කොන්ද නවාගෙන, කුදු වී දීර්ඝ වේලාවක් එක දිගට පරිගණක ලැප්ටොප් යන්ත්‍රයක් හෝ ටැබ්ලට් උපකරණයක් පරිහරණය කිරීම කුඩා දරුවන්ටත් යෞවන යෞවනියන්ටත් කොන්දේ අමාරු ඇති කිරීමට හේතුවක් වෙයි. ලැප්ටොප් හෝ ටැබ්ලට් බාල ඔබේ දරුවන්ගෙන් ඉවත් කිරීම කළ නොහැකි දෙයකි. හේතුව නව තාක්ෂණය සමඟ අප ජීවිත බද්ධ වී ඇති නිසාය. නමුත් කළ හැකි දේ වන්නේ නිවැරදි ඉරියව් භාවිත කරමින් ලැප්ටොප් හෝ ටැබ්ලට් පාවිච්චි කිරීමට කියා දීමය.
අද කාලේ ඇඳක හෝ සෝපාවක හෝ දිගා වී පැය ගණනක් ලැප්ටොප් යන්ත්‍රයක්, ෆෝන් එකක් හෝ ටැබ්ලට් යන්ත්‍රයක් පරිහරණය නොකරන යෞවන යෞවනියක සොයා ගැනීමට නොහැකි තරම්ය. මෙම ඉලෙක්ට්‍රානික උපාංග භාවිතා කරද්දී සිටින ඉරියව් ‘අයි ඉරියව්’ (සඡදිඑමරු) යනුවෙන් හැඳින්වෙයි. මෙම වැරදි ඉරියව් හේතුවෙන් බෙල්ලේ සහ කාන්දේ වේදනාව පමණක් නොව, බෙල්ලේ සහ කොන්දේ ආබාධ පවා ඇති වන බව අනාවරණය වී තිබේ.
මෙම කරුණු කාරණා අනාවරණය කළේ කශේරුකා චිකිත්සාව සම්බන්ධයෙන් වන බි්‍රටිෂ් කයිරෝප්‍රැක්ටික් සංසදයයි. මොවුන් කළ නවතම පර්යේෂණයට අනුව අවුරුදු 16 ත් 24 ත් අතර යෞවන යෞවනියන් සහ තරුණ තරුණියන් පිරිසක් සම්බන්ධ කර ගැනුණි. ඔවුන්ගෙන් සියයට 40 කට කෙන්දේ සහ බෙල්ලේ ආබාධ හටගත්තේ නිවැරදි නොවන අයුරින් ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාර්ට් ෆෝන් භාවිත කිරීම හේතුවෙන්ය. මෙම පිරිස දිනකට පැය 6 කට වඩා වැඩි කාලයක් ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නෝය. එපමණක් නොව, පර්යේෂණය කළ පිරිසෙන් වැඩිදෙනාට ද බෙල්ලේ සහ කෙනේදේ ආබාධ හට ගත්තේය.
දෙමාපියන් හත් දෙනකුගෙන් අයකු විශ්වාස කරන්නේ ඔවුන්ගේ දරුවන්ගේ බෙල්ලේ සහ කොන්දේ වේදනාවට හේතුව ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම බවය. ඒ බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. නිවැරදි ඉරියව් පිළිනොපැඳීම මීට හේතුව යැයි එමගින් පෙන්වා දී ඇත.
ෆින්ලන්තයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණය සිදු කළේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කිරීමෙනි. ඊට දිනපතා පැය දෙකකට වැඩි කාලයක් ලැප්ටොප් පරිගණක භාවිතා කරන පාසල් දරු දැරියන් 436 දෙනකු සහභාගීකරවා ගන්නා ලදී. ඔවුන්ගෙන් සියයට 21 කට බෙල්ලේ සහ උරහිස්වල වේදනාය. සියයට 20 කට හිසේ කැක්කුමය. සියයට 16 කට තුනටියෙන් පහළ වේදනාය. වැඩියෙන් මෙවැනි ආබාධවලට ලක් වුණේ පිරිමි ළමයින් නොව, ගැහැනු ළමයින්ය.
ඔබේ දරුවා කොන්ද කුදු කරගෙන, හිසත් බෙල්ලත් පැත්තට ඇල කරවා ගෙන බොහෝ වේලාවක් එම ඉරියව්වෙන් සිටී. මෙයින් සිදුවන්නේ හන්දිවලට පීඩනයක් එල්ල වීමය. එය බෙල්ලේ සහ උරහිස්වල වේදනාවක් ඇති කිරීමට හේතුවක් වෙයි. ගැටවර වියේදීත් යොවුන් වියේදීත් ඉලෙන්ට්‍රොනික උපාංග සමඟ ජීවිතය බද්ධ වීම නිසා දරුවා ඒවායින් වෙන් කිරීම එසේත් නැතිනම් ඈත් කිරීම අභියෝගයක් වෙයි.
එසේ නම්, ආරක්ෂාවීමට නම් ඔවුන්ට කළ හැකි යමක් තිබෙනවාද ? තිබෙනවා. එකම ඉරියව්වේ දිගු වේලාවක් රැඳී නොසිට, ඉරියව් වෙනස් කිරීමට දරුවාට උපදෙස් දීම ඔබට කළ හැකි දෙයකි. විටින් විට විරාමයකට මෙන් හිට ගැනීම සහ ඇවිදීම කළ යුතු බව කියා දිය යුතුය. එකම තැනකට කොටු වී සිටින දරුවන්ගේ කොන්දේ වේදනා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
ලැප්ටොප් පරිගණක උකුලේ තබා ගැනීම වෙනුවට, එය ඇස් මට්ටමින් මේසයක තැබීමට කටයුතු කළ යුතුය. වැලමිට ක්‍රියාත්මක වන ප්‍රමාණයට යතුරු පුවරුව තැබිය යුතු වෙයි.ඇහි බැටf සමාන්තරව පරිගණක තිරය තැබිය යුතුය. කොන්ද කෙළින් තබා ගෙන පුටුවක අසුන් ගෙන, පාද පොළොවට සමාන්තරව තබා ගත යුතු වෙයි.
වළලුකරට අත්වලට ආධාරක යොදා ගැනීම තවත් පහසුවක් වනු ඇත. එයින් වළලුකර සහ වැලමිට ආබාධ අවම කර ගැනීමට හැකිවෙයි. සිහියට ගත යුතු වන්නේ ලැප්ටොප් පරිගණක උකුල මත තබා ගෙන පරිහරණය නොකිරීමය. ඊට අමතරව ටැබ්ලට් උපකරණ පවා මේසයක් මත තබා ගෙන පරිහරණය කළ යුතුය. ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ අඩු කරනවා නොව, දිනෙන් දින අප දරු දැරියන් ඒවා වැඩි වශයෙන් භාවිත කරනු ඇත. කළ යුතු වන්නේ නිවැරදි ඉරියව්වලින් ඒවා පරිහරණයයි. ඉදහිට අන්තර් ජාලය භාවිතයෙන් ඈත් වීම ද කළ යුතු වෙයි.
Comments
Post a Comment