Skip to main content

නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?

දරුවකු බලාපොරොත්තුවන කාන්තාවකට ගැබ් ගැනීමක් දැන ගැනීම තරම් තවත් සතුටක් නැත. දරුවකු ප‍්‍රමාද වූ හෝ විවාහයෙන් පසු දරුවකු පතන කාන්තාවකට මෙය ඉමිහිරි අත්දැකීමකි. එහෙත් කෙතරම් දරු ගැබ රැක ගත්තද නොසිතූ ලෙස අඩු මාසෙන් හෝ නිසි බර නොමැතිව දරුවා බිහිවන අවස්ථා තිබේ. මෙසේ නොමේරූ දරු ප‍්‍රසූතියක් ඇතිවීමට හේතු බොහෝය. එහෙත් ඒ ගැන මවුවරු එතරම් නොදනිති. එනිසාම නොමේරූ දරු ප‍්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.

නොමේරූ දරු ප‍්‍රසූතිය යනු දරුවා බිහි විය යුතු කාලයට පෙර දරු උපත සිදුවීමයි. එනම් සති 37 - 42 ට පෙර දරු උපත සිදුවීමය.
සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සති 37 ට පෙර සති විසි ගණන් දක්වා හදිසියේ උපත ලබන දරුවන්ද ජීවත් කරවන අවස්ථා අද බොහෝවිට දක්නට ලැබේ. එහෙත් මෙවැනි උපත් එනම් සති 22 - 28 පසු සිදුවන උපත් නොමේරූ උපත් ලෙසට ගැනේ. දරු උපතක් මෙසේ නොමේරූ උපතක් ලෙස අඩු මාසෙන් බිහිවීමට හේතු කිහිපයකි. එම අවදානම් සාධක මෙසේය.

  • වයස අවුරුදු 25 ට අඩු මවුවරු
  • එක් දරුවකුට වඩා ගැබ්ගෙන තිබේ නම්
  • මීට පෙර නොමේරූ දරු ප‍්‍රසූත සිදු වී ඇත්නම්
  • වෝටර් බෑගයේ තරල ප‍්‍රමාණයට වඩා වැඩි වූ අය
  • ගැබ්ගෙල දුර්වලතා ඇති වූ අය (cervical incompetnce) ඒ සඳහා ගැබ් ගෙල වටා මැහුමක් දමා ඇති අය
  • අධි රුධිර පීඩනය හෝ පූර්ව ප‍්‍රසව රක්තපාතය ඇති අය
  • ඉහත සඳහන් ගැටලූවලට මුහුණ දුන් කාන්තාවන්  මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

කලින් හඳුනාගන්න පුළුවන්ද?
ගැබට සති 37 ක්් වීමට පෙර ගර්භයේ සංකෝචනයක් හා වේදනාවක් විනාඩි 10 - 15 කට වරක් ඇති වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම සමහර විට මෙම වේදනාව පැය 1 - 2 කාලයක් ඇතුළත ද ඇති වේ. එසේ වන්නේ නම් ඒ අඩු වයසින් දරුවා බිහිවීමේ පෙර නිමිති විය හැකිය. වහාම රෝහල් ගත විය යුතු වේ.
මෙම ලක්ෂණ පහළ වන ඉහත සඳහන් අනතුරුදායක ලක්ෂණ පවතින අය වඩාත් සැලකිලිමත් විය යුතුය.


රෝහල්ගත කළාට පසු
දරු ප‍්‍රසූතියට නියමිත කාලයට පෙර උදර වේදනා සහිතව කාන්තාවක් රෝහල්ගත කළ පසු ගැබ රැුක ගැනීමට කරන පිළිවෙත් මෙසේය.
ගර්භය සංකෝචනයවීම වළක්වන ඖෂධ වහාම ලබා දෙයි. මෙම ඖෂධ නොමේරූ ප‍්‍රසූතිය සිදුවීමට පෙර ලකුණු පහළ වූ මුලදීම ලබා දීම ඉතාම වැදගත් වේ.
මව රෝහලකින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කළ යුතු නම් පළමු රෝහලේදී මෙම ඖෂධ ලබා දිය යුතු වේ. එය ඉතාම වැදගත්ය.
අඩු වයස් ප‍්‍රසූතියක් සිදුවේගෙන එන්නේ නම් දරුවාගේ ජීවිතය රැුක ගැනීම සඳහා පෙණහලූ ආරක්ෂා කර ගැනීමට ඖෂධ ලබා දෙයි. මෙමගින් නොමේරූ දරු උපතක් වුවත් දරුවාගේ පෙණහලූ කල් තබා මේරීමට පටන් ගනී. මෙය එවැනි ප‍්‍රසූතියකට ආසන්න වූ විට පැය 48 ක කාලයේදී නික්ෂේපණ හතරක් මගින් වහාම ලබා දිය යුතු වේ. ඉහත ඖෂධවලට අමතරව මවට ඇඳ විවේකය ලබා දීම ඉතාම වැදගත්ය. මවට අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතාවලදී පවා ඇඳ විවේකය සහිතව ඇඳෙන් බැසීමට ඉඩ නොතබා විවේකය ලබා දිය යුතුවේ.
මේ හැර රෝහලේදී එවැනි මවකට ප‍්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේ ලබා දෙන්නේ වෝටර් බෑගයේ තරලය පිටවීමට පටන් ගතහොත් පමණි.

දරුවාගේ ජීවිතය රකින්න රෝහලෙන් විශේෂ සත්කාර
ඉහත පිළිවෙත් සිදු කළත් දරුවා නොමේරූ දරුවකු ලෙසින් බිහි වුවහොත් ඉතාම ප‍්‍රවේසම්ව දරුවාගේ ජීවිතය රැුක ගැනීමට කටයුතු කළ යුතු වේ. ඒ මෙසේය.
විෂබීජ ශරීර ගත වීමෙන් ආරක්ෂා කළ යුතු වේ. හේතුව මෙවැනි දරුවන්ට ඉතාම පහසුවෙන් විෂ බීජ ශරීර ගත වී මිය යා හැකි නිසාය.
මේ හැර මෙවැනි දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරුව මිය යා හැකිය.
නොමේරූ දරුවා යනු මවුකුස තවදුරටත් වර්ධනය වන දරුවෙකි. ඒ දරුවාට මවුකුස උණුසුම අවශ්‍යය. එසේ නොවුණහොත් මිය යා හැකිය. එනිසා මෙවැනි දරුවන්ට ශාරීරික උෂ්ණත්වය ඉතාම අවශ්‍යය.
අඩු මස් දරුවාට මවු කිරි උරාබීම අපහසු වේ. මේ නිසා මෙවැනි දරුවන්ට නිසි ක‍්‍රමවේද අනුව මවගේ කිරි ලබා දිය යුතු වේ.
අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.
ඉහත සඳහන් සියලූ ගැටලූවලට රෝහලෙන් විසඳුම් ලබා දුන්නත් මව තමාට නිසි ප‍්‍රසුති කාලයට පෙර දරුවා බිහිවීමට ලක්ෂණ පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එවිට බොහෝවිට නොමේරූ උපතක් වුවද කල් තබා නිසි ප‍්‍රතිකාර ලැබීමෙන් දරුවාට ජීවත් වීමේ වාසනාව උදා වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...