Skip to main content

නත්තල් තරුවේ ඇත්ත කතාව

අවුරුදු සිය ගණනක් තිස්සේ විද්‍යාඥයන්, විශේෂයෙන් තාරකා විද්‍යාඥයන්, බෙත්ලෙහෙම් තාරකාවේ සුලමුල සොයන්න යෙහෙසුණා.
ප්‍රඥාවන්තයන් (රජවරු) තිදෙනාට, අලුත උපන උපන් ඔවුන්ගේ නාකයා ජේසු බිළිඳා සොයා ඒමට පාර පෙන්නුවේ බෙත්ලෙහෙම් තාරකාවයි. මෙය ‘ක්‍රිස්මස් ස්ටාර්’ හෙවත් ‘නත්තල් තරුව’ යනුවෙන් ද හැඳින්වෙනවා. ඒත් දැන් නූතන තාරකා විද්‍යා පර්යේෂකයක් නම් පැහැදිලි කර දෙන්නේ ඒක ‘තරුවක්’ නොවේ කියලයි.
ඓතිහාසිකව, තාරකා විද්‍යාත්මකව සහ බයිබල් වාර්තා අනුව, නව අධ්‍යනයක් සිදු කර තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන විදියට ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වුණු මෙම අපූරු මෙන්ම දීප්තිමතම සන්සිද්ධිය, තරුවක් නොවේ, මේෂ රාශිය, ග්‍රහලෝක කිහිපයක් සහ හිරු එක එල්ලයට පිහිටීමක් කියායි. බෘහස්පති, පෘථිවිය, සඳ, සෙනසුරු තමයි මෙසේ හිරුගේ සිට එක එල්ලයට පිහිටියේ. අහසේ දීප්තිමත් ආලෝකයක් ලෙස දිස්වුණේ මෙම ග්‍රහලෝක එක එල්ලයට පිහිටීමේ විරල සංසිද්ධියයි.
මේ බව අපට පැහැදිලි කරන්නේ ප්‍රංශයේ පැරිස් නුවර නෝත්‍රදාම් විශ්ව විද්‍යාලයේ ‘න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව සහ විශ්වසම්භවවේදය පිළිබඳ මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස්ය. දශකයකට වැඩි කාලයක් තිස්සේ මොහු බෙත්ලෙහම් තාරකාවේ සුලමුල සෙවීමට වෙහෙසුණු එක් අයකු ලෙස සැළකෙනවා. ‘නත්තල් තාරකාව ගැන සුලමුල සෙවීමට බොහෝ තාරකා විද්‍යාඥයන් සහ භෞතික විද්‍යාඥයන් වෙහෙසුණා.’ යැයි මහාචාර්ය මැතිව්ස් පැහැදිලි කරනවා. ‘ඒක කොහෙද සිදුවුණේ ? කවදා කීයටද සිදුවුණේ ? ඒක මොන වගේද ? විශ්වයේ තරු බිලියන ගණනාවක් තිබෙනවා. එදා සැන්දෑවේත් රාත්‍රියේත් දීර්ඝ කාලයක් දීප්තිමත්ව දිස්වුණේ මෙන තරුවද ? බොහෝ දෙනාට මේක ගැටළුවක් වුණා. ඇත්තටම මොකක්ද වුණේ වටහා ගන්න දැන් අපට හැකිවෙලා තිබෙනවා’ යැයි මහාචාර්ය මැතිව්ස් පෙන්වා දෙනවා.
ගවලෙනේ උපන් ජේසු බිළින්ඳා බැහැදැකීමට වටිනා තෑගිබෝග ද රැගෙන පැමිණි තිදෙනා ‘රජවරුන්’ යැයි පැවැසුණත්, ‘රජවරුන්’ යන අරුතින් ඔවුන් අර්ථ ගන්වා ඇත්තේ ඔවුන් ‘ප්‍රඥාවන්තයන්’ නිසයි. ඉතිහාස වාර්තාවලට අනුව, මොවුන් තිදෙනා ලොව පැරැණිතම සොරෝවැස්තියම් ආගමට අයත් පූජකවරුන් තිදෙනෙක් මොවුන් පුරාණ බැබිලෝනියානු සහ මෙසපොතේමියානු පූජකවරුන්. ‘සොරෝවැස්තියම්’ ආගම බිහි කළේ සොරෝතස්තාර් (ග්‍රීක බසින් සොරෝඇස්ටාර්) පූජකවරයායි. ඒ, අවුරුදු 3,500 කට පෙර ඉරානයේ.
‘සොරෝවැස්තියම්’ දහමේ දහම් කරුණු ඇතුළත් ගාතා අඩංගු වන පුස්තකය ඇවෙස්තා යනුවෙන් හැඳින්වෙනවා. බහුදේව වාදයක් පැවැති අවදියක සොරෝතස්තාර් ඉගැන්වූයේ සිටින්නේ එක් දෙවියකු පමණක් කියායි. එම දෙවියන් සහ එතුමන්ගේ බලය ‘අහුරාමස්ඩා’ යනුවෙන් හැඳින්වෙනවා. මේ දෙවියන් විශ්වයේ ‘ආශා’ පාලනය කරන බව ‘සොරෝවැස්තියම්’ දහමේ විශ්වාසයයි. ‘ආශා’ යනු හරි දේ, යහගුණ සහ යහපත යන්නයි. මෙම යහපතට ප්‍රතිවරුද්ධ බලය එසේත් නැතිනම් නපුර හැඳින්වෙන්නේ ‘ඩ්‍රාජ්’ යනුවෙනුයි.
මේස රාශියට හිරු, බෘහස්පති, පෘථිවිය, සඳ සහ සෙනසුරු එක එල්ලයට පිහිටද්දී, සිකුරු ග්‍රහයා අනෙක් පසින් මීන රාශියටත්, බුද සහ අඟහරු වෘෂභ රාශියටත් සමාන්තරව පිහිටියා. ක්‍රි.පූ. 6 වැනි සියවසේ, ජේසු තුමන්ගේ උප්පත්තිය සිදුවුණු අවස්ථාවේදී ග්‍රහ පිහිටීම මේ විදියටයි සිද්ධ වුණේ. තාරකා විද්‍යාත්මකව එය දුර්ලභ සන්සිද්ධියක්. ‘නත්තල් තාරකාව’ ආකාරයට දීප්තිමත්ව අහසේ ආලෝකයක් යළි දිස්වීම, තව අවුරුදු 5,00,000 කින්වත් සිදුවන්නේ නැතැයි ගණනය කිරීම්වලින් පසු තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරනවා

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...