Skip to main content

වකුගඩුවට වින කටින ගල්

සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ.
අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම  5%ත් 13%ත් අතර වේ.
සිරුරේ අධික ස්ථුල භාවයත්, දියවැඩියාව ඉහළ යාමත් සමග මෙම අවදානම තවත් වර්ධනය වී ඇතැයි දත්ත වාර්තාවල පෙන්නුම් කෙරේ. වාර්තාවල දැක්වෙන පරිදි පුරුෂ පක්ෂයටත් අවදානම වැඩිවේ.
වකුගඩුවල පිහිටීමේ ඇතිවන වෙනස්කම්, මුත්‍ර පෙරීමේදී ඇතිවන අවහිරතා, ඇතැම් පරම්පරාගත රෝග, ඉහළ උෂ්ණත්ව සහිත පාරිසරික වටපිටාවක ජීවත් වීම වැනි කරුණු කාරණා වකුගඩු ගල් ඇති වීමට හේතු වේ.
වකුගඩුවල ගල් යැයි සැක සිතිය හැකි මූලිකම ලක්ෂණය වන්නේ අධික වේදනාවයි. මෙය කොන්දේ සිට උදරයේ පහළ කොටස දක්වා පැතිරී යයි. මීට අමතරව වරින් වර මුත්‍ර කිරීමට සිදු වීම, රතු පැහැයෙන් මුත්‍ර පිටවීම, වමනය වැනි අපහසුතාද ඇති කරයි.
ඉහත රෝග ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ වෛද්‍යවරයකු වෙත යොමු වුව හොත් මුත්‍ර පරීක්ෂණ, x පසු පරීක්ෂණ මූලිකවම සිදු කෙරේ. ඇතැම් විටෙක x පසු මාර්ගයෙන් ගල් හඳුනා ගැනීම අපහසු විය හැකිය. එවන් අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සහ CT පරීක්ෂණ යොදා ගැනේ.
නිතරම වනුගඩුවල ගල් ඇති වන්නේ නම් සමහර විට පැය 24ක් පුරා එකතු කරන ලද මුත්‍ර සාම්පලයක් මගින් එහි ඇති සංඝටක නිර්ණය කළ හැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ ගල් බොහෝ විට මුත්‍ර සමග පිටවේ. ඒවා රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් එහි සංඝටක හඳුනා ගත හැකිය. සංඝටක හඳුනා ගැනීමෙන් ඒවා නැවත ඇති වීමට එරෙහිව ඖෂධ ලබා ගත හැකිය. බොහෝවිට සංඝටක හඳුනා ගැනීමෙන් නැවත ඇති වීම අවම කිරීමට වෛද්‍යවරයා ඖෂධ ලබා දෙයි.
බහුල වශයෙන් වකුගඩු ගල් කැල්සියම් ඔක්සලේඩ් හෝ කැල්සියම් පොස්පේට් යන සංයුතියෙන් සෑදුණු ඒවාය. මීට අමතරව යුරික් අම්ලය සහිත ගල්ද දැකිය හැකිය.
ඉහත සදහන් කළ පරිදි වකුගඩු ගල් කුඩා ප්‍රමාණයේ නම් මුත්‍ර සමග පිටවන හෙයින් ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒත් ප්‍රමාණයෙන් විශාල නම්, වේදනාව ඉසිලිය නොහැකි නම් හෝ නිතර නිතර මුත්‍ර ආසාදනවලට ගොදුරුව මුත්‍ර මාර්ගයේ අවහිරතා මතු කරයි නම් ශල්‍යකර්මයක් මගින් හෝ බාහිරව යොමු කරන තරංග කදම්භයක් මගින් ගල් ඉවත් කිරීම හෝ කුඩු කිරීම සිදු කරයි.
වකුගඩු ගල් ඉවත් කිරීමට කළ හැකි සරල ක්‍රියා මාර්ග
01) දිනකට ජලය ලීටර් 02ත් 02.5ත් අතර ප්‍රමාණයක් පානය කිරීම.
02) අධික ලුණු ආහාරයට එකතු කර ගැනීම නැවැත්විය යුතුයි. දිනකට ඔබට ගත හැකි ලුණු ප්‍රමාණය වශයෙන් වෛද්‍යවරු නියම කරන්නේ 1.5ටයි.
03) අධික සත්ව ප්‍රෝටීන ආහාරයට එකතු කර ගැනීම පාලනය කරන්න.
04) කැල්සියම් සහිත ආහාර සාමාන්‍ය අයුරින් ආහාරයට ගන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...