Skip to main content

ජාන විකෘතිතා වළක්වන විටමින් බී

විටමින් B3 ලබාගැනීම මගින් දරු ගැබ් ගබ්සාවීම සහ ජාන විකෘති සහිත දරුවන් බිහිවීම වලක්වා ගත හැකි බව මීයන් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ (Victor Chang Institute)  කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ.
මෙම පර්යේෂණයේදී අදාළ සෞඛ්‍ය තත්වයන්ට හේතුව මෙන්ම එයට විසඳුම ද අනාවරණය වූ බැවින් එය ද්විත්ව ජයග්‍රහණයක් බව ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වික්ටර් චැන් ආයතනයේ පර්යේෂකයෝ පවසති.
ලොව පුරා වසරකට දරුවන් මිලියන 7.9 ක් විවිධ ජාන විකෘති සහිතව උපත ලබන බැවින් සිය පර්යේෂණයේ ප්‍රතිඵල ඉතා ඵලදායී වනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කරති.
හෘදය රෝග, වකුගඩු රෝග වැනි රෝග සහිතව දරුවන් උපත ලැබූ හෝ දරු ගැබ් ගණනාවක් ගබ්සා වූ මවුවරුන් ගේ පවුල් හතරක ඩීඑන්ඒ (DNA) සාම්පල පර්යේෂකයන් විසින් සිය පර්යේෂණය සඳහා යොදා ගනු ලැබ තිබේ. ඔවුන්ගේ ජාන දෙකක විකෘතියක් පවතින බව එහිදී හෙළි වී තිබේ
පර්යේෂණයේ ප්‍රධානී සැලී ඩන්වුඩී මහාචාර්යවරිය (Prof Sally Dunwoodie) එම ජාන විකෘතිය මීයන්ට ආදේශ කළ අවස්ථාවේ හෙළි වී තිබෙන්නේ ඔවුන්ට විටමින් බී3 ලබාදුනහොත් එම විකෘතිය සුව කළ හැකි බවය.
"රෝගයකට හේතුව සහ එයට විසඳුම දෙකම එකම පර්යේෂණයකදී සොයාගැනීම ඉතාමත් දුර්ලභ දෙයක්," මහාචාර්යවරිය කියා සිටියාය. "අනික විසඳුම හරිම සරලයි. ඒක විටමින් වර්ගයක්."
කෙසේ නමුත් විටමින් B3 ලබාගන්නා මෙන් ගර්භනී මාතාවන්ට නිර්දේශ කිරීමට තරම් තවමත් කාලය එළඹ නැති බව බර්මින්ග්හැම් විශ්ව විද්‍යාලයේ මාතෘ සෞඛ්‍යය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේටි මොරිස් (Dr Katie Morris) මේ අතර පෙන්වා දෙයි.
මෙම පර්යේෂණය සඳහා යොදා ගන්නා ලද විටමින් බී3 ප්‍රමාණය, ගර්භනී මවකට දිනකට ලබා දෙන විටමින් බී3 ප්‍රමාණය මෙන් දස ගුණයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...