකි.
විශේෂ ව්‍යාපෘති නාට්‍ය අංශයෙන් අති විශිෂ්ට (නළු) සම්මානය හිමි වූයේ වා යූ චරිතයට පණ පෙවූ ජූ ජින් - මෝටය. සීඑන්එන් ශ්‍රේණිගත කිරීමට අනුව ඔහු කොරියාවේ ජනප්‍රියම නළුවන් විසි දෙනා අතර සිටියි. විශේෂ ව්‍යාපෘති නාට්‍ය අංශයේ තා හුවාන් අධිරාජයාගේ චරිතය රඟපෑ ජී චැං වුක් විශිෂ්ට සම්මාන දිනා ගත්තේය. හොඳම නවක නිළිය ලෙස ඇගැයුමට ලක්වුණේ ධනශීලි, ලෙස රඟපෑ පෙක් ජින් හිය. ඇය කොරියාවේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ ලෙස ප්‍රකට පෙක්සං සම්මාන උලෙළේදී ද (2013) හොඳම නවක නිළිය බවට පත් වූවාය. නවවැනි සියොල් අන්තර්ජාතික සිනමා උලෙළේ වසරේ හොඳම ටෙලි නාට්‍ය මාලාව ලෙස 'ගෝල්ඩන් බර්ඩ් ප්‍රයිස්' දිනා ගැනීමටත් 48 වැනි වාර්ෂික වර්ල්ඩ් ෆෙස්ට් - හුස්ටන් අන්තර්ජාතික සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මානයක් දිනා ගැනීමටත් 'එම්ප්‍රස් කී' නාට්‍යයට හැකි විය.
'සූරිය දියණි' ලෙසින් සැඳෑ හෝරාවේදී 'එම්ප්‍රස් කී' ප්‍රේක්ෂකයන් වෙත පැමිණෙන්නීය. මෙහි 'කී' (කී සන්යං) අධිරාජිනියට හඬ දෙන්නේ චේතනා කැටගොඩය. තා හුවාන් අධිරාජ්‍යයාගේ හඬ බවට පත්වන්නේ ඩිෂාන් ෂාමින්දගේ හඬයි. නලින් ප්‍රියදර්ශන වං යූ රජට හඬ දෙයි.
හුස්ම දුන්න ද කාසි නොපතන සුළඟ මෙන් සුමිතුරු, දිනකට පියවර බැගින් ජීවිතයේ ඉලක්ක සපුරා ගන්නා දිය දෝතක් මෙන් සිසිල් 'සූරිය දියණි' කතාවේ තේමා ගේ පද හා පද රූ ගැන්වීමත්, නාට්‍යයේ නිපැයුම් මෙහෙයුමත් සිනමා හා හඬ කැවීමේ ඒකකයේ අදියුරු අතුල රන්සිරිලාල් ගෙනි. ගේය පදවලට තනුවෙන් සංගීතවේදී එම්. ආර්. චූලසිංහ ද ගැයුමෙන් ඉසුරු ජයරත්න සහ සශිකා නිසංසලා ද සවනට මිහිරක් එක් කරති

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...