Skip to main content

අර්ශස් රෝගයට නොවරදින පිළියම්

අර්ශස් රෝගය සෑදෙන්නේ ගුද මාර්ගයේ රැුලි 3ක් ඇසුරු කරගෙනයි. එනම් පිටට ඇති රැුල්ල එයින් අඟල් 1/2ක් ඇතුළට ඇති රැුල්ල සහ එයිනුත් අඟලක් ඇතුළට ඇති රැුල්ල වශයෙනි. මේ රැුලි තුනේම අර්ශස් රෝගය හට ගනී. නාසයේද අර්ශස් හටගනී. එහිදී ඒවා මස් දලූ වශයෙන් හඳුන්වා ඇත. අපේ පැරණි පුස්කොළ පොත්වල ඒවා වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබේ. ලිංගයේදී වෙනත් නමක් ඒ සඳහා භාවිත කරයි. අර්ශස් ප‍්‍රභේද වශනේ වර්ග හයක් දක්වයි. වාතජ, කළුජ, සන්නි පාතජ, රක්තජ හා සහජ කියාය.
තවත් විග‍්‍රහ කළොත් වාතය වැඩි කරන අහිත කර ආහාරවර්ග විහරණ සේවන කරන විට වාතජ අර්ශස් හටගනී. පිත අධික ආහාර වර්ග ගන්නා විට පිත් අර්ශස් ද සෙම් අධික ආහාර ගැනීමෙන් කළුජ අර්ශස් සෑදෙයි. මේ තුන් වර්ගයේම සංයෝගයෙන් සන්නි පාතජ අර්ශස් සෑදනු ඇත. ලේ පිට කරන්නේ රක්තජ අර්ශස් වලිනි. ලේ පිට කරන්නේ නැතිව අර්ශස් තිබෙනවා නම් එය වියළි අර්ශස්ය. එය ශුෂ්ක අර්ශස් ලෙසද නම් කෙරේ.
උෂ්ණ x තීක්ෂණ ආහාර විහරණ අධිකව සේවනයෙන් පිත් අධිකතාව නිසා ශුෂ්ක අර්ශස් හටගන්නට පුළුවන. මේ සියල්ලම හැර සහජයෙන්ද අර්ශස් හටගනී.  ශිරා එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් තිබීම නැතිනම් හිඳගෙන සිටීම නිසා නැති නම් හිටගෙන සිටීම නිසා මේ අර්ශස්වලට ප‍්‍රධාන හේතුවයි.

මළ පිටකිරීම
වැඩිවෙලාවක් තැටමීම නිසා ශිරාවල ලේ රැුස් වේ. ඒ හේතුවෙන් තවත් මළ පිට කිරීම අපහසු වනු ඇත. මේ නිසා අර්ශස් ගෙඩි පුපුරා ලේ  අධික ලෙස ගලන්නට පටන් ගත හැකිය. තද වේදනාවක් දැනෙනු ඇත.

බහුලව දක්නට ලැබෙන්නේ රක්ත අර්ශස්ය.
සහජ අර්ශස් හට ගන්නේ පිය පරම්පරාවෙන් ගර්භාෂයේදී ම කළල අස්ථාවේදීය. 
මේ වැළඳුනාවූ අර්ශස් රෝගයට සීමාවක් නැතිව බේත් බොන්නට සිදුවනු ඇත. බොහොමයක් දෙනකුට අර්ශස් හේතු නිසා පීනස සෑදේ. ඇතැම් විට මේ හෘදයාබාධ ඇති විය හැක. අක්මාව දුර්වල වීමද සිදුවේ. අක්මාවේ රෝගයකට ප‍්‍රතිකාර කර බලන විට ලෙඬේමුල අර්ශස්ය. එසෙම චර්ම රෝග වලටද මෙය හේතු සාධක වනු ඇත. ගුද මාර්ගය වැඞී කසන්නටත් බිබිලි දැමීමටත් පටන් ගත හැකිය. ඒ බිබිල තුවාල වී ඉන්පසු ඒවා බගන්දරා බවට පත්වී ඔඩු ගොස් රෝගයා මරණයට පත්කරවීමටද අර්ශස් බලපෑම් කරනවග මතක තබාගත යුතුය.
මේ නිසා රෝගී තත්ත්වයේ සිටින සැම දෙනා අලූත් පලතුරු වර්ග කොළ වර්ග නිතර නිතර ආහාරයට ගත යුතුය. එසේම කිරි, මොරු, (මිදුනුකිරි) ගිතෙල් වැනි දේවල් ආහාර පිණිස ගැනීම සුදුසුයි. තම තමන්ගේ ශරීරයට ඒවා හිතකරද කියාත් සොයා බලා ප‍්‍රයෝජනයට ගැනීම හැම අතින්ම සුදුසුය. තවද එක ඉරියව්වකින්ම වාඩිවී නොසිට කටයුතු කළ යුතුය. අධික වෙහෙසීමද හොඳ නැත. කල්පනාකාරීව වැඩ කළොත් අර්ශස් රෝගය මැඩ පවත්වන්නට පුළුවන. සහජ අර්ශස් පාලනය කරගැනීමට ළමා වියේදීම කෑමෙන්, බීමෙන්, ගතිපැවතුම්වලින් පාවිච්චි විය යුතුය. අර්ශස් අමාරුවට අපේ ප‍්‍රසිද්ධ කෑම වන්නේ කොහිල අලය. එහි ඇති කෙඳි ගතිය නිසා අර්ශස් ගෙඩි අඩු කිරීමේ ශක්තියක් තිබේ. කැරම් කොකු, මඩු පිට්ටු, කිඩාරම් අලද බොහෝම ගුණයි. කිරි අල සහ එම ගොබ, වැල්පෙනෙල කොළ, කිරි අඟුණ, සමන් පිච්ච දලූ, නිවුඩු හාලෙ බත්, අළුකෙසෙල් බඩ උයා කෑම x කුරක්කන් පිට්ටු, හරබල අල සහ දලූ ගුණදායකය. විශේෂයෙන් හබරල අල සහ කිඩාරම් අල ආහාරයට යොදාගන්නා රහස් ක‍්‍රම නම්වල පැරණි වැඩි හිටියන් දැනගෙන ඇත. 
ගොටුකොළ රතු ලූනු කොටා යුෂ කෝප්පයක් පමණ උදේට බිව්වොත් ඉතාමත් හොදයි. එමඟින් පීනසත් සමනය වේ.

අර්ශස් ආමරුවට බෙහෙත්.
කොමාරිකා යුෂ, කිතුල් හකුරු දමා උදේ සවස බොන්න (අත්බේතකි)
ගස්කරල් හැබ්බ (සැබෝ) හෝ බිම් කරල්හැබ්බ දෙමිටක් පමණ පොල් සමඟ කොටා මිරිකාගත් යුෂ ලිප තබා රත්කර නිවුණ පසු පානය කරන්න දවසට දෙවරක්.
සියලූම අර්ශස්වලට සුදුසු කසායක්, කොහොඹ පොතු, කුරුඳු පොතු, සැවැන්දරා මුල්, වෙනිවැල්ගැට කළන් 3 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා සීනි x මී පැණි දමා දෙවරට බොන්න වඩි 2-4 පමණ.
රක්තජ අර්ශස්වලට කෂාය. (ලේගලන*, රත් කරල් හැබ්බ, කලාඳුරු අල.
කලන් 6 බැඟින්ගෙන වතුර 8x1 (කාල් අට එකට* පත අටද මීට අදාළ වේ. සිඳුවා පෙරා දෙවේලට බොන්න (ප‍්‍රතිමාප නැත) වඩි 4යි.

සියලූම අර්ශස්වලට සුදුසු කසායක්

අරළු, රත්නෙටොල්, වියළි ඉඟුරු
කළන් 4 බැගින්ගෙන වතුර 8x1 ට සිඳ පෙරා යවකාර ලූණු ස්වල්පයක් දමා බොන්න. (වඩි 2-4)
වැල් කහඹිලියා, වියළි ඉඟුරු, බෙලි මුල්, අරළු, තිප්පිලි, රත්නෙටොල්, කළන් 2 බැගින් වතර 8x1ට සිඳ පෙරා (ප‍්‍රතිවාප නැත)
අර්ශස් ගෙඩිවලට බේත්
කොමාරිකා මද, අමුනෙල්ලි, මුං ඇට, නාපිරිත්ත නොමේරු දලූ කැකුළුහාල් පානුවෙන් අඹරා ගෙඩිවල ගාන්න. 
බළුනකුට කරල් මී පැණියෙන් අඹරා ගෙඩිවල ගාන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...