Skip to main content

විස නසන ආහාර

අප ගන්නා ආහාර , එදිනෙදා ක්‍රියාකාරකම්, බේත් හේත්, දේශගුණික වෙනස්වීම් නිසා දිගින් දිගටම ශරීරයේ විස තැම්පත් වේ. ඊට නිසි පියවර නොගැනීම නිසා සිරුරේ නිධන්ගතව ඇති විස ප්‍රතිශතය ඉහළ යයි.
විශේෂයෙන් අක්මාවේ , වකුගඩුවල රැඳී ඇති විස ,හෘදයේ නහරවල තැම්පත්ව ඇති විස, පෙණහලුවල සියුම් සෛලවල,මොළයේ ධමනි තුළ තැම්පත්ව ඇති විස, මාංශ පේශීවල තැම්පත්ව ඇති විසට සිරුරෙන්  පිටවීමට නොහැකි නිසා ශරීරයේ බිඳවැටීම් සිදුවේ. එබැවින් සිරුරේ විසහරණයට දායක වන ආහාර පිළිබඳව දැනුම්වත් වීම මෙහි අරමුණයි.
බීට්රෑට් -
විටමින් 'බී'සහ ඇන්ටිඔක්සිඩන්ට් වැඩි ප්‍රමාණයක් අඩංගු වීම සහ ෆ්ලෙවනොයිඩ් ශරීරයට ඉතා ගුණදායක එන්සයිමයකි.
ගෝවා -
උදරයේ ඇති විස පිටතට පළවා හරින එළවළුවකි. කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු අතර අඩු කැලරි ප්‍රමාණයකින් යුතුය. ආහාර දිරවීමට උපකාර වේ.
කැරට් -
විටමින් 'සී' වැඩි ප්‍රමාණයක් සහ බෙටා කැරටින් කියන හෝමෝන් වර්ග සමග විටමින් 'ඊ' වැඩි ප්‍රමාණයෙන් අඩංගු වේ. පිළිකා සෛල වර්ධනය අඩු කරයි.
කොත්තමල්ලි -
අක්මාවේ සහ වකුගඩුවල තැම්පත්ව ඇති විස ශරීරයෙන් පළවා හැරීමට උපකාර වන කුළුබඩු වර්ගයකි.
පිපිඤ්ඤා-
 විටමින් 'බී' විශාල ප්‍රමාණයක්, අඩු කැලරි මෙන්ම සීනි ප්‍රතිශතයද පහළ මට්ටමක වීමෙන්  සිරුරේ උෂ්ණත්වය මනා තත්ත්වයක තබා ගැනීමට උපකාරවේ. කුඩා බඩවැල් සහ මහ බඩවැල් ආශ්‍රිත තුවාල ඇති අයට සුදුසු වේ.
උළුහාල් -
උළුහාල් මෙන්ම ඒවා තැම්බූ වතුර පානය කිරීමත් නිසා ශරීරයේ විස හරණය වේ. අක්මාව, වකුගඩුවල තැම්පත්ව ඇති මේදය ඉවත් කිරීමට උපකාර වන උළුහාල් නහර සහ ධමනි නිධන්ගතව ඇති මේදයද ඉවත් කරයි.
සුදු ලූනු-
අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල්, නිධන්ගත මේදය වැඩි පුද්ගලයන්ට කදිම ඔසුවකි. සුදු ලූනු තම්බා ආහාරයට ගැනීමෙන් සලාදවලට එකතු කිරීමෙන් සුප් ලෙස සැදීමෙන් ශරීරයේ විස ඉවත් කෙරේ.
ඉඟුරු-
ආහාර දිරවීමේ අපහසුතා ඇති අයට ගුණයි.
ලුනු-
වැඩි විටමින් 'සී' ප්‍රමාණයක් අඩංගු වේ. කොලෙස්ට්‍රෝල් රෝගයට මෙන්ම රුධිරය අසාමාන්‍ය ලෙස කැටි ගැසීම පාලනයට ගුණයි.
වට්ටක්කා-
විටමින් 'ඒ ' සහ බෙටා කැරටින් විශාල ප්‍රමාණයක් ඇත. බඩවැල් ආශ්‍රිත තුවාල ඇති අයට ගුණදායි වේ.
රෙඩිෂස්-
කුඩා රාබු ගෙඩියක් ආකාරයට වැවෙන එළවළුවකි. මුත්‍ර ආසාදන ඇති රෝගීන්ට වඩා ගුණදායකයි.
නිවිති-
යකඩ සහ විටමින් 'සී ' වැඩි ප්‍රමාණවලින් අඩංගුය. අප ගන්නා ආහාරවල බොහෝ ගුණ රුධිරයට එකතු කිරීම සඳහා ප්‍රබලව උපකාර වේ. යකඩ ඌනතා ඇති අයට ගුණයි.
තක්කාලි-
' carotenoidsz ' විශාල ලෙස තක්කාලිවල ඇත. එය පිළිකාවලින් මිදීමට මෙන්ම පිළිකා සෛල වර්ධනය අඩු කිරීමටත් උපකාරවේ.
කහ-
විසබීජ සමග සටන් කිරීමේ විශේෂිත හැකියාව නිසා පිටතින් ඇතුළු වන විස ශරීරයෙන් පළවා හරී. මෙම ගුණය නිසා ආහාර සෑදීමේදී මද වශයෙන් කහ එකතු කිරීම බීම වර්ග සෑදීමේදී ස්වල්ප ලෙසත් යොදා ගත යුතුය.
සිරුරේ විස ප්‍රතිශතය වර්ධනය කර ගැනුමට වඩා විසහරණ ක්‍රියාවලියේ ඇති වැදගත්කම කොතෙක්ද යන්න දැන් ඔබට වැටහෙනවා ඇත.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...