Skip to main content

මහබඩවැලේ ලෙඩ සොයන කොලොනොස්කොපි පරීක්ෂණය

‘කොලොනොස්කොපි’ පරීක්ෂණය ගැන අනෙකුත් පරීක්ෂණ තරම් වැඩිදෙනා නොදනිති. එබැවින් මෙම පරීක්ෂණ කිරීමට නියම කළත් ඒ ගැන නොසලකා හරින අය සිටිති. එනිසාම කොලොනොස් කොපි පරීක්ෂණය යනු කුමක්ද? එය කිරීමට හේතු මොනවාද? යන කරුණු සොයා බලමු.
කොලොනොස්කොපි යනුවෙන් හඳුන්වන්නේ මහ බඩවැල හෝ මහාන්ත‍්‍රය නමින් හඳුන්වන ජඨර අන්ත‍්‍රික පද්ධතියේ පහළ කොටස පරීක්ෂා කර බැලීමය. මෙම කොටස ඉතාම ආරක්ෂාකාරී පද්ධතියක් මෙන්ම අනෙකුත් පරික්ෂණ මගින් මෙම පද්ධතියේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වේ. එවිට මෙම පරීක්ෂාව මගින් එම පද්ධතියේ බොහෝ තොරතුරු නිවැරදිව හඳුනාගත හැකිය. මෙම පරීක්ෂණය කරනු ලබන්නේ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් වෛද්‍යවයෙකු මගිනි. එනම් කොලොනොස්කෝපය ගුදයට ඇතුළු කර මහ බඩවැල ඔස්සේ ඉදිරියටත්, ඇතැම් විට කුඩා අන්ත‍්‍රයේ කෙටි දුරකටත් යවා එම සියලූ පෙදෙස් පරීක්ෂා කරනු ලැබේ.

මෙම පරික්‍ෂණය කරන්නේ ඇයි?
මෙම පරීක්ෂණය වැඩි වශයෙන් කරනු ලබන්නේ පහත දැක්වෙන දෑ සොයා ගැනීම සඳහාය.
වයස අවුරුදු 50 ට වැඩි කෙනෙකුගේ මහ බඩවැලේ පිළිකාවක් යැයි සැක කරන විට එය දැන ගැනීම සඳහා.
මල පහ කරන විට රුධිරය පිටවීම හෝ ගුදයෙන් රුධිරය පහවන විට ඊට හේතු සොයා ගැනීම සඳහා

දිගටම පවතින පාචනයකදී
ජඨර ආන්ත‍්‍රික රෝග ලක්ෂණ සමග පැහැදිලි හේතුවක් නොමැතිව සැලකිය යුතු ලෙස බර අඩු වුවහොත් මහබඩවැල පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබෙන විට අසාමාන්‍ය බේරියම් වස්තියකින් පසු බඩවැල් පරීක්ෂාවකට භාජන කිරීමට මහ බැඩවැල පොලිපයක් හෝ පිළිකාවක් පිළිබඳ ඉතිහාසයක් තිබෙන විටසොයාගත නොහැකි උදර වේදනාවක් තිබෙන විට එය සොයා ගැනීමට

පරීක්‍ෂණයට රෝගියා සූදානම් කරන හැටි
ඉහත තත්ත්වයක් තිබෙන විට ඒ සඳහා හේතු හඳුනා ගැනීමට මෙම පරීක්ෂාව කරනු ලැබේ. ඒ සඳහා සුදානම් වන්නේ මෙසේය. රෝගියාට මෙම පරීක්ෂණය කිරීමට දින දීමට පෙර ඒ සඳහා සුදානම් විය යුතු ආකාරය පිළිබඳ විස්තර හා උපදෙස්ලබාදෙනු ඇත. මෙම උපදෙස් සැලසුම් කර තිබෙන්නේ පරීක්ෂණය කරන අතර වාරයේ හා පරීක්ෂණයෙන් පසු උපරිම ආරක්ෂාව සැලසීම සඳහාත් විය හැකි සංකූලතා අවම කිරීමටත්ය. එසේම මෙම පරීක්ෂණයෙන් වෛද්‍යවරයාට රෝගියාගේ මහ බඩවැල සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර බැලීමට හැකි වේ. මේ නිසා රෝගියාට ලබා දී තිබෙන උපදෙස් කල්වේලා ඇතිව කියවා බලා ඒවා සම්පූර්ණයෙන්ම අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. ඔබට යම් ගැටලූවක් වේ නම් පරීක්ෂණය කරන ආයතනයෙන් ඒ පිළිබඳ විමසා බැලිය හැකිය. පරීක්ෂණයට පෙර රෝගියාට වස්තියක් දෙයි. ඒ වෛද්‍යවරයාට මහබඩවැල ඇතුළත හොඳින් පරීක්ෂා කර බැලීමට පහසුවීම සඳහාය. මේ සඳහා රෝගියාට දිනක් පමණ කෑම සීමා කිරීමක් ද කරනු ලැබේ.

පරීක්ෂණ දිනට පෙර ආහාර සහ බෙහෙත් ගන්නේ මෙහෙමයි
මෙම පරීක්ෂණය කරන දිනයට පෙර දින සහ ආහාර එනම් තන්තුමය ආහාර නොගත යුතුය. දියර හා තන්තුමය ප‍්‍රමාණය අවම ආහාර ගත යුතුයි. රෝගියා ගත යුතු විශේෂ ආහාර පිළිබඳ ලේඛනයක් ද ලබා දෙයි. පරීක්ෂණය කිරීමට සතියක පමණ කාලයක් රෝගියා ඇස්පිරින්, ක්ලෝජිඩොග්‍රෙල් සහ යකඩ අඩංගු ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. ඇස්පිරින් හා ඉවුප්‍රොෆෙන් වැනි වේදනා නාශක ඖෂධ මගින් ලේ ගැලීමේ අවදානම වැඩි වේ. එසේම මෝෆරීන් වැනි ඖෂධ රුධිරය තුනී කරයි. එනිසා ඒවා ගැනීමෙන් වැළකිය යුතුය. එසේම රෝගියා දියවැඩියාව, හදවත් හෝ පෙණහලූ ආබාධ, අධික රුධිර පීඩනය වැනි රෝගයකට ඖෂධ ගන්නේ නම් ඒ ගැන පවසා එම ඖෂධ ගැනීමට සිදු වේ. ඊට හේතුව මෙම සමහර ඖෂධ ගැනීම වෛද්‍යවරයා නතර නොකරන නිසාය. නැතහොත් පරීක්ෂණයට පෙර මෙම ඖෂධ වැඩි කිරීමට සිදුවන නිසාය.

පරීක්ෂණයෙන් පසු ගෙදර යන්න පුළුවන්ද?
මෙම පරීක්ෂණයෙන් පසු තනිව නිවෙසට යාමට ඉඩ නොදෙයි. යම් ඥාතියකු ගේ උපකාර ලබා ගත යුතු වේ. මෙම පරීක්ෂණය කරන්නේ රෝගියා ඇඳෙහි වම් පසට ඇලවී සිටින විටය. මෙය අපහසු නැත. පරීක්ෂණය කරන අතරවාරයේ බොහෝ රෝගීනු නින්දේ පසු වේ. සමහරු අපහසුතාවයෙන් තොරව විවේකීව සිටිති. මෙම පරීක්ෂණයෙන් පසු රෝගියාගේ පටක කොටස් ලබා ගත හැකි මෙන්ම වෛද්‍යවරයාට අවශ්‍ය සියලූ දෑ පරීක්ෂා කිරීමටත් පහසු වේ. කොලොනොස්කොපි පරීක්ෂණයෙන් පසු ඒ සඳහා නියම කරන ශමනක ඖෂධවල බලපෑම පහව යනතුරු රෝගියා නිරීක්ෂණය කරනු ලැබේ.මෙම පරීක්ෂණයෙන් පසු සාමාන්‍යයෙන් ඇතිවන අපහසුතාවක් නම් උදරය ප‍්‍රදේශයේ ඉදිමුණු ස්වභාවයක් දැනීමය. ශමනක ඖෂධ නිසා රෝගියාට මත් ගතියක් දැනේ. රෝගියාගේ අපහසුතා අඩ වූ පසු නිවෙසට යවයි. එහෙත් එදින රැුකියාවට නොයා යුතුය. පරීක්ෂණයෙන් පසු රෝගියාට නිසි ලෙසට වෙනදා ගත් ඖෂධ ගත හැකිය. එහෙත් ඇස් පිරින් හෝ රුධිරය තුනීවීමට නියම කර ඇති ඖෂධ ගැනීමට වෛද්‍යවරයාගේ අසා නියමිත දිනයක් ලබා ගත යුතුය. මෙම පරීක්ෂණයෙන් පසු ප‍්‍රතිඵල පිළිබඳ වෛද්‍යවරයා විසින් රෝගියා දැනුවත් කරයි. එහෙත් රෝගියාට පටක කොටස් පරීක්ෂා කිරීම වැනි දෑ සඳහා කොටස් ඉවත් කර පරීක්ෂණයට යැව්වේ නම් ඒවායේ ප‍්‍රතිඵල දැන ගැනීමට සති 2 - 3කින් නැවත සායනයට පැමිණිය යුතු වේ. එම දිනය වෛද්‍යවරයා ලබා දෙනු ඇත.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...