Skip to main content

රජුට අභියෝග කරන පිංචියා

වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ දැවැන්තයන් වූයේ ඩයිනසෝරයන්ය. විවිධාකාරයේ, ලොකු කුඩා සහ අති දැවැන්ත ඩයිනසෝරයෝ මිහිමත ඇවිද ගියහ. ඩයිනසෝරයන් අතරින් වඩාත් බිහිසුණු මෙන්ම ජනප්‍රියතම ඩයිනසෝරයා වන්නේ ටයිරැනොසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ය.
ඩයිනසෝර ලොවේ රජු ලෙස හැඳින්වෙන්නේ මේ දැවැන්තයාය. ටී රෙක්ස් නිහඬව ගොස් ගොදුරු අල්ලා ගන්න ශූරයෙකි. ගොදුරු සපා කන අයුරු අති ප්‍රබලය. ගොදුරක් අල්ලා ගෙන සපා කෑමට ටී රෙක්ස්ට තරම් ශක්තියක් මිහිමත වෙන කිසිදු ජීවියකුට නැතැයි, ටි රෙක්ස්ගේ දත් සහ හිස් කබල සහ හකුපාඩාවල පොසිල අස්ථි අධ්‍යනයෙන් පෙනී ගොස් තිබේ. කෙසේ නමුත් පසුගිය දා එක්සත් රාජධානියේ, ‘යුනිවර්සිටි ඔෆ් රීඩිං’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අලුත් අදහසක් ඉදිරිපත් කළේය. ඒ, ටී රෙක්ස්ට වඩා ප්‍රබල පුංචි කුරුල්ලකු ගැනය.
‘ෆිංච්’ යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන මේ පුංචි කුරුල්ලා සිංහලෙන් හැඳින්වෙන්නේ ‘පිංචියා’ යනුවෙනි. එස්ටි්‍රල්ඩිඩායි සහ එම්බොරිසිඩායි කුලයට අයත් මේ කුරුල්ලා බීජභක්ෂකයෙකි. ටී රෙක්ස්ට අභියෝගයක් වී ඇත්තේ ගැලපගොස් දූපතේ, චාල්ස් ඩාවින් විසින් ස්වභාවික වරණය සහ ජීවීන්ගේ පරිණාමය ගැන අපට කියා දීමට උදාහරණ කොට ගත් ‘ගලපගස් පිංචියා’ ය. මේ පිංචියා සෙසු පිංචි කුරුල්ලන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර, පියාඹීමට වඩා බිම පැන පැන යමින් (දෙමලිච්චන් මෙන්) කාලය ගත කරයි. මේ ගලපගස් පිංචියාගේ හොට ඉතා ශක්තිමත් වන අතර, එම හොටෙන් කරනු ලබන සපා කෑමක ප්‍රබලත්වය, ටී රෙක්ස්ගේ සපා කෑමේ ප්‍රබලත්වයට වඩා 320 ගුණයකින් වැඩිය. ‘ගලපගස් පිංචියා’ ඩයිනසෝර රජ්ජුරුවන්ට අභියෝගයක් වෙන්නේ එලෙසයි.
විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ ගලපගස් දූපත්වල ජීවත් වන පිංචියන් 434 දෙනකු සහ මියගිය පිංචියන් ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමෙන් පසුවය. ප්‍රමාණයෙන් ග්‍රෑම් 33 ක් තරම් කුඩා වුවත්, සපා කෑමේ ශක්තිය අතින් පිංචියා ටී රෙක්ස් පරදයි. එපමණක් නොව, විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, පිංචියා ටී රෙක්ස් තරම් දැවැන්ත කරුල්ලෙක් වූයේ නම්, දෙදෙනා අතර සටනක් පැවැතියේ නම්, එයින් ජයගන්නේ පිංචියා කියාය.
ස්වභාවිකවරණයේදී ඩාවින්ගේ පිංචියෝ ඉතා වැදගත්ය. ගලපගස් දූපතේ කළ කෙටි සංචාරයෙන් පසු ආපසු එංගලන්තය බලා ගිය පසු ඩාවින් ගලපගස් පිංචියන් ගැන තැබූ සටහන් යළි අධ්‍යනය කරන්න විය. ගලපගස් යනු කුඩා දූපත් සමූහයකි. එකිනෙකට වෙනස් ගලපගස් දූපත්වල වාසය කරන පිංචියන් ද වෙනස් බව ඩාවින්ට වැටහිණි. ඩාවින් එම වෙනස දුටුවේ පිංචියන්ගේ හොටෙනි. එකිනෙකට වෙනස් දූපත්වල ජීවිතයට (ආහාර ගන්නා ආකරය අනුව) අනුකූල ආකාරයට පිංචියන්ගේ හොට වෙනස් වී (පරිණාමයට ලක්වී) ඇති බව ඩාවින් අපට පෙන්වා දුන්නේය. ජීවීන්ගේ පරිණාම කතාවට ඩාවින්ගේ පිංචියෝ ඉතා වැදගත්ය.
බීගල් නැවෙන් ගිය ගමනේදී, චාල්ස් ඩාවින් ලොව වටා සත්ව සහ ශාක විශේෂ අධ්‍යනය කළේය. ඒත් පරිණාමවාදය සහ ස්වභාවිකවනරණය පිළිබඳ අපූරු අදහස් ලොවට හෙළි කිරීමට ඩාවින්ට හැකිවූයේ සති කිහිපයක් ගලපගස් දූපත්වල ගත කිරීමෙනි. කුඩා දූපත් සමූහයක් වන ගලපගස් දූපත් පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවට ඔබ්බෙන් කිලෝ මීටර් 1,000 ක් දුරිනි. මෙම දූපත්වල වාසය කරන ලොව වෙන කිසිම තැනක නැති විදියේ අමුතු අපූරු ජීවීන් පිරිසක් ඩාවින්ට හමුවිය.
මීට වසර මිලියන 65 කට පෙර, පියඹා යෑමට නොහැකි වූ ඩයිනසෝරයන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මිහිමතින් සමුගත්තේය. ක්ෂීරපායීන්ගේ නැගී සිටීම සිදුවූයේ ඩයිනසෝරයන්ගේ මේ සමුගැනීමත් සමඟය. එසේ නොවුණා නම්, අප ක්ෂීරපායීන් අද ලොව පහළ නොවන්න ඉඩ ඇති බව පැවැසෙයි. ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් ඩයිනසෝරයන්ගේ අභාවය සිදුවුණු බවට අදහසක් පවතී. ඩයිනසෝරයන් මරා දැම්මේ චික්සුලුබ් නමැති ග්‍රහකය යැයි අනුමාන කෙරේ. මේ අති දැවැන්ත ග්‍රහකය පතිත වී ඇත්තේ මෙක්සිකෝ බොක්කටය. ග්‍රහකය පෘථිවියේ ගැටෙද්දී, සිදුවුණු මහා පිපිරීමෙන් මුළු ලොවට කැලැඹී ගොස් ඇත. පැය 10 ක් ගතවීමටත් පෙර අති බිහිසුණු මෙගා සුනාමි පෘථිවියේ සෑම අස්සක් මුල්ලකටම කඩා වදින්න ඇතැයි ද පැවැසෙයි. ගිනි කඳු පිපිරීම් සහ භූමි කම්පා ද හටගෙන තිබෙන බව භූ විද්‍යාත්මක සාක්ෂිවලින් පැහැදිලි වෙයි. ඩයිනසෝරයන්ට එය ඔවුන්ගේ ලෝක විනාශය විය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...