Skip to main content

"කරු ජයසුරිය සැම කල්හිම යහපත් මිනිසෙකි " - අස්ගිරි පාර්ශව‍යේ අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන්


සුදු ඇඳුම අදින පුද්ගලයන් සියළු දෙනා පිරිසිදු චරිත ඇති අය බවට විශ්වාස නැති බවත්,සිය චරිතය කිලිටි කර ගත් බොහෝ දෙනෙකු සැඟවෙන්නේ සුදු ඇදුම තුල  බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශව‍යේ  අනුනායක වෙඬරුවේ උපාලි නා හිමිපාණන් වහන්සේ පවසයි.

එවන් සමාජයක වත්මන් කථානායක කරු ජයසුරිය මහතා දුර්ලභ ගණයේ උතුම් චරිත ලක්ෂණ වලින් හෙබි සැබැ ලෙසම මනුෂ්‍යත්වය අර්ථවත් කල නායකයෙකු බවද උන් වහන්සේ එහිදි ප්‍රකාශ කළේය.

අස්ගිරි අනු නා හිමියන් මේ බව  සඳහන්  කලේ 2019/08/07  දින  බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැති  ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට  ගෞරව   උපහාර දැක්වීම පිනිස  සංවිධානය කරන ලද  යතීන්ද්‍රපුජා  පූජෝපහාර උත්සවයේ අනුශාසනාවක් සිදු කරමිනි.

කථානායක  කරු ජයසුරිය මහතාට ත්‍රෛයිනිකායික මහා  සංඝරත්නයෙන්ම ගෞරව සම්මාන ලැබීම සැබෑ සුදුස්සෙකුට ගෞරව සම්මාන ලබා දුන් අවස්ථාවක් බවත්,  එවන් සුදුසු පුද්ගලයකු ඇගයීම  තුලින් සම්මාන ලබන  පුද්ගලයා  පමනක්  නොව  එම ගෞරව සම්මානයන් සම්මානය ප්‍රධානය  කරනු ලබන  පාර්ශවයත් ජනතා ගෞරවයට  පත්වන  බවද  උන්වහන්සේ සඳහන්  කලහ.

බුදුන් දවස  ‍ගෞතම  බුද්ධ  රාජ්‍ය  ස්ථාපිත කිරිම  පිණිස  බුදුන් වහන්සේ  බුදු  සසුන  තුල  ගෞරව නාම  ප්‍රධානය  කලේ ඔවුන්ගේ  අතීත, අනාගත , වර්තමාන   සහ  තුන්කල්ම  බලා  බවත්,  කථානායක කරු ජයසුරිය මහතා  ඒ  සැම කල්හිම  යහපත් මිනිසෙකු බවද  අස්ගිරි අනු නා  හිමි පැවසූහ.

මෙහි දී උන්වහන්සේ පෙන්වා දුන්නේ දෙවියන් කොට්ටාශ 03  ක් ඇති  බවත්, බුදුන්වහන්සේ  සහ මහරහතුන් වැනි අය  විශුද්ධි දේව යන  කොටසට  අයත් බවත්, විශ්ණු, කතරගම වැනි දෙවිවරු උප්පත්ති දේව යන කොටසට  අයත් බවත්, තුන්වැනි කොටස මිනිසුන් අතර ජීවත්වන දුර්ලභ ඟනයේ දෙවියන් වැනි මිනිසුන් බවත්ය.

කරු ජයසුරිය මහතා මෙම මිනිසුන් අතර ජීවත් වන දෙවියන් වැනි උතුම් මිනිසුන්ගේ කො‍ටසට අයත් මහා පරමාදර්ශී මනුෂ්‍යයෙක් බවද අස්ගිරි නාහිමියෝ පැහැදිලි කළහ.

යතීන්ද්‍ර පුජා උළෙල සංවිධානය කර තිබුනේ පසුගියදා කථානායක කරු ජයසුරිය මහතා වෙත ත්‍රෛනිකායෙන්ම ගෞරව නාම සම්මුතින් හිමිවීම නිමිත්තෙන් භික්ෂුන් වහන්සේලාගේ එම නිවැරදි විනිශ්චය අගයමින් උන්වහන්සේලාට කෘතගුණ පුජා දැක්විමේ අරමුණෙනි.

මෙම අවස්ථාවේ මල්වතු මහා  විහාර  පාර්ශවයේ  අනුනායක  අති  පූජ්‍ය  දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි, ශ්‍රී ලංකා  අමරපුර නාකයේ  උත්තරීතර  මහා  නායක  අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස  මහා නා හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා  නිකායේ මහා නායක  අග්ගමහා පණ්ඩිත  නාපානේ පේමසිර අනු නා හිමියන්ද  අනුශාසනා සිදු කලහ.

මෙහිදී මහා  සංඝරත්නය  වෙත  උපහාර පලක  ප්‍රධානය  කිරිම අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග,බුද්ධශාසන  අමාත්‍ය ගාමිණි  ජයවික්‍රම පෙරේරා සහ  ආචාර්ය ඒ.ටී.ආරියරත්න  යන  මහත්ම මහත්මින් අතින් සිදු කෙරිනි.

මෙහිදි කෘතවේදිත්වය පුද කරමින්  සභාව ආමන්ත්‍රණය කළ කරු ජයසුරිය මහතා සඳහන් කළේ තමා වෙත විශ්වාසය තබමින් මහා සංඝරත්නය ප්‍රධානය කළ ගෞරවනාමයන්හි ගෞරවය හා වටිනාකම දිවිහිමියෙන් සුරකිමින් මාතෘභූමිය වෙනුවෙන් කැපවන බවයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කථානායකවරයා

“ත්‍රෛනිකායික ගෞරව නාම ලැබීම දුර්ලභ අවස්ථාවක් බවත් ඒවා ලබාදීමේදී ගෞරවනීය මහා නාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවන් අනුගමනය කළ ප්‍රතිපත්තීන්හි ගැඹුරු බව මා හොඳින් වටහා ගෙන සිටිනවා.

කුඩා කළ සිටම දෙමාපියනට හා ගුරු දෙගුරුන්ට කීකරුව හා මහා සංඝ රත්නයේ නිරතුරු  ඇසුර හා අවවාද අනුශාසනා තුළින් මාගේ ජීවන රටාව සැකසුණු ආකාරය ගැන මට ඇති වන්නේ මානසික තෘප්තියක්.

ඒ ලත් ආභාෂය තුළ මිනිසත්බව අගය කිරීමටත්, ජාති ආගම් භේදයෙන් බැහැර වීමටත්, ජීවත් වන සුලු කාලය තුළ ධාර්මික හා චාම් ජීවන රටාවක් ගත කිරීමට හැකි වීම ගැනත් අතිශයින් සතුටු වනවා.

මාගේ ජීවිතය සැකසුනේ මා ආදරණීය දෙමාපියන් ලබා දුන් අවවාද අනුශාසනා අනුවයි. ඔවුන් දැක්වූ අසීමිත ආදරය හා  සෙනෙහස තුළින් යුතුකම් හා මිනිස්කම් ඉගෙන ගත්තා.

පවුල් ජීවිතයේදී මාගේ ආදරණීය බිරිඳ, දියණියන් දෙදෙනා හා බෑණනුවන් මට විශාල ශක්තියක් වුණා. එමෙන්ම සහෝදර සහෝදරියන් ඇතුළු මාගේ පවුලේ ඥාතීන් මා වෙත දැක්වූ සෙනෙහසත් මා සිහි කරනවා.

ගමේ පාසලෙන් හා පසුව ආනන්ද මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය තුළින් එල්. එච්. මෙත්තානන්ද,    ඊ. ඩබ්ලිව්. අධිකාරම් වැනි දේශ හිතෛෂී  අධ්‍යාපන විශාරදයන් ඇතුළු ගුරු පියාණන් හා මෑණියන් අපගේ ජීවන රටාව යහමගට යොමු කළා.

එතුමන්ලා විසින් තමා උපන් මවුබිම රැක දීමටත්, මිනිස්කම ඇගයීමටත්, යුතුකම් ඉටු කිරීමටත්, ජීවිතයේදී ප්‍රතිපත්තිගරුක වීමටත්,  අවසානයේදී තමාගේ  හෘද සාක්ෂිය නැමති කුඩා හඬට අවනත වීමටත්, අපව යොමුකළා.

අද මා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටව යන්නේ සාරධර්ම පිරිහුණු සමාජයක්, යුතුකම්  අයිතිවාසිකම් වටහා නොගත් සමාජයක්, විනය පිරිහුණු සමාජයක්, නීති ගරුක නොවුණු සමාජයක්, හා ජාති ආගම් බේද වැපි‍රෙමින් පවතින සමාජයක් හරි මගට ගෙන ඒමට ආගමික නායකත්වය  දරන දැඩි උත්සාහයට අපද කැප වෙන  බවට අදිටන් කරමින්

දැන් අප ඒ අතීතයට සමු දිය යුතුයි. මේ දේශයේ උපන් සහ ඉපදීමට සිටින අනාගත පරම්පරාවට අප මේ විඳි ගැහැට නැවත අත්දැකීමට නොලැබෙන දිනයක් උදා විය යුතුයි. එවන් දිනයක් උදා කරවීමේ වගකීම ඇත්තේ, වර්තමාන දේශපාලන සහ සමාජ නායකත්වයටයි. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික නායකකත්වය අපට ඒ සඳහා නිසි මග පෙන්වීම සිදු කළ යුතු වෙනවා.

සෑම විටම, කෙටි කාලීන ඉලක්ක වෙනුවට ස්ථිරසාර සහ දිගුකාලීන ඉලක්ක වෙත යොමු වීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් අප ඒ ගමන්මග පියමං කළ යුතුයි.

 ශ්‍රී ලංකා මාතාව ඉතා මනරම්. ඇය සොබා සෞන්දර්යයෙන් අනූනයි. ඇය දරු සම්පතින් පොහොසත්. ඔවුන් ඉතා ත්‍යාගශීලීයි, ආගමට නැඹුරුයි. එහෙත්, ඇයගේ දරුවන් පෝෂණය කිරීමෙන් ම ඇය දැන් විඩාපත්ව සිටිනවා. ඈ ගැන නොබලන, ඈ ගැන නොතකන දරු පිරිසකුත් සිටිනවා. ඔවුන් ඇයගෙන් සූරා ගත හැකි දේ ගැන මිස ඇය යළි සුපෝෂණය කරනේනේ කෙසේ දැයි සිතන්නේ නෑ.

 ‍සුන්දර ශ්‍රී ලංකා මාතාවට දාව උපන්  උපත ලැබීමට තරම් භාග්‍යවන්ත වූ අපි, නැවත ශ්‍රී ලංකා මාතාව පෝෂණය කළ යුතු බව මා නිතර සිහිපත් කරනවා. මා මේ සභාවේදී එය ප්‍රකාශ කරන්නේ, අනාගතය සඳහා අපගේ පරම්පරාව සතු වගකීම සිහිපත් කිරීමටයි.

මාගේ පුද්ගලික ජීවිතයේ යම් සාර්ථවකත්වයක් තිබේ නම්, එය අත් කර ගෙන ඇත්තේ, හෘද සාක්ෂියට එකඟව, කිසිවකුත් අගතියට ලක් නොකර, දැඩි පරිශ්‍රමයෙන් කටයුතු කිරීම නිසා.

පෞද්ගලික අංශයේ කළමනාකරුවකු ලෙසත්, දේශපාලනයේත් ඉහළට නැගීමට  මා ගෙන ආවේ මාගේ අධ්‍යාපනය, කුසලතාව, හැදියාව සහ ධනාත්මක ආකල්ප පමණයි.

එබැවින්, අපගේ තරුණ පරපුර නව ලොව නිපුණතාවන්ගෙන් සන්නද්ධ කිරිම ද, ඔවුන්ගේ එම කුසලතාවන්ට නිසි තැනක් ලැබෙන සමාජ ක්‍රමයක් ගොඩ නැගීම ද අපගේ ජාතික අභියෝගයක්. එය ශ්‍රී ලංකා මාතාව කෙරෙහි අපගේ පරම යුතුකම සේ මා සලකනවා.

ශ්‍රී ලංකාව අතීත ශ්‍රී විභූතියෙන් පිරි භූමියක්. ඒ ශ්‍රී විභූතිය අපි අත් කර ගත්තේ, දැඩි කැපවීමෙන් සහ පරිශ්‍රමයෙන් අපගේ ඉලක්ක ජය ගැනීම සඳහා කටයුතු කිරීමෙන්.

 ‍අපට නැවතත් එවන් යුගයක් නිර්මාණය කළ හැකි බව මා හට විශ්වාසයි. අපගේ තරුණයන් ලොව විවිධ අංශවලින් පෙර නොවූ විරූ ජයග්‍රහණයන් අත් කර ගන්නවා දුටු විට, ඒ නව තරුණ පරම්පරාවට ශ්‍රී ලංකා මාතාව යළි විභූතිමත් යුගයක් වෙත කැඳවාගෙන යා හැකි බව මා හට සක් සුදක් සේ පැහැදිළියි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීමට කැප වෙමු යැයි මම මෙහි රැස්ව සිටින සියලු ප්‍රභූන් හට යෝජනා කරනවා."

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...