කොන්ක්‍රීට්‌හි ඇති වන පළුදු පිළිසකර කිරීම සඳහා ලොව පුරා විවිධ ක්‍රම භාවිත වේ. නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්වවිද්‍යාලයයේ සිවිල් ඉංජිනේරු සහ භූ විද්‍යා පීඨයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය හෙන්ඩි්‍රක් මේරියන්ස් ජොන්කර්ස් මේ සඳහා ක්ෂුද්‍රජීව විද්‍යාවෙන් පිළියමක් හඳුන්වා දීමට සමත් ව ඇත. ඒ, පැල්මක් හෝ පිපිරීමක් හෝ ඇති වී එහි ව්‍යූහයට හානි වූ පසු ස්‌වයං ලෙස සුව වන ලොව ප්‍රථම ජෛව කොන්ක්‍රීටය නිර්මාණය කිරීමෙනි.
මේ කොන්ක්‍රීටය නිර්මාණය කර ඇත්තේ අදාළ ක්ෂුද්‍ර ජීවී විශේෂය, කැල්සියම් ලැක්‌ටේට් සහ නයිට්‍රජන් හා පොස්‌ෆරස් යන මූලද්‍රව්‍ය කොන්ක්‍රීට් කුට්‌ටි තුළට අන්තර්ගත කරවීමෙනි. කොන්ක්‍රීට් කුට්‌ටියේ ව්‍යූහයට හානි වී, එහි පැල්මක් ඇති වූ විට එම පැල්ම තුළින් එහි අභ්‍යන්තරයට ජලය ගලා එයි. එවිට එහි අන්තර්ගත කර ඇති ක්ෂුද්‍ර ජීවියාගේ පරිවෘත්තීය ක්‍රියාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය එහි සපයා ඇති බැවින් එම ප්‍රතික්‍රියා ආරම්භ වීමෙන්, පැල්ම ඉබේ පිළිසකර වීමට පටන්ගනියි. කොන්ක්‍රීට් තුළ අන්තර්ගත කර ඇති බැක්‌ටීරියා බීජාණුවලට ජලය ලැබීමෙන් ඒaවා ප්‍රරෝහණය වීම ආරම්භ වේ. මේ සඳහා එම බැක්‌ටීරියාව භාවිත කරන පෝෂක ද්‍රව්‍ය පැවතීම අනිවාර්ය වේ. මෙහි භාවිත කරන ලද බැක්‌ටීරියා බීජාණුවලට පෝෂක ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරනුයේ කැල්සියම් ලැක්‌ටේට් ය. මේ බැක්‌ටීරියාව තුළ සිදු වන පරිවෘත්තීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස කැල්සියම් ලැක්‌ටේට් හුණුගල් (limestone) බවට පරිවර්තනය කරමින් ඒවා ශක්‌තිය සපයාගනියි. මෙසේ නිපදවෙන හුණුගල් පැළුම් පෘෂ්ඨය මත ඝනීභවනය වීමෙන් පැල්ම පිළිසකර වේ. මෙහි දී සිදු වන රසායනික ප්‍රතික්‍රියාව පහත පරිදි ය.
Ca(C3H5O2)2 + 7O2 CaCO3 + 5 CO2 + 5H2OCO2 + Ca(OH)2 CaCO3 + H2O

එමෙන් ම මේ බැක්‌ටීරියාව කැල්සියම් ලැක්‌ටේට් මත පෝෂණය වීම ආරම්භ කරන විට ඔවුන් අභ්‍යන්තරයේ පවතින ඔක්‌සිජන් පරිභෝජනය කරයි. එම නිසා කොන්ක්‍රීට් සමඟ භාවිත කර ඇති යකඩ ද්‍රව්‍ය (උදා :- යකඩ කණු) මළ බැඳීම අවම වී ඉදිකිරීම්හි කල්පැවැත්ම වැඩි වේ. මේ කොන්ක්‍රීටය නිෂ්පාදන ක්‍රියාවලියේ දී සැලකීමට බඳුන් වූ කරුණු කීපයකි. පැල්මක් පිළිසකර වීමට නම්, මෙහි දී භාවිත කරන බැක්‌ටීරියා බීජාණු ප්‍රරෝහණය ආරම්භ විය යුත්තේ කොන්ක්‍රීට්‌හි ව්‍යූහයට හානි වූ පසු පමණි. එතෙක් ඒවා කොන්ක්‍රීටය තුළ අක්‍රීය ව පැවතිය යුතු ය. සිමෙන්ති මිශ්‍ර කිරීමේ දී සිදු විය හැකි බැක්‌ටීරියා බීජාණු ප්‍රරෝහණය වීම වැළැක්‌වීම සඳහා බීජාණු සහ පෝෂකය (කැල්සියම් ලැක්‌ටේට්) වෙන් වෙන් වශයෙන්, වෙන් වෙන් ව්‍යූහ තුළ අන්තර්ගත කරවීමට පියවර ගන්නා ලදි. එවිට බීජාණු පෝෂකයට නිරාවරණය වන්නේ ඒවා අන්තර්ගත කර තිබෙන ව්‍යූහවලට හානි වූ විට පමණි.දිගු කල් පැවැත්ම, යොදා ඇති යකඩ කම්බි / කණු ආදිය මළ බැඳීම වැළකීම, සාම්ප්‍රදායික කොන්ක්‍රීට් භාවිත කිරීමේ දී දැරීමට සිදු වන අලුත්වැඩියා සහ නඩත්තු පිරිවැය අවම වීම මේ විශේෂිත ජෛව කොන්ක්‍රීටයේ වාසිදායක ලක්ෂණ වේ.
එහෙත් මෙහි දී බැක්‌ටීරියා සඳහා භාවිත වන පෝෂකවල මිල අධිකතාව සහ ක්ෂුද්‍රජීවී බීජාණු සහ පෝෂක ද්‍රව්‍ය කොන්ක්‍රීට් තුළට අන්තර්ගත කරවීමට භාවිත වන තාක්ෂණික ක්‍රමවල මිල අධිකතාව මෙහි ඇති අවාසිදායක තත්ත්වයකි.
මේ වන විට මේ ක්ෂුද්‍ර ජීවී විශේෂයට අමතර ව ජෛව කොන්ක්‍රීට් නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි වෙනත් ක්ෂුද්‍ර ජීවී විශේෂ කීපයක් ම හඳුනාගෙන ඇත. එහෙත් ඔවුන් තුළ පවතින පරිවෘත්තීය ක්‍රියාවලියට අනුව පරිභෝජනය කරන පෝෂක විවිධ ය. ඒ අනුව මේ නව විශේෂ ද භාවිත කරමින්, පිරිවැය අඩු නව අමුද්‍රව්‍ය සහ ශිල්පීය ක්‍රම භාවිත කරමින් ජෛව කොන්ක්‍රීට් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ ක්‍රියාත්මක වෙමින් පවතියි.
Comments
Post a Comment