Skip to main content

නීරෝගී දිවියකට නීරෝගී සැලැස්මක්

නීරෝගී දිවියකට, නීරෝගී ජීවන රටාවකට මෙම පියවර 10 ඔබට මහඟු රුකුලක් වනු ඇත. මුලින්ම ඔබ කළ යුතු වන්නේ, දවසේ වැඩ කටයුතු සැලැසුම් කිරීමය.
දවසේ ඔබ කිරීමට සූදානම් සියලුම වැඩ සවිස්තරාත්මකව සටහන් කරන්න.
එදින ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවද සටහන් කරන්න. ප්‍රධාන කෑම වේලවලට අමතරව ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවාදැයි කල්පනා කර බලන්න. ඒවාද සටහන් කර ගන්න. ඔබේ සැලැස්මට නොගැලපෙන හෝ අහිතකර හෝ ආහාර පාන ගැනීමෙන් වැළැකිය යුතුය. ක්‍රියාවන්ගෙන් ද වැළැකිය යුතුය. එසේ නොකිරීමට ඔබ ඔබටම උපදෙස් දෙන්න.
සෑම දිනකම ඔබ කිරීමට සූදානම් වන සියලු දේ එසේ සැලැසුම් කළ පසු, නින්දෙන් අවදි වූ වේලාවේ සිට යළි රාත්‍රී නින්දට යනතෙක් ඔබ ඔබේ සැලැස්මට අනුව කාර්ය බහුල වනු ඇත.
ඔබේ සිතේ වැඩ කරනු ඇත්තේ ද එම සැලැස්ම පමණි. එවිට, ඔබේ බර ගැන හෝ ඔබේ වෙනත් අසනීප තත්ත්වයන් ගැන හෝ මනසට වදයක් නොවනු ඇත. ඔබ වඩ වඩාත් ක්‍රියාකාරී වනු ඇත. නොකරන දේවල් හෝ කළ දේවල් ගැන යළි සිතමින් පසු තැවෙනවාට වඩා සැලැස්මකට අනුව එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීම නීරෝගී දිවියකට පළමු පියවර වේවි.
දෙවැනි පියවර වන්නේ, එදිනෙදා ඔබට ඇති ‘ඉලක්ක’, එසේත් නැතිනම් ඔබේ බලාපොරොත්තු සහ සිහින කෙසේ විය යුතුදැයි ලියා තැබීමය. ඔබට අමතක වී ගිය, ජීවිතේ ඔබ කළ යුතු දේ ලියා තැපිය යුතුය. සමහරවිට ඔබට ඒවා කර ගන්න අමාරු වෙන්න පුළුවනි. එසේත් නැතිනම් ඒවා විකාර යැයි ඔබට සිතෙන්නටත් පුළුවනි. ඔබ කළ යුතු වන්නේ ඒකාකාර දෛනික ජීවන රටාවෙන් මිදීමය. පවතින ජීවන රටාව අලුත් කර ගැනීම ඔබ කළ යුතුය. සමහරවිට ඔබේ සමහර බලාපොරොත්තු උදා කර ගැනීම මේ ජීවිතයේ දී කර ගැනීමට නොහැකි වේවි.
එසේ වුවත්, ඒවා ලියා තැබීම ඔබ කළ යුතුය. එසේ කළ විට, ඒවා කරා ළඟා වීමට ඔබට ධෛර්යය ලැබෙනු ඇත. ඒ සඳහා ඔබේ සිත පෙළඹෙනු ඇත.
තෙවැනි පියවර වන්නේ, ඔබේ අනාගත සැලැසුම්වලට මඟ පාදා දෙන එක දීර්ගකාලීන ක්‍රියාකාරකමකට අත ගැසීමය. එසේ නොකරන්නේ නම්, ඔබ සැමදා ඒකකාරී වේවි. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී, අලුත් දෙයක් එසේත් නැතිනම් වෙනස් දෙයක් ඔබ කළ යුතුයි. එසේ කටයුතු කළොත්, සතිය අවසන් වෙද්දී ඔබේ ප්‍රධාන අරමුණ කරා ටිකෙන් ටික ඔබ ළං වනු ඇත.
සිවුවැනි පියවර වන්නේ, ආපසු හැරී නොබැලීමය. කිසිවක් ගැන පසුතැවෙන්නේ නැතිව ඔබ කළ යුත්තේ ඉදිරියට යෑමය. අතපසුවීම්, දුක් දොම්නස් ගෙන දෙන සිදුවීම් ගැන පසුතැවෙමින් සිටීමෙන් ඔබ වැළැකිය යුතුය. දුක්මුස් වේදනාකාරී මතකයන් ඇතිනම් ඒවා අමතක කර, සිතට මෙන්ම ගතට ද සහනයක් සතුටක් ගෙනෙන අලුත් මතකයන් ඇති කර ගත යුතුයි. ‘අයියෝ, මං එහෙම නොකර සිටියා නම්’ ‘ඇයි මං එහෙම කළේ’ ආදී ප්‍රශ්න අසන්න යන්න එපා. එවැනි ප්‍රශ්න අසමින් මනසට වද දෙන්න එපා. මඟ හැරුණු සියල්ල අමතක කර, ජීවිතේ අර්ථවත් කර ගත යුතුය. රැකියාව දියුණු කර ගන්නේ කෙසේද ? සැමියාට හොඳ බිරියක, බිරියට හොඳ සැමියකු වන්නේ කෙසේදැයි සිතිය යුතුයි. ඔබ ඔබේ අරමුණු කරා යා යුතුයි. ඊයේ දිනය ඔබට අමිහිරි වුවත් අද හෙට දිනය සොදුරු දිනයක් බවට පත් කර ගැනීම කළ හැක්කේ අන් කිසිවකුට නොව, ඔබටම පමණි.
පස්වැනි පියවර වන්නේ, හේතු ඉදිරිපත් කිරීමෙන් වැළැකීමය. අපට අපේ අරමුණු කරා යෑමේදී බාධා එල්ල වෙයි. එම බාධාවලට හේතු ඉදිරිපත් නොකර බාධක ජය ගැනීම ඔබ කළ යුතුය. එම බාධා ඔබේ ජීවිත ගමනට හේතුවක්, එසේත් නැතිනම් සමාව දිය හැකි කරුණක් නොකර ගත යුතුයි. බාධක එකිනෙක ජය ගනිද්දී, ඔබ තව තවත් ශක්තිමත් වනු ඇත.
නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය වන සය වැනි පියවර වන්නේ, ඔබ කරන කියන හැමදේකම වගකීම ඔබ බාර ගැනීමය. ඔබට සිදුවන දේවල් සම්බන්ධයෙන් වරද වෙන අයට පැටවිය යුතු නැත. වෙන අයට දොස් පැවැරිය යුතු වන්නේ ද නැත. ඔබ සම්බන්ධයෙන් කරන කියන සහ සිදුවන සියලුම දේට වගකිව යුත්තේ ඔබම පමණි. එහෙයින්, දෛනික සැලැස්මකට ඔබ කටයුතු කළ යුතු වෙයි. දිනපතා ව්‍යායාම ගත යුතුය. ඔබේ ජීවිතය ක්‍රිකට් ක්‍රීඩාවක් යැයි සිතන්න, එහිදී ඔබ සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ හෝ ඔල්වරසන් දෙන්නන් අතරේ හෝ නොවේ. පුහුණුකරු ඔබ නොවේ. ඔබයි පිටිය මැද සිටින පිතිකරු හෝ පන්දු යවන්නා. ඔබ ඔබට ඕනෑ විදියට ක්‍රීඩාව වෙනස් කර ජය ගත යුතුයි. කරන කියන හැමදේකම වගකීම බාර ගනිමින් යන්න ඉදිරියට.
සත්වැනි පියවර වන්නේ, ඔබට ඔබේ අරමුණු කරා යන ගමනේදී එල්ල වන බාධා සහ බාධා කරන්නන් මඟ හැරීමය. එම බාධා තේරුම් ගන්න. බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්න. උදෑසන නීරෝගී ආහාර වේල අමතක කර කඩචෝරු කෑමෙක් වළකින්න. එසේ නොකරන්නැයි ඔබ ඔබටම විධානයක් දෙන්න. නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය විදියට ඔබ ජීවත් විය යුතුයි. ඔබ රේස් අශ්වයකු යැයි සිතන්න. රේස් අශ්වයකුට ඇස් ආවරන පළදවන්නේ අවට කිසි දෙයක් නොපෙනී, ඉදිරිය පමණක් පෙනෙන ලෙසිනි. ඔබත් ඉදිරිය පමණක් බලන්න, ඔබේ අරමුණු කරා යන ගමනේ දී, වටපිට නොබලන්න. එසේ යද්දී ඔබට සුළු සිත් තැවුල් ඇතිවේවි. අපහසුතා ඇතිවේවි. එහෙත් හෙට දවස යහපත් වේවි. ඔබ ඔබටම ස්තුති කර ගනු ඇත.
අට වැනි පියවර නම්, අනාගතය ගැන සිතීමයි. සිතන්න අදින් තව වසර 20 කින් ඔබ කොතැන සිටීවි ද ? කොහොම කෙනෙක් වේවිද ? වසර 20 කින් ඔබ මහල්ලකු වී සිටීවි. අරමුණු කරා ගොස් ඒවා ඉටු කරගත් කෙනෙකු ලෙස ඔබට ඔබ දැකිය හැකිදැයි සිතා බලන්න. ඒ අනුව ඉදිරියට යන්න උත්සහ ගත යුතුය. නව වැනි පියවර වන්නේ, ඔබ ළං කර ගත යුත්තේ ඔබ මෙන් ධනාත්මක දැක්මක් ඇති පුද්ගලයන්ය. ඔබ ස්ථුල පුද්ගලයකු නම්, ඔබ සමීපව ඇසුරු කර ගත යුත්තේ, ඔබට ඔබේ අධි බර අඩු කර ගැනීමට උපදෙස් දෙන සහ සහාය දෙන අවංක පුද්ගලන් පමණි. ‘අයියෝ මොනවා කරත් බර අඩු කර ගන්න බැහැ’ යැයි මැසිවිල නගන මිතුරන් ඇසුරු කිරීමෙන් වැළකිය යුතුය. ධනාත්මක චිත්තනය ඇති ඔබට නිවැරදි උපදෙස් ලබා දෙන මිතුරු මිතුරියන් පමණක් නොව, නෑදෑයින් පවා ඔබ ඇසුරු කළ යුතුය. ඔබේ අරමුණුවලට සමාන අරමුණු ඇති අය ඇසුරු කිරීමෙන් ඔබට ඔබේ අරමුණු වෙත යෑමට ශක්තිය සහ ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න, එකිනෙකාට උදවු කර ගන්න.
දස වැනි පියවර වන්නේ, ව්‍යායාමවලට ආදරේ කිරීමය. ව්‍යායාම කිරීම සතුටින් කළ යුතු දෙයකි. එය මනසට හෝ සිරුරට වදයක් හෝ කරදරයක් හෝ නොවිය යුතුය. මානසික සංවර්ධනය ද එසේමය. ව්‍යායාම නොකර සිටීමට හේතු ඇති කර ගත යුතු නැත. උදෑසන හෝ සැවන්දෑවේ ඇවිදීමට ඔබ ප්‍රිය කරන තැනක් තෝරා ගැනීම කළ යුතුය. සුන්දර නැවුම් වාතයෙන් පිරිසරයක් ඒ සඳහා තෝරා ගත යුතුය. එසේ ඇවිදින විටදී, ව්‍යායාම සඳහා ඇවිදිනවා යැයි සිතන්න. වටපිට බලමින් නොයන්න. ඇවිදීම පමණක් නොව, ක්‍රීඩා කරන්න, ඇරොබික්ස් සහ යෝග ව්‍යායාම ද ඔබ නිරෝගීව තැබීමට උපකාරී වෙයි. ඔබ නර්තනයේ යෙදෙන්නකු නම්, ගෙවතු අලංකරණය කරන්නකු නම්, වත්තේ වැඩපල කරන්නකු නම් එය ද ව්‍යායාමයක් වනු ඇත. ව්‍යායාම කිරීමට නොහැකි නම්, පා පැදියක් භාවිතා කරන්න. එවිට ඔබට ව්‍යායාම උපකරණ අවශ්‍ය වන්නේ ද නැත. ඔබට සතුට ගෙන දෙන විදියේ, ක්‍රියාකාරකම් තෝරා ගැනීම ඔබ කළ යුතුවෙයි.
අවසන් වශයෙන්, නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය අමතර කාරණාවක් වන්නේ, ඔබට කළ හැක්කේ දැනට ඔබ කරන ප්‍රමාණය පමණක් යැයි කිසිම විටෙක සිතන්න යන්න එපා. ඔබට කළ හැකි දේ බොහොමයි. ඔබට බැරි දෙයක් නැතැයි යන සිතුවිල්ල සහ අධිෂ්ඨානය පමණක් ඔබට ප්‍රමාණවත් වෙයි. නීරෝගී ජීවන රටාවක් සඳහා ඔබ සකස් කරන මඟ එළිපෙහෙළි කර දීමට එම අධිෂ්ඨානයට හැකි වනු ඇත. ඔබ අවංකවම ඒ ගැන සිතන්න, එවිට ඔබට කරන්න බැරි දෙයක් නැත. ළඟා වීමට බැරි තැනක් නැත

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...