Skip to main content

සෞදි රටේ ඉවරයක් නැති කඳුළු කතා


2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01135
ආරියවතී යන නම තවමත් අපට මතකය. ඇන ගැසූ ආරියවතී කී පමණින් කොයි කාටත් මේ ආරියවතී කවුදැයි ඔක්කොටම මතකයට නැගෙනු ඇත. සෞදියේ ගෘහ සේවයට මෙරටින් ගිය ආරියවතී මෙරටට ආවේ සිරුරේ ඇණ ගසාගෙනය. සිරුරේ තිබූ ඇණ ශල්‍යකර්මයකින් එළියට ගත් පසු පිටරට ගෘහ සේවයට යන කාන්තාවන්ට වන හිරිහැර පිළිබඳව මෙරට මාධ්‍යය මගින් මහ ඉහළින් කතා කෙරිණි.
මේ වනවිට සෞදි අරාබියේ ගෘහ සේවිකා සේවයට ගොස් විවිධ කරදර හිරිහැරවලට මුහුණ දුන් කාන්තාවන් දෙසීයයකට වැඩි පිරිසක් සෞදි අරාබිය තුළ සිරවී සිටිනා බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් පිටරට සේවය කරන අතර ඔවුන්ගෙන් ලක්ෂ පහකට වඩා සේවය කරන්නේ මැදපෙරදිග රටවලය. එයිනුත් බහුතරයක් කාන්තාවන්ය. මැදපෙරදිග ධන කුවේරයන්ගේ දෙපාවලට පෑගෙන දූවිල්ලක් තරම් වැටුපක්වත් ඒ රටවලදී අපේ ගෘහ සේවකයන්ට සේවිකාවන්ට නොලැබීම නිසා ඔවුන් පත්වන්නේ මහත් අපහසුතාවයකටය. මිනිසත්කම හඳුනන මිනිසුන් කිහිපදෙනකු මේ රටවල ජීවත් වුව ද බහුතරය මිනිසත්කම නොහඳුනන මිනිසුන් යැයි කියන්නේ ඒ රටවල සේවය කර මෙරටට එන මිනිසුන්මය.
මැදපෙරදිග වෙනත් රටවලට වඩා සෞදි අරාබියේ සේවයට යන ගෘහ සේවිකාවන්ට මුහුණ දීමට සිදුවන තාඩන පීඩන අධිකය. එබැවින් මෙරට සිට සෞදියේ ගෘහ සේවයට යන කාන්තාවන්ට අත්වන ඉරණම ඇතැම්විට අපට සිතාගත නොහැකි තරම් බරපතළය. අරාබි භාෂාව, එම රටෙහි සංස්කෘතිය සහ නවීන තාක්ෂණික මෙවලම් ගැන නොදත් අපේ අසරණ දුප්පත් කාන්තාවන්ට ගෘහ සේවය එපා වෙන්නේ නිතැතින්ය.
දුප්පත්කමින් මිරිකී රියාල් සොයා සෞදි අරාබියේ ගෘහ සේවයට යන කාන්තාවන්ට වන හිරිහැර අපමණය. ඇතැම්විට ඒ කාන්තාවන් ඇස්, ඉස්, මස්, ලේවලින් මෙන්ම ජීවිතයෙන් ද වන්දි ගෙවූ අවස්ථා අපි මාධ්‍ය මගින් අවස්ථා ගණනකදීම දැක ඇත්තෙමු.
තත්ත්වය එසේ වුව ද මෙරට ක්‍රියාත්මක වන ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන කරන්නේ නාඩි වැටෙන ඕනෑම කාන්තාවක් සොයා රට පැටවීමයි. කිසිදු වගකීමක් නොමැති ආයතන එසේ කරනාවිට පිටරටක සේවයට ගොස් අසරණ වන කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ යාම කාටත් නතර කළ නොහැකිය.
සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් විවිධ වධ හිංසනයට ලක් වූ කාන්තාවක් පිළිබඳ නවතම තොරතුරක් අපට වාර්තා වූයේ නාවුල ප්‍රදේශයෙනි. 
නාවුල මීගහ ඇළ පදිංචි ඩී. එම්. ලසදා මැණිකේ මහත්මිය මෙසේ සෞදි අරාබියේ අතරමං වී සිටින බව ඇයගේ දියණිය වූ පී. ඩබ්ලිව්. එම්. මධුරංගනී මහත්මිය මෙලෙස පැහැදිලි කළාය.
අපේ අම්මයි තාත්තයි වෙන්වෙලා ඉන්නේ. මම විවාහකයි. මේ වනවිට මම පදිංචිවෙලා ඉන්නේ සැමියාගේ ගම වන පන්කොළගොල්ල ප්‍රදේශයේ. අම්මයි, මල්ලියි තමයි මීගහ ඇළ ප්‍රදේශයේ ජීවත් වුණේ. මල්ලිට හොඳට උගන්වන්නයි, ගේ ඉතුරු කෑල්ලේ වැඩ කරන්නයි තමයි අම්මා රට ගියේ. ගිහින් මාස හතරක් විතර යනකම් අම්මා හොඳට හිටියා. පස්සේ තමයි අම්මා කිව්වේ ඒ ගෙදර ගෑනු කෙනා අම්මට වද හිංසා කරනවා කියලා. ඒ කිව්වට පස්සේ ඒ ගෙදර අයම අම්මා ඒජන්සියට ගිහින් දාලා. ඒ වෙනකොටත් අම්මා අමාරුවෙන් ඉඳලා තියෙන්නේ. ඒ ඒජන්සියේ අයත් අම්මට ඔළුවට කකුල්වලට එහෙම ගහලා තියෙනවා වෙන ගෙදරකට ගිහින් වැඩ කරපන් කියලා. පස්සේ අම්මගේ දුරකථනයට මට ඇමතුම් ගන්න බැරි වුණා.  අම්මා අන්තිමට මට කථා කළේ ගිය අවුරුද්දේ නොවැම්බර් 26 වැනිදා. අම්මා එදා අඬ අඬා කිව්වේ කොහොමහරි මාව ගෙන්නගන්න කියලා. ඊට පස්සේ මම අම්මා රට යැව් ඒජන්සියට ගිහින් කිව්වම අම්මා ගෙන්නලා දෙන්න ඒ ආයතනය ලක්ෂ නවයක් මගෙන් ඉල්ලුවා. එච්චර ඉල්ලූවිට දෙන්න මුදල් අපි ළඟ නැහැ. අපිත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මම විදේශ සේවා එකට ගිහින් පැමිණිල්ලක් දැම්මා ගිය අවුරුද්දේ ජූනි මාසේ. ඒත් වැඩක් වුණේ නෑ. ඒකේ ඉන්න නිලධාරිනියක් මට කථා කරලා කියනවා අම්මා ගෙන්නගන්න ඕනනම් රුපියල් ලක්ෂ හය හතක් දෙන්න කියලා. දුරකථනයෙන් කියනවා ඇරෙන්න ගියාම මුදල් ඉල්ලන්නේ නැහැ. මම කොහොමහරි ඉල්ලන්නේ අපේ අම්මා ඉක්මනට ගෙනත් දෙන්න කියලා.
මේ සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය එක් කාන්තාවකගේ සැබෑ කතාවය. තවත් තාඩන පීඩනවලට ලක්ව සෞදියේ සිටිනා බොහෝමයක් කාන්තාවන්ට කිසිඳු පිළිසරණක් නොමැති බව මෙහි සැබෑ තත්ත්වයයි.
මෙරට කාන්තාවන් මුලාකොට රට රැකියාවලට යවන තැරැව්කරුවන් සහ ඒජන්සි බොහෝමයක් මෙරට තිබෙන අතර නීති විරෝධී ආයතන සහ තැරැව්කරුවන් සොයා මේ වනවිටත් විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් වැටලීම් නොකඩවා සිදුකරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එක්සත් ජාතික විදේශ රැකියා නියෝජිත ඒජන්සිකරැවන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් මොහොමඩ් අරැස් රසික් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
රජය මාරු වුණාට විදේශ රුකියා අමාත්‍යවරයා මාරු වුණාට තවමත් විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරීන් මාරැවෙලා නැහැ. එම හේතුව නිසා නොයෙක් වැරදි දේ විදේශ රැකියා අමාත්‍යංශය තුළ සිදුවෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් මැද පෙරදිග සේවා සඳහා යන ගෘහ සේවිකාවන්ට ඒ රටේ ක්‍රියාත්මක නීති ඇතුළුව මැදපෙරදිග රටවල් පිළිබඳ දින 21 පුහුණුවක් ලබා දෙනවා. නීති විරෝධීව විදේශ රැකියා සඳහා යන අයට සහ නීති විරෝධීව රැකියාවලට පුද්ගලයන් යවන රැකියා ඒජන්සිකරැවන්ට හා තැරැව්කරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඇත්තටම මේ වගේ මැදපෙරදිග රටවල විශේෂයෙන් සෞදි අරාබියට වගේ යන කාන්තාවන්ගෙන් හිංසනයට ලක්වෙලා තියෙන්නේ නීති විරෝධී ආකාරයෙන් විදෙස් ගතවන අයගෙනුයි. නිත්‍යනුකූලව යන අයගෙන් පැමිණිලි තිබෙන්නේ සියයට එකක් වගේ ප්‍රමාණයක් තමයි.
රටේ ඉහළම විදේශ විනිමය මාර්ගයක් ලෙස සැළකෙන මැදපෙරදිග ගෘහ සේවය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන මේ රටේ කාන්තාවන්ට රටෙන් ලැබෙන රුකවරණය පවතින්නේ අවම මට්ටමක බව පෙනෙයි. මුල සිටම දශක ගණනාවක් තිස්සේ ඒ තත්ත්වය වෙනස් වී නොමැත. අපේ කාන්තාවන් මැදපෙරදිගදී අත්විඳින අඩත්තේට්ටම්, වද හිංසා අතරමංවීම්, අබිරහස් ලෙස මරා දැමීම ඇතුළු තවත් බොහෝ අපහසුකම් අකටයුතුකම් එදා මෙන්ම අදත් මැදපෙරදිගින් නොඅඩුව අසන්නට ලැබෙන්නේ ඒ පිළිබඳව රටක් වශයෙන් අප අනුගමනය කරන පිළිගත්, විධිමත් ක්‍රමවේදයක් හෝ ප්‍රතිපත්තියක් නොමැති නිසාය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...