Skip to main content

අර්ශස් රෝගයට නොවරදින පිළියම්

අර්ශස් රෝගය සෑදෙන්නේ ගුද මාර්ගයේ රැුලි 3ක් ඇසුරු කරගෙනයි. එනම් පිටට ඇති රැුල්ල එයින් අඟල් 1/2ක් ඇතුළට ඇති රැුල්ල සහ එයිනුත් අඟලක් ඇතුළට ඇති රැුල්ල වශයෙනි. මේ රැුලි තුනේම අර්ශස් රෝගය හට ගනී. නාසයේද අර්ශස් හටගනී. එහිදී ඒවා මස් දලූ වශයෙන් හඳුන්වා ඇත. අපේ පැරණි පුස්කොළ පොත්වල ඒවා වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබේ. ලිංගයේදී වෙනත් නමක් ඒ සඳහා භාවිත කරයි. අර්ශස් ප‍්‍රභේද වශනේ වර්ග හයක් දක්වයි. වාතජ, කළුජ, සන්නි පාතජ, රක්තජ හා සහජ කියාය.
තවත් විග‍්‍රහ කළොත් වාතය වැඩි කරන අහිත කර ආහාරවර්ග විහරණ සේවන කරන විට වාතජ අර්ශස් හටගනී. පිත අධික ආහාර වර්ග ගන්නා විට පිත් අර්ශස් ද සෙම් අධික ආහාර ගැනීමෙන් කළුජ අර්ශස් සෑදෙයි. මේ තුන් වර්ගයේම සංයෝගයෙන් සන්නි පාතජ අර්ශස් සෑදනු ඇත. ලේ පිට කරන්නේ රක්තජ අර්ශස් වලිනි. ලේ පිට කරන්නේ නැතිව අර්ශස් තිබෙනවා නම් එය වියළි අර්ශස්ය. එය ශුෂ්ක අර්ශස් ලෙසද නම් කෙරේ.
උෂ්ණ x තීක්ෂණ ආහාර විහරණ අධිකව සේවනයෙන් පිත් අධිකතාව නිසා ශුෂ්ක අර්ශස් හටගන්නට පුළුවන. මේ සියල්ලම හැර සහජයෙන්ද අර්ශස් හටගනී.  ශිරා එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් තිබීම නැතිනම් හිඳගෙන සිටීම නිසා නැති නම් හිටගෙන සිටීම නිසා මේ අර්ශස්වලට ප‍්‍රධාන හේතුවයි.

මළ පිටකිරීම
වැඩිවෙලාවක් තැටමීම නිසා ශිරාවල ලේ රැුස් වේ. ඒ හේතුවෙන් තවත් මළ පිට කිරීම අපහසු වනු ඇත. මේ නිසා අර්ශස් ගෙඩි පුපුරා ලේ  අධික ලෙස ගලන්නට පටන් ගත හැකිය. තද වේදනාවක් දැනෙනු ඇත.

බහුලව දක්නට ලැබෙන්නේ රක්ත අර්ශස්ය.
සහජ අර්ශස් හට ගන්නේ පිය පරම්පරාවෙන් ගර්භාෂයේදී ම කළල අස්ථාවේදීය. 
මේ වැළඳුනාවූ අර්ශස් රෝගයට සීමාවක් නැතිව බේත් බොන්නට සිදුවනු ඇත. බොහොමයක් දෙනකුට අර්ශස් හේතු නිසා පීනස සෑදේ. ඇතැම් විට මේ හෘදයාබාධ ඇති විය හැක. අක්මාව දුර්වල වීමද සිදුවේ. අක්මාවේ රෝගයකට ප‍්‍රතිකාර කර බලන විට ලෙඬේමුල අර්ශස්ය. එසෙම චර්ම රෝග වලටද මෙය හේතු සාධක වනු ඇත. ගුද මාර්ගය වැඞී කසන්නටත් බිබිලි දැමීමටත් පටන් ගත හැකිය. ඒ බිබිල තුවාල වී ඉන්පසු ඒවා බගන්දරා බවට පත්වී ඔඩු ගොස් රෝගයා මරණයට පත්කරවීමටද අර්ශස් බලපෑම් කරනවග මතක තබාගත යුතුය.
මේ නිසා රෝගී තත්ත්වයේ සිටින සැම දෙනා අලූත් පලතුරු වර්ග කොළ වර්ග නිතර නිතර ආහාරයට ගත යුතුය. එසේම කිරි, මොරු, (මිදුනුකිරි) ගිතෙල් වැනි දේවල් ආහාර පිණිස ගැනීම සුදුසුයි. තම තමන්ගේ ශරීරයට ඒවා හිතකරද කියාත් සොයා බලා ප‍්‍රයෝජනයට ගැනීම හැම අතින්ම සුදුසුය. තවද එක ඉරියව්වකින්ම වාඩිවී නොසිට කටයුතු කළ යුතුය. අධික වෙහෙසීමද හොඳ නැත. කල්පනාකාරීව වැඩ කළොත් අර්ශස් රෝගය මැඩ පවත්වන්නට පුළුවන. සහජ අර්ශස් පාලනය කරගැනීමට ළමා වියේදීම කෑමෙන්, බීමෙන්, ගතිපැවතුම්වලින් පාවිච්චි විය යුතුය. අර්ශස් අමාරුවට අපේ ප‍්‍රසිද්ධ කෑම වන්නේ කොහිල අලය. එහි ඇති කෙඳි ගතිය නිසා අර්ශස් ගෙඩි අඩු කිරීමේ ශක්තියක් තිබේ. කැරම් කොකු, මඩු පිට්ටු, කිඩාරම් අලද බොහෝම ගුණයි. කිරි අල සහ එම ගොබ, වැල්පෙනෙල කොළ, කිරි අඟුණ, සමන් පිච්ච දලූ, නිවුඩු හාලෙ බත්, අළුකෙසෙල් බඩ උයා කෑම x කුරක්කන් පිට්ටු, හරබල අල සහ දලූ ගුණදායකය. විශේෂයෙන් හබරල අල සහ කිඩාරම් අල ආහාරයට යොදාගන්නා රහස් ක‍්‍රම නම්වල පැරණි වැඩි හිටියන් දැනගෙන ඇත. 
ගොටුකොළ රතු ලූනු කොටා යුෂ කෝප්පයක් පමණ උදේට බිව්වොත් ඉතාමත් හොදයි. එමඟින් පීනසත් සමනය වේ.

අර්ශස් ආමරුවට බෙහෙත්.
කොමාරිකා යුෂ, කිතුල් හකුරු දමා උදේ සවස බොන්න (අත්බේතකි)
ගස්කරල් හැබ්බ (සැබෝ) හෝ බිම් කරල්හැබ්බ දෙමිටක් පමණ පොල් සමඟ කොටා මිරිකාගත් යුෂ ලිප තබා රත්කර නිවුණ පසු පානය කරන්න දවසට දෙවරක්.
සියලූම අර්ශස්වලට සුදුසු කසායක්, කොහොඹ පොතු, කුරුඳු පොතු, සැවැන්දරා මුල්, වෙනිවැල්ගැට කළන් 3 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා සීනි x මී පැණි දමා දෙවරට බොන්න වඩි 2-4 පමණ.
රක්තජ අර්ශස්වලට කෂාය. (ලේගලන*, රත් කරල් හැබ්බ, කලාඳුරු අල.
කලන් 6 බැඟින්ගෙන වතුර 8x1 (කාල් අට එකට* පත අටද මීට අදාළ වේ. සිඳුවා පෙරා දෙවේලට බොන්න (ප‍්‍රතිමාප නැත) වඩි 4යි.

සියලූම අර්ශස්වලට සුදුසු කසායක්

අරළු, රත්නෙටොල්, වියළි ඉඟුරු
කළන් 4 බැගින්ගෙන වතුර 8x1 ට සිඳ පෙරා යවකාර ලූණු ස්වල්පයක් දමා බොන්න. (වඩි 2-4)
වැල් කහඹිලියා, වියළි ඉඟුරු, බෙලි මුල්, අරළු, තිප්පිලි, රත්නෙටොල්, කළන් 2 බැගින් වතර 8x1ට සිඳ පෙරා (ප‍්‍රතිවාප නැත)
අර්ශස් ගෙඩිවලට බේත්
කොමාරිකා මද, අමුනෙල්ලි, මුං ඇට, නාපිරිත්ත නොමේරු දලූ කැකුළුහාල් පානුවෙන් අඹරා ගෙඩිවල ගාන්න. 
බළුනකුට කරල් මී පැණියෙන් අඹරා ගෙඩිවල ගාන්න.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...