Skip to main content

කුඩා කල හැදෙන දද සුව කරන්න පුළුවන්ද



කුඩා දරුවාගේ සමේ දද හට ගැනීම ඉතාම කරදරකාරී තත්ත්වයකි. එහෙත් මෙය බොහෝවිට දැකිය හැකි සුලබ රෝගි තත්ත්වයකි. මෙවැනි රෝගයකට කුඩා දරුවකු ගොදුරු වූ විට ඉන් මවුපියන්ගේ ජීවිතවලට පවා අහිතකර ගැටලූ ඇති වේ. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ එම රෝගය ගැන නිසි අවබෝධයක් නොමැතිකමයි.


  • මෙවැනි රෝගියකුට ආහාර පානවලින් වැළකීම අවශ්‍ය නැත. ඕනෑම ආහාරයක් ගත හැකියි. එහෙත් යම් ආහාරයක් ගත් විට රෝගය වැඩිවන්නේ නම් පමණක් එම ආහාරය නොදිය යුතුය. නැත්නම් මේ සඳහා විශේෂයෙන් නුසුදුසු ආහාර නැත.
     
  • දරුවා නෑවීමේදී ඇල් මැරුණු වතුර හෝ සාමාන්‍ය ජලය භාවිත කළ යුතුය. තද උණුසුම් ජලය සුදුසු නැත.
     
  • රෝගය සුව වූ විට හතිය, ඇදුම, පීනස වැනි තත්ත්වසෑදේ යැයි බිය නොවිය යුතුය. ඊට හේතුව වයසත් සමග ඉහත සඳහන් රෝගද ඇති විය හැකි නිසාය. එක් රෝගයක් සුව කළ විට අනෙක් රෝගය ඇති වේ යැයි බියක් ඇති කරගත යුතු නැත.
     
  • බොහෝවිට දරුවන්ගේ වයසත් සමග රෝගය සුව වේ. එනිසා ඉවසීමෙන් මේ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර කළ යුතුය.

දද බොහෝදෙනා හඳුන්වන්නේ ‘රක්තය’ නමිනි. මෙය වයස මාස 2 - 3 පටන් දරුවකුට ඇතිවීමට පුළුවන. මෙහි ප‍්‍රධානම ලක්‍ෂණය වන්නේ කැසීමය. මේ නිසා දරුවාට නින්ද නොයාම, කෑම අරුචිය, කේන්තියාම වැනි බාහිර ගැටලූ ඇති වේ. එසේම කැසීම නිසා බැක්ටීරියා ආසාදනවලට ලක්විය හැකිය. එසේම දරුවා නිදා නොගැනීම නිසා පවුලේ අනෙක් සාමාජිකයන්ගේද ජීවිතවලට මෙමගින් අවහිරතා ඇති වේ. මවුපියන්ද මානසික පීඩනයට හා ආතතියට ලක් වේ. ඒ නිසා මෙවැනි රෝග තත්ත්වයක් හඳුනා ගතහොත් නිවැරදි ප‍්‍රතිකාර ක‍්‍රමයකට යොමුවිය යුතුය. එහෙත් බොහෝවිට වැරදි ආකල්පවලට යොමුවීම අපේ රටේ මෙම රෝගීන් අතර දක්නට ලැබේ. එනිසා මෙම රෝගය ගැන නිසි අවබෝධයෙන් යුතුව ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත් වේ.

රෝග ලක්ෂණ
දරුවා අධික ලෙස දෙපා කසයි. මෙය දෙපා පමණක් නොව සිරුරේ අන් තැන්වලත් දක්නට ලැබේ. කසන තැන්වල රතු පැහැති පුල්ලි සෑදෙයි. එය මුහුණේ, වැළමිට ඉදිරිපස, දණහිස පිටුපස ආදී තැන්වල මතු වේ. මේ හැර මුළු ශරීරයටම රතු පැහැ ගනී. සම කසන තැන්වලින් වතුර වැනි ද්‍රව්‍යයක් ශ‍්‍රාවය වෙයි. අධික කැසීම නිසා සම තුවාල වේ. එවිට එම තුවාල බැක්ටීරියා මගින් ආසාදනය වේ. දරුවාගේ ඇස් වටේ, කට වටේ ඇති සම පිපිරීමට පුළුවන. මෙවැනි දරුවන්ගේ මුළු ශරීරයේම සම වියළි ස්වභාවයක් ගනී.




හැදෙන්නේ ඇයි?
දද සෑදෙන්නේ ප‍්‍රධාන වශයෙන් සම වියළි වූ විටය. වියළි සම සාමාන්‍ය සමට වඩා වෙනස් වේ. එම සම බොහෝ දේවලට ආසාත්මිකතාවක් දක්වයි. වියළි සම නිසි ලෙසට පරෙස්සම් කර ගැනීමෙන් මෙවැනි දෑ ඇති නොවී සාර්ථක ලෙස පාලනය කළ හැකිය.



රෝගය වැඩිවෙන හේතු
මෙම රෝගය යම් යම් කාලවලදී ඉතාම අපහසුතා ගෙන දෙන ලෙස වැඩි වේ. එසේම රෝගී දරුවාට එම තත්ත්වය වළක්වා ගැනීමට දී ඇති උපදෙස් පිළි නොපැදීමත් තවත් ප‍්‍රධාන හේතුවකි. එනිසා පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

I වියළි සමක් ඇති ඔබේ දරුවාගේ සම මත තෙතමනය රඳවා තබාගන්නා කී‍්‍රම් වර්ගයක් භාවිත කළ යුතුය.
II අධික උණුසුම් කාලයේදී ඉහත කී‍්‍රම් වර්ගයක් සමේ ආලේප කිරීම අවශ්‍යය.
III දුවිලි හා සතුන්ගේ ලොම් නිසා දද තිබෙන දරුවාගේ රෝගය වැඩි වේ.
IV අධික දහදියටත් ගැටලූ ඇති වේ.
V මදුරුවන් වැනි කුඩා කෘමීන් දෂ්ට කිරීම හානිකරය.
VI බැක්ටීරියා ආසාදනවලට ගොදුරුවීම




ප‍්‍රතිකාර මොනවාද?
සෑමවිටම වියළි සමට ගැළපෙන පිරිසුදු කාරක හා කී‍්‍රම් පමණක් භාවිත කළ යුතුය. මෙය රෝගය පැන නැගුණු හා සුව වූ යන අවස්ථා දෙකේදීම කළ යුතුය. රෝගය උත්සන්න වූ විට එම කී‍්‍රම් භාවිතය වැඩි කළ යුතුය. එහෙත් රෝගය පාලනය වූ පසුවද දිනකට දෙවරක් සමේ තෙතමනය රැුඳෙන ලෙසට කී‍්‍රම් වර්ගයක් භාවිත කළ යුතුය. මේ සඳහා Aqeous cream (SPC) වැනි මිල අඩු ක‍්‍රීම් වර්ගයක් භාවිත කළ හැකිය. එම කිී‍්‍රම් රජයේ ඔසුසල්වලින් (SPC) ලබාගත හැකිය. රෝගය උත්සන්න වූ විට ඒ සඳහා අදාළ ඖෂධ වෛද්‍යවරයා විසින් ලබාදෙනු ඇත. එම කාලයේදී පමණක් ඖෂධ භාවිත කළ යුතු වේ. හිතුමතේ එම ඖෂධ තමන් විසින් නැවත නැවත භාවිත නොකළ යුතුය.




රෝගය වැඩිවීම වළක්වන හැටි
දරුවාගේ හෝ රෝගී වැඩිහිටි ඕනෑම කෙනෙක් තම සමට ගැළපෙන සමේ තෙතමනය රඳවා ගන්නා කී‍්‍රම් වර්ග නොකඩවා භාවිත කළ යුතුය. මදුරුවන් වැනි සතුන් දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතුය.
දුවිලි, සිමෙන්ති, අධික උණුසුම ආදී දෑවලින් ආරක්‍ෂා විය යුතුය.
රෝගය උත්සන්න වනවිට වෛද්‍ය උපදෙස් පමා නොකර ලබාගත යුතුය.




මේවා දැන ගැනීම වැදගත්
මෙවැනි රෝගියකුට ආහාර පානවලින් වැළකීම අවශ්‍ය නැත. ඕනෑම ආහාරයක් ගත හැකියි. එහෙත් යම් ආහාරයක් ගත් විට රෝගය වැඩිවන්නේ නම් පමණක් එම ආහාරය නොදිය යුතුය. නැත්නම් මේ සඳහා විශේෂයෙන් නුසුදුසු ආහාර නැත. දරුවා නෑවීමේදී ඇල් මැරුණු වතුර හෝ සාමාන්‍ය ජලය භාවිත කළ යුතුය. තද උණුසුම් ජලය සුදුසු නැත.
රෝගය සුව වූ විට හතිය, ඇදුම, පීනස වැනි තත්ත්වසෑදේ යැයි බිය නොවිය යුතුය. ඊට හේතුව වයසත් සමග ඉහත සඳහන් රෝගද ඇති විය හැකි නිසාය. එක් රෝගයක් සුව කළ විට අනෙක් රෝගය ඇති වේ යැයි බියක් ඇති කරගත යුතු නැත. බොහෝවිට දරුවන්ගේ වයසත් සමග රෝගය සුව වේ. එනිසා ඉවසීමෙන් මේ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර කළ යුතුය.
නිවැරදිව සමේ කී‍්‍රම් භාවිතයෙන් සාර්ථකව රෝගය පාලනය කර ගත හැකිය. නැතහොත් ඖෂධ ගන්නා විට පමණක් රෝගය අඩුවන අතර එය බෙහෙත නතර කරන විට නැවත මතුවිය හැකිය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...