Skip to main content

නන්දන මාරසිංහට මොකද වුනේ ?

නන්දන මාරසිංහ 71 කැරළිකරුවන් අතර සිටි සුවිශේෂි චරිතයක් වන අතර විමුක්ති ගී සාර්ථක කරගැනීම සඳහා කැපවී ක්‍රියාකල අයෙකි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. දක්ෂ තබ්ලා වාදකයෙකුවු නන්දන අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන විට ගුරුවරයෙකුවූ මුණසිංහ මගින් 1968දී ඔක්තෝබර් මස ජවිපෙට සම්බන්ධවී පූර්ණකාලිනකයෙකු විය. ඔහු ප්‍රථමවරට  අධ්‍යාපන කඳවුරට සම්බන්ධවූයේ 1968 දෙසැම්බර් මිද්දෙණියේදී වන අතර පොලිස් අත්අඩංගුවට ප්‍රථමවරට පත්වූයේ 1970 මින්නේරියේදීය. අප්‍රේල් කැරැල්ලේදී විජේවීර නිදහස්කර ගැනීම සඳහා කරාටේ සැම්සන්, අම්බලන්ගොඩ තිලකසිරි, කොටවල දේවසිරි හිමි යන අයගේ නායකත්වයෙන් විද්දෝදය සරසවියේ සිට යාපනයට බස් රථයකින් ගිය 60 දෙනාගේ කණ්ඩායමට අනුරාධපුරයෙන් එක්වූවෙකි. ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසුව පලායෑමට සමත්විය.

ජවිපෙ 71 කැරැල්ලට හසුවී සිටි අය බේරාගැනීම සඳහා නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ කණ්ඩායමක් අනුරාධපුර බන්ධනාගාරයට 1972 ජුනි 13වැනිදා ප්‍රහාරයක් එල්ලකර එහි සිටි පියදාස රණසිංහ, හීන්බණ්ඩා වනසිංහ, අකුරැස්සේ ෆැන්සිස් ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයින් 31 දෙනෙකු මුදවා ගන්නා ලදී. එම ප්‍රහාරයට මුවාවී මරුසිරා සමඟ නමගිය අපරාධකරුවන් 4 දෙනෙකු ඇතුළු සිරකරුවන් 7ක්ද පළාගියහ. යළිත් නන්දන මාරසිංහගේ මෙහෙයවීමෙන් ජවිපෙ සාමාජිකයන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයට 1972 සැප්තැම්බර් 29වැනිදා රාත්‍රී 12ට තාප්පයට වැල් ඉනිමන් ගැටගසා ඇතුළට පැන බෝම්බ ගසමින් එහි සිටි ජවිපෙ 71 කැරැල්ලට සම්බන්ධ සැකකරුවන් 134 දෙනෙකු නිදහස් කරගෙන පලා ගියහ. පසුව නන්දන මාරසිංහ 1973 මරදාන ටෙක්නිකල් හංදියේදී ගාමිණී බාස්ගේ පාවාදීමක් මත පොලිස් අත්අඩංගුවට පත්විය. යාපනය හිරගෙදරින් 18දෙනෙකු සමඟ පැනගිය මාරසිංහ නැවත අත්අඩංගුවට ගත් අතර නඩුවට ගෙනයන අතරතුරදී කලාවැව දුම්රිය ස්ථානයේදී නැවත පැනගොස් පොල්ගස්ඕවිටදී නැවත අත්අඩංගුවට පත්විය.
dharman2408161ජවිපෙ විමුක්ති ගී සමුච්ඡය ආරම්භයට අත්වැලක්වූ නන්දන මාරසිංහ, කොළඹ රාමක්‍රිෂ්ණ රඟහලේදී 1981 පැවති විමුක්ති ගී ප්‍රසංගයේදී.
මාරසිංහ 1978 නිදහස් වීමෙන් පසු කලාව මගින් සමාජය වෙනස්කර ගැනිම ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගයට වැඩි බරක් යොදමින් සමාජවාදී කලා සංගමය හරහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. පසුව 1981 ජවිපෙන් මතවාදීව ඉවත්වී රජරට කේන්ද්‍ර කරගනිමින් ජනතා කලා කේන්ද්‍රය නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් කලාව හා සාහිත්‍යයට බරතබා ක්‍රියා කළේය.  ජනතා කලා කේන්ද්‍රය පසුව නුවර සහ කුරුණෑගලටද ව්‍යාප්ත කරන ලදී. විමුක්ති ගී බවට විකල්පයක් ලෙස කාලයේ රාවය ප්‍රසංගය බිහිවූයේ ඒ අනුවය. සුනිලා අබේසේකරද එහි ගී ගැයුවාය. අගනුවර කේන්ද්‍ර කරගත් ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂපාතී සංවිධානවල අනුරාධපුර සම්බන්ධීකාරකවරයා වූයේද ඔහුය. ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ 1987 අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව පිහිටුවා එහි කැඳවුම්කරු විය. ජවිපෙ මගින් අනුරාධපුර පොළ භූමියේදී 1987 නොවැම්බර් 27 ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.
dharman2408162ජවිපෙ මගින් අනුරාධපුර පොළ භූමියේදී 1987 නොවැම්බර් 27 ඔහු වෙඩි තබා ඝාතනය කල ජනතා කලා කේන්ද්‍රයේ සභාපති නන්දන මාරසිංහ
කුරුණෑගල සහ කෑගල්ල දිසා ලේකම්, ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ වයඹ සහ සබරගමු කලාප නායකයාවූ පන්නල කොට්ටල් භද්‍රආරච්චිගේ ඉන්ද්‍රරත්න ගල්ගමුවේදී 1986 සැප්තැම්බර් 22වැනිදා සිදුවූ බැංකු කොල්ලයේ නායකයෙකි. ගල්ගමුව බැංකු කොල්ලයෙන් පසු 1987 අවසානයේදී අනුරාධපුර පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර පොලිසියට ඔහු නියම නමින් හදුනා ගැනීමට හැකිවූයේ ජවිපෙන් ඉවත්වූ අනුරාධපුරයේ නන්දන මාරසිංහගේ මැදිහත්වීමෙනි. පසුව මාවතගම පීලස්සේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන රංජිත් විසින් පී.කේ.බී.ඒ. ඉන්ද්‍රරත්නගේ අත්අඩංගුවට ගැනීම ජවිපෙට දැන්වූ අතර පසුව සබදකම් හරහා කොල්ලුපිටිය පොලිසියේ ඔහු රඳවා තබාගන්නා ලදී. කොල්ලුපිටිය පොලිසියෙන් පලාඑන ඉන්ද්‍රරත්න යළිත් ජවිපෙට එක්වී කෑගල්ලේ දිසා ලේකම් වශයෙන් 1989 මැද භාගයේදී පත්විය. අනතුරුව 1989දී කෑගල්ල ටවුමේදී ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ ශාන්තගේ ඔත්තුවක් අනුව පොලිස් අත්අඩංගුවට පත්වන අතර  මේජර් ජනරාල් ජානක පෙරේරා විසින් කුරුණෑගල වැහැර යුධ හමුදා කඳවුරට ගෙන ඉන්ද්‍රරත්න ගෙන එන ලදී.
dharman2408163ඔගී රණවීරට අයත් බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයේ විකල්ප කැසට් පටය සඳහා 1980 පෙබරවාරි පටිගත කිරීමකදී ගුණදාස කපුගේ, නිමල් පෙරේරා, මුණිදාස ගුණසිංහ සහ නන්දන මාරසිංහ(වමේ සිට),
එම කඳවුරේ ඇති දරුණුතම වධකාගාර කුටිවල(තහඩු ගසා ඇති එම කුටියේ අත්දෙකට මාංචු දමනු ලබන්නේ කකුල් දෙක එක් කරමිනි. දවස පුරා සිටිය යුතතේ දෙකට නැමීගෙනය). රඳවා තැබූ ඉන්ද්‍රරත්න 1989 ඔක්තෝබර් 07වැනිදා ඝාතනයට ලක්විය. වධබන්ධන වලට ලක්වූවද කිසිදු තොරතුරක් අනාවරණය නොකළේය. පසුව ඉන්ද්‍රරත්නගේ සිරුර නාරම්මල පාරේ ටයර් දමා පුළුස්සා තිබිණි. ඒ පිළිබඳ චෝදනා ලෙෆ්ටිනන්ට් ජයනෙත්ති, කෝප්‍රල් අමරසිංහ සහ බලපිටියේ පදිංචි කෝප්‍රල් සිල්වාට යොමුවිය. ඉන්ද්‍රරත්න අවාහ වූයේ ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිනියකව සිටි කුරුණෑගල මලියදේව විදුහලේ සාගරිකා සමඟය. ඇය සහ එකම දරුවා 2016වන විට ඉතාලියේ ජීවිත් වේ. ඉන්ද්‍රරත්න 71 අප්‍රේල් කැරළිකරුවෙක් වූ අතර පරාජයෙන් පසු විල්පත්තුවට පසුබැස ගියේය. ජවිපෙ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩකටයුතු වලට 1972දි එක්විය. ඔහුගේ පියා අනුරාධපුර බෞද්ධ මන්දිරයේ හිටපු සභාපතිවරයෙකි.
dharman2408164ජවිපෙ මගින් 1987 නොවැම්බර් 27 ඝාතනය කල නන්දන මාරසිංහගේ අවමඟුලට 1987 නොවැම්බර් 29වැනිදා සහභාගිවී සිටින විජය කුමාරතුංග.
නන්දන මාරසිංහගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජපක්ෂ ආරච්චිලාගේ ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් වීරසිංහ ගම්පහ පහළගම පදිංචිකරුවෙකු වූ අතර මුල්පෙළේ සන්නද්ධ නායකයෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් 1982 අපොස උසස් පෙළ විද්‍යා විෂයෙන් සමත්වූ ඔහු බළල් ඇස්වැනි විශේෂ ලක්ෂණයකින් හෙබි ඔහු ශ්‍රී ලංකාවේ සිටින දුර්ලභ පුද්ගලයෙකු ලෙස 1989 අනුරාධපුර විලච්චියේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හඳුනාගත් ජාතික බුද්ධ කාර්යාංශයේ පොලිස් නිළධාරි පෙරේරා විසින් වාර්තාකර තිබිණි. ෂෙල්ටන් කොස්ඕවිට, ගම්පහ, අනුරාධපුර, පොලිසි සහ බන්ධනාගාරවලද සිටි අතර මැගසින් බන්ධනාගාරයෙන් පලායෑමටද වරෙක සමත් විය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...