Skip to main content

කොරියානු කතා

කොරියානු කතා

රූපවාහිනියේ කොරියානු කතා මාලාවන් සිංහල භාෂාවෙන් හඬකවා විකාශනය කිරීම ආරම්භ කරාට පස්සෙ අපේ රටේ ජනතාවත් කොරියානු කතාමාලා බලන්න පුරුදු වුනා.කොරියානු නළු නිළියන් ඉන්න day card, poster වගේ දේවල් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා.ගොඩක් අය ආස කරන කොරියානු කතා ගැන තමයි මේ post එකෙන් මන් කතා කරන්න යන්නෙ.
             චංගුමී ඉන්න සුජාත දියණි ටෙලිනාට්‍යයෙන් පටන්ගත්ත කොරියානු කතාවල ජනප්‍රියත්වය Boys over flowers ටෙලිනාට්‍යත් සමගම තවත් වැඩි වුණා.
           මම සාමාන්‍යයෙන් බලන්න කැමති American TV series. කුතුහලය,ත්‍රාසය, ආදරය මේ හැම දෙයක්ම එකට මිශ්‍ර වුන , කොයිතරම් බැලුවත් එපා නොවෙන කතාමාලාවන් බලලා ඉවර කරන්න බැරි තරම් තියනව.ඒ වගේම කොරියන් TV series වුණත් නරකම නෑ කියල මට පස්සේ තේරුණා. :) :D 
            මමත් මුලින්ම කොරියානු කතාවලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.හැමෝම වගේ චංගුමීට පිස්සු වැටිල ඉන්න එක විකාරයක් විදියටයි මට දැනුනේ.මම සුජාත දියණිය නම් කොහොමටවත් බැලුවෙම නෑ.දවසක් මගේ හොඳම යාළුවෙක් මට කොරියානු TV Series වගයක් දුන්නා.මට බලන්නම දෙයක් තිබුණේ නැති දවසක මම ඒවා බලන්න පටන්ගත්තෙ. මම බලපු පලවෙනිම කොරියානු TV Series එක තමයි Playful Kiss.ඒ කතාව බැලුවට පස්සේ තමයි මාත් කොරියන් කතා බලන්න පටන්ගත්තේ.
Playful kiss

              ගොඩක් කතා එකම වගේ.හැම කතාවෙම වගේ අන්තිමට වෙන්නෙ කෙල්ලයි කොල්ලයි යාලු වෙන එක.බොහෝ දුරට දෙන්නම ඉන්නෙ එකම ගෙදර.එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා එකම තැන ජීවත්වෙන්න එයාලට සිද්ධ වෙනව.මේ වගේ දේවල් එක්කම තවත් ගොඩක් සමානකම් හැම කතාවෙම වගේ තියෙනවා.තවත් දෙයක් තමයි මේ කතා ගොඩක් බොලඳයි.තාත්වික නැති සිදුවීම් බහුලයි.
      තවත් දෙයක් තමයි කොරියානු සමාජයේ ඇත්තටම එහෙමයිද කියල හිතෙන තරමටම පිරිමි පාර්ශවය ගැහැණු අයට ගොඩක් ගරු කරනව. (ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන්) 
            කොරියාවේ ජීවත් වෙන හැම පවුලම පෝසත් වගේ තමයි ඒ කතා බලන අපිට හිතෙන්නේ.දුප්පත් අය අඩුවෙන්ම ඉන්න පෝසත් මිනිස්සු වැඩිපුර ඉන්න රටක් වගේ පෙන්නුවාට ඒක එහෙම නෑ.ඒ රටෙත් හැම විදියෙම මිනිස්සු ජීවත් වෙනව.හැම කතාවෙම පෙන්නනව වගේ තාත්වික ලෝකෙදි පෝසත් පිරිමි ළමයි ඔක්කෝම දුප්පත් හෝ සාමාන්‍ය පවුල්වල ගැහැණු ළමයින්ව විවාහ කරගන්නෙත් නෑ ඉතින්.



            
              
දැන් ඔයාල හිතනව ඇති මෙච්චරටම අඩුපාඩු තියනවනම් ඇයි මම ආසාවෙන් බැලුවෙ කියල.අඩුපාඩුවලට වඩා වැඩියෙන් හැම කතාවකම හොඳ දේවල් ගොඩක් තියෙනවා.අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන දේවල්, ඒ වගේම අපි සමාජය ජීවිතය ගැන හා ගැටලුවලට නිවැරැදිව මුහුණදෙන විදිය මේ හැම කතාවකින්ම වගේ ඉගෙනගන්න පුළුවන්කම ලැබෙනවා. හැම සිදුවීමකින්ම ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේ එකතු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ.
                 කොරියානු ටෙලිනාට්‍ය බලන්න ආස හිතෙන්න හේතුවෙන තවත් හේතුවක් තියෙනවා.ඒ තමයි රඟපාන නළු නිළියන්ගේ කඩවසම් බව හා සුන්දරත්වය. සමහරුන්ට ප්‍රධාන නළුවයි නිළියයි දැක්කම ඇති කතාව මොකක් උනත්.ඒ තරමට එයාල ලස්සනයි. ;) 
      ඒ වගේම හැම කතාවක්ම හරිම සුන්දරයි.දර්ශන තලයන් හරිම දැකුම්කළු විදියට නිර්මාණය කරල තියෙනවා.බලන්න ආස හිතෙන විදියටම.



 

ඇමරිකානු කතාමාලාවකට සමානකම් තියෙන මම බලපු හොඳම කතාවක් තමයි City Hunter. 

         ඒ වගේම අන්තිමට මම බලපු හොදම කතා ටිකක නම් කියල යන්නත් මන් අමතක කරන්නෙ නෑ.
  
  • City hunter
  • Boys over flowers
  • Playful kiss
  • You're Beautiful
  • Personal taste
  • Heirs
  • Mary stayed out all night
  • Love rain        

Boys over flowers
 මේ මගේ පලමුවැනිම post එක.මේක කියවන ඔයා

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...