Skip to main content

සුවපත් දිවියකට මග කියන භෞතචිකිත්සාව...




එදිනෙදා ජීවිතයේ දී සිරුරේ ඇති වන වේදනා, කැක්‌කුම් සහ හිරිවැටීම් වැනි රෝග ලක්‌ෂණ ස`දහා භෞතචිකිත්සක ප්‍රතිකාර පිණිස යොමු වීම අද සමාජයේ සුලබ ලෙස දක්‌නට ලැබෙන්නකි. එහෙත් භෞත චිකිත්සාව පිළිබ`දව සමාජය තුළ පවතින දැනුම ඇත්තේ යම් පහළ මට්‌ටමක ය. එම නිසා නිසි ලෙස ප්‍රතිකාර සම්පූර්ණ නො වීම, නිසි ලෙස ප්‍රතිකාර ව්‍යායාමයන්හි (Theraputic Exersices) නිරත නො වීම, එදිනෙදා ජීවිතයේ සිදු කළ යුතු ප්‍රතිකාරයන්ට අදාළ වන ජීවන රටාවේ වෙනස්‌කම් (Lifestyle modifications) සිදු නො කිරීම මෙන්ම නිවැරැදි සුදුසුකම් නොමැති පුද්ගලයන්ගේ භෞතචිකිත්සක ප්‍රතිකාරයන්ට යොමු වීම වැනි ගැටලුවලට මුහුණපාන්නට අසරණ රෝගීන්ට සිදු වී ඇත. මෙවැනි ගැටලු විස`දාගැනීම ස`දහා භෞතචිකිත්සාව පිළිබ`ද මූලික කරුණු කාරණාවන් මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

Physical Therapy හෙවත් භෞතචිකිත්සාව, බටහිර වෛද්‍ය විද්‍යාවන්ට අදාළ ප්‍රතිකාර ක්‍රමයකි. වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන් වන හිපොක්‍රටිස්‌, ගාලෙන් වැනි බුද්ධිමතුන් ක්‍රි.පූ. 460 වැනි කාලයක පවා විවිධාකාර රෝග ස`දහා භෞතචිකිත්සක ප්‍රතිකාරවලට යොමු වූ බවට ඉතිහාසය සාක්‌ෂි දරයි. ඉන් පසුව 18 වැනි සියවසේ විකලාංග වෛද්‍ය අංශයන්හි සිදු වූ වර්ධනයත් සම`ග භෞතචිකිත්සාව තවදුරටත් වර්ධනයට සහ විකසනයට පත් වෙයි. එහෙත් නූතන භෞතචිකිත්සක ප්‍රතිකාරවල ආරම්භය සිදු වන්නේ 19 වැනි සියවසේ අගභාගය වන විට ය. පසුව 1916 ඇති වූ පෝලියෝ රෝග තත්ත්වය සහ පළමුවැනි ලෝක යුද්ධය හේතුවෙන් සෙබළුන්ට සිදු වූ යුද අනතුරු හේතු කොටගෙන භෞතචිකිත්සක ප්‍රතිකාරවල අවශ්‍යතාව ලොවට ඉස්‌මතු විය. භෞතචිකිත්සක ප්‍රතිකාරමය සහ පුනරුත්ථාපන සායන සහ මධ්‍යස්‌ථාන යුරෝපය මූලික කොටගෙන ඇරඹෙන්නේ මේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ය.

ශ්‍රී ලංකාවට භෞතචිකිත්සාව හ`දුන්වා දෙන්නේ 20 වැනි සියවසේ මැද භාගයේ දී පමණ ය. ඒ ස`දහා පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කිරීමට දායක වන්නේ තීරා ප්‍රනාන්දු මැතිණියයි. ඇය මෙරට භෞතචිකිත්සක ක්‍ෂේත්‍රයේ මව යන විරුදාවලියෙන් හ`දුන්වන්නේ ඒ නිසාවෙනි. මෙසේ මෙරට තුළ මුල් බැසගන්නා භෞතචිකිත්සාව අද වන විට දියුණු තලයකට පැමිණ ඇත.

භෞතචිකිත්සාව සම්පූර්ණ වශයෙන් ම ඖෂධවලින් තොර ප්‍රතිකාර ක්‍රමයකි. මේ නිසා ඖෂධ හේතු කොටගෙන ඇති වන කිසිදු අතුරු ආබාධ තත්ත්වයක්‌ මේ ප්‍රතිකාරවල දී ඇති වන්නේ නැත. අනෙක්‌ අතට භෞතචිකිත්සාව විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රමයකි. මේ ප්‍රතිකාර ක්‍රමයේ දී ප්‍රතිකාර ලෙස භාවිත කරන්නේ තාපය, විද්යුතය (ඉතා කුඩා පරාසවල), èවනිය, ආලෝකය, කම්පන තරංග, චුම්බක ක්‍ෂේත්‍ර, ලේසර් කිරණ මෙන්ම පීඩනය, ඝර්ෂණය වැනි භෞතික විචල්‍යයන් ය. ඒ ඒ රෝග ලක්‌ෂණ සහ රෝගයන්ට අදාළව ලබා දිය යුතු මාත්‍රාවන් වෙනස්‌ වෙයි. ඊට අමතර ව රෝගියා විසින් සිදු කරනු ලැබිය යුතු ප්‍රතිකාරමය ව්‍යායාම භෞත චිකිත්සාවේ ප්‍රධාන අංගයකි. මෙම`ගින් පේශි සහ අස්‌ථි ශක්‌තිමත් කිරීම, පේශි සහ මෘදු පටකවල නියමිත ස්‌වභාවය (දිග, ප්‍රත්‍යස්‌ථතාව, ස්‌නායු සම්බන්ධතාව) පවත්වාගැනීම සහ වැඩිදියුණු කිරීම, ස්‌නායු ආවේග ගමන් කරවීම වැඩි දියුණු කිරීම, ශරීරයේ සමබරතාව, සහ සමායෝජනය වැඩි දියුණු කිරීම, හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ සන්ධිවල දී අස්‌ථීන්හි නිවැරැදි චලන පරාසයන් පවත්වාගැනීම වැනි කාරණා රාශියක්‌ සිදු කරනු ලබයි. එම නිසා නිවැරැදි උපදෙස්‌ මත ම පමණක්‌ මේ ප්‍රතිකර්ම ව්‍යායාම සිදු කළ යුතු ය. එසේ නොමැති ව හිතුමතේට හෝ වැරැදි උපදෙස්‌ මත ප්‍රතිකාරමය ව්‍යායාම සිදු කිරීම ම`ගින් ඔබගේ රෝගීභාවය උත්සන්න වනවා මෙන්ම ඔබගේ ශරීරයේ නිවැරැදි ජෛවයාන්ත්‍රණයට ද (Biomechanics) හානි පැමිණෙන්නට පුළුවන.

ප්‍රතිකාරයන්ට අනුව සිදු කළ යුතු ජීවන රටාවේ වෙනස්‌කම් (life style modifications) භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක ඇති අවසන් අංගයයි. මෙම`ගින් එදිනෙදා ජීවිතයේ දී ඔබගේ ශරීරයට අනවශ්‍ය පීඩනයකින් තොර ව සහ ශරීරයේ රෝගී වූ කොටසට නිසි විවේකය සම`ගින් කටයුතු කිරීමට හැකියාව ලැබෙයි. බොහෝ රෝගවල කල්ගත වූ අවස්‌ථාවන්හි දී (chronic stages) මේ ජීවන රටාවේ වෙනස්‌කම් සිදු කිරීම වැදගත් අංගයක්‌ වෙයි.

ඕනෑ ම නිවැරැදි භෞතචිකිත්සක ප්‍රතිකාරයක මූලික අංග තුනක්‌ අඩංගු ය. ඉන් පළමු වැන්න රෝගය ඇගයීම (Assesment) ය. දෙවැන්න රෝගය හ`දුනාගැනීම (Diagnosis) වන අතර අවසන් පියවර වන්නේ ප්‍රතිකාර සැලසුමයි (Treatment plan). නිවැරැදි රෝග හ`දුනාගැනීමක්‌ නොමැති ව භෞතචිකිත්සක ප්‍රතිකාරවලට යොමු වීමෙන් කිසිsදු ප්‍රයෝජනයක්‌ අත් වන්නේ නැත. භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට ඔබ සැම විට ම පළපුරුදු සායනික භෞතචිකිත්සකවරයකු වෙතට ම පමණක්‌ යොමු විය යුත්තේ මේ නිසාවෙනි. අද සමාජයේ නිසි අධ්‍යාපන හෝ වෘත්තීය හෝ සුදුසුකම් නොමැති විවිධ වෙනත් වෘත්තීන්වල නියෑළෙන පුද්ගලයන් භෞතචිකිත්සකවරුන් යෑයි පවසාගනිමින් ප්‍රතිකාර ලබා දීම බොහෝ විට සිදු වෙයි. මෙවැනි පුද්ගලයන් වෙත යොමු වීමෙන් ඔබගේ රෝගයට නිසි පිහිටක්‌ නො ලැබෙන අතර ඔබගේ වටිනා කාලය සහ මුදල් අපතේ යැම සිදු වෙයි. එම නිසා සැම විට ම නිසි අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලද භෞතචිකිත්සකවරයකු වෙත යොමු වීමට වගබලාගන්න.

භෞතචිකිත්සාව ම`ගින් ප්‍රතිකාර කළ හැකි සහ ප්‍රතිකාර කළ යුතු රෝග සංඛ්‍යාව අති විශාල ය. මෙහි වැදගත් ම ස්‌වරූපය වන්නේ භෞතචිකිත්සාව ම`ගින් යම්කිසි රෝගයක හේතු කාරණාව නිර්ණය කර එයට ප්‍රතිකාර කිරීමට හැකි වීමයි. උදාහරණයක්‌ ලෙස ඔබ පීඩා වි`දින කොන්දේ වේදනාවක්‌ ගැන සිතන්න. වේදනාව බොහෝ විට රෝග ලක්‌ෂණයකි. ඔබේ කොන්දේ අස්‌ථියක හෝ පේශියක හෝ වෙනයම් මෘදු පටකයක හෝ පවතින යම් දොaෂයක්‌ මේ වේදනාවට හේතුකාරක වන්නට පුළුවන. මෙහි දී ඔබ වේදනානාශක ඖෂධ භාවිත කළ හොත් වේදනාව නැමැති රෝග ලක්‌ෂණය ඔබගේ සිරුරෙන් ඉවත් වූවත්, එම වේදනාවට හේතුකාරණා වූ දොaෂය ඔබගේ සිරුරෙන් ඉවත් වන්නේ නැත. එම නිසා වේදනානාශක භාවිතය නැවැත්වූ පසු නැවත වේදනාව හටගැනීම සිදු වෙයි. එහෙත් භෞතචිකිත්සක ප්‍රතිකාර කිරීම ම`ගින් ඔබට පූර්ණ සුවයක්‌ ලබාගන්නට පුළුවන.

කුඩා බිළි`දාගේ සිට වැඩිහිටි මහල්ලා දක්‌වා පුද්ගලයෙකුට වැළෙ`දන රෝග රාශියක්‌ ස`දහා භෞතචිකිත්සාවේ විවිධ වූ ප්‍රතිකාර ක්‍රම පවතියි. කුඩා දරුවන් පීඩා වි`දින මස්‌තිෂ්ක ආඝාතය, පැති කුදය, ඇදුම, ස්‌නායු ආබාධ, පේශි ආබාධ, අස්‌ථි ආබාධ, වර්ධනයේ දුර්වලතා මෙන්ම අස්‌ථි සහ පේශි පද්ධතියේ සිදු වන විකලාංග ස`දහා භෞතචිකිත්සක ප්‍රතිකාර පවතියි. වැඩිහිටි පුද්ගලයන් සැලකීමේ දී ආඝාතය සහ වෙනත් අංශභාග තත්ත්වයන්, පාර්කින්සෝනියම් සහ වෙනත් නොයෙකුත් ස්‌නායු රෝග, ඇදුම, පුප්ඵුශීය අවහිරතා සහ අනෙකුත් රක්‌තවේද රෝග, අස්‌ථි පද්ධතියට බලපාන බොහෝ රෝග, පේශි පද්ධතියේ රෝග මෙන්ම වයසත් සම`ග ශරීරයේ සිදු වන සන්ධි සහ පේශි ආශ්‍රිත දුර්වල වීම් ස`දහා ද භෞතචිකිත්සක ප්‍රතිකාර පවතියි. මීට අමතර ව වැරැදි ඉරියව් භාවිතය නිසා ඔබට හටගන්නා කොන්දේ වේදනා, උරහිස්‌ වේදනා, බෙල්ලේ වේදනා වැනි තත්ත්වවල දී භෞතචිකිත්සක ප්‍රතිකාරවලට යොමු වීම අත්‍යවශ්‍ය ය. තව ද ඔබගේ රැකියාව හා සම්බන්ධ සෞඛ්‍ය (Occu-pational Health) ගැටලුවල දී ද ඔබට භෞතචිකිත්සකවරයකුගේ සහාය පැතීමට සිදු වන්නට පුළුවන. එලෙස ම ඔබට සිදු වන අස්‌ථි බි`දීම් සහ සන්ධි ප්‍රතිස්‌ථාපනයන්හි දී අදාළ අස්‌ථි හෝ සන්ධි සුව වූ පසු එම සන්ධිවල චලන පරාසයන් නිසි ලෙස පවත්වාගැනීමට සහ සන්ධි අවට පේශි නිසි ආකාරයෙන් පවත්වාගැනීමට ද භෞතචිකිත්සාව ඔබට සහාය වෙයි.

විවිධාකාරයේ රෝගාබාධ නිසාවෙන් සිදු කරන ශල්‍යකර්මවල දී භෞතචිකිත්සක ප්‍රතිකාරවල දායකත්වය වැදගත් වෙයි. මෙහි දී ශල්‍යකර්මයට පළමුව සිදු කරන භෞතචිකිත්සක ප්‍රතිකාර ම`ගින් සිරුරේ හෘදයේ, පෙනහළු, අස්‌ථි සහ පේශි පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර රෝගියා ශල්‍යකර්මය ස`දහා මනාව සූදානම් කිරීම සිදු කරනු ලබයි. ශල්‍යකර්මයෙන් පසුව සිදු කරන භෞතචිකිත්සක ව්‍යායාම ම`ගින් රෝගියා නැවත සාමාන්‍ය ජීවන රටාවට ගෙන ඒම වේගවත් කිරීම සිදු කෙරෙයි. ඒ අනුව ශල්‍යකර්මයක ප්‍රථම සහ පසුව සිදු කරන භෞතචිකිත්සක ප්‍රතිකාර ශල්‍යකර්මය වඩාත් සාර්ථක සහ ඵලදායි කරගැනීමට ඉවහල් වෙයි. මීට අමතරව රෝහල් තුළ දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට, සන්ධි චලන පරාසයන් පවත්වාගැනීමට සහ පේශි ස්‌වභාවයන් නිසි ලෙස පවත්වාගැනීමට භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම අත්‍යවශ්‍ය ය.

භෞතචිකිත්සක ක්‍ෂේත්‍රයේ සිදු වූ ශීඝ්‍ර දියුණුවත් සම`ග අද වන විට ගර්භණී අවධිය සහ වෙනත් කාන්තා රෝග සහ ක්‍රීඩා සහ ව්‍යායාම අංශයන්ට අදාළ භෞතචිකිත්සක ප්‍රතිකාර සහ උපදෙස්‌ ක්‍රම ස්‌ථාපිත වී තිබේ. මෙහි දී ගර්භණී මවුවරුන්ට ඇති වන අස්‌ථි සහ පේශි පද්ධතිය ආශ්‍රිත වේදනා ස`දහා භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම වැදගත් වන්නට පුළුවන. මීට අමතර ව නිසි උපදෙස්‌ මත නිසි කාලයේ දී සිදු කරන ප්‍රතාකාරමය ව්‍යායාම ම`ගින්, සංකුලතාවන් අවම වූ දරු උපතක්‌ සඳහා ගර්භණී ඔබට ම`ග සලසාගත හැකි වේ. ගර්භණීභාවයෙන් පසුව ඇති වන විවිධ සංකූලතාවන් (වේදනා, කැක්‌කුම්, පේශි දුර්වලතා)වල දී භෞතචිකිත්සක ප්‍රතිකාරවල පිහිට පැතීමට ඔබට පුළුවන. ගර්භණීභාවයට අමතර ව ස්‌ත්‍රී ප්‍රජනක පද්ධතියට සහ මූත්‍රවාහිනි පද්ධතියට අදාළ වන සමහර රෝගවල දී ඒවායින් සුවය ලබාගැනීමට භෞතචිකිත්සක ප්‍රතිකර ක්‍රම පවතියි.

ක්‍රීඩා සහ ව්‍යායාමවල දී අද වන විට භෞතචිකිත්සකාවට හිමි වන්නේ ප්‍රධාන ස්‌ථානයකි. ක්‍රීඩා සහ ව්‍යායාම පිළිබ`දව ම වෙන ම භෞතචිකිත්සක ක්‍ෂේත්‍රයක්‌ (SportsPhysiotherapy) බිහි වී ඇත්තේ ඒ අනුව ය. ශ්‍රී ලංකාව තුළ මෙය තවමත් එතරම් ජනප්‍රිය නොමැති බවක්‌ දක්‌නට ලැබුණ ද විදේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධ කටයුතුවල දී මෙය නැතිව ම බැරි අංගයක්‌ බවට පත් ව තිබේ. මෙහි දී ආරම්භයේ සිට ම ක්‍රීඩකයකුගේ කුසලතාවන්, පේශි ස්‌වභාවයන්, චලන පරාසයන්, කලින් සිදු වූ ක්‍රීඩා අනතුරු, දැනට විය හැකි අනතුරු, ක්‍රීඩකයකුට අවශ්‍ය පෝෂණය, සිදු කළ යුතු පුහුණු වීම් සහ අභ්‍යාසයන් මෙන්ම අදාළ ක්‍රීඩා උපකරණ සහ ඇ`දුම් පැළ`දුම් පිළිබ`දව ද අවධානය යොමු කරමින් ක්‍රීඩකයාගේ දෛනික පුහුණුවීම් සහ තරගයන්ට සහභාගී කරවීම සිදු කරනු ලබයි. ඔබ වෘත්තීය හෝ පාසල් ක්‍රීඩකයකු නම් නිවැරැදි භෞතචිකිත්සක උපදේශනය සහ ප්‍රතිකාරයන්ට යොමු වීම ම`ගින් ඔබගේ ක්‍රීඩා ජීවිතය වඩාත් ඵලදායි කරගත හැකි වනු ඇත. එලෙස ම ක්‍රීඩා කිරීමේ දී සිදු වන අනතුරු අවම කරගැනීම සහ සිදු වූ අනතුරු නිවැරැදිව පුනරුත්ථාපනය කිරීම ද ක්‍රීඩා භෞතචිකිත්සාවේ වැදගත් අංගයකි. අද ලංකාවේ පාසල්වල බොහෝ දක්‍ෂ ක්‍රීඩකයන් සිටිය ද, ජාතික සහ ජාත්‍යන්තර මට්‌ටම් සැලකීමේ දී ක්‍රීඩකයන්ගේ හි`ගයක්‌ පැවතීමට හේතුව වන්නේ පාසල් වියේ දී දස්‌කම් දැක්‌වූ ක්‍රීඩකයන්ට සිදු වන ක්‍රීඩා අනතුරු සඳහා නිවැරැදිව පුනරුත්ථාපනයන් නො කිරීම නිසා ඔවුන්ගේ කුසලතා හා හැකියාවන් හීන වී පසු කාලීනව ක්‍රීඩා දිවියට ආයුබෝවන් කිමට සිදු වීම ය. එම නිසා සැම විට ම ඔබට සිදු වන ක්‍රීඩා අනතුරුවලට අදාළව ඉතා ම නිවැරැදිව සහ විද්‍යානුකූලව පුනරුත්ථාපනය කිරීමට සැම විට ම වගබලාගන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...