Skip to main content

තණ කොළ කෑ කිඹුල් රජා



ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී වාසය කළ, අදත් දැකිය හැකි සත්ව විශේෂ කිහිපයකි. කිඹුලන් ඒ අතරින් කැපී පෙනෙයි. අද අප දකින කිඹුල්ලු මාංශභක්ෂකයෝය. එහෙත් අතීතයේ, එනම් අවුරුදු මිලියන 200 කට පෙර, වාසය කළ කිඹුල් විශේෂ ශාකභක්ෂකයන් වූ බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
මෙම නව පර්යේෂණය සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ යූටා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවකු වන කීගන් මේල්ස්ටෝම් ඇතුළු කණ්ඩායමය. මොවුන්ට ඉපැරැණි කිඹුලන්ගේ පොසිල අස්ථි මෙමපර්යේෂණයට ඉවහල් වී ඇත. අවුරුදු මිලියන 66 කට කලින් ඩයිනසෝරයන් පෘථිවියෙන් විනාශ වෙද්දී, ශාකභක්ෂක මේ කිඹුල් විශේෂ පණ බේරාගෙන සිටි බවට සාක්ෂි හමුවී ඇත.
ශාක භක්ෂක කිඹුලන් බව මෙම කිඹුලන් හඳුනා ගැනීම සිදුවී ඇත්තේ පොසිලකරණය වූ කිඹුල් දත් අනුවය. එම දත් සෑදී ඇත්තේ මස් ඉරා කෑමට නොවෙයි. ශාක වර්ග සහ තණ කොළ ආදිය හොඳින් හපා ගිලීමට හැකි අයුරිනි. අතීතයේ විසූ කිඹුල් විශේෂ 16 කින් හමුවුණු පොසිල දත් 146 ක් වෙන් වෙන්ව පරීක්ෂා කිරීම සිදුකර ඇත.
‘සාමාන්‍යයෙන් මාංශ භක්ෂක ජීවීන්ගේ දත් සරලයි. උන්ට දත් අවශ්‍ය වන්නේ හපා කන්න නොවෙයි. මස් කැබලි ඉරා කඩා ගැනීමටයි. වර්තමානයේ අප දකින කිඹුල් විශේෂවලට ඇත්තේ එකම විදියේ දත්. ශාක භක්ෂකයන්ගේ දත් සංකීර්ණයි. ගන්නා ආහාර හොඳින් පොඩි කරමින් අඹරමින් ගිලදැමීමට එම දත් උපකාරී වෙනවා. අතීතයේ ශාක භක්ෂක මේ කිඹුල් විශේෂ ක්ෂීරපායීන් සමඟ මිහිමත ජීවත් වෙන්න ඇති.’ යැයි කීගන් මේල්ස්ටෝම් ඔහු විසින් කළ නව සොයා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැහැදිලි කරයි.
අතීතයේ ජීවත් වූ සහ වර්තමානයේ ජීවත් වන කිඹුල් විශේෂ සියල්ල අයත් වෙන්නේ ක්‍රොකඩිලෝමෝෆා නමැති පවුලටය. මොවුන්ගේ බිහිවීම සිදුවී ඇතැයි පැවැසෙන්නේ පර්මියානු යුගයේදීය. ඒ වසර මිලියන 260 ත් 255 ත් අතර කාලයේය.
කිඹුලකු යැයි විග්‍රහ කළ හැකි කිඹුල් විශේෂයක් බිහිවූයේ ත්‍රියාසික යුගය (අවුරුදු මිලියන 220 ත් 201 ත් අතර) අවසන් වෙද්දීය. මේ කිඹුලා හැඳින්වෙන්නේ ප්‍රොටෝසූකස් යනුවෙනි. මේ සත්වයාගේ පොසිල අස්ථි සහ හිස් කබල් කොටස් වර්තමානයේ අප දකින කිඹුලන්ට බෙහෙවින් සමාන වෙයි.
ක්‍රොකඩයිල් යන්නට පොදුවේ කිඹුලා යන සිංහල අදහස පට බැඳුනත්, ක්‍රොකඩයිල් යනු කිඹුල් විශේෂයකි. මේ විශේසය පොදුවේ දෙකට බෙදෙන්නේ කරදිය කිඹුලන් සහ මිරිදිය කිඹුලන් ආදි වශයෙන් අප ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ මේ ක්‍රොකඩයිල් යනුවෙන් හැඳින්වෙන කිඹුල් විශේෂයයි. නයිල් ක්‍රොකඩයිල් දකින්න ලැබෙන්නේ අප්‍රිකාවේ නයිල් නදිය ආශ්‍රිතවය ඕස්ටේ්‍රලියාවේ දකින්න ලැබෙන්නේ සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් එසේත් නැතිනම් කරදිග කිඹුලන්ය.
කිඹුලන් නිවර්තන කලාපයේ දැකිය හැකි උරග විශේෂයකි. කිඹුල් විශේෂ කීපයකි. ඒ එක් එක් විශේෂයේ ස්වරූපය ද වෙනස්ය. ඇලිගේටරයන් දකින්න ලැබෙන්නේ ඇමෙරිකාවේය. ලතින් ඇමෙරිකාවේ එසේත් නැතිනම් දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තර ආශ්‍රිතය දකින්න ලැබෙන්නේ කේමන් නමැති කිඹුලන්ය. ඉන්දියාට, නේපාලයට, බංග්ලාදේශයට සහ පාකිස්තානයට ද අවේණික කිඹුලන් විශේෂයක් වෙයි. මොවුන් හැඳින්වෙන්නේ ගාරියල් යනුවෙනි.
මොවුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ හොස්ස එසේත් නැතිනම් හොම්බේ ස්වභාවය අනුවය. කේමන් සහ ඇලිගේටරයන්ට ඇත්තේ කෙටි හොම්බකි. කේමන්ගේ හොම්බ ඇලිගේටර්ට වඩා කෙටිය. පළල්ය. ගාරියල්ගේ හොම්බ දිගය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...