Skip to main content

වට්ටක්කා අධි රුධිර පීඩනය මැඩලයි

වට්ටක්කා මදය හා ඇට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට එක් කර ගැනීමෙන් අධි රුධිර පීඩන මට්ටම අඩු කර ගත හැකි බව මීයන් යොදාගෙන සිදු කරන ලද අලූත්ම බටහිර පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
 
 ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා නගරයේ ටස්කෙජී සරසවියේ ජීව විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය සොවෙටෝ තෝමස් විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව සති 6ක් වයසැති මීයන් පිරිසක් ගෙන ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් මීයන් කණ්ඩායමකට වට්ටක්කා මදය හෝ ඇට ඇතුළත් ආහාර වේලක්ද අනෙක් මීයන් පිරිසට පාලනය කරන ලද ආහාර වේලක්ද ලබා දීමට කටයුතූ කර ඇත.ි
 
 මෙම මීයන්ට සති අටක කාලයක් එම ආහාර වේල් ලබා ගැනීමට ඉඩ සලසා ඇති අතර එම කාල සීමාවෙන් පසු ඔවුන්ව පරික්ෂා කිරීමේදී සියයට 4 ක කැලරි අඩංගු වට්ටක්කා මදය හෝ ඇට අඩංගු ආහාර වේලක් ලබා ගත් මියන් පිරිසේ රුධිර පීඩන මට්ටම පාලනය කරන ලද ආහාර වේලක් ලබා ගත් මීයන් කණ්ඩායමට වඩා සියයට 20කට වඩා වැඩි ප‍්‍රතිශතයකින් අඩු වී තිබුණු බව පෙනී ගොස් ඇත.
 
 දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පර්යේෂකයින් විසින් වට්ටක්කා තෙල් හා ඇටවල පෝෂණ අගය පිළිබඳව පර්යේෂණ පවත්වා ඇති නමුත් මෙතෙක් වට්ටක්කා මදය අධි රුධිර පීඩනයට බලපෑම් කරන ආකාරය පිළිබඳව කිසිවෙකු පර්යේෂණය කර නොතිබුණු බව ආචාර්ය සොවෙටෝ පවසයි.
 
 මෙම නවතම පර්යේෂණයට දායක නොවූ පර්යේෂකයෙකු වන නිව්යෝක් නගරයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වසංගතවේදය හා මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වයිලි රොසෙට්ට අනුව වට්ටක්කා රුධිර පීඩනය අඩු කිරීමට සමත් බීටා කැරටීන් වලින් අනුන වූ පොටෑසියම් ඇතුළු සංයෝගවලින් සපිරි ආහාරයකි. එහෙත් දිනපතා වට්ටක්කා ඇට අනුභව කිරීමෙන් මීයන්ගේ අධි රුධ්ර පීඩන මට්ටම අඩු වන බව හෙළි වී ඇතත් එය මිනිසුන්ට ඒ අයුරින්ම අදාළ දැයි මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.
 
 ආචාර්ය සොවෙටෝට අනුව ඉදිරියේදී සිදු කරනු ලබන මිනිසුන්ගේ අධි රුධිර පීඩන මට්ටමට වට්ටක්කා මදයට කළ හැකි බලපෑම පිළිබඳ අත් හදා බැලීමේදී මෙයට පිළිතුරු ලැබෙනු ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...