Skip to main content

ඇස් යට කළු පැහැවීම වළක්වා ගන්නේ මෙහෙමයි



ඇස් යට කළුවීම බොහෝ තරුණියන් මුහුණ දෙන ගැටළුවකි. ඔබ මුහුණට කොපමණ සත්කාර කළත් ඇස් යට අවපැහැ ගැන්වී ඇත්නම් එය කැපි පෙනෙනවා. ඒ නිසා මුහුණ පැහැපත් වීමට සත්කාර කරන අතර ඇස් යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න එපා. ඇස් කියන්නේ ඉතා  සියුම් සංවේදී ස්ථානයක් නිසා ඊට හානියක් නොවන ලෙස ප්‍රතිකාර ගැනීම බෙහෙවින් වැදගත් වේ.
ඇස් යට කළු වීමට හේතු මොනවා ද?
  • හිරු රශ්මියට නිරාවරණය වීම
  • තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශනාලිකා
  • අසාත්මිකතා
  • ජාන ගති ලක්ෂණ
  • ඇස් වටා වියළි වීම සහ හානි වූ සෛල එක්රැස් වීම
  • බොහෝ වේලාවක් පරිගණක භාවිතය
  • ප්‍රමාණවත් නින්දක් නොලැබීම
  • මානසික පීඩනය
ඇස් යට කළු වීම අඩුකර ගන්නේ කොහොම ද?
  • දිනපතා SPF 25 සහිත සැහැල්ලු මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා අලේප කරන්න.
  • ක්‍රියාකාරී අමුද්‍රව්‍යක් ලෙස සින්ක් ඔක්සයිඩ් හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් පමණක් ඇති sunscreen එකක් භාවිතා කරන්න.
  • හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකීම සඳහා UV400 ප්‍රමිතිය සහිත අව් කන්නාඩියක් පළඳින්න.
  • ඔබට අසාත්මිකතා ඇත්නම් එය ඇස් යට කළු විමට සහ ඇස් ඉදිමීමට ප්‍රධාන හේතුවක් විය හැකියි. ඒ නිසා ඒ සඳහා වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න.
  • රාත්‍රියේ දී සම මෘදු කරන මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා ආලේප කරන්න.
  • සුදුසු under eye cream වර්ගයක් දිනපතා භාවිතා කරන්න. විටමින් C අඩංගු ක්‍රීම් වර්ග වඩාත් සුදුසුයි.
  • හොඳ concealer වර්ගයක් භාවිතා කරන්න. (එමගින් ඇස් යට කළුවීම ආවරණය කර ගන්න පුළුවන්)
ඇස් යට කළු වීමට ස්වාභාවික ප්‍රතිකාර තිබෙනවා ද?
ඔව්, ඇස් යට කළු වීම වළක්වා ගැනීමට නැතහොත් පාලනය කර ගැනීමට නිවසේ දීම ප්‍රතිකාර කිහිපයක් කළ හැකියි.
ආමන්ඩ් ඔයිල් – රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇස් වටා ආලේප කර හොඳින් මසාජ් කරන්න. පසුව උදෑසන සිතල ජලයෙන් සෝදා හරින්න.
පිපිඤ්ඤා – නැවුම් පිපිඤ්ඤා ගෙඩියකින් ඝන පෙති 2 ක් කපා එය විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු එම පෙති 2 ගෙන ඇස් වටා ප්‍රදේශයේ විනාඩි 10ක් පමණ තබා ගෙන සිටින්න.
අර්තාපල් – අර්තාපල් ගෙඩියක් හොඳින් පොඩි කර එහි යුෂ පෙරා ගන්න. පසුව කපු පුළුන් එහි පොඟවා ඇස් වටා ප්‍රදේශයේ තබා ගෙන සිටින්න. විනාඩි 10ක් පමණ පසු සිතල වතුරෙන් සෝදා හරින්න.
තක්කාලි යුෂ – තක්කාලි යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැඳි භාගයක් එකතු කර එම මිශ්‍රණය අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.
ටී බෑග් (tea bag) – ටී බෑග් දෙකක් ගෙන විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා පසුව ඇස් වටා විනාඩි 10-15 ක් පමණ තබා ගෙන සිටින්න. පසුව සෝදා හරින්න.
මෙම ප්‍රතිකාරවලින් ඔබට පහසු ප්‍රතිකාරයක් දිනපතා කිරීමෙන් ඇස් වටා අඳුරු පැහැය අඩු කරගත හැකියි.
එමෙන්ම විවිධ අලේප වර්ග ඇස් වටා ආලේප කිරීමට පෙර චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවී ඔබේ ගැටළුව පිළිබඳ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීමටත් අමතක නොකරන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...