Skip to main content

මහබඩවැලේ ලෙඩ සොයන කොලොනොස්කොපි පරීක්ෂණය

‘කොලොනොස්කොපි’ පරීක්ෂණය ගැන අනෙකුත් පරීක්ෂණ තරම් වැඩිදෙනා නොදනිති. එබැවින් මෙම පරීක්ෂණ කිරීමට නියම කළත් ඒ ගැන නොසලකා හරින අය සිටිති. එනිසාම කොලොනොස් කොපි පරීක්ෂණය යනු කුමක්ද? එය කිරීමට හේතු මොනවාද? යන කරුණු සොයා බලමු.
කොලොනොස්කොපි යනුවෙන් හඳුන්වන්නේ මහ බඩවැල හෝ මහාන්ත‍්‍රය නමින් හඳුන්වන ජඨර අන්ත‍්‍රික පද්ධතියේ පහළ කොටස පරීක්ෂා කර බැලීමය. මෙම කොටස ඉතාම ආරක්ෂාකාරී පද්ධතියක් මෙන්ම අනෙකුත් පරික්ෂණ මගින් මෙම පද්ධතියේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වේ. එවිට මෙම පරීක්ෂාව මගින් එම පද්ධතියේ බොහෝ තොරතුරු නිවැරදිව හඳුනාගත හැකිය. මෙම පරීක්ෂණය කරනු ලබන්නේ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් වෛද්‍යවයෙකු මගිනි. එනම් කොලොනොස්කෝපය ගුදයට ඇතුළු කර මහ බඩවැල ඔස්සේ ඉදිරියටත්, ඇතැම් විට කුඩා අන්ත‍්‍රයේ කෙටි දුරකටත් යවා එම සියලූ පෙදෙස් පරීක්ෂා කරනු ලැබේ.

මෙම පරික්‍ෂණය කරන්නේ ඇයි?
මෙම පරීක්ෂණය වැඩි වශයෙන් කරනු ලබන්නේ පහත දැක්වෙන දෑ සොයා ගැනීම සඳහාය.
වයස අවුරුදු 50 ට වැඩි කෙනෙකුගේ මහ බඩවැලේ පිළිකාවක් යැයි සැක කරන විට එය දැන ගැනීම සඳහා.
මල පහ කරන විට රුධිරය පිටවීම හෝ ගුදයෙන් රුධිරය පහවන විට ඊට හේතු සොයා ගැනීම සඳහා

දිගටම පවතින පාචනයකදී
ජඨර ආන්ත‍්‍රික රෝග ලක්ෂණ සමග පැහැදිලි හේතුවක් නොමැතිව සැලකිය යුතු ලෙස බර අඩු වුවහොත් මහබඩවැල පිළිකා පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබෙන විට අසාමාන්‍ය බේරියම් වස්තියකින් පසු බඩවැල් පරීක්ෂාවකට භාජන කිරීමට මහ බැඩවැල පොලිපයක් හෝ පිළිකාවක් පිළිබඳ ඉතිහාසයක් තිබෙන විටසොයාගත නොහැකි උදර වේදනාවක් තිබෙන විට එය සොයා ගැනීමට

පරීක්‍ෂණයට රෝගියා සූදානම් කරන හැටි
ඉහත තත්ත්වයක් තිබෙන විට ඒ සඳහා හේතු හඳුනා ගැනීමට මෙම පරීක්ෂාව කරනු ලැබේ. ඒ සඳහා සුදානම් වන්නේ මෙසේය. රෝගියාට මෙම පරීක්ෂණය කිරීමට දින දීමට පෙර ඒ සඳහා සුදානම් විය යුතු ආකාරය පිළිබඳ විස්තර හා උපදෙස්ලබාදෙනු ඇත. මෙම උපදෙස් සැලසුම් කර තිබෙන්නේ පරීක්ෂණය කරන අතර වාරයේ හා පරීක්ෂණයෙන් පසු උපරිම ආරක්ෂාව සැලසීම සඳහාත් විය හැකි සංකූලතා අවම කිරීමටත්ය. එසේම මෙම පරීක්ෂණයෙන් වෛද්‍යවරයාට රෝගියාගේ මහ බඩවැල සම්පූර්ණයෙන්ම පරීක්ෂා කර බැලීමට හැකි වේ. මේ නිසා රෝගියාට ලබා දී තිබෙන උපදෙස් කල්වේලා ඇතිව කියවා බලා ඒවා සම්පූර්ණයෙන්ම අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. ඔබට යම් ගැටලූවක් වේ නම් පරීක්ෂණය කරන ආයතනයෙන් ඒ පිළිබඳ විමසා බැලිය හැකිය. පරීක්ෂණයට පෙර රෝගියාට වස්තියක් දෙයි. ඒ වෛද්‍යවරයාට මහබඩවැල ඇතුළත හොඳින් පරීක්ෂා කර බැලීමට පහසුවීම සඳහාය. මේ සඳහා රෝගියාට දිනක් පමණ කෑම සීමා කිරීමක් ද කරනු ලැබේ.

පරීක්ෂණ දිනට පෙර ආහාර සහ බෙහෙත් ගන්නේ මෙහෙමයි
මෙම පරීක්ෂණය කරන දිනයට පෙර දින සහ ආහාර එනම් තන්තුමය ආහාර නොගත යුතුය. දියර හා තන්තුමය ප‍්‍රමාණය අවම ආහාර ගත යුතුයි. රෝගියා ගත යුතු විශේෂ ආහාර පිළිබඳ ලේඛනයක් ද ලබා දෙයි. පරීක්ෂණය කිරීමට සතියක පමණ කාලයක් රෝගියා ඇස්පිරින්, ක්ලෝජිඩොග්‍රෙල් සහ යකඩ අඩංගු ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. ඇස්පිරින් හා ඉවුප්‍රොෆෙන් වැනි වේදනා නාශක ඖෂධ මගින් ලේ ගැලීමේ අවදානම වැඩි වේ. එසේම මෝෆරීන් වැනි ඖෂධ රුධිරය තුනී කරයි. එනිසා ඒවා ගැනීමෙන් වැළකිය යුතුය. එසේම රෝගියා දියවැඩියාව, හදවත් හෝ පෙණහලූ ආබාධ, අධික රුධිර පීඩනය වැනි රෝගයකට ඖෂධ ගන්නේ නම් ඒ ගැන පවසා එම ඖෂධ ගැනීමට සිදු වේ. ඊට හේතුව මෙම සමහර ඖෂධ ගැනීම වෛද්‍යවරයා නතර නොකරන නිසාය. නැතහොත් පරීක්ෂණයට පෙර මෙම ඖෂධ වැඩි කිරීමට සිදුවන නිසාය.

පරීක්ෂණයෙන් පසු ගෙදර යන්න පුළුවන්ද?
මෙම පරීක්ෂණයෙන් පසු තනිව නිවෙසට යාමට ඉඩ නොදෙයි. යම් ඥාතියකු ගේ උපකාර ලබා ගත යුතු වේ. මෙම පරීක්ෂණය කරන්නේ රෝගියා ඇඳෙහි වම් පසට ඇලවී සිටින විටය. මෙය අපහසු නැත. පරීක්ෂණය කරන අතරවාරයේ බොහෝ රෝගීනු නින්දේ පසු වේ. සමහරු අපහසුතාවයෙන් තොරව විවේකීව සිටිති. මෙම පරීක්ෂණයෙන් පසු රෝගියාගේ පටක කොටස් ලබා ගත හැකි මෙන්ම වෛද්‍යවරයාට අවශ්‍ය සියලූ දෑ පරීක්ෂා කිරීමටත් පහසු වේ. කොලොනොස්කොපි පරීක්ෂණයෙන් පසු ඒ සඳහා නියම කරන ශමනක ඖෂධවල බලපෑම පහව යනතුරු රෝගියා නිරීක්ෂණය කරනු ලැබේ.මෙම පරීක්ෂණයෙන් පසු සාමාන්‍යයෙන් ඇතිවන අපහසුතාවක් නම් උදරය ප‍්‍රදේශයේ ඉදිමුණු ස්වභාවයක් දැනීමය. ශමනක ඖෂධ නිසා රෝගියාට මත් ගතියක් දැනේ. රෝගියාගේ අපහසුතා අඩ වූ පසු නිවෙසට යවයි. එහෙත් එදින රැුකියාවට නොයා යුතුය. පරීක්ෂණයෙන් පසු රෝගියාට නිසි ලෙසට වෙනදා ගත් ඖෂධ ගත හැකිය. එහෙත් ඇස් පිරින් හෝ රුධිරය තුනීවීමට නියම කර ඇති ඖෂධ ගැනීමට වෛද්‍යවරයාගේ අසා නියමිත දිනයක් ලබා ගත යුතුය. මෙම පරීක්ෂණයෙන් පසු ප‍්‍රතිඵල පිළිබඳ වෛද්‍යවරයා විසින් රෝගියා දැනුවත් කරයි. එහෙත් රෝගියාට පටක කොටස් පරීක්ෂා කිරීම වැනි දෑ සඳහා කොටස් ඉවත් කර පරීක්ෂණයට යැව්වේ නම් ඒවායේ ප‍්‍රතිඵල දැන ගැනීමට සති 2 - 3කින් නැවත සායනයට පැමිණිය යුතු වේ. එම දිනය වෛද්‍යවරයා ලබා දෙනු ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...