Skip to main content

ලැප්ටොප්-ටැබ්ලට් කොන්දට අහිතකරද ?

 
කොන්ද නවාගෙන, කුදු වී දීර්ඝ වේලාවක් එක දිගට පරිගණක ලැප්ටොප් යන්ත්‍රයක් හෝ ටැබ්ලට් උපකරණයක් පරිහරණය කිරීම කුඩා දරුවන්ටත් යෞවන යෞවනියන්ටත් කොන්දේ අමාරු ඇති කිරීමට හේතුවක් වෙයි. ලැප්ටොප් හෝ ටැබ්ලට් බාල ඔබේ දරුවන්ගෙන් ඉවත් කිරීම කළ නොහැකි දෙයකි. හේතුව නව තාක්ෂණය සමඟ අප ජීවිත බද්ධ වී ඇති නිසාය. නමුත් කළ හැකි දේ වන්නේ නිවැරදි ඉරියව් භාවිත කරමින් ලැප්ටොප් හෝ ටැබ්ලට් පාවිච්චි කිරීමට කියා දීමය.
 
අද කාලේ ඇඳක හෝ සෝපාවක හෝ දිගා වී පැය ගණනක් ලැප්ටොප් යන්ත්‍රයක්, ෆෝන් එකක් හෝ ටැබ්ලට් යන්ත්‍රයක් පරිහරණය නොකරන යෞවන යෞවනියක සොයා ගැනීමට නොහැකි තරම්ය. මෙම ඉලෙක්ට්‍රානික උපාංග භාවිතා කරද්දී සිටින ඉරියව් ‘අයි ඉරියව්’ (සඡදිඑමරු) යනුවෙන් හැඳින්වෙයි. මෙම වැරදි ඉරියව් හේතුවෙන් බෙල්ලේ සහ කාන්දේ වේදනාව පමණක් නොව, බෙල්ලේ සහ කොන්දේ ආබාධ පවා ඇති වන බව අනාවරණය වී තිබේ.
 
මෙම කරුණු කාරණා අනාවරණය කළේ කශේරුකා චිකිත්සාව සම්බන්ධයෙන් වන බි්‍රටිෂ් කයිරෝප්‍රැක්ටික් සංසදයයි. මොවුන් කළ නවතම පර්යේෂණයට අනුව අවුරුදු 16 ත් 24 ත් අතර යෞවන යෞවනියන් සහ තරුණ තරුණියන් පිරිසක් සම්බන්ධ කර ගැනුණි. ඔවුන්ගෙන් සියයට 40 කට කෙන්දේ සහ බෙල්ලේ ආබාධ හටගත්තේ නිවැරදි නොවන අයුරින් ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාර්ට් ෆෝන් භාවිත කිරීම හේතුවෙන්ය. මෙම පිරිස දිනකට පැය 6 කට වඩා වැඩි කාලයක් ලැප්ටොප්, ටැබ්ලට් සහ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නෝය. එපමණක් නොව, පර්යේෂණය කළ පිරිසෙන් වැඩිදෙනාට ද බෙල්ලේ සහ කෙනේදේ ආබාධ හට ගත්තේය. 
 
දෙමාපියන් හත් දෙනකුගෙන් අයකු විශ්වාස කරන්නේ ඔවුන්ගේ දරුවන්ගේ බෙල්ලේ සහ කොන්දේ වේදනාවට හේතුව ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීම බවය. ඒ බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. නිවැරදි ඉරියව් පිළිනොපැඳීම මීට හේතුව යැයි එමගින් පෙන්වා දී ඇත.
 
ෆින්ලන්තයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණය සිදු කළේ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කිරීමෙනි. ඊට දිනපතා පැය දෙකකට වැඩි කාලයක් ලැප්ටොප් පරිගණක භාවිතා කරන පාසල් දරු දැරියන් 436 දෙනකු සහභාගීකරවා ගන්නා ලදී. ඔවුන්ගෙන් සියයට 21 කට බෙල්ලේ සහ උරහිස්වල වේදනාය. සියයට 20 කට හිසේ කැක්කුමය. සියයට 16 කට තුනටියෙන් පහළ වේදනාය. වැඩියෙන් මෙවැනි ආබාධවලට ලක් වුණේ පිරිමි ළමයින් නොව, ගැහැනු ළමයින්ය.
 
ඔබේ දරුවා කොන්ද කුදු කරගෙන, හිසත් බෙල්ලත් පැත්තට ඇල කරවා ගෙන බොහෝ වේලාවක් එම ඉරියව්වෙන් සිටී. මෙයින් සිදුවන්නේ හන්දිවලට පීඩනයක් එල්ල වීමය. එය බෙල්ලේ සහ උරහිස්වල වේදනාවක් ඇති කිරීමට හේතුවක් වෙයි. ගැටවර වියේදීත් යොවුන් වියේදීත් ඉලෙන්ට්‍රොනික උපාංග සමඟ ජීවිතය බද්ධ වීම නිසා දරුවා ඒවායින් වෙන් කිරීම එසේත් නැතිනම් ඈත් කිරීම අභියෝගයක් වෙයි.
 
එසේ නම්, ආරක්ෂාවීමට නම් ඔවුන්ට කළ හැකි යමක් තිබෙනවාද ? තිබෙනවා. එකම ඉරියව්වේ දිගු වේලාවක් රැඳී නොසිට, ඉරියව් වෙනස් කිරීමට දරුවාට උපදෙස් දීම ඔබට කළ හැකි දෙයකි. විටින් විට විරාමයකට මෙන් හිට ගැනීම සහ ඇවිදීම කළ යුතු බව කියා දිය යුතුය. එකම තැනකට කොටු වී සිටින දරුවන්ගේ කොන්දේ වේදනා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
 
ලැප්ටොප් පරිගණක උකුලේ තබා ගැනීම වෙනුවට, එය ඇස් මට්ටමින් මේසයක තැබීමට කටයුතු කළ යුතුය. වැලමිට ක්‍රියාත්මක වන ප්‍රමාණයට යතුරු පුවරුව තැබිය යුතු වෙයි.ඇහි බැටf සමාන්තරව පරිගණක තිරය තැබිය යුතුය. කොන්ද කෙළින් තබා ගෙන පුටුවක අසුන් ගෙන, පාද පොළොවට සමාන්තරව තබා ගත යුතු වෙයි.
 
වළලුකරට අත්වලට ආධාරක යොදා ගැනීම තවත් පහසුවක් වනු ඇත. එයින් වළලුකර සහ වැලමිට ආබාධ අවම කර ගැනීමට හැකිවෙයි. සිහියට ගත යුතු වන්නේ ලැප්ටොප් පරිගණක උකුල මත තබා ගෙන පරිහරණය නොකිරීමය. ඊට අමතරව ටැබ්ලට් උපකරණ පවා මේසයක් මත තබා ගෙන පරිහරණය කළ යුතුය. ජංගම ඉලෙක්ට්‍රොනික උපකරණ අඩු කරනවා නොව, දිනෙන් දින අප දරු දැරියන් ඒවා වැඩි වශයෙන් භාවිත කරනු ඇත. කළ යුතු වන්නේ නිවැරදි ඉරියව්වලින් ඒවා පරිහරණයයි. ඉදහිට අන්තර් ජාලය භාවිතයෙන් ඈත් වීම ද කළ යුතු වෙයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...