ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා නගරයේ ටස්කෙජී සරසවියේ ජීව විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය සොවෙටෝ තෝමස් විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව සති 6ක් වයසැති මීයන් පිරිසක් ගෙන ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් මීයන් කණ්ඩායමකට වට්ටක්කා මදය හෝ ඇට ඇතුළත් ආහාර වේලක්ද අනෙක් මීයන් පිරිසට පාලනය කරන ලද ආහාර වේලක්ද ලබා දීමට කටයුතූ කර ඇත.ි
මෙම මීයන්ට සති අටක කාලයක් එම ආහාර වේල් ලබා ගැනීමට ඉඩ සලසා ඇති අතර එම කාල සීමාවෙන් පසු ඔවුන්ව පරික්ෂා කිරීමේදී සියයට 4 ක කැලරි අඩංගු වට්ටක්කා මදය හෝ ඇට අඩංගු ආහාර වේලක් ලබා ගත් මියන් පිරිසේ රුධිර පීඩන මට්ටම පාලනය කරන ලද ආහාර වේලක් ලබා ගත් මීයන් කණ්ඩායමට වඩා සියයට 20කට වඩා වැඩි ප‍්‍රතිශතයකින් අඩු වී තිබුණු බව පෙනී ගොස් ඇත.
දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පර්යේෂකයින් විසින් වට්ටක්කා තෙල් හා ඇටවල පෝෂණ අගය පිළිබඳව පර්යේෂණ පවත්වා ඇති නමුත් මෙතෙක් වට්ටක්කා මදය අධි රුධිර පීඩනයට බලපෑම් කරන ආකාරය පිළිබඳව කිසිවෙකු පර්යේෂණය කර නොතිබුණු බව ආචාර්ය සොවෙටෝ පවසයි.
මෙම නවතම පර්යේෂණයට දායක නොවූ පර්යේෂකයෙකු වන නිව්යෝක් නගරයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වසංගතවේදය හා මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වයිලි රොසෙට්ට අනුව වට්ටක්කා රුධිර පීඩනය අඩු කිරීමට සමත් බීටා කැරටීන් වලින් අනුන වූ පොටෑසියම් ඇතුළු සංයෝගවලින් සපිරි ආහාරයකි. එහෙත් දිනපතා වට්ටක්කා ඇට අනුභව කිරීමෙන් මීයන්ගේ අධි රුධ්ර පීඩන මට්ටම අඩු වන බව හෙළි වී ඇතත් එය මිනිසුන්ට ඒ අයුරින්ම අදාළ දැයි මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.
ආචාර්ය සොවෙටෝට අනුව ඉදිරියේදී සිදු කරනු ලබන මිනිසුන්ගේ අධි රුධිර පීඩන මට්ටමට වට්ටක්කා මදයට කළ හැකි බලපෑම පිළිබඳ අත් හදා බැලීමේදී මෙයට පිළිතුරු ලැබෙනු ඇත.
Comments
Post a Comment