Skip to main content

නොමේරු ළදරුවෙක් රැකගන්නේ කොහොමද?

දරුවකු බලාපොරොත්තුවන කාන්තාවකට ගැබ් ගැනීමක් දැන ගැනීම තරම් තවත් සතුටක් නැත. දරුවකු ප‍්‍රමාද වූ හෝ විවාහයෙන් පසු දරුවකු පතන කාන්තාවකට මෙය ඉමිහිරි අත්දැකීමකි. එහෙත් කෙතරම් දරු ගැබ රැක ගත්තද නොසිතූ ලෙස අඩු මාසෙන් හෝ නිසි බර නොමැතිව දරුවා බිහිවන අවස්ථා තිබේ. මෙසේ නොමේරූ දරු ප‍්‍රසූතියක් ඇතිවීමට හේතු බොහෝය. එහෙත් ඒ ගැන මවුවරු එතරම් නොදනිති. එනිසාම නොමේරූ දරු ප‍්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.

නොමේරූ දරු ප‍්‍රසූතිය යනු දරුවා බිහි විය යුතු කාලයට පෙර දරු උපත සිදුවීමයි. එනම් සති 37 - 42 ට පෙර දරු උපත සිදුවීමය.
සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සති 37 ට පෙර සති විසි ගණන් දක්වා හදිසියේ උපත ලබන දරුවන්ද ජීවත් කරවන අවස්ථා අද බොහෝවිට දක්නට ලැබේ. එහෙත් මෙවැනි උපත් එනම් සති 22 - 28 පසු සිදුවන උපත් නොමේරූ උපත් ලෙසට ගැනේ. දරු උපතක් මෙසේ නොමේරූ උපතක් ලෙස අඩු මාසෙන් බිහිවීමට හේතු කිහිපයකි. එම අවදානම් සාධක මෙසේය.

  • වයස අවුරුදු 25 ට අඩු මවුවරු
  • එක් දරුවකුට වඩා ගැබ්ගෙන තිබේ නම්
  • මීට පෙර නොමේරූ දරු ප‍්‍රසූත සිදු වී ඇත්නම්
  • වෝටර් බෑගයේ තරල ප‍්‍රමාණයට වඩා වැඩි වූ අය
  • ගැබ්ගෙල දුර්වලතා ඇති වූ අය (cervical incompetnce) ඒ සඳහා ගැබ් ගෙල වටා මැහුමක් දමා ඇති අය
  • අධි රුධිර පීඩනය හෝ පූර්ව ප‍්‍රසව රක්තපාතය ඇති අය
  • ඉහත සඳහන් ගැටලූවලට මුහුණ දුන් කාන්තාවන්  මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

කලින් හඳුනාගන්න පුළුවන්ද?
ගැබට සති 37 ක්් වීමට පෙර ගර්භයේ සංකෝචනයක් හා වේදනාවක් විනාඩි 10 - 15 කට වරක් ඇති වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම සමහර විට මෙම වේදනාව පැය 1 - 2 කාලයක් ඇතුළත ද ඇති වේ. එසේ වන්නේ නම් ඒ අඩු වයසින් දරුවා බිහිවීමේ පෙර නිමිති විය හැකිය. වහාම රෝහල් ගත විය යුතු වේ.
මෙම ලක්ෂණ පහළ වන ඉහත සඳහන් අනතුරුදායක ලක්ෂණ පවතින අය වඩාත් සැලකිලිමත් විය යුතුය.


රෝහල්ගත කළාට පසු
දරු ප‍්‍රසූතියට නියමිත කාලයට පෙර උදර වේදනා සහිතව කාන්තාවක් රෝහල්ගත කළ පසු ගැබ රැුක ගැනීමට කරන පිළිවෙත් මෙසේය.
ගර්භය සංකෝචනයවීම වළක්වන ඖෂධ වහාම ලබා දෙයි. මෙම ඖෂධ නොමේරූ ප‍්‍රසූතිය සිදුවීමට පෙර ලකුණු පහළ වූ මුලදීම ලබා දීම ඉතාම වැදගත් වේ.
මව රෝහලකින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කළ යුතු නම් පළමු රෝහලේදී මෙම ඖෂධ ලබා දිය යුතු වේ. එය ඉතාම වැදගත්ය.
අඩු වයස් ප‍්‍රසූතියක් සිදුවේගෙන එන්නේ නම් දරුවාගේ ජීවිතය රැුක ගැනීම සඳහා පෙණහලූ ආරක්ෂා කර ගැනීමට ඖෂධ ලබා දෙයි. මෙමගින් නොමේරූ දරු උපතක් වුවත් දරුවාගේ පෙණහලූ කල් තබා මේරීමට පටන් ගනී. මෙය එවැනි ප‍්‍රසූතියකට ආසන්න වූ විට පැය 48 ක කාලයේදී නික්ෂේපණ හතරක් මගින් වහාම ලබා දිය යුතු වේ. ඉහත ඖෂධවලට අමතරව මවට ඇඳ විවේකය ලබා දීම ඉතාම වැදගත්ය. මවට අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතාවලදී පවා ඇඳ විවේකය සහිතව ඇඳෙන් බැසීමට ඉඩ නොතබා විවේකය ලබා දිය යුතුවේ.
මේ හැර රෝහලේදී එවැනි මවකට ප‍්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේ ලබා දෙන්නේ වෝටර් බෑගයේ තරලය පිටවීමට පටන් ගතහොත් පමණි.

දරුවාගේ ජීවිතය රකින්න රෝහලෙන් විශේෂ සත්කාර
ඉහත පිළිවෙත් සිදු කළත් දරුවා නොමේරූ දරුවකු ලෙසින් බිහි වුවහොත් ඉතාම ප‍්‍රවේසම්ව දරුවාගේ ජීවිතය රැුක ගැනීමට කටයුතු කළ යුතු වේ. ඒ මෙසේය.
විෂබීජ ශරීර ගත වීමෙන් ආරක්ෂා කළ යුතු වේ. හේතුව මෙවැනි දරුවන්ට ඉතාම පහසුවෙන් විෂ බීජ ශරීර ගත වී මිය යා හැකි නිසාය.
මේ හැර මෙවැනි දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරුව මිය යා හැකිය.
නොමේරූ දරුවා යනු මවුකුස තවදුරටත් වර්ධනය වන දරුවෙකි. ඒ දරුවාට මවුකුස උණුසුම අවශ්‍යය. එසේ නොවුණහොත් මිය යා හැකිය. එනිසා මෙවැනි දරුවන්ට ශාරීරික උෂ්ණත්වය ඉතාම අවශ්‍යය.
අඩු මස් දරුවාට මවු කිරි උරාබීම අපහසු වේ. මේ නිසා මෙවැනි දරුවන්ට නිසි ක‍්‍රමවේද අනුව මවගේ කිරි ලබා දිය යුතු වේ.
අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.
ඉහත සඳහන් සියලූ ගැටලූවලට රෝහලෙන් විසඳුම් ලබා දුන්නත් මව තමාට නිසි ප‍්‍රසුති කාලයට පෙර දරුවා බිහිවීමට ලක්ෂණ පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එවිට බොහෝවිට නොමේරූ උපතක් වුවද කල් තබා නිසි ප‍්‍රතිකාර ලැබීමෙන් දරුවාට ජීවත් වීමේ වාසනාව උදා වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...